අපි නල්ලතණ්නිය පහුකරලත් ඉවරයි ඒත් මගේ මිත්‍රයා පේනතෙක් මානයක නෑ


 

“මෛත්‍රී ලවා මහින්ද පරාජය කිරීම මිස මෛත්‍රී ලවා රට පාලනය කරවන්න එජාපයට ඕනැ නෑ” කියමින් ඉරිදා ලංකාදීපය සමඟ සංවාදගත වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයෙ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතාගේ හඬ මෙසේ සටහන් කර තබමු

 


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ උත්තරීතර බව හෑල්ලුවී ඇතැයි මම චෝදනා කළොත්?
පිළිතුර:-
මම එය පිළිගන්නවා.


ප්‍රශ්නය:- එයට ඒකාබද්ධ විපක්ෂය වගකිව යුතු යැයි නැවත චෝදනා කළොත්?
පිළිතුර:-
මම එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.


ප්‍රශ්නය:- ඔබ ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක නිසා චෝදනාවෙන් පනින්න නේද හදන්නෙ?
පිළිතුර:-
ප්‍රශ්නයෙන් පනින එක සිරිතක් හෝ උපක්‍රමයක් ලෙස මගේ ඉතිහාසයේ කවදාවත් තෝරාගෙන නැහැ. මම ඔබට අවධාරණය කළේ ඒකාබද්ධ විපක්ෂය නොවෙයි පාර්ලිමේන්තුව හෑල්ලු කළේ කියන එකයි.


ප්‍රශ්නය:- එහෙම නම් ඔබ කාටද ඇඟිල්ල දික් කරන්නෙ?
පිළිතුර:-
පළමුව, ආණ්ඩුවට. දෙවැනිව, ඡන්ද දායකයින්ට. තුන්වැනිව, මාධ්‍ය භාවිතාවට.


ප්‍රශ්නය:- ඇයි ඔබ පැත්තක ඉන්න මාධ්‍යයට ඇඟිල්ල දික් කරන්නෙ?
පිළිතුර:-
මාධ්‍ය ඪදසජ ක්‍මඑ දේශපාලනයට සහ දේශපාලන ඕපාදූප :ඡදකසඑසජ්ක ඨදිසචි* වලට ප්‍රමුඛත්වය දෙනනිසා දේශපාලකයින් බලන්නෙ සරමෙන් මූණ වහගෙන හරි ප්‍රසිද්ධියට පත්වෙන්නයි. පාර්ලිමේන්තුවේ ගුණවත්කමට හෝ හරවත්කමට මාධ්‍ය ප්‍රමුඛත්වය දුන්නොත් මේ තත්ත්වය යම් ප්‍රමාණයකින් වෙනස් වේවි.


ප්‍රශ්නය:- එතකොට ආණ්ඩුව මොකක්ද කරන වැරැද්ද?
පිළිතුර:-
ආණ්ඩුව තමයි පළමු වැනි විත්තිකරුවත් දෙවැනි හා තෙවැනි විත්තිකරුවාත් වෙන්නෙ.

 


ප්‍රශ්නය:- පැහැදිලිව කිව්වොත්?
පිළිතුර:-
පසුගිය වසර දෙකක කාලය තුළ තරම් පාර්ලිමේන්තුවේ විශ්වසනීය භාවය, ගුණාත්මක භාවය හා උත්තරීතර භාවය කෙළසුණු අන් කාලයක් අපේ ඉතිහාසයේ නැහැ. ලෝකයේ බොහෝ පාර්ලිමේන්තුවල වගේම චරිත ඝාතන, බැණ ගැනීම්, ගුටි ඇණ ගැනීම් අපෙත් ඉතිහාසයේ තිබුණා. නමුත් උත්තරීතර බව පලුදු වුණේ මේ ආණ්ඩුවේ ප්‍රධාන තීරණ තුනකින්. 


