අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"බොහෝ ආයතන දේශපාලනීකරණය නිසා බංකොලොත් කර තිබුණා.තව අවුරුදු තුන හතරක් මේ ගමන ගියා නම් ආයතන සියල්ල කඩා වැටෙනවා.සී.ටී.බී සේවකයන්ට කෑම ගන්න තැනක්වත් නෑ. කොයි වෙලේ හරි වහල කඩා වැටේද කියන බයෙන් ඔවුන්ට බලා ඉන්නට සිදුවෙලා.එම ගොඩනැගිලි ඒ තරම් අබලන්ලන් වෙලා.

මධ්‍යම බස් පොලේ මියෝ ඉන්නවා, හාවො වගේ. සියලු සී.ටී.බී සේවකයෝ මනුෂ්‍යයෝ කියලා බෝඩ් ගැසිය යුතු තරම් මේවා අන්ත අපායවල් වෙලා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.