(හර්ෂණ තුෂාර සිල්වා)
‘‘සාර්ථකත්වය කරා යාමට ඇති එකම මඟ සාර්ක් රටවල් අතරේ ශක්තිමත් ද්වි පාර්ශ්වික සබඳතා ඇති කර ගැනීම යයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
කලාපයේ රටවල් අතරේ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගන්නා අතරේම කලාපයෙන් පිටත රටවල් සමඟ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කරගත යුතු බවත් ඉදිරියට යා හැකි එකම මඟ එය බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
කොළඹxගාලූමුවදොර හෝටලයේ පැවැති කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානයේ අභ්‍යන්තර ස්වදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 8 වැනි වාර්ෂික සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ පැවැසීය.
රටේ පැවැති යුද ගැටුම් අවසන් වුවත් ත‍්‍රස්තවාදය අවසන් වී නැති බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, සෑම රටක්ම මුහුණ දී තිබෙන ත‍්‍රස්තවාදය පිටු දැකීම සඳහා පොදු අරමුණක් සහිතව කලාපීය වශයෙන් ශක්තිමත්ව කටයුතු කළ යුතු යයි ද කීවේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
‘‘නීතිය හා සාමය අමාත්‍යවරයාගේ කතාවේදී කරුණු කිහිපයක් ගැන අවධානය යොමු වුණා. ඉන් පළමු වැන්න ත‍්‍රස්තවාදයයි. අපට ත‍්‍රස්තවාදය පිළිබඳ දීර්ඝ අත්දැකීම් තිබෙනවා. වාසනාවකට අප ආයුද ගැටුම අවසන් කිරීමට සමත්වුණා.
යුද්ධය එසේත් නැතිනම් ආයුද සටන් අවසන් වූ පමණින් ත‍්‍රස්තවාදය අවසන් වන්නේ නැහැ. ඒ නිසා අප කලාපයට ආවේණික දෙය කළා. අප ප‍්‍රධාන පක්ෂ දෙකෙහි සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටෙව්වා.
එසේ ජාතික ආණ්ඩුව පිහිටුවීම අප ලද ජයග‍්‍රහණයයි. අප අද වනවිට ප‍්‍රගතිය අත්කරගෙන තිබෙනවා. අප අද වනවිට බොහෝ දේ කර තිබෙනවා. තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා.
ඇතැම් දේවල් වන්නේ සෙමිනුයි. ප‍්‍රධාන පක්ෂ මෙතෙක් කාලයක් එකිනෙකාට පරස්පරව සිටියා. එක් පක්ෂයක් කරන දේවල් ත‍්‍රස්තවාදයට පවා සමාන කළ අවස්ථා තිබුණා. එක් පක්ෂය අනෙක් පක්ෂය දැක්කේ ත‍්‍රස්තවාදීන් වගෙයි.
අපේ ආණ්ඩුව පත්වූ කාලයේදී සැකය හා අවිශ්වාසය තිබුණා. විශේෂයෙන්ම හමුදාව හා උතුරේ ජනතාව අතර සැකයක්, අවිශ්වාසයක් ගොඩනැගී තිබුණා. අද වනවිට එය නැතිවී තිබෙන බව කිව යුතුයි.
පොලිසිය සෑම විටම නීතිය හා සාමය ස්ථාපිත කරනවා. උතුරේ දී ඉකුත් දිනෙක අවාසනාවන්ත සිදුවීමක් වුණා. පසුගිය වසරේදීත් එසේ වුණා. ඒ සිදුවීම් දෙක හා තවත් සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්න අනෙක් සියලූ අවස්ථාවලදී රටේ අනෙක් පැතිවල මෙන් උතුරේත් නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පොලිසිය සමත් වුණා. එවැනි අවාසනාවන්ත සිදුවීම් උතුරට පමණක් සීමාවෙලා නැහැ. රටේ අනෙක් ස්ථානවලත් එවැනි දේ වෙනවා.
