සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
රටේ දේශපාලන තත්ත්වය, ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය : තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් සමග කොහොම ද විපක්ෂයේ දේශපාලනය?
පිළිතුර : මේක ප්‍රජාතන්ත්‍රවාදයනේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ බහුතර මතය තමයි ඒක. ඒ යථාර්ථය තමයි මේ පිළිබිඹු වන්නේ. එක කණ්ඩායමකට වැඩි බලයක් තියෙනවා. තව කණ්ඩායමකට අඩු බලයක් තියෙනවා. විහිදුණු ජනතා මතයක් තියෙන්නේ. මේ ඡන්ද ක්‍රමෙත් එක්කනේ ආසන ලැබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ විපක්ෂයට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටුකරන්න අපි සූදානම්.
ප්‍රශ්නය :මගේ ප්‍රශ්නය වුණේ කොහොම ද ඒ වගකීම ඉටුකරන්නේ කියලයි. ආණ්ඩුව බලගතුයි?
පිළිතුර : ඇත්තටම ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා කියලා කිව්වට එහෙම බලයක් තාම හරියට නැහැනේ. අනිත් එක මං විශ්වාස කරන්නේ නෑ එහෙම බලයක් හදාගත්තත් ඒක හැම වෙලාවෙම හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේක මේ එහෙම විශේෂ බලයක් නොවෙයි. ඒ අයට අවශ්‍ය 19 වැනි සංශෝධනය වෙනස් කරගන්නනේ. නමුත් ඔය බලය තිබුණා කියා ඒ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. ඔය තුනෙන් දෙකේ බලය වුණත් ඒ කට්ටියට කිසි ප්‍රශ්නයක් නැතිව දිගටම තියාගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ.
ප්‍රශ්නය :මේ ඡන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් ගන්න බෑ කියලයි අනාවැකි පළවුණේ. නමුත් රාජපක්ෂ කඳවුර ඒ ඉලක්කය සපුරා ගන්නවා. ඒ කොහොම කියලා ද ඔබට හිතෙන්නේ?
පිළිතුර : ඒකට ප්‍රධානම හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයට ආසන එකක්වත් ලැබෙන්නේ නැති එක. අපි කවුරුවත් බලාපොරොත්තු වුණේ නැහැනේ එක්සත් ජාතික පක්ෂය බිංදුවට වැටෙයි කියලා. ඒ වගේම මම හිතන්නේ නෑ බැසිල් රාජපක්ෂවත් බලාපොරොත්තු වුණා කියලා තුනෙන් දෙකක බලයක්. මේ දෙකම බලාපොරොත්තු වුණේ නැති දෙයක් වුණේ. එකක් වෙච්ච නිසා තමයි අනිත් එක වුණේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා යම්කිසි ඡන්ද ප්‍රමාණයක්. ඒ අයට ඒක ලැබුණා. නමුත් තුනෙන් දෙක ආසන්නයටම එන්නේ ඒ නිසා නොවෙයි. ඒක ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ලැබිය යුතුව තිබුණු ඡන්ද ටික නොලැබීම නිසයි. ඒ ඡන්ද ටික ඡන්ද පොළට ආවා එහෙම නම් තව ආසන ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජන බලවේගයට තව මන්ත්‍රී ධුර කිහිපයක් ලැබෙනවා. එහෙම වුණා නම් මේ තියෙන ප්‍රතිඵලය නොවෙයි වෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ.
ප්‍රශ්නය :අපි අද දකින්නේ රනිල් නැති එජාපය නැති පාර්ලිමේන්තුවක්. ඔබට මොකද හිතෙන්නේ? ඒක ඔබේ මව් පක්ෂය.
පිළිතුර : හිතට අමාරුයි. කනගාටුයි. අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමා තමයි මාවත් දේශපාලනයට ගෙනාවේ. එතුමා පාර්ලිමේන්තුව තුළ කරපු දේවලින් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව එතුමා විශාරදයෙක්. ඒ සම්බන්ධයෙන් කිසිම තර්කයක් නෑ. එතුමා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කනගාටුයි.