ප්‍රශ්නය:- ඒ කියන්නේ
පිළිතුර:-
එක; 2015 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවේ 1/4 හෝ නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව භාරදී එහි නායකයා අගමැති කිරීමයි. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිටියෙ මන්ත්‍රීන් 47 දෙනයි. සන්ධානයට 152යි. එයින් 126ක් ශ්‍රීලනිපයේ. ලෝකයේ පළමු වතාවටයි සමස්ථ පාර්ලිමේන්තුවේම 1/4 හෝ නොමැති අයට ආණ්ඩුව හා අගමැතිකම දුන්නෙ. අනෙක මැතිවරණයක් නැතිව. විශ්වාස භංගයකින් හෝ ආණ්ඩුව පරාජය නොවි. මෙයින් පාර්ලිමේන්තුව බරපතල ලෙස හෑල්ලු වුණා.
දෙක; 2015 අගෝස්තු 18 මහ මැතිවරණයෙන් පසුව ජනතාව ප්‍රතික්ෂේප කළ එහෙම නැතිනම් පරාජය කළ අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට පත් කිරීම හා ඔවුන්ට තනතුරු ලබාදීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193ක් තියනවා. මින් එකම රටක විතරයි ඡන්දයෙන් පැරදිලා පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජන රජයේ පමණයි. මේ ජනතා ද්‍රෝහී ක්‍රියා මාර්ගය තුළ පාර්ලිමේන්තුවට බරපතල විනාශයක් වුණා. විශ්වාසය නැති වුණා. ගරුත්වය කෙළෙසුණා. 


ප්‍රශ්නය:- නමුත් මීට පෙරත් ඉතිහාසයේ පරාජිත අය ජාතික ලැයිස්තුවෙන් අරගෙන තියනවනේ ...?
පිළිතුර:-
ඔව්...., චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් 2001 දි මහින්ද අමරවීර මහතාත් 2004 දි කොළඹ ලැයිස්තුවෙ අවසානයට තේරුනු මර්වින් සිල්වාත් පත් කළා. ඒ පූර්වාදර්ශ දෙක පමණයි ඉතිහාසයේ තියෙන්නෙ. එහෙම “සිල්ලරට” වෙච්ච වැරැද්දයි 2015 
අගෝස්තු මාසෙ “තොග” වශයෙන් කළේ.


ප්‍රශ්නය:- ඔබ කරුණු 3ක් ගැන කිව්ව. නමුත් දෙකයි කියැවුණේ? 
පිළිතුර:-
ඔබ මට කියන්න දුන්නෙ නැහැනේ? ඒ 3 වැනි කරුණ තමයි අගෝස්තු 18 මැතිවරණයෙන් පස්සෙ විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායමට විපක්ෂ නායක ධුරය නොදීම. දැන් බලන්න, මොකක්ද මහ මැතිවරණ ප්‍රතිඵලේ ...? ඹභඡ 106යි. සන්ධානය 96යි. ඔභ් 16යි. න්‍ඪඡ 6යි. ෑඡෘඡ 1යි. මින් සන්ධාන 43ක් ආණ්ඩුවට ගියා. 51ක් විපක්ෂයේ ඉන්න තීරණය කළා. ක්‍උක්‍ දෙන්නා මධ්‍යස්ථ වුණා. අපි ඉල්ලුව විපක්ෂ නායක ධුරය වෙල්ගමට දෙන්න කියල. නමුත් කතානායකතුමා කළේ මොකක්ද? 16ක් ඉන්න ඔභ් එකට විපක්ෂ නායක ධුරයත්, 6ක් ඉන්න එකට න්‍ඪඡ විපක්ෂ සංවිධායක ධුරයත් දුන්න. 51 අපි ප්‍රතික්ෂේප කළා. එතකොට, ඒ පාර්ශ්ව දෙකම ජනවාරි 8 මැතිවරණයට උදව් කරපු “හංස” ඔැ්ප එකේ අයයි. ඒ කියන්නෙ, ආණ්ඩුවේම විපක්ෂයක් නිර්මාණය කළා. පාර්ලිමේන්තු කාලය බෙදන්නෙත් ඔය අනුවයි. කොමිටිවලට පත් කරන්නෙත් ඔය අනුවයි. ඒ නිසා, සමස්ථ රටේ ආණ්ඩු විරෝධී මතය පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නෙ නැහැ. සංඛ්‍යාත්මකව කිව්වොත් පසුගිය මහා මැතිවරණයේ ඡන්ද දායකයින් 48 ලක්ෂයක මතය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න දෙන්නෙ නැහැ. මෙන්න මේ කරුණු 3 ප්‍රධානවයි වර්තමාන පාර්ලිමේන්තුවේ විශ්වසනීයබව, ගෞරවය හා උත්තරීතර බව පලුදු වෙලා තියෙන්නෙ.