පොලිසිය කඩිනමින් ඒවාට ප‍්‍රතිචාර දක්වනවා. ඒ විදියටම පොලිසිය උතුරේදීත් කාර්යක්ෂමව කටයුතු කරනවා. අප පුංචි රටක් වනවා. පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට පවා ඇතැම් අවස්ථාවලදී මැදිහත් විය හැකියි. ඔවුන් ද ඒවාට ප‍්‍රතිචාර දක්වනවා.
අප අතුරුදන්වූ පුද්ගලයන්ගේ ප‍්‍රශ්නයට විසඳුම් සොයා තිබෙනවා. ඒ සඳහා පනත් කෙටුම්පත ද ඉදිරිපත් කළා. අප විවිධ ගැටලූවලට විසඳුම් සොයා අවසන් වගේම ඇතැම් ගැටලූවලට විසඳුම් සොයමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. ඇතැම් ගැටලූවලට විසඳුම් සෙවීමට පෙර විශ්වාසය ගොඩනැගිය යුතුයි. ජනතාවට ප‍්‍රතිලාභ හිමි විය යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයි. ඇතැම් දේ බොහෝ දුෂ්කරයි.
මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. මානව හිමිකම් ආරක්ෂා කර ගන්නා ගමන් අප අණ පනත් සම්මත කර ගත යුතුයි. ඉදිරියට යා යුතුයි. විශ්වාසය ගොඩනැගිය යුතුයි. විශ්වාසය ගොඩනැගීමේ කි‍්‍රයාවලිය නැතිව මානව හිමිකම් ආරක්ෂා කරගන්න බැහැ. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු මේ දිනවල මෙරට සංචාරයක නිරතවී සිටිනවා. අපි කැමැති සියල්ල විස්තරාත්මකව පෙන්වා දෙනවා. නීති සම්මත කරගත් පමණින් සියල්ල කළ නොහැකියි.
අන්තවාදී, ආගම්වාදී හා ජාතිවාදී දේශපාලනයක නිරත වීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. ඊට එරෙහිව නෛතික පියවර ගත යුතුයි. නීතිය හා සාමය ස්ථාපිත කළ යුතුයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කාලයක් තිස්සේ රැස්වෙමින් සාකච්ඡා කරනවා.
පාර්ලිමේන්තු අනු කමිටුව වාර්තාව සැකැසීම සඳහා වසර එකහමාරකට වැඩි කාලයක් ගත කළා. මාධ්‍යයට අනාවරණය වූයේ කරුණු කිහිපයක් පමණයි. කාලය ගතවීම හොඳයි. අප බොහෝ දේ සාකච්ඡා කළා. විශ්වාසය ගොඩනගමින් සාකච්ඡා පවත්වමින් නිවැරැදි තීරණ ගත යුතුයි. ඉදිරි ගමනට සියල්ල ඉතා වැදගත් වනවා.
අනෙක් අතට අද වනවිට ත‍්‍රස්තවාදය නව මුහුණුවරක් ගෙන තිබෙනවා. අද ත‍්‍රස්තවාදය තනි පුද්ගලයකු බවට පත්වෙලා. ත‍්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ නැති පිරිස් පවා ත‍්‍රස්ත කටයුතුවල නිරත වෙනවා. අන්තර්ජාලය, වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රහාර එල්ල වෙනවා.
එක් පැත්තක් ආයුදගෙන සටන් කරන ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන්වදින තත්ත්වය අද අවසානයි. එයින් එහාට ගිය ත‍්‍රස්තවාදයක් අද වනවිට නිර්මාණයවී තිබෙනවා. අපි කොහොමද ඊට එරෙහිව සටන් වදින්නේ? අප කොහොමද නව ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම්වලට මුහුණ දෙන්නේ?
