ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා වශයෙන් සිටිය දී ඓතිහාසික නවකතාවක් ලියන ලදි. එය ‘ගොළු මුහුද’ නම් විය. මෙම පොත මුද්‍රණය කරන ලද්දේ අති නවීනතම මුද්‍රණ තාක්ෂණයක් එවකට පැවති ‘සිංගප්පූරුවේය. වට්ටම් තුටු පඬුරු කාටවත් ලබා නොදුන් ‘ගොළු මුහුද’ නවකතාවේ සම්පූර්ණ ආදායම ‘ජාතික ආරක්ෂක අරමුදලට බැර කරන බව සඳහන් විය.
ප්‍රේමදාස ජනපතිවරයා කෙසෙල් වත්තේ සුචරිතයේ ජීවත් වූ නිවසේ නම ‘සැනසුම’ය එහෙත් ගොළු මුහුද නවකතාවේ කරන සටහනේ ආර්. ප්‍රේමදාස නම් පොතේ කර්තෘවරයාට ඇති ලිපිනයේ ඇත්තේ ‘සැනැසුම’ ලෙසය. සිංගප්පූරුව සමග වූ මේ මුද්‍රණ ඇයි හොඳයිය නිසා අගමැති ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් අති නවීනතම මුද්‍රණ කටයුතු සිදු කෙරුණේ සිංගප්පූරුවේය. රණසිංහ ප්‍රේමදාස ඉන්පසු සාන්ත බස්තියමේ මුද්‍රණාලයක් අරඹන ලදි. මෙහි යන්ත්‍ර සූත්‍ර පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව එවක ‘ඇත්ත පුවත්පත වාර්තාකොට තිබුණි. ‘%ජනදින’ පුවත්පත ද එය සනාත කොට තිබුණි. මුද්‍රණාලයේ නම වූයේ ‘%විසුර’ ය.
රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපතිධුරයට සටන් වදින්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ ගාමිණී දිසානායකය. ලංකා ඉතිහාසයේ මුලින්ම ඉන්දියානු මුද්‍රිත පෝස්ටර් යොදා ගැනෙන්නේ මෙම ජනාධිපතිවරණයේදීය. ඉන්දියාවේ දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරය චිත්‍රපට සඳහා යොදා ගන්නා ජනප්‍රියතම මාධ්‍යයකි. මේ චිත්‍රපට පෝස්ටර් වැඩිම ප්‍රමාණයක් නිර්මාණය කොට ඇත්තේ එම්.ජී. රාමචන්ද්‍රන් නම් වූ තමිල්නාඩුවේ ජනප්‍රියතම සිනමා නළුවාය. පසුව එම්.ජී.ආර්. තමිල්නාඩුවේ මහ ඇමැති විය. මහ ඇමැති වීමට එම්.ජී. ආර්. යොදාගත් ප්‍රධාන ප්‍රචාරක මාධ්‍යය වූයේ පෝස්ටර්ය. ඔහුගෙන් පසු ඔහුගේ සහයිකාව වූ ජයලලිතා ද තම පාලනය බලය ලබාගැනීමට යොදාගත් ප්‍රධාන ප්‍රචාරක වූයේ ‘පෝස්ටර්ය’
චන්ද්‍රිකා සහ ගාමිණී දිසානායක සටන් වදින ජනාධිපතිවරණයේ මුල්ම පෝස්ටර් මුද්‍රණය කොට තිබුණේ ඉන්දියාවේ සිවකාසි (Siwakasi) නම් නගරයේය. බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ මුද්‍රණ රාජධානිය පිහිටියේ සිවකාසිවලය. එයිනුත් ප්‍රධානම පෝස්ටර් මුද්‍රණ සමාගම වන්නේ . (Saffire Lithograpers) සැෆයර් ලිනෝග්‍රැපර්වලය. මෙම පෝස්ටර් බොහෝ විට මුද්‍රණය සඳහා වියහියදම් දරන්නේ ලංකාවේ ව්‍යාපාර කටයුතු සම්බන්ධ ඉන්දියන් ව්‍යාපාරිකයන්ය. ඉන්දියන් මුද්‍රණය කෙරුණු මෙම පෝස්ටර් ලංකාවේ මුද්‍රණාල ආඥාපනත අනුව ලියාපදිංචි කිරීමක් නොවන නිසා මේවා දැන් ඉතිරිව ඇත්නම් ඒවා පෞද්ගලිකව එකතු කළ පුද්ගලයන් සතුව පවතී. එහෙත් රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා සටනේ දී ඉන්පසු පෝස්ටරයක් රටපුරා ඇලවුණි. එය ලංකාවේ මුද්‍රණය කරන ලද්දකි.
'මේ කවුද? මොනවද කරන්නේ?’