ප්‍රශ්නය:- ඔබ කණ්ඩායමට විපක්ෂයේ ඉන්න අවසරය දුන්නෙ මෛත්‍රී ජනාධිපතිතුමා. විපක්ෂයේ අසුන් පැනෙව්වෙ කතානායකතුමා. ඒ ඔක්කොම කරානේ ...? 
පිළිතුර:-
සම්පූර්ණ ඇත්ත. ඒවාට බෙහෙවින්ම ස්තුතියි. අපේ මැතිවරණ ප්‍රකාශය “අනාගතයට සහතිකයක්”. ඒකටයි අපිට ඡන්දය දුන්නෙ. ඒකෙදිත්, ජය ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටත් අපි දිවුරල කිව්ව ඹභඡයත් එක්ක හවුල් ආණ්ඩුවකට යන්නෙ නැහැ කියල. 48 ලක්ෂයකගේ ජනමතයටයි අපි ගරු කරන්නෙ. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ, විපක්ෂයේ අවසරය දුන්නත් විපක්ෂයේ ආසන දුන්නත් විපක්ෂ ජනමතය නියෝජනය කිරීමේ අවසරය නොදීමයි. මේක හරියට, හිස බූ ගාල, අඳනය දීල මහණ කමත් දෙනව කියල සිවුරු නොදී සිටීම වගේ තත්ත්වයකටයි සමාන වෙන්නෙ. 


ප්‍රශ්නය:- නමුත්, කතානායකතුමා පාර්ලිමේන්තුවේදී කිව්වනේ ඒකාබද්ධ විපක්ෂයට කාලයෙන් 55%ක් දෙනව කියල. ඒ වෙලාව හොඳටම ඇති නේද? තව ඉල්ලල කරදර කරන එක සාධාරණද? 
පිළිතුර:-
කතානායකතුමාගෙ ප්‍රකාශය මුළුමනින්ම වැරැදියි. පාර්ලිමේන්තුවේ මෙහෙමයි දවසෙ කාලය බෙදන්නෙ. මේකයි, පදනම් සූත්‍රය. ඹභඡ යට 40%යි.නිල විපක්ෂයේ විසිදෙනාට :ඔභ් +න්‍ඪඡ* 30%යි. ආණ්ඩුවෙ ඉන්න සන්ධානයේ 41 දෙනාට 15% යි. ඒකාබද්ධයේ අපි 51 දෙනාට 15% යි. මේ අනුව, සෑම දවසකම, න්‍ඪඡ 6 දෙනාට වඩා අඩු කාලයක් ඔභ් 16 දෙනාට වඩා අඩු කාලයක් තමයි අපේ 51 දෙනාට දෙන්නෙ. මේක සාධාරණද? ඒකයි මම කිව්වෙ, “ගිරව් ගහේ රිළව් බෙනේ” කියල. 


ප්‍රශ්නය:- දිනේෂ් ගුණවර්ධන, ඔබේ කණ්ඩායම් නායකයා පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරිය. ඔබ කල්පනා කරන්නෙ නැද්ද ඔහුගේ එදා හැසිරීම අනුව කතානායකතුමා ගත්තෙ සාධාරණ පියවරක් කියල ...?
පිළිතුර:-
කිසිසේත්ම නැහැ. ඔහු තරමක් ආවේගශීලී වුණත් ඒ ආවේගය මතුවෙන්නෙ තම කණ්ඩායමට කරන ඉවසිය නොහැකි අසාධාරණය නිසා. ආණ්ඩුව හිතාවි ඒක ඔවුන්ගෙ ජයග්‍රහණයක් කියල හැබැයි මේ තමයි ඔවුනගේ ගමනක අවසානය. අපි 51 දෙනාම එළියට ඇදල දමල ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ඝර්භයේදීම ඝාතනය කරන්න ආණ්ඩුව කල්පනා කරාවි. අපි එළියට ඇදල දමාවි, අපේ මතය බහු තරයේ බලයෙන් පරාජය කරාවි. ඒත්, අපි දණ නමන්නේ නැහැ. යටත්වන්නේ නැහැ. අපි ඉල්ලන්නෙ අලුත් වාහන ගන්න කෝටි 54ක් නෙමෙයි. අපි ඉල්ලන්නෙ පාර්ලිමේන්තු කැන්ටිමේ හවසට එළු සුප් නෙමෙයි. අපි ඉල්ලන්නෙ අපේ වැටුප් වැඩි කරන්න කියල නෙමෙයි. අපි ඉල්ලන්නෙ රටේ ජනතාව නියෝජනය කිරීමේ අයිතියයි. ඒ අපේ අයිතිය අපිට නොදීමේ තීරණය ආණ්ඩුවේ සහ කතානායකවරයා ගේ දේශපාලන සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන්. කියන එකයි අපේ අනතුරු ඇඟවීම. 