ඇෆ්ගනිස්තානය තුළ දරුණු ත‍්‍රස්තවාදයක් කි‍්‍රයාත්මක වෙනවා. අනෙක් අසල්වැසි රටවල අන්තවාදී කි‍්‍රයා වෙනවා. කලාපය තුළ විවිධ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් වුණා. සිදුවෙමින් පවතිනවා. අප කිසිදු ආකාරයක ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකමකට ඉඩදෙන්නේ නෑ. එවැන්නක් වූ විගස සිදුවීම් හෙළා දකිනවා. එමෙන්ම ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම්වලට එරෙහිව පළදායී පියවර ගත යුතුයි. කලාපයක් වශයෙන් අප ඒ කැපකිරීම කළ යුතුයි.
කලාපයේ කිසිදු රටක් ත‍්‍රස්තවාදයෙන් බේරී නැහැ. කලාපයේ පමණක් නොව ලොව රටවල් සියල්ලක්ම ත‍්‍රස්තවාදයට මුහුණ දෙනවා. ජම්මු කාශ්මීර ආසන්නතම සිදුවීම ලෙස පෙන්වා දෙන්න පුළුවනි. ඒ නිසා සියලූ ත‍්‍රස්තවාදයට එරෙහිව ත‍්‍රස්තවාදයට සම්බන්ධ සිදුවීම්, කි‍්‍රයාකාරකම් පිටු දැකීම සඳහා එකමුතුව සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. කලාපීය වශයෙන් සැකැස්මක් නිර්මාණය කර ගත යුතුයි.
අනෙක් කරුණ මත්ද්‍රව්‍යයි. මත්ද්‍රව්‍ය හා ත‍්‍රස්තවාදය අතර සම්බන්ධයක් තිබෙනවා. එහෙත් මත්ද්‍රව්‍ය භාවිත කරන සියලූ දෙනා ත‍්‍රස්තවාදීන් නොවෙයි. ත‍්‍රස්තවාදයට සම්බන්ධයක් නැහැ. එය වෙනස් සිදුවීමක් වනවා. වෙනස් කි‍්‍රයාවලියක් ද වනවා. එහිදී ද පැන නගින ප‍්‍රශ්නයක් ද තිබෙනවා. එය පොදු ප‍්‍රශ්නයයි. අප කොහොමද මේවාට විසඳුම් සොයන්නේ? විසඳුම් සොයන ක‍්‍රම සොයා ගත යුතුයි.
ජනාධිපතිවරයා සමඟ මාද සාකච්ඡාවට සහභාගී වුණා. ඊට අමාත්‍යවරුන් කිහිප දෙනකු ද සහභාගී වුණා. මත්ද්‍රව්‍ය ග‍්‍රාමීය ප‍්‍රදේශවල ව්‍යාප්ත වෙමින් යන බව අපට අනාවරණය වුණා. පොලිසියේ කි‍්‍රයාකාරකම් පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. ජනතාව මේ කටයුතුවලට මැදිහත් විය යුතුයි. දැනුම්වත් කිරීමේ වැඩසටහන්, සැපයුම සහ ඉල්ලූම අඩු කිරීම ආදී බොහෝ දේ තිබෙනවා.
ලංකාවට විවිධ ආකාරවලින් මත්ද්‍රව්‍ය පැමිණෙනවා. මත්ද්‍රව්‍ය සැපයීම, ඉල්ලූම, මත්ද්‍රව්‍ය අලෙවිය හා පරිභෝජනය ආදී සියල්ල අපේ කලාපය තුළ වෙනවා. ඒ නිසා පුනරුත්ථාපන වැඩසටහන්, නීතිය කි‍්‍රයාත්මක කිරීම, ආදී කළ යුතු බොහෝ දේ තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ද පියවර ගත යුතුයි. ජාතික හා කලාපීය වශයෙන් ප‍්‍රතිපත්ති රාමුව සැකැසිය යුතුයි.