නෑ එහෙම නොවෙයි. පවුලක් ඉලක්ක කරගෙන කරපු දෙයක් නොවෙයි. එහෙම කළේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. 18 මොකටද ගෙනාවේ. ඒක ගෙනල්ලා ඔවුන්ගේ පවුලේ අයට තුන් වතාවක් නොවෙයි දහ වතාවක් හරි ඉල්ලන්න ගෙනාවා කියලනේ එහෙම නම් අපිට විග්‍රහ කරන්න වෙන්නේ. හැබැයි එහෙම කියනවාට වඩා අපි බලන්න ඕනෑ පුද්ගලයෙක් හැටියට හරි පවුලක් හැටියට නොවෙයි කාලයක් පවතින ව්‍යවස්ථාවක් ගෙන ඒමයි.
ප්‍රශ්නය :ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය 19 වැනි සංශෝධනය අහෝසි කිරීමයි. 19 ගෙනාවේ ඔබලාගේ ආණ්ඩුව. මොකද කරන්නේ?
පිළිතුර : 19 ගැන ඔය විදියට විශ්ලේෂණය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. 19 නොයෙකුත් ආකාරයෙන් දැන් ව්‍යවස්ථාවට ඇතුළත් කරලනේ තියෙන්නේ. සමහර වෙලාවට වගන්ති ඇතුළත් කළා. සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම පරිච්ඡේද ඇතුළත් කළා. මම නම් දකින්නේ 19 කෑලි කෑලිවලට කඩාගෙන එකින් එකට තමයි වෙනස් කරනවා ද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ. උදාහරණයක් විදියට 19න් කරපු එක දෙයක් තමයි ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු පහකට සීමා කිරීම. 19 අහෝසි කරනකොට එතකොට ඒ කාලය තවත් වැඩි කරනවා ද?
ප්‍රශ්නය :ආණ්ඩුව කියනවා ඒවාට අත තියන්නේ නෑ කියලා?
පිළිතුර : එහෙම නම් 19 අහෝසි වෙන්නේ නැහැනේ. ඒ වගේම 19න් ජනාධිපතිවරයාට ඉල්ලන්න පුළුවන් අවස්ථාව දෙකක් කළා. එතකොට ඒකත් වෙනස් කරනවා ද? 19 අහෝසි කරනවා කියන එක ඇත්ත වශයෙන් වැරැදි කතාවක්. 19 අහෝසි වෙන්නේ නැහැ. ඔය කියන විදියට අහෝසි වෙන්නේ නෑ.
ප්‍රශ්නය :ජනාධිපති ධුරයට ඉල්ලන වයස 35 කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම අහිමි කිරීම, මේවා ඔබලා ගෙනාවේ එක පවුලක් ඉලක්ක කරගෙන?