ප්‍රශ්නය:- ඔබේ ප්‍රශ්නය පෞද්ගලිකව කරු ජයසූරිය මහතාට එරෙහිවද?
පිළිතුර:-
කිසිසේත්ම නැහැ. පෞද්ගලිකවම මා තුළ තිබෙන්නේ ඔහු පිළිබඳ විශාල ගෞරවයක්. එතුමා ඉතාමත් වැදගත්. ශීලාචාර දේශපාලනඥයෙක්. නමුත් එක්සත් ජාතික පක්ෂය ඔහු ප්‍රාණ ඇපකාරයෙක් බවට පත් කරලයි තියෙන්නෙ. සාධාරණ තීරණ ගන්න ඔහුට ඉඩ දෙන්නෙ නැහැ. එතුමාට තර්ජනය කරනව. ඔහු ආනන්ද මාතාවගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් ඒ නිසාම මම දැඩිව විශ්වාස කරනව කොයි මොහොතක හෝ ඔහුගේ හෘද සාක්ෂිය ඉස්මතු වේවි කියල.


ප්‍රශ්නය:- කෙටියෙන් කිව්වොත් ඒකාබද්ධ විපක්ෂය හීලෑ වෙන්න සූදානම් නැහැ. මම හරිද?
පිළිතුර:-
ඔබ හරි. නමුත් ඔබේ ප්‍රකාශය වැරැදියි. අපි හීලෑ වෙන්න නම් වල් වැදිල ඉන්න එපායැ. අපි කොයිම මොහොතක හෝ ගෝත්‍රික වෙලා නැහැ.


ප්‍රශ්නය:- හොඳයි සන්ධානයෙන් ඡන්දය ඉල්ලපු ඔබලා සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න ඉල්ලනව. ඒක ගෝත්‍රික ඉල්ලීමක් නොවෙයිද?
පිළිතුර:-
සන්ධානය තුළ ඉන්න මම හෝ ශ්‍රීලනිප මන්ත්‍රිවරු එහෙම ඉල්ලුවද? සන්ධානයේ සාමාජික දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙ මන්ත්‍රීවරු තුන් දෙනා එහෙම ඉල්ලුවද? නැහැ. ඒ ඉල්ලීම කළේ සන්ධානයේ නිල සාමාජිකයින් නොවන ජාතික නිදහස් පෙරමුනේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඇතුළු පස් දෙනායි. මම අවංකවම විශ්වාස කරනව ඒ අයිතිය ඔවුනට තිබිය යුතුයි කියල. ඔවුන් පස් දෙනාට පමණක් නෙමෙයි වාසුට, උදයටත් ඒ අයිතිය දිය යුතුයි කියන ස්ථාවරයයි නිවැරැදි.


ප්‍රශ්නය:- නමුත් ඡංදෙ ලැබුණෙ බුලත් කොළේට මිසක් පෞද්ගලිකව ඔවුන්ට නෙමෙයිනේ ..?
පිළිතුර:-
මෙහෙම බලන්න. ඔවුන් සන්ධානයේ සාමාජික පක්ෂ නෙමෙයි. ඔවුන් පසුගිය වසර දෙකක කාලය පුරාවට එකම සන්ධාන රැස්වීමකටවත් කැඳවල නැහැ. අනෙක, ඔවුන් එජාපය සමග හවුල් ආණ්ඩුවකට එකඟවෙලා නැහැ. මේ ප්‍රධාන කරුණු 3 හොඳටම ප්‍රමාණවත් කතානායකතුමාට ඒ තීරණය ගන්න.


