1999 ජනාධිපතිවරණයට ප්‍රධාන දේශපාලන ධාරාවන්ට අභියෝග කරමින් නව පක්ෂයක් බිහිකිරීමට සිතුවේ ඇයි?
අපේ රටේ බහුතරය සිංහල බෞද්ධයන් බවට විවාදයක් නැහැ. අධිරාජ්‍යවාදි පාලකයෝ ජාතික අවශ්‍යතාවන් ගැන සැලකුවේ නැති නිසා අපේම පාලන ක්‍රමයක් ගැන හීනයක් අප තුළ තිබුණා.
නිදහසෙන් පසුත් එතෙක් මෙතෙක් පත්වූ පාලකයන් අතින්ද ඒ වගකීම ගිලිහී ගිය බැවින්, මා ඇතුළු ප්‍රගතිශීලි අදහස් ඇති දේශප්‍රේමීන් එක්වී සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය පිහිටුවා ගත්තා. ජාතික තලයෙන් ෙමම අදහස් ජනගත කිරීම සඳහා ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුණා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඔබේ යෝජනා ජනාධිපතිවරුන් වෙත ගෙන ගියාද?
ඇයි නැත්තේ? බුදු දහම සුරැකීම සඳහා බෞද්ධ නීති පද්ධතියක් රටට අවශ්‍ය බවට අප යෝජනා කළා. 1977 දී හයෙන් පහේ ලොකුම ජනවරමකින් බලයට පත් ජේ. ආර්. ජයවර්ධන වෙතත් අප එය ගෙන ගියා. ඒ සඳහා මහාචාර්ය එම්. ආර්. ජයසූරිය සහ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වැනි උගතුන් පස්දෙනෙක් එතුමා බැහැදකින්න ගියා.
එතුමා අප ඉදිරියේ ඉඳගෙන අත් කම්මුලට තියාගෙන අපගේ තර්ක විතර්ක සාවධානව අසා සිටියා. විමලානන්ද මහත්තයා පැය දෙකක් පමණ එතුමාට කරුණු පැහැදිලි කළා. හොඳටම හෙම්බත් වී අප නිහඬ වූ විට Have you Finish? කියා එතුමා ඇසුව. ‘‘yes sir කියලා අපි කිව්වා. එහෙනම් “Thank you” කියල නැගිටල ගියා. එච්චරයි.
පොදුජන පෙරමුණට සහයෝගය දීගෙන හිටිය අපේ අදහස්වලට ඉදිරියට එන්නට නොදී කපා හැරියා. අපේ රට තුළම අපි අසරණ වුණා ඒකයි මේ පියවර ගත්තේ.
කොහොමද ලැබුණු ප්‍රතිඵල?
1999 කියන්නේ එල්.ටී.ටී.ඊ සහ දේශප්‍රේමි ත්‍රස්තවාදය මෙන්ම රාජ්‍ය මර්දනයත් එක්තැන්වූ කාලයක්. අලුත් මතවාදයකට කන්දීමට තරම් මානසිකත්වයක් ජනතාවට තිබුණේ නෑ. චන්ද්‍රිකා, රනිල්, නන්දන ගුණතිලක අතර මට ලැබුණේ හතරවන තැන. එදා පැරදුණේ මං නොවෙයි රටේ සංස්කෘතික අනන්‍යතාවයි.
ඊට පස්සේ මහ සඟරුවනේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවට වැඩියා. ඔවුන් සිතුවේ ඔවුන්ට සුදු පිරුවට එළා බණ අසා බෞද්ධ රාජ්‍යයක් බිහි කරාවි කියලා. එම සිහින පුස් වෙඩිල්ලක් වුණා. අන්තිමට කායික හා මානසික පීඩනය පමණයි ලැබුණේ.
අපි හිතුවා උන්වහන්සේලා මුනිවත රකින්නේ නැතුව හොඳ සටනක් දේවි කියලා. නමුත් පාරාජිකා වූ පැවිදි අය සිටියදී එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
මෙරට බෞද්ධ නීති වෙනස් කළ යුතුයැයි ඔබ කියන්නේ ඇයි?
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව ලෝකයම පිළිගන්නවා. ඒත් අපේ නීතිය ඉදිරියේ එය වලංගු නැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියා ඇති පරිදි මෙරට බහු ආගමික රටක්. එය ලේඛනගත කර ඇත්තේද, මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් විසින්.