යන පාඨ දෙක පමණක් එහි සඳහන් විය. එජාපයේ රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර සටන් වදින මේ ජනාධිපතිවරණයේ ‘ඩිජිටල්’ කටවුට් දැකගත නොහැකි වූයේ එය ඩිජිටල් ප්‍රින්ටින් ලංකාවේ ව්‍යාප්ත වී නොතිබුණ නිසාය. ජනපති සමයේ මුල්ම මඩ ප්‍රහාරය එල්ල වූයේ සිරිමාවෝ මැතිනියට එරෙහි පෝස්ටරයකිනි. පෝස්ටරයේ දැක්වූයේ ‘මැතිනිය පඩිපෙළක් බහින විට පිටුපස සිට එවක ශ්‍රීලනිප ප්රබලෙයකු ඇගේ තුනටියට අත තබා ඇයව වත්තන් කරන කර පඩිපෙළ බස්සන අයුරුය. පිංතූරයට ඉහළින් මැතිනියගේ වයෝවෘද්ධභාවය ලඝුකොට තිබුණේ වචන තුනකටය.
‘බෑ මැණිකෙට බෑ!’
යනුවෙන් පෝස්ටරයේ සඳහන් විය. මැතිනිගේ පාර්ශ්වයෙන් මෙම පෝස්ටරයට පිළිතුරු පෝස්ටරයක් මුද්‍රණය කොට ඇල වූයේ මුළුමනින් කළුතාරවලින් නෑවී සිටි (මඩ)
ප්‍රේමදාස රුවට බාල්දියක දැමූ සුදු හුණු බුරුසුවකින් ගාන ජේ.ආර්ගේ කාටුනයකිනි. ඉන්පසු ඔහුගේ ජනපති සටනට බැස්සේ ‘%සටන ඇරඹේ!’ සටන් පාඨය සමගය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂක ඔසි අබේගුණසේකරගේ සටන් පාඨය ‘%සැබෑ වෙනසක්’ නම් විය. යුඇන්පියේ ජනපතිවරණ අපේක්ෂක රණසිංහ ප්‍රේමදාසගේ සටන් පාඨය වූයේ ‘%සාමය උදාවෙයි, දුක්ගිනි නිමාවෙයි’ යනුවෙනි.
ජේ.ආර්. ජයවර්ධන ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරණයටත්, රණසිංහ ප්‍රේමදාස සමග සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේ දී ලංකාව ප්‍රචාරක කලාවේ හෝ මුද්‍රණ ශිල්පයේ ‘ඩිජිටල්’ තාක්ෂණයට ගොස් තිබුණේ නැත. ලංකාවේ මුල්ම ජනාධිපතිවරණයේ දී ලෙටර් ප්‍රෙස් නමැති පරණ පුරුදු ගල්අච්චුවේ පහරවපු පෝස්ටර් පවා දැකගත හැකි විය. මේ ජනාධිපතිවරණ දෙකේම ඩිජියල් බැනර් දැක ගත හැකි නොවූයේ ලංකාවේ එවකට ඩිජිටල් ෆ්ලෙක්ස් මුද්‍රණයක් (Digital Flex Prntiy) නොමැති වීම නිසාය. මේ නිසා එවකට තොරණ ඇඳීමේ හා චිත්‍රපට කටවුට් ඇඳීමේ නියුතු චිත්‍ර බාසුන්නැහේලාගේ අතමිට සරුවිය. ඔෆ්සෙට් ක්‍රමයට මුද්‍රිත පෝස්ටර් පත්‍රිකා පුවත්පත්වලට පමණක් සීමා වූ මේ ජනාධිපතිවරණයේ දී ඉන්දියාවට හා චීනයට මුදල් ඇදී ගියේ කඩදාසි සඳහා පමණය. ලංකාවේ එවකටත් ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලා තිබුණත් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා පෝස්ටර් මුද්‍රණයට, පෝස්ටර් පේපර් කඩදාසියත්, පත්‍රිකා මුද්‍රණ සඳහා ග්‍රෑම් 70/80 සුදු මුද්‍රණ කඩදාසියත්, ප්‍රචාරක කාඩ්පත් මුද්‍රණය සඳහා ග්‍රෑම් 230 ආට් බෝඩ් ආනයනය කරන ලද්දේ චීනයෙන් හා ඉන්දියාවෙන් බැවින් එම මුදල් ඇදී ගියේ එම රටවල් දෙකටය.
චන්ද්‍රිකා කුමාරතුංග හා ගාමිණී දිසානායක තරග වැදුණ 1994 ජනාධිපතිවරණයේ දී ඩිජිටල් මුද්‍රණය කළ බැනර් ප්‍රදර්ශනය කෙරුණත් ඒ ඉතා අල්ප වශයෙනි. ඊට හේතු වූයේ එම බැනර් මුද්‍රණය ෆ්ලෙක්ස් මැටිරියල් (Flex Matiral) මිල අධික ජර්මන් නිෂ්පාදන වීමය. එකල එම බැනරයක වර්ග අඩියක මිල රු. 800 ක් වැඩි විය. එහෙත් කොරෝනාවට පෙර චීන හා ඉන්දියන් බැනර් මුද්‍රණය ඉටි රෙදි නොහොත් Flex matenal කෙතරම් මිල අඩු වූවාදැයි කිවහොත් වර්ග අඩියක් රු. 50/ කටත් අඩුවෙන් මුද්‍රණය කරන ආයතන පවා බිහිවිය.