ප්‍රශ්නය:- පාර්ලිමේන්තු ඉතිහාසයේ නැති පූර්වාදර්ශ දෙන්න බැහැනේ. ඔබ මොන තර්ක කළත් ....?
පිළිතුර:-
කොහොමද ඔබ කියන්නෙ ඉතිහාසයේ නැති පූර්වාදර්ශ කියල ...? වැඩි ඈතක නෙමෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළම මිට වසර 10 කට පෙර තිබුණනෙ. 2004 මහ මැතිවරණයට අපි හා න්‍ඪඡ තරග කළේ එකට, බුලත් කොළයේ සන්ධානයෙන්මයි. සුනාමි සහන මණ්ඩලයේ ප්‍රශ්නය වෙලාවෙ ඔවුන් වෙන්වෙලා පාර්ලිමේන්තුවෙදි වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්න කිව්වම විජමු. ලොකු බණ්ඩාර කතානායකතුමා ඒක පිළිගත්ත. ඊට වඩා උදාහරණ අවශ්‍යද?


ප්‍රශ්නය:- වෙන්වීම හරහා විශේෂ වරප්‍රසාද ලැබෙනවද? 
පිළිතුර:-
පැහැදිලිවම ඔව්. වැඩි කාලය, 23-ෂෂ යටතේ ප්‍රකාශ කිරීමේ අවසරය, පක්ෂ නායක රැස්වීමට සහභාගිවීම වැනි දැනට අපට අහිමි න්‍ඪඡ යට හා ඔභ්ට පමණක් හිමි බොහෝ වරප්‍රසාද ලැබෙනව. 


ප්‍රශ්නය:- ඔබ විමල්ලා හරහා කරන්නේ “මුට්ටිය” දමා බැලීමක්ද?
පිළිතුර:-
කිසිසේත්ම නැහැ. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස එසේ වෙන්වන්නට බැහැ. උවමනාවකුත් නැහැ. නමුත්, විමල්ට, වාසුට හෝ උදයට එය එසේ බලපාන්නේ නැහැ. ආණ්ඩුව සැකයෙන් මේ දිහා බලන්නෙත් ඔබ බලපු කෝණයෙන්මයි. ඒ නිසාම ආණ්ඩුව හැසිරෙන්නේ කසිප්පු ගහල පෝයට පන්සල් යන ධර්මපාල උපාසක මහතා වගේයි. 


ප්‍රශ්නය:- ඔබේ කණ්ඩායම විටින් විට සටන් පාට මාරු කරනවා. දැන් පළාත් පාලන මැතිවරණය ඉල්ලන උද්ඝෝෂණ නැවතිලා...?
පිළිතුර:-
කිසිසේත්ම නැහැ. අද මාර්තු 19 වැනිදා. 2011 මාර්තු 19 තමයි මෙරට අවසාන පළාත් පාලන මැතිවරණය පැවැත්වූ දිනය. ඒ අනුව අදට මැතිවරණ නැතිව අවුැදු 2ක් ඉවරයි. එමනිසා අපි අද දවස නම් කරමු ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කළ දවස විදියට. මම ඔබෙන් පෙරළා ප්‍රශ්න කරනව මහින්ද රාජපක්ෂ යුගයේදී වසර දෙකකට මැතිවරණ සිතියම ඇකිලුවා නම් මොකද වෙන්නේ? එහෙම නම් ඇමරිකාව අපිට ආර්ථික සම්බාධකත් පනවාවි.


ප්‍රශ්නය:- ඔබ හිතන්නේ මේ වසරේවත් පළාත් පාලන මැතිවරණය තියන එකක් නෑ කියලද?
පිළිතුර:-
පළාත් පාලන නොවෙයි සැප්තැම්බර් 8 වැනිදා උතුරුමැද හා සපරගමුව පළාත් සභා දෙකත් ඊට පෙර ජූලියේදී නැගෙනහිර පළාත් සභාවෙත් ආයුකාලය නිමාවෙනවා. දැන් ආණ්ඩුව හඳහන් බලන්නේ ප්‍රාදේශීය සභා 
වගේම පළාත් සභාත් අකුලන්නෙ කොහොමද කියලයි. “හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්.”