පිළිතුර : නෑ එහෙම නොවෙයි. පවුලක් ඉලක්ක කරගෙන කරපු දෙයක් නොවෙයි. එහෙම කළේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. 18 මොකටද ගෙනාවේ. ඒක ගෙනල්ලා ඔවුන්ගේ පවුලේ අයට තුන් වතාවක් නොවෙයි දහ වතාවක් හරි ඉල්ලන්න ගෙනාවා කියලනේ එහෙම නම් අපිට විග්‍රහ කරන්න වෙන්නේ. හැබැයි එහෙම කියනවාට වඩා අපි බලන්න ඕනෑ පුද්ගලයෙක් හැටියට හරි පවුලක් හැටියට නොවෙයි කාලයක් පවතින ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එතැනදී ද්විත්ව පුරවැසිභාවය ගන්නකෝ. දැන් උදාහරණයක් හැටියට ඇමෙරිකාවේ එක්දහස් හත්සිය හැත්තෑ ගණන්වල ව්‍යවස්ථාව ලියපු දවසේ ඉඳලා තවමත් ඒ විදියටම තියෙනවනේ. මම මේ ළගදී කියෙව්වා ඒගොල්ලෝ ව්‍යවස්ථාව සම්පාදනය කරනකොට කරපු සාකච්ඡාවක්. එතැනදි අහනවා ද්විත්ව පුරවැසියෝ, ඒ වගේම පිටරට ඉපදිච්ච පුද්ගලයන් ඇමෙරිකාවේ දේශපාලනයේ සිටිය යුතු ද නැද්ද කියලා. ඇත්ත වශයෙන්ම කතා කරනකොට බොහෝ දෙනා යුරෝපයෙන් ආපු අයනේ හිටියේ. ඒ කාලේ නැවෙන් ඇවිල්ලා ‘නිව් එන්ග්ලන්ඩ්’ කියන ප්‍රදේශයේ ජනාවාස හදාගෙන එහෙමනේ ඇමෙරිකාව හැදුණේ. ඒගොල්ලෝ කිව්වා ඇමෙරිකාවේ ඉපදිලා නැත්නම් රටේ ජනාධිපති වෙන්න බැහැ, උපජනාධිපති වෙන්නත් බැහැ කියලා. බැරි වෙලාවත් කමලා හරිස්ගේ අම්මා විශ්වවිද්‍යාලයට යන්න චෙන්නායිවල ඉඳලා ඇමෙරිකාවට ගිය වෙලාවේ ඉපදුණ නිසා ඇයට පුළුවන් උපජනාධිපති ධුරයට ඉල්ලන්න. බැරි වෙලාවත් චෙන්නායිවල ඉපදුණා නම් බැහැ. නීතිය එච්චරටම තදයි. හැබැයි ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ඇමෙරිකාවේ නීතියක් නැහැ. ඇත්තටම මෙතැන තියෙන්නේ ඇමෙරිකන් පුරවැසිභාවය පිළිබඳ බැසිල්ගේ ප්‍රශ්නයනේ. ඇමෙරිකාවේ මෙහෙම දෙයක් තියෙනවා. ඕනෑම ද්විත්ව පුරවැසියකුට ඇමෙරිකාවේ දේශපාලනය කරන්න පුළුවන්. ජනාධිපති ධුරයට හෝ නියෝජ්‍ය ජනාධිපති ධුරයට ඉල්ලන්න බැහැ. සෙනෙට් එකේ හා කොංග්‍රස් එකේ විසි ගාණක් ඉන්නවා ද්විත්ව පුරවැසියෝ. හැබැයි ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසියෙක් නම් ඇමෙරිකාවේ පුරවැසිභාවය අනික් රටේ පුරවැසිභාවයට වඩා ඉහළයි. ඒ නිසා ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නෑ. අපේ රටේ ගත්තොත් එහෙම කෙනකුට පුළුවන් ද අපේ රටේ ඇමැති කෙනෙක් වෙන්න. අගමැති කෙනෙක් වෙන්න. ජනාධිපති කෙනෙක් වෙන්න.
ප්‍රශ්නය : ඔබ ඔහොම කිව්වත් ඔබේ ආණ්ඩුවම තමයි ද්විත්ව පුරවැසියෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ට මහා භාණ්ඩාගාරය බාරදෙන්නේ?
පිළිතුර : ඒක හරි. ඒක ගැන නොවෙයි මම මෙතැනදි විග්‍රහ කරන්නේ. මම මේ කතා කරන්නේ රටේ ජනාධිපති හා අගමැති වීම ගැනයි. ඇමෙරිකාවත් එක්ක ද්විත්ව පුරවැසිභාවය තිබීම තමයි ප්‍රශ්නය. අනික් රටවල් කියන්නේ නෑ ද්විත්ව පුරවැසියෙක් නම් තමන්ගේ රටේ පුරවැසිභාවය අනෙක් රටේ පුරවැසිභාවයට වඩා ඉහළයි කියලා. ඇමෙරිකාවයි එහෙම කියන්නේ. ඒ නිසා ඇමෙරිකාවේ පුරවැසිභාවය තියෙන කෙනකුට ලංකාවේ දේශපාලන නිලතලවලට එන්න බෑ. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඒ සංශෝධනය කළ යුතුයි කියලා.