වීසා ගැනීම තෙවැනි ප‍්‍රධානතම කරුණ ලෙස පෙන්වා දෙන්න පුළුවනි. ත‍්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය ගැන කතා කරන අතරේ වීසා ගැනීමට ද ප‍්‍රධාන තැනක් හිමිවෙනවා.
විවිධ රටවල තිබෙන්නේ විවිධ පද්ධතීන් බව ඔබ දන්නවා. භූතානයට යා හැක්කේ සීමිත සංචාරකයන් පිරිසකට පමණයි. එහෙත් මාලදිවයින සහ අපේ රටට පැමිණෙන සංචාරකයන්ගේ සීමාවක් නැහැ. සංචාරක කර්මාන්තය හා ව්‍යාපාර නිසා මාලදිවයින සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සීමාකර නැහැ.
ශ්‍රී ලංකාව මෙන්ම කලාපයේ රටවල් හුවමාරු මධ්‍යස්ථාන බවට පත්ව තිබෙනවා. අපේ රටත් කලාපයේ තවත් රටවල් කිහිපයකුත් ත‍්‍රස්තවාදය, අවි ආයුද හා මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථාන බවට පත්වෙලා. එය වැළැක්වීමට පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව වගේම අනෙක් රටවල් නෛතික හුවමාරු මධ්‍යස්ථාන බවට පත්විය යුතුයි. ශ්‍රී ලංකාවට පැමිණ මාලදිවයිනට දකුණු ඉන්දියාවට යන්න නෛතික ක‍්‍රමය සකස් විය යුතුයි.
විවිධ රටවල තිබෙන්නේ විවිධ ක‍්‍රමයි. ඒ ක‍්‍රමවලට අනුකූල වෙමින් අප සාර්ක් කලාපයට පොදු වීසා පද්ධතිය, වීසා ක‍්‍රමවේදය සකස් කළ යුතුයි. අනෙක් අතට නවීකරණය හා යාවත්කාලීනවීම විය යුතුයි.
තවත් වසර විස්සකින් ලෝකයේ ජනගහනයෙන් වැඩිම කලාපය බවට අපේ කලාපය පත්වෙනවා. ඉන්දුනීසියාව හා ඉරානය ද ජනගහනයෙන් වැඩි රටවල් බවට පත් වෙනවා.
අපේ රටවල තවමත් තිබෙන්නේ පැරැණි යටත්විජිතවාදී ක‍්‍රමවේදයයි. පොලිසි පවා කි‍්‍රයාත්මක වන්නේ බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තිබූ ආකාරයටමයි. එක්සත් රාජධානිය පවා අද වනවිට යාවත්කාලීන වෙලා. අන්තර්ජාලය සමඟ සියල්ල නවීකරණය විය යුතුයි. යාවත්කාලීන විය යුතුයි.
ජාතික වශයෙන් නවීකරණය හා යාවත්කාලීන වන අතරේම කලාපීය වශයෙන් ද අප නවීකරණය හා යාවත්කාලීන විය යුතුයි. අවධානය යොමු කළ යුතු කරුණු තමයි මේ. අග්නිදිග ආසියානු රටවල් හා බටහිර ආසියානු රටවල් අතර අති විශාල ප‍්‍රමාණයෙන් ගනුදෙනු වෙනවා. ඒවා නවත්වන්න අපට හැකියාවක් නැහැ. අප ඒ වේගයටම යාවත්කාලීන විය යුතුයි.
ජාතික, කලාපීය වශයෙන් සාකච්ඡා කළ හැකි ගැටලූ තිබෙනවා. සාර්ක් සංවිධානයේ මහලේකම්වරයා කිව යුතු ආකාරයෙන්ම සාර්ක් සංවිධානය යනු ජනතාව කේන්ද්‍ර කරගත් සංවිධානයයි. අප කරන සෑම දෙයකින්ම ජනතාවට ප‍්‍රතිලාභ හිමිවිය යුතුයි. සාර්ක් සංවිධානයේ අරමුණු සහ පරමාර්ථ ඉටුවිය යුතුයි. යථාර්වාදී විය යුතුයි.