එය පසු කාලෙදිවත් නිවැරදි කිරීමට හෝ ඉවත් කිරීමට කෙටුම්පතක් ඉදිරිපත්වෙලා නැහැ. අද රටේ ආගමික අසහනකාරී වාතාවරණයට එයත් හේතුවක්. ආගමික මතගැටුම් ඇතිවීම ස්වභාවිකයි. එහෙත් තම ආගමික ග්‍රන්ථයෙහි සඳහන් මතයම නිවැරදියයි සිතන බලවේග නිසා ආගමික සංකල්පවල අනතුර භයානකයි. මෙය ලේ වැගිරීම් බවටත් පෙරළුණා.
නීතියේ උල්පත වූ ව්‍යවස්ථාවේ ඇති මෙවැනි හිඩැස් හෝ දූෂිත තැන් නිසා ජනජීවිතයට දරුණු බලපෑම් වෙනවා. ජනතාව හොරෙන් හෝ අකමැත්තෙන් ව්‍යවස්ථාව වෙනස් කිරීම අපරාධයක්.
1815 න් පසු මෙරට ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීතිය, තේසවලාමේ නීතිය, ඉංග්‍රීසි නීතිය, ආක්‍රමණිකයන්ගේ පහසුව සඳහා හදාගත් නීති මෙන්ම බෞද්ධ විරෝධි නීති නිසා ජාතික අනන්‍යතාව කෙලෙසිලා සුළුතරයේ බලකිරීම්, අණකිරීම් නිසා බහුජන මතය වැහිලා ගිහින්. පිරිසිදු ජනමතයට වඩා මන්ත්‍රී ඡන්ද පදනම රැක ගැනීමට කරන උත්සාහය නිසා තමයි විපත වුණේ.
ඒත් ප්‍රජාතන්ත්‍රවාදී රටක බෞද්ධ උරුමය ඉබේම රැකෙනවා නේද?
අපට ඇත්තේ බටහිරින් ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ අනුව යහපත් පාලනයකට ප්‍රබල විරුද්ධ පක්ෂයකුත් තිබිය යුතුයි. මෙහි අරුත ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ ජනතාව බෙදුණු විට පමණක් බවද?
2011 පළාත් පාලන මැතිවරණයේදි වැලිකන්ද ප්‍රාදේශීය සභාවට තේරී පත්වුණේ ආණ්ඩු පක්ෂයේ අය පමණයි. ජනතාවගේ ඡන්දය එසේ වූ පළියට ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටුණාද? මෙම තත්ත්වය ඉදිරි මැතිවරණවලටත් බලපෑ හැකියි. මෙවැනි ගැටලු බෞද්ධ දේශපාලන සිද්ධාන්තය වන මහා සම්මතවාදය තුළ ඇතිවන්නේ නැහැ.
1999 දී ජනාධිපතිවරණයට ඉල්ලුවේ 12 දෙනයි. මෙවර 39 දෙනෙක් ඉල්ලනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්ද?
තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇත්නම් ඡන්දය ඉල්ලන්න තහනමක් නෑ. සල්ලි ඇත්නම් ඉල්ලුවට කමක් නෑ. කවුරු ඉල්ලුවත් මේ අය අතරින් යම් සාධනීය නිවැරදි පුද්ගලයකු මතුවිය යුතුයි. විනෝදයට හෝ වෛරයට ඡන්දය ඉල්ලන උමතු මතධාරීන් හා ජෝකර්ලා පරදවා නිවැරදි ප්‍රායෝගික දැක්මක් ඇති ජනනායකයා පත්කරගත යුතුයි.
එසේම තමන් අතින් සමාජයට සිදුවූ පෙර වැරදි පිළිගෙන සමාව ඉල්ලාගෙන නිවැරදි කරගන්න පුද්ගලයන් හරි විරලයි. එවැනි අවංක පුද්ගලයන් මෙවර පැරදුණත් පසුව හරි පිළිගනු ලබනවා. තමන් කළ වැරදි වසාගෙන වෙස්මුහුණු දමාගෙන සුද්දවන්තයන් සේ එන පුද්ගලයන් ජනතා පිළිකුලට ලක්වේවි.
පරම්පරාවෙන් ආ පළියටවත්, පම්පෝරි ගැසූ පළියටවත් වරදාන හා මුදල් වීසිකළ තරමටවත් ප්‍රසාදය ලබාගන්න බෑ.
