සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
අචාර්ය හර්ෂ ද සිල්වා
රටේ ආර්ථිකය ගිනිගත් ගිනිහල් ගෙයක් බඳුය. මේ ආර්ථික ගින්නට ඇති විසඳුම කුමක්ද? සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙන්.
ප්‍රශ්නය - ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තියෙන එකඟතාවට අදාළ තොරතුරු ඔබලා දිගින් දිගටම ඉල්ලා සිටිනවා. ඒ ඇයි?
පිළිතුර- අපි ඉල්ලන්නේ ඒකේ තියෙන සංවේදී තොරතුරු නොවෙයි. නමුත් ඒ එකඟතාව තුළ බලාපොරොත්තු වන දිශානතිය ගැන අපට දැන ගැනීමට අවශ්‍යයි. ඒ තොරතුරු අපට දෙන්න ඕනෑ.
ප්‍රශ්නය -මං අහන්නේ ඒ ඇයි කියලයි.
පිළිතුර - ඒකට හේතුව මේක සාර්ථක වෙන්න නම් පක්ෂ විපක්ෂ දෙකේම සහාය ඕනෑ. විපක්ෂයේ සහාය නැතිව කොහොමද මේ වැඩේ කරන්නේ. අනිත් එක මට හිතෙනවා මේ එකඟවෙලා තියෙන්නේ කරන්න පුළුවන් දේවල්වලට නොවෙයි කියලා
ඕක මම ඔයාලට කිව්වනේ අවුරුදු ගණනක් තිස්සේ මේ පැත්තේ ඉඳන්. බැසිල්ට කිව්වා. මහින්දට කිව්වා. ගෝඨාභයට කිව්වා. මුළු ආණ්ඩුවටම කිව්වනේ. ඔය විදියට බදු කැපුවොත් එහෙම ආණ්ඩුවට ලැබෙන ආදායම නැති වෙනව. ආණ්ඩුවට ආදායම නැති වුණාම ඔයගොල්ලන්ට ණය ගෙවාගන්න බැරි වෙනවා. එතකොට ඔයගොල්ලෝ සල්ලි අච්චු ගහනවා. එහෙම වුණාම උද්ධමනය වැඩි වෙනවා. උද්ධමනය වැඩි වුණාම මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා.
ප්‍රශ්නය -ඔබ එහෙම හිතන්නේ
පිළිතුර - මම එක දෙයක් දන්නවා. ඒ තමයි අයිඑම්එෆ් එක එක අගයක් දිහා හොඳට බලනවා. ඒක ඉලක්කමක්. ඒ ඉලක්කම තමයි ප්‍රාථමික ශේෂය කියන එක. ප්‍රාථමික ශේෂය කියන්නේ ආණ්ඩුවේ සම්පූර්ණ ආදායමෙන් අඩු කරනවා සම්පූර්ණ වියදම. ඒ කියන්නේ එදිනෙදා වියදම් සහ සංවර්ධන වියදම්. ඊට පස්සෙ ඒකෙන් අයින් කරනවා පොලී, ඊට පස්සෙ ඉතිරි වෙනවනේ යම්කිසි අගයක් ඒක 2021 දී තිබුණේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට ඍණ හයයි. අයිඑම්එෆ් එක කියනව ආණ්ඩුව එකඟ වුණා කියලා මේක 2025 වෙනකොට ධන දෙකයි දශම තුනට ගේන්න. හැබැයි ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම විශාල වෙනස්වීමක් වෙලා නෑ, ඔය තරම් ගණනකින් වර්ධනයක් කරගන්න බැරි වෙලා තියෙනවා.
ප්‍රශ්නය -මෙතැන තියෙන්නේ වියදම අඩු කරගෙන ආදායම වැඩිකර ගැනීමක්.