ප්‍රශ්නය:- ඔබ “වහෙන් ඔරෝ” කියන්නේ ආණ්ඩුව මැතිවරණවලට බයයි කියලද?
පිළිතුර:-
මම කවදාවත් “වහෙන් ඔරෝ” භාෂාවෙන් කතා කරන්නේ නැහැ. “ඔහෙන් වරෝම” තමයි. ඔව් ආණ්ඩුව ජනමතයට බයයි.


ප්‍රශ්නය:- ඩිලාන් පෙරේරා ඇතුළු ඔබගේ මිත්‍රයින් නල්ලතන්නියට වෙලා බලා ඉන්නව ඔබේ කණ්ඩායමත් එක්ක මහමළුවට නගින්න. ඇයි බය... ඇයි පස්ස ගහන්නේ?
පිළිතුර:-
අපි අවංකවම කැමැතියි එකට කරුණා කරන්න. අපි නල්ලතන්නිය පහුකරලත් ඉවරයි. ඒත් මගේ මිත්‍රයෝ පේනතෙක් මානයේ නැහැ. සමහරෙක් “සිරිකොත” කියන දිවා ගුහාවේ 


ගැටගහල. සමහරු ඉඳිකටු පානෙ ඉඳිකටු ඇණගෙන ලේ ගලන තුවාල සහිතව මග වැටිල. සමහරු සීත ගඟුලෙ දිය කෙළිනව. ආපුකාරණේ අමතක කරලා. අපි කියන්නේ ඔය 


“සිරිකොත දිවාගුහාවෙ” බැමි කඩාගෙන එන්න. අපි එකට මහමුළුවට කරුණා කරමු කියලයි. මිත්‍රවරුනි, සුමන සමන් දෙවි පිහිටෙන් මිසක හුසේන් කුමරු පිහිටෙන් හෝ රනිල් දෙවිඳු පිහිටෙන් සිරිපතුල නමැදිය නොහැකි බව කරුණාකර තේරුම් 
ගන්න.


ප්‍රශ්නය:- නමුත් ශ්‍රීලනිප ඇතැම් නායකයින් කියන්නේ අපි පළාත් පාලන මැතිවරණයේදී එකට තරග කරමු කියලයි. ඔබ කණ්ඩායමෙන් තමයි හරි උත්තරයක් නැත්තේ...?
පිළිතුර:-
ඔව්. ඔවුන් එහෙම කියනව. තවත් සරලව කිව්වොත් ඔවුන් කියන්නේ “අපි කැබිනට් මණ්ඩලය ඇතුළෙදි රනිල් අගමැතිතුමා රැකගෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පක්ෂය පරාද කරමු” කියලයි. “අපි පාර්ලිමේන්තුවේදී ඹභඡ ආණ්ඩුව 
රැකගෙන ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා සභාපතිවරයෙක් ගේමු” කියලයි. මට නම් මේක දේශපාලන කුණුහරුපයක් පමණයි.


ප්‍රශ්නය:- මෛත්‍රී ජනාධිපතිතුමා කියනව මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. වට්ටන්න දෙන්නෙත් නැහැ කියල. එතකොට ඔබ කණ්ඩායමේ උත්සාහය “කළේ බිඳ ගැනීමක්” නොවෙයිද?
පිළිතුර:-
2015 ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂයට, මේ රටේ ප්‍රභූ පැලැන්තියට සහ බටහිර තානාපති කාර්යාලවලට උවමනා වුණේ මෛත්‍රී ලවා මහින්ද පරාජය කිරීම විනා මෛත්‍රී ලවා රට පාලනය කිරීම නොවන බව යම් මොහොතකදී එතුමාට තේරුම් යනු ඇතැයි මම අවංකවම කල්පනා කරනවා.