ප්‍රශ්නය : මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරලා රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා. ඔබලාට ඕනෑ කළේ විධායක අගමැතිවරයෙක්. ඒ වෙනුවෙන් 19 ගෙනාවා?
පිළිතුර : ඔව්. ඒකනේ අදහස වුණේ. ඒක හංගන්න දෙයක් නොවෙයිනේ. එතැනදි අදහස වුණේ විධායක ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකට අඩු කරලා අගමැතිවරයාගේ හා කැබිනට් එකේ බලතල වැඩි කරන්නනේ.
නිවාඩ් කබ්රාල් ආවෙත් වියත්මගෙන්. එයාට දීලා තියෙනවා ‘මනී ඇන්ඩ් කැපිටල් මාර්කට්’ කියලා එකක්. ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළෙඳපොළනේ. ප්‍රාග්ධන වෙළෙඳපොළේ රාජ්‍ය ඇමැතිට ඇයි දුන්නේ නැත්තේ විනිමය සුරැකුම් කොමිෂන් සභාව. ඒක තියාගත්තනේ මහින්ද මහත්තයා යටතේ.
ප්‍රශ්නය : කැබිනට් එකේ නොවෙයි අගමැතිවරයාගේ බලතලයි වැඩි කරන්න හැදුවේ?
පිළිතුර : ඔව්. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක කරන්න දුන්නේ නැහැනේ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා එහෙම විධායක අගමැතිකමක් අවශ්‍ය නම් ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඊට පස්සේ තමයි රජය තීරණය කළේ ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධන කළ යුතුයි කියලා. එතැන තමයි මේ හිරවිල්ල එන්නේ. කාලයක් තිස්සේ මේ රටේ ජනාධිපතිවරු කියපු දෙයක් තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන කියලා. මහින්ද මහත්තයා දෙපාරක් කිව්වා. චන්ද්‍රිකා මැතිනියත් දෙපාරක් කිව්වා. එහෙම කියාගෙන ආපු අය තමන්ගේ බලතල වැඩි කරගත්තනේ. සෝභිත හාමුදුරුවන් ප්‍රමුඛ බලවේගය කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලනේ. එතැන මිනිස්සු හිටගත්තනේ. ඒකත් එක්කනේ 19 වැනි සංශෝධනය ආවේ.
ප්‍රශ්නය : විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා විධායක අගමැති ක්‍රමයක් ගේන්න ගිහින් අවුරුදු පහකින් ඔබලාට ගෙදර යන්නත් වුණා?
පිළිතුර: විධායක අගමැති කියලා එකක් නැහැනේ. අගමැති සහ කැබිනට් මණ්ඩලයනේ තියෙන්නේ. විධායක අගමැති කෙනෙක් පත් කරගැනීමේ වගන්ති 19 කොතැනකවත් තිබුණේ නැහැ. එතැන තිබුණේ කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද කියන ප්‍රශ්නයයි. එතැනදි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ ජනාධිපතිවරයා තමයි කැබිනට් එකේ ප්‍රධානියා. සේනාධිනායක ජනාධිපතිවරයා කියලනේ කිව්වේ.
ප්‍රශ්නය :එක රාජපක්ෂ කෙනෙක් ගෙදර යවන්න ඔබලා කරපු සටන අවසන් වුණේ ගෙදර හිටපු රාජපක්ෂ කෙනෙක් ජනාධිපති පුටුවට පත්කරලා ගෙදර යවපු රාජපක්ෂ කෙනෙක් අගමැති පුටුවේ වාඩි කරවලා, මොකද වුණේ?
පිළිතුර : ඔව්. ඔව්. ඒක ඒ විදියටත් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඉතින් ඒ කට්ටිය එහෙම ආවේ අපේ රජය ගැන මිනිසුන්ගෙ පැහැදීමක් තිබුණේ නැහැනේ. තියෙන ඕනෑම රජයක් කාලයත් එක්ක කොහොමත් ජනප්‍රියත්වයෙන් අඩු වෙනවා. නමුත් අපේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය විශාල වශයෙන් අඩු වුණා. ඒක පිළිගන්න වෙනවා. ජනතාවගේ ඡන්දයෙන් ඒක පේනවා. රාජපක්ෂලා ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ ගැන තිබුණ ආකර්ෂණයට වඩා සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවට තිබුණ අප්‍රසාදය තමයි මේක මෙහෙම වෙන්න හේතුව.
ප්‍රශ්නය :ඔබේ සමගි ජන බලවේගයේ ඡන්ද ගොඩ ගත්තත් මන්ත්‍රී ධුර ගත්තත් බාගයට බාගයක් සුළු ජාතික ඡන්ද සහ සුළු ජාතික මන්ත්‍රීවරු. ඔබලා ඔවුන්ගේ ග්‍රහණයට හසුවෙලා?
පිළිතුර : එහෙම කියන්න බෑ. මොකද සුළු ජාතික මන්ත්‍රීවරු ගත්තත් 18 දෙනෙක් විතරයි ඉන්නේ.
පනස්හතෙන් දහඅටයි. ඒ නිසා බාගෙට බාගයක් කියලා කියන්න බෑ. යම් ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා මේ රටේ සියයට 30ක් ඉන්නේ අපේම සහෝදර සුළු ජාතිකයන්. ඒ සමාජය තමයි සමගි ජන බලවේගය හරහා නිරූපණය වෙන්නේ. අපේ පක්ෂය එක කණ්ඩායමකට විතරක් සීමා වෙලා නෑ. ඒක තමයි විකල්පය. රාජපක්ෂලාගේ කණ්ඩායම එක කණ්ඩායමකට සීමා වෙලා කියලයි අපට පේන්නේ. කේක් එකට අයිසින් දානවා වගේ එක්කෙනෙක් දෙන්නෙක් ජාතික ලයිස්තුවෙන් දැම්මට මේක ඇතුළේ තියෙන ඇත්ත තත්ත්වය ජනතාව තේරුම් ගත යුතුයි.
ප්‍රශ්නය : සුළු ජාතික දේශපාලන නායකයන් හැමදාම තමන්ගේ ජනතාව පෙන්න පෙන්න ආණ්ඩු හදලා ඒ නායකයන්ගේ ප්‍රශ්න විසඳා ගත්තා. නමුත් රාජපක්ෂ කඳවුර ඒ දේශපාලනය මුළුමනින්ම පරාජය කළා?
පිළිතුර : යම්කිසි දුරකට එකඟයි. අපි උත්සාහ කරන්න ඕනෑ අපේ පක්ෂවලින්ම සුළු ජාතික නායකයන් බිහි කරගැනීමට. එක්සත් ජාතික පක්ෂය කළ ලොකු වැරැද්ද තමයි ඒක කළේ නෑ. ඉස්සර අපේ පක්ෂයේ හිටියනේ දෙමළ නායකයෝ, මුස්ලිම් නායකයෝ. නමුත් ඒක දියවුණා. අපිට නැවතත් අපේම දෙමළ මුස්ලිම් නායකයන් බිහි කරගත යුතුයි. කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් මුජිබර්ලා, මරික්කාර්ලා අපේ පක්ෂයේ නායකයෝ. ඒ විදියට අනික් ප්‍රදේශවලත් අපේ පක්ෂයෙන් නායකයෝ බිහි කරගත යුතුයි.
ප්‍රශ්නය : සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ මේ ආණ්ඩුවට එරෙහිව අරගල කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා ද?
පිළිතුර : මෙහෙමයි. සජිත් ප්‍රේමදාස ගැන නොයෙක් දෙනා ළඟ නොයෙක් විවේචන තියෙනවා. හැබැයි අනික් පැත්තෙන් බැලුවොත් මාස කිහිපයක පක්ෂයක්නේ මේක. අඩුම ගානේ පක්ෂයේ තාම සභාපති කෙනෙක්වත් වෙනත් නිලයක් දරන කෙනෙක්වත් නෑනේ මේ පක්ෂයේ. ශාඛා සමිතියක් නෑ. 2015 දී පටන් ගත්ත පොදුජන පෙරමුණ 2018 දී පළාත් පාලන ඡන්දය දිනුවා. අපේ මේ කොවිඩ් එකට රට වහන්න ඔන්න මෙන්න කියලා තිබියදීනේ මේක පටන් ගත්තේ. ඊට පස්සේ සති ගාණක ඡන්ද ව්‍යාපාරයකින්නේ මේක ගත්තේ. ඒ නිසා මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තේ තියෙන හොඳ අපි දකින්න ඕනෑ.
ප්‍රශ්නය : ඔබලා හා එජාපය අතර නැවත ඇයි හොඳයියක් ඇති වේවි ද?
පිළිතුර : ඇති නොවෙන්න හේතුවක් නෑනේ. මොකද අපි තාම මේ යූඑන්පීකාරයෝ හැටියටනේ කතා කරන්නේ. ඒ නිසා අපේ මූලික ස්ථාවරයෙන් අපි එළියට ගිහින් නැහැ.
ප්‍රශ්නය :ඒ කියන්නේ ඔබලා අනුගමනය කරන්නෙත් එජාප ප්‍රතිපත්ති?
පිළිතුර : ඔව්. අපි විශ්වාස කරනවා මේ රට සියලු දෙනාටම අයිති රටක් කියලා. මේ රට තුළ ලෝක ආර්ථිකය තුළ සමාජ වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුයි කියලා. ඒ වගේම මේ නව ලෝකයත් එක්ක මුසුවිය යුතුයි කියලා. මේ මූලික සිද්ධාන්තවලින් අපි එළියට ගිහින් නෑ. එජාපයට ජාතික ලයිස්තුවෙන් හැර වෙනත් මන්ත්‍රී ධුර නැහැ. නමුත් එතැනින් එහාට ගිහිල්ලා එජාප පාක්ෂිකයන් ඉන්නවා ලක්ෂ 14ක් 15ක් පසුගිය ඡන්දපොළට ගෙන ගිය. ඒ නිසානේ තුනෙන් දෙකට ආසන්න බලයක් ලැබුණේ. ඒක මේගොල්ලන්ගේ ජයග්‍රහණයට වඩා මෙතැන තියෙන්නේ එජාපයේ පරාජය.
සුළු ජාතික මන්ත්‍රීවරු ගත්තත් 18 දෙනෙක් විතරයි ඉන්නේ. පනස්හතෙන් දහඅටයි. ඒ නිසා බාගෙට බාගයක් කියලා කියන්න බෑ. යම් ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා මේ රටේ සියයට 30ක් ඉන්නේ අපේම සහෝදර සුළු ජාතිකයන්.
ප්‍රශ්නය :කැබිනට් මණ්ඩලයත් පත්කළා. කොහොමද කැබිනට් එක?
පිළිතුර : අපි බලාපොරොත්තු වුණේ වියත්මගේ කට්ටිය එහෙම පත්කරයි කියලනේ. සරත් වීරසේකර කොළඹින් ඡන්ද ලක්ෂ 3කට වැඩියෙන් අරගත්තත් අන්තිමට එයාව උස්සලා පැත්තකින් තිබ්බා. එක ආයතනයක් දීලා තියෙනවා. වියත්මගෙන් ආපු අයට එක කැබිනට් ඇමැතිකමක්වත් දුන්නේ නැහැනේ. ඒ අයගෙන් කිහිපදෙනකුට රාජ්‍ය ඇමැතිකම් ටිකක් දීලා තියෙනවා. නිවාඩ් කබ්රාල් ආවෙත් වියත්මගෙන්. එයාට දීලා තියෙනවා ‘මනී ඇන්ඩ් කැපිටල් මාර්කට්’ කියලා එකක්. ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළෙඳපොළනේ. ප්‍රාග්ධන වෙළෙඳපොළේ රාජ්‍ය ඇමැතිට ඇයි දුන්නේ නැත්තේ විනිමය සුරැකුම් කොමිෂන් සභාව. ඒක තියාගත්තනේ මහින්ද මහත්තයා යටතේ. වියත්මගෙන් ආපු නාලක ගොඩහේවාට නම් යූඩී එක එහෙම දීලා තියෙනවා. ඒකත් රාජ්‍ය ඇමැතිකම විතරයි. කැබිනට් පේපර් එකක් දාන්න බෑ. චන්න ජයසුමනට සීතා අරඹේපොළට මොකක්ද දීලා තියෙනවා. එතකොට ගෙවිඳුට මොකද වුණේ? අනුජ පැස්කුවල්ටත් මොකක්වත් නෑ. ගෙවිඳුව පත්කරන්නේ නැතිව ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා හැටියට මහින්දානන්ද පත්කරනවා. ගෙවිඳුලාගේ මේ මතවාදය වෙනුවෙන් පෙනී සිටියේ මමයි ගෙවිඳුයි මහින්දානන්දයි අපි තුන්දෙනාම රෝයල් එකේ එක පන්තිවල හිටියේ. සුමන්තිරන් අනුජ පැස්කුවල් අපි එක කාලේ ඉස්කෝලේ හිටියේ. ඒක අපූරු සුසංයෝගයක්.
ප්‍රශ්නය :ඕනෑම විපක්ෂයක් බලාගෙන ඉන්නේ ආණ්ඩුව ඇනගන්නකම්. ඔබලා ඉන්නෙත් ඒ අරමුණෙන්?
පිළිතුර : ඕනෑම විපක්ෂයක් කිව්වාම අපිත් ඉතින් විපක්ෂයේනේ. මෙහෙමයි, ආණ්ඩුවට ලොකු අභියෝග තියෙනවා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව බලන්න ඕනෑ රටේ අනාගතය දෙසයි. මම ඇත්තටමයි මේක කියන්නේ. ඒගොල්ලන්ගේ පවුලේ අනාගතය දෙස බලලා තීරණ ගත්තොත් එහෙම රට ලොකු අර්බුදයකට යනවා. ඒ නිසා තමන්ගේ පවුලට එහා ගිහින් හිතන්න ඕනෑ. නිපුණ රණවකට පාර්ලිමේන්තුවේ මංගල කතාව දීමෙන් මොකක් ද දීපු පණිවිඩය. පවුලම තමයි. මූලික වෙන්නෙම පවුල. ඇයි මේ 19 හදිසියේ වෙනස් කරන්න හදන්නේ. බැසිල්ව පාර්ලිම්න්තුවට ගන්න. වෙන මොකක්වත් නොවෙයි. බැසිල්ව පාර්ලිමේන්තුවට අරගෙන ඇමැතිකම දීලා අගමැතිකම දීලා ඊළඟට ජනාධිපති කරන්නයි මේ යන්නේ. ඒක තේරෙන්නේ නැති කෙනෙක් නෑනේ. මේ කරන්න යන්නේ පවුලේ වැඩක්. ඒ නිසා රට දිහා බලලා තීන්දු තීරණ නොගත්තොත් රටේ ඉදිරිය ඉතාම භයානකයි.
සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්