පිළිතුර - ඔව්! ලංකා ඉතිහාසයේ හතර වතාවයි මේ ඉලක්කම ධන වෙලා තියෙන්නේ. පනස් ගණන්වල සහ 2017 සහ 2018 දී එහෙම වුණා. 2018 දී මංගල ඇමැතිතුමාගේ කාලයේ චුට්ටක් ධනවෙලා තිබුණා. හැබැයි මේ වගේ ලොකු වර්ධනයක් ගන්නනම් මං හිතන්නේ නෑ පුළුවන් කියලා. මට හිතෙන්නේ ඒ ගොල්ලෝ කාටවත් කියන්නේ නැතිව, මං කැබිනට් මණ්ඩලයේ ඉන්න අයගෙන් ඇහුවා. ‘මේ එකඟතා දැක්කද? කියලා. ඒ අය කියනවා’ නෑ කියලා. වෙන කිසිම කෙනෙක් මේක දැකලා නෑ. එතකොට මේ එකඟවුණේ මොකද්ද?
ප්‍රශ්නය -කතානායක මහින්ද යාපා පොරොන්දු වුණා නේද මේ එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා.
පිළිතුර - එතැන ලොකු පරස්පරයක් තියෙනවා. මොකද ජනාධිපතිතුමා කියලා තියෙන්නේ අපට පේන විදියට මේක ණය හිමියන් සමඟ සාකච්ඡා කරලා එකඟ වෙලා අයිඑම්එෆ් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයත් එකඟ වුණාට පස්සෙ පෙන්නන්නම් කියලා. එහෙම තමයි මෙච්චර දවසක් කිව්වේ.
ප්‍රශ්නය -ඔව් ඉතින් එහෙම නැතුව වෙන මොකද්ද පෙන්නන්නේ?
පිළිතුර - මෙහෙමයි. මම කතානායකතුමාගෙන් ඇහුවම එතුමා කිව්වා ‘අයිඑම්එෆ් එකේ බෝඩ් එකට යන්න කලින් පෙන්නනවා’ කියලා. ඉතින් ඒක කවදා වෙයිද කියලා දන්නේ නෑ. අපි මේ සාකච්ඡාව කරන්නේ බ්‍රහස්පතින්දා හවසනේ. .....? ඒ කියන්නේ සිකුරාදාට සියලු ණය හිමියන්ට ආරාධනා කරලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. ණය හිමියො කිව්වම විදේශික ණය හිමියෝ ඉන්නවා. දේශීය අය ඉන්නවා. බැංකු තියෙනවා. අපි ඒ ඉතින් තර්ක කළා සමහරුන්ගේ පවුල්වල අයත් ඉන්නවා ඇති මේ ණය හිමියන් අතර කියලා. හැබැයි පාර්ලිමේන්තුව හෝ කැබිනට් එක මේ කිසිම කෙනෙක් දන්නේ නෑ මොකද්ද සාකච්ඡා කරන්නේ කියලා.
ප්‍රශ්නය -පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව තියෙනවා. ඔබ ඒකේ සභාපති?
පිළිතුර - ඔව්! මුදල් කමිටුවට කියලා නෑ. අපි දන්නේ නෑ කිසිම දෙයක්. ව්‍යවස්ථාවේ තියෙනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව තමයි ඒක මෙහෙයවන්නේ. හැබැයි අපි මුකුත් දන්නේ නෑ.
ප්‍රශ්නය -දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළේ ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අනතුරක් ගැන කියැවෙනවා. ඒ ගැන ඔබේ මතය.
පිළිතුර - ඒක ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක්. විශාල ගැටලුවක්. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනෑ. ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්න පටන් ගත්තාම ඒ ගොල්ලන්ට ආණ්ඩුව කියයි ‘යම්කිසි කොටසක් කපා දාන්න’ කියලා. ඊට පස්සෙ ඒ ගොල්ලෝ කියයි පොළී අනුපාතයෙන් යම්කිසි කොටසක් කපා දාන්න කියලා. එතකොට උදාහරණයක් හැටියට අපි හිතුවොත් මම ලංකාවට ණය දීලා තියෙනවා ඩොලර් සීයක්. මට අවුරුද්දට ඩොලර් දහය ගානේ ලැබෙනවා. තව අවුරුදු පහකින් පොලියයි ණය වාරිකයයි ගෙවන්න තියෙනවා කියලා. එතකොට ආණ්ඩුව කියනවා නෑ අපට ඔයාට ඩොලර් සීයක් දෙන්න බෑ. ඩොලර් පනහක් දෙන්නම්. අපිට ඔයාට ඩොලර් දහයකට පොලියක් දෙන්න බෑ. ඩොලර් පහකට දෙන්නම් කියලා. ඒ වගේම කියනවා අපට තව අවුරුදු පහකින් ගෙවන්න බෑ. අපි අවුරුදු දහයකින් දෙන්නද’ කියලා. එතකොට ඒකට එකඟ වෙන්න නම් ඒ ගොල්ලෝ එකඟ වෙන්නේ අවුරුදු දහයකින් ඩොලර් පනහක් අවුරුද්දට ඩොලර් පහ ගානේ පොලිය ලබා ගන්න. එතකොට ඒ ගොල්ලන්ට විශ්වාසයක් ගොඩනැගෙන්න ඕනෑ අර අවුරුදු පහ ගෙවුණට පස්සේ ආණ්ඩුවට ගෙවන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ හැකියාව කොහොමද ලබා ගන්නේ. දැන් අපට කිසි කෙනෙකුට ශත පහක්වත් ගෙවන්න බෑනේ. ණය ගෙවන්න නම් මේවා ඉතිරි කර ගන්න ඕනෑ. රටේ ආර්ථිකය වර්ධනය වෙන්න ඕනෑ.
ප්‍රශ්නය -ඔබ කියන්නේ ඔය වැඩේ කොහොමටවත් කරන්න බෑ කියලා?
පිළිතුර - ඒක කරන්න නම් විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒවා නොකර පොරොන්දු වෙච්ච විදියට පස්සෙ කාලෙකදි හරි ණය ගෙවන්න පුළුවන් වෙයි කියලා අර කට්ටිය විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා ඒ ගොල්ලො කියන්න ඉඩ තියෙනව ඇයි ඔයගොල්ලෝ මගේ ණය විතරක් කපන්න කියන්නේ. ඔයගොල්ලන්ගේ ණයෙන් සීයට පනහක් තියෙන්නේ දේශීය කට්ටිය ගාවනේ. ඇයි ඒ අයගේ ණය කපන්න කියලා කියන්නෙ නැත්තේ ඇයි. එතකොට මට මෙච්චර පාඩුවක් විඳින්න වෙන්නේ නෑ කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම වුණෝතින් තමයි ප්‍රශ්නය පැන නගින්නේ. එතකොට අපි කොහොමද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතිව විදේශීය ණය පමණක් ප්‍රතිව්‍යුහගත කරලා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නේ කියලා එතකොට මේ විදේශීය ණයවලත් ඩොලර් බිලියන 2ක් 3ක්වත් ශ්‍රී ලංකාවේ බැංකු තමයි ණය වශයෙන් දීලා තියෙන්නේ. එතකොට එහෙම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනව නම් විදේශ ණය ලංකාවේ බැංකුවලට ඒ පාඩුව විඳගන්න වෙනවා කොහොමත්. ඒකට අමතරව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොත් එහෙම මහ විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ කට්ටියට ඒක දරාගන්න බැරි වෙනවා. වැඩිම ණය ප්‍රමාණයක් තියෙන්නේ ලංකාවේ බැංකුවලට හා ඊපීඑෆ් එකට. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොත් එහෙම ඒකේ තියෙන්නේ සියලුම වැඩ කරන ජනතාව සැඳෑ කාලය හොඳින් ගත කරන්න ඉතිරි කරපු සල්ලි. ඒක කැපුවොත් එහෙම මෙතන විශාල විප්ලවයක් වෙයි. ඉතින් ඉතාමත් බැරෑරුම් තත්ත්වයක තමයි අපි ඉන්නේ.
ප්‍රශ්නය -බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියනවා ‘රජයේ සේවකයන්ට පඩි දෙන්නවත් සල්ලි නෑ’ කියලා.
පිළිතුර - ඕක මම ඔයාලට කිව්වනේ අවුරුදු ගණනක් තිස්සේ මේ පැත්තේ ඉඳන්. බැසිල්ට කිව්වා. මහින්දට කිව්වා. ගෝඨාභයට කිව්වා. මුළු ආණ්ඩුවටම කිව්වනේ. ඔය විදියට බදු කැපුවොත් එහෙම ආණ්ඩුවට ලැබෙන ආදායම නැති වෙනව. ආණ්ඩුවට ආදායම නැති වුණාම ඔයගොල්ලන්ට ණය ගෙවාගන්න බැරි වෙනවා. එතකොට ඔයගොල්ලෝ සල්ලි අච්චු ගහනවා. එහෙම වුණාම උද්ධමනය වැඩි වෙනවා. උද්ධමනය වැඩි වුණාම මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා. මම කී පාරක් ඉරිදා ලංකාදීපයටම කිව්වද? ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ලංකාව ආහාර උද්ධමනය ගත්තොත් කොළඹ මිල දර්ශකයට අනුව ගිය මාසෙ සියයට 94යි. ඊයේ පෙරේදා නිකුත් වෙච්ච ශ්‍රී ලංකාවේ උද්ධමන මිල දර්ශකයට අනුව මුළු ශ්‍රී ලංකාවෙම ආහාර උද්ධමනය සියයට 87යි. එක පැත්තකින් සල්ලි නෑ පඩි ගෙවන්න. ඊට පස්සෙ කොහෙන් හරි ඔක්කොම එකතු කරලා පඩිය ගෙව්වත් පඩිය වගේ දෙතුන් ගුණයක් ඕනෑ වෙනවා කෑම ටික ගන්න. මහා විශාල ආගාධයකට මේ රට රාජපක්ෂලා ඇදලා දැම්මා. මේ අමනෝඥ ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුව පවුල් ආණ්ඩුව හොරකම් කරපු දූෂිත ආණ්ඩුව මේ රටේ මිනිසුන්ව නොමරා මරමින් ඉන්නවා. ඒක තමයි ඇත්ත කතාව.
ප්‍රශ්නය -මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රබල හඬක් නගනවා බදු අය කර ගැනීම සම්බන්ධයෙන්?
පිළිතුර - බදු ගෙවිය යුතු අය බදු පැහැර හැරලා තියෙනවා නම් බදු අයකර ගත යුතුයි. ඒකේ දෙකක් නෑ. මම පාර්ලිමේන්තුවේදී කිව්වා ‘ආණ්ඩුව ගත්ත මෝඩ තීරණ නිසා. ඒ කියන්නේ උපයන විට ගෙවීමේ බද්ද අයින් කළා. රඳවා ගැනීමේ බද්ද අයින් කළා. ඒකෙන් ලැබෙන්න තිබුණ බිලියන සිය ගානක් ලැබෙන්නේ නෑ. අර සීනිවල තියෙන ප්‍රමාණය අනුව බද්දක් ගැහුවා. ඒක අයින් කළා. කැසිනෝවල කෝටි ප්‍රකෝටි ගණනින් බදු එකතු කරලා නෑ. බදු අය කළ යුතු අයගෙන් බදු එකතු කරන්න. කෝටි ප්‍රකෝටිපතියන්ගෙන් බදු එකතු කරන්නේ නැතිව අසරණ මිනිහගේ කරවල ටිකටයි ටින් මාළු එකටයි ලාම්පුතෙල් ටිකටයි බදු ගහනවා. ඔව්! මම සීයට සීයක්ම එකඟ වෙනවා බදු ගත යුතු අයගෙන් බදු ගත යුතු කියලා. මෙතැන දූෂිතයන් ඉන්නවා. ඒ නිසයි බදු අය කරන්නේ නැත්තේ.
ප්‍රශ්නය -අයිඑම්එෆ් එකත් එක්ක කරපු සාකච්ඡා සාර්ථකයි කියලා කියනවා?
පිළිතුර - අයිඑම්එෆ් එකත් එක්ක තියෙන සාකච්ඡා සාර්ථකයි කියලා කියන එකෙන් කියන්නේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට ඇවිල්ලා කියලනේ. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයනේ එතැන ඉන්නේ. වෙන කවුරුවත් එතැන නෑනේ. එහෙම නම් ඒ සාර්ථකත්වය කියන එක මනින්නේ කොහොමද? කොහොමද සාර්ථකයි කියලා කියන්නේ. කවුද සාර්ථකයි කියලා කියන්නේ. ඒකයි මම කියන්නේ සාර්ථකත්වය තියෙන්නේ ජනාධිපතිවරයා කියන කතාවෙ නොවෙයි. සාර්ථකත්වය තියෙන්නේ ජනතාවට පිළිගන්න පුළුවන් වැඩ පිළිවෙළකටද එකඟවෙලා තියෙන්නේ කියලා.
බදු ගෙවිය යුතු අය බදු පැහැර හැරලා තියෙනවා නම් බදු අයකර ගත යුතුයි. ඒකේ දෙකක් නෑ. මම පාර්ලිමේන්තුවේදී කිව්වා ‘ආණ්ඩුව ගත්ත මෝඩ තීරණ නිසා. ඒ කියන්නේ උපයන විට ගෙවීමේ බද්ද අයින් කළා. රඳවා ගැනීමේ බද්ද අයින් කළා. ඒකෙන් ලැබෙන්න තිබුණ බිලියන සිය ගානක් ලැබෙන්නේ නෑ. අර සීනිවල තියෙන ප්‍රමාණය අනුව බද්දක් ගැහුවා. ඒක අයින් කළා. කැසිනෝවල කෝටි ප්‍රකෝටි ගණනින් බදු එකතු කරලා නෑ. බදු අය කළ යුතු අයගෙන් බදු එකතු කරන්න. කෝටි ප්‍රකෝටිපතියන්ගෙන් බදු එකතු කරන්නේ නැතිව අසරණ මිනිහගේ කරවල ටිකටයි ටින් මාළු එකටයි ලාම්පුතෙල් ටිකටයි බදු ගහනවා. ඔව්! මම සීයට සීයක්ම එකඟ වෙනවා බදු ගත යුතු අයගෙන් බදු ගත යුතුයි කියලා.
ප්‍රශ්නය -පාර්ලිමේන්තුව තුළ සියලු පක්ෂ එකතු කරලා ජාතික සභාව හැදුවා රටේ ප්‍රශ්න විසඳන්න. සජබෙ ඒකටත් ආඩපාලි කියනව.
පිළිතුර - අපි විරුද්ධ වෙලා නෑ. විරුද්ධවෙලා ඡන්දය දුන්නෙත් නෑ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒකේ තියෙනවා කෙටි කාලීන ආර්ථික ප්‍රතිපත්තිය සකස් කර ගන්න ඕනැ කියලා. ඒකට සියලු කණ්ඩායම් එකතුවෙලා ජාතික සභාව හරහා කරනව නම් ඒක කරන්න කලින් අයිඑම්එෆ් එකත් එක්ක එකඟ වෙලා අත්සන් කරනවා නම් මොකද්ද මේකෙ තේරුම. කෙටි කාලීන හා මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්තිය හදන්න කියලනේ ජාතික සභාව හැදුවේ. එහෙම නම් අපි අවුරුදු හතරකට අයිඑම්එෆ් එකත් එක්ක එකඟ වෙන්න කලින් නොවෙයිද මේක පිහිටුවන්න ඕනෑ. අපි මේකට විරුද්ධ වුණේ නෑ. අපි උත්සාහ කරන්නේ කොහොම හරි මේ කණ්ඩායම් ටික එකතු කරගෙන රට වෙනුවෙන් වැඩක් කරන්න. නමුත් යථාර්ථය තමයි මම කිව්වේ.
ප්‍රශ්නය -රාජ්‍ය ඇමැතිවරුන් 38ක් දිවුරුම් දුන්නා. ඔවුන්ට මන්ත්‍රී දීමනාව විතරයි දෙන්නේ කියලත් කියනවා. ඒත් ඔබලා කියනවා මේ අය රටට බරක් කියලා.
පිළිතුර - ඇමෙරිකාවේ කැබිනට් එකේ ඉන්නේ කීයද? ඉන්දියාවේ කීයද? ඕස්ට්‍රේලියාවේ කීයද? ජපානයේ කැබිනට් එකේ කීයද? ලංකාව වැනි පොඩි රටක දැනට කැබිනට් එකේ ඉන්නවා. 20ක්. තව 10ක් දිවුරුම් දෙනවලු. රාජ්‍ය ඇමැතිවරුත් 38ක් ඉන්නවා. එතකොට එතැනම 58යි. තව 10ක් දිවුරුම් දෙනවලු. මේක හැත්තෑවකට විතර කිට්ටු වෙයි. කන්න නැති රටේ දරුවො ක්ලාන්තෙ දාලා වැටෙන රටේ ඇමැතිලා හැත්තෑවක් ඕනැද? එක ඇමැතිවරයකුගේ වියදම කීයද? වාහනම කීයද? ස්ටාෆ් කොච්චරද? අනෙකුත් පහසුකම් බලන්න. මේ වගේ වෙලාවක මේ අය නඩත්තු කරන්න පුළුවන්ද? මේක හරහා රටට දෙන පණිවිඩය මොකද්ද? රටේ බෙහෙත් නෑ. සුවසැරිය ගිලන් රථවලට ඉන්ධන නෑ. මේක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්.
ප්‍රශ්නය -ආණ්ඩුවේම කණ්ඩායම් ස්වාධීන වෙමින් ඉන්නවා මේ කණ්ඩායම් එකතු කරන්න සජබෙ බලාපොරොත්තුවක් නැද්ද?
පිළිතුර - අනිවාර්යයෙන්ම ඒක වෙනවා.
ප්‍රශ්නය -ඔබ එහෙම කිව්වත් සමගි ජන සන්ධානය තවම හදාගන්නත් බැරිවුණා.
පිළිතුර - නෑ. නෑ. ඒක හදාගන්න වැඩි කාලයක් යන්නේ නෑ. අපේ අනික් පක්ෂ අපිත් එක්ක ඉන්නවා. ඒකට අඬබෙර ගහන්න ඕනැ නෑ. අපේ වැඩේ අවශ්‍ය විදියට කෙරෙනවා. මේ ආණ්ඩුවට තව මාස කියද කියලා ඕනැම කෙනෙකුට තේරෙනවා.
ප්‍රශ්නය -තේරෙනවා නම් සජබේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් ගිහින් රාජ්‍ය අමැතිකම් ගත්තේ?
පිළිතුර - ඒ කවුද? අපේ දෙන්නෙක් රාජ්‍ය ඇමැතිවරු වුණා.
ප්‍රශ්නය - ඔව්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ.
පිළිතුර- ආ ඔව් ඔව් ඒ ඉතින් පනින අය එහෙම තමයි ඉතින්. තමන්ගේ වාසියට තමන්ට ඡන්දය දුන්න අය පාවාලා දුන්න අය ඉන්නේ අද ඊයේ නොවෙයිනේ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්