ප්‍රශ්නය:- ලබන අගෝස්තු මාසයේදී ඒකාබද්ධ විපක්ෂය අවසන් වන බවට රාජිත සේනාරත්න ඇමැතිතුමා අනාවැකියක් කියනවා...?
පිළිතුර:-
රාජිත ඇමැතිතුමාගෙද? පුත්‍ර චතුර මන්ත්‍රීතුමාගෙද ඔය අනාවැකිය...


ප්‍රශ්නය:- රාජිත ඇමැතිතුමයි කිව්වේ?
පිළිතුර:-
කොහොමත් අගෝස්තු පනින කොට අත බලා සාස්තර කීමේ හෝ දත බලා ඉගිල්ලීම වැනි පුරුදු වෘත්තියක් තෝරාගැනීමට එතුමාට සිදුවේවි.


ප්‍රශ්නය:- ඔබ ඒක විහිලුවකටද ගන්නේ?
පිළිතුර:-
නැහැ. අපි දන්නව අනතුරුවල පරිමාව. අපි දන්නවා බිම් බෝම්බ වළලපු තැන්. අපි දන්නව ජොනී බට්ටෝ අතුරපු තැන්. විමල් වීරවංශ අදට දින 60ක් හිරගෙදර. මොකක්ද චෝදනාව? කෝටි 10ක බැඳුම්කර වංචාවක්ද? පාර්ලිමේන්තුව කල්දමලා, වධකාගාර ඇතුළෙ, ඔලුවට පරාල ඇණ ගහල, ප්‍රජා අයිතිය අහිමිකරලා, අතුරුදන් කරලා, ටයර් සෑ මත පුච්චල මහජන මතය මර්දනය කිරීමේ කලාවට ඹභඡයේ ඉන්නේ විශාරදයො. විදේශ ඇමැති බටහිරට සහතිකයක් දෙනව 2018 පෙබරවාරි 4ට පෙර ජනමත විචාරණයකට යනව නව ව්‍යවස්ථාව සඳහා කියලා. මේ මාර්ග සිතියමේ අපි බොහෝ දෙනෙකුට පරාල ඇණ වදීවි.මගේ පක්ෂය මේක තේරුම් ගන්නකොට “අවසන් කෝච්චියත්” ගිහිල්ල තියේවි. ඒකයි මට කණගාටු.


ප්‍රශ්නය:- ඒකාබද්ධ විප්කෂයේ වැඩබලන නායකයා ලෙස ඔබ පත් කිරීමට එරෙහිව අර්ජුණ රණතුංග ඇමැතිතුමා අදහසක් මතු කරා...?
පිළිතුර:-
අපි එතුමාගේ හඬට ඇහුම්කන් දිය යුතුමයි. මොකද එතුමා අපේ දේශාපලනයේ ඉන්නා ප්‍රවීණයෙක්. පිට පිට මහා මැතිවරණ තුනකට දිස්ත්‍රික්ක තුනකින් සහ පක්ෂ තුනකින් ඡන්ද ලකුණු තුනකින් තරග කරල දිනපු ලෝකයේ එකම වාර්තාව හිමි එතුමාටයි.


ප්‍රශ්නය:- එතුමා කිව්වේ ඒ පත් කිරීම හරහා ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණයක් වුණා කියලයි?
පිළිතුර:-
ඒකාබද්ධ විපක්ෂය පිළිබඳ එතුමා තුළ තිබෙන සංවේදී කැක්කුම අපි පළමුව අගය කළ යුතුයි. අනෙක එහෙම පත් කිරීමක් වුණේ නැහැ. බ්‍රහස්පතින්දා උදේ අපේ කන්ඩායම් රැස්වීමේදී ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා විදියට වාසු ඇමැතිතුමා යෝජනා කළා දිනේෂ් එනකම් ඩලස්ට වැඩ බැලීම දිලා 23 ෂෂ  ප්‍රකාශය ගම්මු කියලා. ඒකට චමල් රාජපක්ෂ හිටපු කතානායකතුමා ඇතුළු කණ්ඩායම එකඟ වුණා. එපමණයි. කොහොමටත් පෙරහැර සංවිධානය කිරීමට විනා පෙරහැරේ යාමට කැමැති කෙනෙක් නොවෙයි මම. මේ අර්ජුණ ද, ඩැරල් හෙයාර්ද මට තියෙන ප්‍රශ්නය ඒකයි.