කොහොමද අප එකිනෙකා සහයෝගයෙන් වැඩ කරන්නේ? සාර්ක් කලාපය තුළ ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යන්නේ කොහොමද? සාර්ක් කලාපයේ මූලධර්ම වෙනස් නොකරමින් රටවල් වෙන වෙනම කටයුතු කරන්නේ කොහොමද ?
උදාහරණයකට මාලදිවයිනෙන් හා ඉන්දියාවෙන් ලංකාවට මත්ද්‍රව්‍ය සැපයෙන්නේ ඉතා සුළු ප‍්‍රමාණවලිනුයි. පාකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය ඉතා විශාලයි. ඒ නිසා අප ඉන්දියාව සහ මාලදිවයින සමඟ කටයුතු කරන ආකාරයත්, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය සමඟ කටයුතු කරන ආකාරයත් එකිනෙකට වෙනස් විය යුතුයි. එසේ වුවත් අප සාර්ක් කලාපයේ මූලධර්මවලට බැඳී කටයුතු කරනවා.
අනෙක් අතට නිදහස් වෙළෙඳ ගිවිසුම් ගත හැකියි. අපේ ප‍්‍රධානමතම වෙළෙඳපොළ ඉන්දියාවයි. අපේ සමීපතම අසල්වැසියා ඉන්දියාවයි. අප ඉන්දියාව සමඟ ගිවිසුම්වලට එළැඹෙමින් සිටිනවා. ඉන් අනතුරුව අප බංග්ලාදේශය හා පාකිස්තානය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එක් වෙනවා. සංචාරක කර්මාන්තය ගත්තත් වෙනස්. කොයි රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන්නේ යන්න ගැන අවධානය යොමුවිය යුතුයි.
කලාපයේ රටවල් අතරේ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා හා ගිවිසුම් ඇතිවිය යුතුයි. ඒ වගේම ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් අප විනිවිදභාවයකින් කටයුතු කළ යුතුයි. විවෘත විය යුතුයි. ඒ වගේම අපි කලාපයෙන් පිටත රටවල් සමඟත් ගිවිසුම්වලට යා යුතුයි.
අප සිංගප්පූරුව සමඟ ගිවිසුම්වලට එළැඹෙනවා. බංග්ලාදේශයත් එසේ කරනවා. අප අවධානය යොමු කරන්නේ බෙංගාලබොක්ක ආසන්නයේ රටවලටයි. පාකිස්තානයට බටහිර දෙස අවධානය යොමු කරන්න පුළුවනි. ඇෆ්ගනිස්තානයට මධ්‍යම ආසියාව කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.
මෙය තමයි එකම මඟ. කලාපීය වශයෙන් අප ශක්තිමත් ලෙස නැගී සිටින අතරේ කලාපයේ රටවල් අතර වෙන වෙනම ශක්තිමත් සබඳතා ඇති කරගත යුතුයි. විවෘතව කටයුතු කළ යුතුයි. කලාපයේ රටවල් අතරේ ද්විපාර්ශ්වික සබඳතා ඇති විය යුතුයි. සාර්ක් කලාපයේ රටවල් කලාපයෙන් පිටත රටවල් සමඟ ද ශක්තිමත් ද්විපාර්ශ්වික, වෙළෙඳ සබඳතා ඇති කරගත යුතු’’ යයි ද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කීවේය.
මෙහිදී අදහස් දැක්වූ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ පැවැසීය.