මවුබස සන්නිවේදනය සඳහා යොදාගන්නා ආකාරය ගැන ඔබේ අදහස?
වෙළෙඳ උපක්‍රම මිස භාෂා උපක්‍රම යොදා ගැනීම අතින් ඡන්ද සටනේදී එතරම් ප්‍රගතියක් නෑ. ඉංග්‍රීසි වදන් අමු අමුවේම වේදිකාව තුළ
කියැවෙන නමුත් ඡන්දදායකයාට අරුත පැහැදිලි නැහැ.
ඉස්සර ‘සමසමාජ’ කියන වදන ‘සෝෂලිසම්’ ලෙසයි භාවිත වුණේ. සිංහල පඬිවරයකු වූ ජයන්ත වීරසේකර මහතා තමයි සමසමාජ කියා අර්ථකතනය කළේය.
සමහරු කැමතියි ඡන්ද පත්‍රිකාවේ තමන්ගේ නම උඩින්ම දාගන්න. ආකාරාදි ක්‍රමයට තමයි නම් පෙළ ගැහෙන්නේ. ආ-ආ-ඇ-ඈ ලෙස වරක් ඇතුළත් මුදලි කියන නම පළ කරන්න. ගිය විට ‘‘ඇ කාරයෙන් තවත් අයෙක් ඉල්ලු නිසා ‘‘ඇතුළත් මුදලි’’ යන්න වෙනුවට ‘‘අතුළත් මුදලි’’ යයි නම වෙනසක් කර පළකළා.
මා ජනාධිපති අපේක්ෂකයකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමට ගියවිට ‘අකාරාදියට’ නම් පෙළගැස්වීම පිළිබඳව නිලධාරීන් පවා නොදැන සිටි බව දැනගත්තා. අන්තිමට මට පෙන්වලයි නිවැරදි කරගත්තේ. ළඟදී මට ඇහුණා රැස්වීමකදි කියනවා ‘‘සියල්ලන්ටම ජයවේවා’’ කියලා ඒක වැරදියි. අපට ඕනෑ එක් බුද්ධිමත් නායකත්වයක් පමණයි. බෙරයක් අතට දුන්නාම කාටත් ඒකට තට්ටු කරන්න පුළුවන්. මාත් පණීභාරතයන්ගෙන් නැටුම් ඉගෙනගත් කෙනෙක්. තාලය හා අරුත දැනගෙනයි බෙර ගහන්න ඕනෑ. ඒවගේ සිංහල නොදත් නිලධාරීන් කොතරම් ඉන්නවද?
ජන අරගල නිර්මාණය වන්නේ නව පරපුරේ අදහස්වලට සවන් නොදීම නිසා ද?
තරුණ කියන්නේ නැවුම් හෙවත් නවමාන යන අදහසයි. අදහස් අතින් කොතරම් අප පොහොසත් වුණත් නැවුම් යෝජනාවලට විකල්ප අදහස්වලට සවන්දිය යුතුමයි. අද පවතින්නේ ඊට දොරගුළු දැමූ වාතාවරණයක්.
මා දුටුවා ‘‘රට හදන හරි පාර’’ යුද බිමක වෙද මහිම යනුවෙන් රණවිරුවකු වන පැතුම් කර්නර් නමින් ලියූ ග්‍රන්ථ දෙකක්. ඔහු එය ලියා ඇත්තේ ජාතික හරිත පෙරමුණේ ප්‍රකාශන ලෙසයි. නමුත් ඔවුන්ගේ මතිමතාන්තර ජනගත කිරීමට කිසිවකු අතදෙන්නේ නෑ. ඒක ඛේදවාචකයක්. නැවුම් අදහස්වලට ගලා ඒමට ඉඩදීම සොඳුරු අනාගතයකට අතවැනීමක්. ඒ අනුව මටත් කියන්න තියෙන්නේ. ‘‘මුන් සේරම හොරු’’ කියා තමයි.
ප්‍රංශ ජාතික ගත්කරු වික්ටර් හියුගෝ මෙසේ පවසනවා.
‘‘යම් අදහසක් මල්ඵලගැන්වීමට නියමිත දිනය එළැඹි පසු එය නැවැත්වීමට ලෝකයේ කිසිදු බලයකටවත් හැකියාවක් නොමැත.’’
සංවාද සටහන
- පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි