(කන්තලේ - කේ.ඩී. විජේපාල)
මේ වස විෂ නැති ගොවිතැන පාරමිතාවක්. අද මේ ගමනේ ප්‍රතිඵල නෙළාගෙන එන අවස්ථාව, දැන් මොකද වෙන්නේ මේ දුෂ්කර ගමන මේ පැළ කරගත් බීජය, දුෂ්කරව හදාගත්තු දරුවා සම්පූර්ණයෙන් මරලා දාන්න මේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා.
මේ තීන්දුව ආවාම මගේ ඇස්දෙකට කඳුළු ආවා. අපි මොකටද? මේ රටේ ජීවත්වෙන්නේ කියලා හිතුණා.
කිසිකෙනෙකුගේ හයියක් නැතුව අපි පෙන්නුවා මේ වැඬේ කරන්න පුළුවන් කියලා. අපට අද ඉතුරුවෙලා තියෙන්නේ
මහජනතාව අතරට යන එක විතරයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඉකුත්දා පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස් පළකළේ කන්තලේ 84 බීජ ගොවිපළේ ඉකුත්දා (18) පැවැති වස විෂ නැති ගොවි සමුළුව
අමතමිනි.
වස විෂ නැති ගොවි ව්‍යාපෘතියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් අධ්යක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතා මෙම ගොවි සමුළුව සංවිධානය කර තිබුණි. අමාත්‍ය එස්.බී දිසානායක මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මේ වනවිට ත්රිකුණාල දිස්ත්‍රික්කයේ අක්කර 6000ක පමණ වස විෂවලින් තොරව වී ගොවිතැන් කටයුතු සිදු කර ඇත.
කන්තලේ සෝමරත්න ගොවි මහතාගේ කුඹුරේ වගා කරන ලද වස විෂ යොදා නැති වී වගාවේ අස්වනු නෙළීම ද මෙම ගොවි සමුළුවට සමගාමීව සිදු කෙරිණි. උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ රතන හිමියෝ මෙසේද පැවැසීය.
අද අපේ ජනපතිතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මැදිරිගියේ සියයට 18ක් වකුගඩු රෝගීන් මරණයට දින ගනිනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය මැදවච්චිය වගේ ප්‍රදේශ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල වගේ ප්‍රදේශවල වකුගඩු රෝගය දරුණු ලෙස පැතිරිලා. 2013 වනවිට වකුගඩු රෝගීන් ලක්ෂ තුනයි හිටියේ. ඒත් අද. මේ වකුගඩු රෝගීන්ගේ කතාව ඛේදවාචකයක්. මේ රටේ විශේෂඥයින් රාජ්‍ය නිලධාරීන් එකතු කරගෙන අපි ගමනක්ආවා. විද්‍යාඥයින් මේ ගැන කතා කරනවා. මුළු ලෝකෙන්ම අපිට කීර්තියක් ආවා. යුරෝපා සංගමය මාස
ගණනාවක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
අද සමහර මාධ්‍ය අයිතිකාරයන් ඉන්නවා මට විරුද්ධව වීඩියෝ හදනවා. මගේ කෘෂිකර්ම උපාධි ගැන විමසනවා. මට කෘෂිකර්ම උපාධියක් තියෙන්නට ඕනෑ නැහැ ගොවිතැන ගැන උනන්දු වෙන්ට. ගොවියෝ ගොවිතැන් කරන්නේ උපාධි තියාගෙනද? මගේ හෘද සාක්ෂිය තමයි මම මෙතැන්ට ඇද ගෙන ආවේ.
අද ආණ්ඩු මාරු කරන්ට තරම් ධනය තියෙන කෝටිපතීන් ඉන්නවා. මේ තහනම් කෘමිනාශක ගෙනල්ලා විකුණගන්නට බැරිව. ඒ ගොල්ලෝ ජනාධිපතිට බලපෑම් කරනවා. ඇමැතිවරුන්ට බලපෑම් කරනවා.
අද අපිට පුළුවන් වෙලා තියෙනවා වස විෂ නැතිව කරපු මේ ගොවිතැන ගැන ලෝකයට පණිවිඩයක් දෙන්න. තුන්දහසකට අධික ගොවි පිරිසක් අද ඉන්නව වස විෂ නැති ගොවිතැන ගැන පුහුණුව ලබලා. අද මේ ගොවීන් මෙතැන්ට ඇවිල්ලා තියෙන්නේ පණිවිඩයක් රැගෙන යන්ට.
අවාසනාවකට වාගේ අද පණිවිඩයක් ගන්නවා මේ රජය පරාද වුණේ ‘ග්ලයිෆොසෙට්’ තහනම් කළ නිසා කියලා. තවත් මතයක් සමාජගත කරනවා තේ වතුවලට ග්ලයිෆොසෙට් ගැහුවාම මෙහේ අයට වකුගඩු රෝගය හැදෙන්නේ නැහැ කියලා.
තේ වතුවලට ගහන විෂ රසායනික ද්‍රව්‍ය මහවැලි ගඟට මුසු වෙලා පවතින්නේ රජරට ප්‍රදේශවල වැව් ජලයෙනි. 2015 පිළිකා රෝගීන් 5000යි. අද පහළොස් දහසයි. දියවැඩියාව වසංගතයක් බවට පත්වෙලා. වන්ද්‍යා භාවය, ගබ්සා වීම අද දරුණු ලෙස පැතිරිලා.
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙසේ කීය.
අපේ රතන හාමුදුරුවෝ මේ වස විෂ නැති ගොවිතැන් කටයුතු පටන් ගන්න පෙරමුණ ගන්න අවස්ථාවේ අපහාසයෙන් උපහාසයෙන් හිනාවුණු කෙනෙක් තමයි මම. එහෙම වුණේ අපේ පරීක්ෂකයින්, විද්‍යාඥයින් ගැන විශ්වාසය තැබූ
කෙනෙක් නිසයි. කෘෂිකර්ම ඇමැති විදිහට මම වසර 3ක් සේවය කළා. එදා අපේ ආයතනයේ වස විෂ නැති වගාවන්
පිළිබඳව මතයක් ගොඩ නැගූ පිරිසක් හිටියා. ඒ වාගේම විද්‍යාඥයින් පිරිසක් හිටියා ඒ මතය බැහැර කළ මම හිටියේ ඒ
ගොඬේ. එදා රතන හාමුදුරුවෝ කිව්ව දේ පිළිගත්තු ගොවීන් පිරිසක් තමයි මේ ඉන්නේ. එදා අපේ අතින් පරිසරය, ජලය, වාතය අපිරිසුදු වුණේ නැහැ.
අපි මිත්රශීලීව කටයුතු කළා. හැබැයි ලෝකය වෙනස් වනවිට අපේ අවශ්‍යතාව වෙසන් වනවිට අපි අපේ පරිසරය සමඟ ගැටෙන්න පටන් ගත්තා. අපේ ආහාර අවශ්‍යතාව වැඩි කරගන්න විවිධ උපක්‍රම භාවිතා කළා. අලුත් අලුත් බීජ වර්ග හඳුන්වා දුන්නා. කෘෂි රසායන ද්‍රව්‍ය යොදන්න පෙළඹුණා. මේ තත්ත්වය දැන්ම නතර කරගත්තේ නැත්නම්අ පේ දරුවන්ට ජීවත් වෙන්න නොහැකි පරිසරයක් උරුම වෙනවා.
හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ සූරියපුර ගොවි සංවිධානයේ සභාපති තක්ෂිල, ආචාර්ය අශෝක රංවල යන මහත්වරුන් ද සභාව ඇමතූහ.
වස විෂ නැති ගොයම් වගාවක කොටසක්හා රසායනික ද්‍රව්‍ය යෙදූ ගොයම් වගාවක කොටසක් උත්සව සභාව ඉදිරියේ පාගා වී අස්වැන්න වැඩියෙන් කාබනික පොහොර යෙදූ වී වගාවේ ඇති බව ගොවීන්ට පහදා දීමටද සංවිධායක මණ්ලය කටයුතු යොදා තිබීම විශේෂයෙන් කැපී පෙනුණි.
මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට සිවිල් ආරක්ෂක බළකායේ සාමාජික සාමාජිකාවන්ගෙන් සිදුවූ සේවාව හා කැපවීම විශේෂයෙන් කැපී පෙනුණි. මෙම අවස්ථාවට කන්තලේ ප්‍රාදේශීය ලේකම් කේ.පී. ප්‍රේමදාස, සිවිල් ආරක්ෂක කලාප අණදෙන නිලධාරී කර්නල් මහින්ද වීරකෝන්, දෙවන අණදෙන නිලධාරී උප පොලිස් පරීක්ෂක රංජිත් පෙරේරා, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දයා චමින්ද ඇතුළු පිරිසක් එක්වූහ.