‘‘පසුගිය කාලයේදී යුරෝපීය හා උතුරු ඇමරිකානු කලාපයේ රටවල්වල ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් නිරන්තරයෙන් වුණා. ආසියානු කලාපය තුළ අන්තවාදී කි‍්‍රයාකාරකම් වුණා. ජම්මු කාශ්මීරයේ සිදුවීමත් පිලිපීනයේ සිදුවීම් ආසන්නතම සිදුවීම් ලෙස පෙන්වා දෙන්න පුළුවනි. මේ සිදුවීම්වලින් වූ ජීවිත හානි ඉතා විශාලයි.
ඒ වගේම අත්අඩංගුවට ගත් සැකකරුවන්, ව්‍යර්ථ කළ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් ආදිය අගය කළ යුතුයි. බුද්ධි අංශ ඇතුළු නීතිය හා සාමය ස්ථාපිත කරන ආයතනවල කාර්යක්ෂමතාව නිසා ප‍්‍රහාර රැසක් වළක්වා ගැනීමට හැකියාව ලැබුණා. පසුගිය වසරේදීත් අප මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී ගත් ප‍්‍රතිපත්තිමය තීරණ කි‍්‍රයාවට නැංවිය යුතුයි.
අද වනවිට ත‍්‍රස්තවාදය විවිධ මුහුණුවරවලින් පැමිණ තිබෙනවා. අද වනවිට සාම්ප‍්‍රදායික ත‍්‍රස්තවාදයෙන් ඔබ්බට ගිහින් සයිබර් ප‍්‍රහාර එල්ල වෙනවා. ආර්ථික එහි ගොදුරු බවට පත්වෙලා. සමාගම්වලට ප‍්‍රහාර එල්ල වනවා. ආර්ථිකයට දැඩි හානියක් වෙමින් තිබෙනවා.
ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් විවිධ පියවර ගෙන තිබෙනවා. දැනට තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අප නව පනත ගෙන ඒමට කටයුතු කරනවා.
අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මතභේදාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනත එනවා. ශ්‍රී ලංකාව වැනි බහුවාදී රටක එවැනි පනතක් ගෙන ඒම ඉතාමත් දුෂ්කර කාර්යයක් වනවා. නව පනත ගෙන එන ඕනෑම රටක් මානව හිමිකම් කියන අභියෝගයට මුහුණ දෙනවා. අප මොනදේ කළත් මානව හිමිකම් ආරක්ෂා කළ යුතුයි. ඒ අගනාකම්වලට ගරු කළ යුතුයි.
නව පනත් කෙටුම්පත නැවත නැවත විමසුමට ලක් කෙරුණා. පාර්ලිමේන්තුවේ අනු කමිටු, විදේශ කටයුතු අමාත්‍යාංශය, මානව හිමිකම් නීතිඥයන් ඇතුළු පිරිස් මෙන්ම එක්සත් ජාතීන්ගේ අවධානයට ද යොමු කළා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකුට අප ආරාධනා කළා. ඒ නිසා ත‍්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී අප විශාල ප‍්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.
අනෙක් කරුණ මත්ද්‍රව්‍යයි. දකුණු ආසියානු කලාපය වශයෙන් අප විශාල වශයෙන් කටයුතු කර තිබෙනවා. ත‍්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ද අපට හිසරදයක් වී තිබෙනවා. සැපයුම අඩු කිරීම සහ ඉල්ලූම අඩු කිරීම අපේ ප‍්‍රධාන අරමුණයි. රජයේ ආයතන වගේම අනෙක් සංවිධානත් ඊට සෘජුව මැදිහත්වී සිටිනවා. කලාපීය වශයෙන් ද අප එක්ව කටයුතු කරනවා. සියල්ල තවදුරටත් ශක්තිමත් විය යුතු’’ යයි අමාත්‍යවරයා කීය.
සාර්ක් සංවිධානයේ අම්ජේද් හුසේන් මහතාද මෙහිදී අදහස් දැක්වීය.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, සාර්ක් සංවිධානයේ නිලධාරීන්ද, රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන්ද, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට සහභාගී වූහ.