1994.11.12 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා ප්‍රථම ජනාධිපතිවරිය ලෙස ජාතිය ඇමතීය. චන්ද්‍රිකාගේ දෙවැනිවර ජනාධිපතිවරණ ජයග්‍රහණය දීත් ලංකාවේ ඩිජිටල් ක්‍රමය තදබල ලෙස දැකගන්නට තිබුණේ නැත. ඉන්පසු එලඹෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට එළඹුන යුගයයි. මේ වකවකවානුව ෙවනවිට ලංකාව දැඩි ලෙස ඩිජිටල් මුද්‍රණ ආක්‍රමණයට ලක්වී හමාරය.
මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව CR පොතක කොළයක් මෙන් දික්වනු ඇති බව පසුගියදා රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයක් නිකුත් කොට තිබුණි. ජනාධිපතිවරණයට ඡන්ද පත්‍රිකාව දික්වෙන්න, දික්වෙන්න ඡන්දය ලකුණු කිරීමේ පත්‍රිකාව මුද්‍රණයට යන කඩදාසියේ සියලු මුදල් ඩැහැගන්නේ විදේශයකටය. ඊට හේතු වන්නේ ඔය කියන ඡන්ද ලකුණු කරන කඩදාසිය ලංකාවේ නිෂ්පාදනය නොවන නිසාය.
ජනපතිවරණ ඡන්ද සටනට ඩිජිටල් සටන දැන්ම අරඹා ඇත. පෝස්ටර් සටන ද අරඹා ඇත. ජනාධිපතිවරණක් ප්‍රකාශයට පත්කිරීමේ දී කාටත් කලින් සතුටු වන්නේ ලංකාවේ කඩදාසි ආනයනකරුවන් සහ ඩිජිටල් මුද්‍රණ අමුද්‍රව්‍ය ආනයනකරුවන් ය. ඔවුන් වහා කරන්නේ චීනයෙන් හා ඉන්දියාවෙන් මෙම අමුද්‍රව්‍ය කන්ටේනර් පිටින් ආනයනය කොට නව ගුදම් තුළ අඩුක්කර තැබීමය.
ජනපතිවරණයට වැඩි වැඩියෙන් අපේක්ෂකයන් ඉදිරිපත් ෙවන තරමට මේ කඩදාසි හා ඩිජිටල් ආනයනකරුවන්ගේ කරල පැහේ. එහෙත් අවසානයේ මේ සියලු මුදල් යන්නේ චීනයට හා ඉන්දියාවටය. පාරේ ගහන ඩිජිටල් බැනර් සඳහා යොදා ගන්නා Fley materl ස්ටිකර් කේ.ටී. බෝඩ් X Stand සියල්ල ලංකාවේ ඇත්තේ චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කළ ඒවාය. එමෙන්ම එම මුද්‍රණ කටයුතු සඳහා යොදා ගන්නා තීන්ත වර්ග ද චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කළ ඒවාය. මෙම ඩිජිටල් මුද්‍රණය කරන ඩිජිටල් ප්‍රින්ටස් යන්ත්‍රද චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කළ ඒවාය. මේ ඩිජිටල් මුද්‍රණය කරන ඩිජිටල් ප්‍රින්ටින් යන්ත්‍රද චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කළ එවාය. මේ ඩිජිටල් බැනර් එල්ලීමට උඩින් යටින් පොලු දෙකක් දැමීමට බාකට් එකක් ඇලවිය යුතුය. මේ අලවන PVC ගම් ආනයනය කරන්නේ චීනයෙන් හා ඉන්දියාවෙනි.
ජනාධිපතිවරණයක දී දැවැන්ත ලෙස යොදා ගන්නා අනෙක් මාධ්‍ය පෝස්ටර්ය. පෝස්ටර් සඳහා යොදාගන්නා සුදු පෝස්ටර් කොළයයි. ඇතැම් අය වඩාත් දීප්තිමත් වර්ණවත් පෝස්ටර් මුද්‍රණයට ග්‍රෑම් 60 බෑන්ක් (Bauk) සුදු කඩදාසිය යොදා ගනී. මේ දෙකම ආනයනය කෙරෙන්නේ චීනයෙන් හා ඉන්දියාවෙනි. ඔෆ්සෙට් මුද්‍රණයේ දී පෙරමුද්‍රණ සේවාවක් ලෙස ප්ලේට් තහඩු සකසා ගත යුතුය. ජේ.ආර් - ප්‍රේමදාස වැනි නායකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සමයේ මේවා ආනයනය කළේ ජර්මනියේ Kodak හා ජපානයේ Fuj වැනි සමාගම්වලිනි. ඒත් පසුකාලීනව මෙම වෙළෙඳපොළ චීනය හා ඉන්දියාව ආක්‍රමණය කරන ලදී. එසේ බලන කල ලංකාවේ ජනාධිපතිවරණයක දී මුද්‍රණය සඳහා සැකසෙන ප්ලේට් තහඩුවක සල්ලි යන්නේ ද චීනයට හා ඉන්දියාවටය. ඊටත් වඩා මෙම මුද්‍රණ කටයුතු සඳහා යොදාගන්නා ඕෆ්සෙට් තීන්ත ලංකාවේ කලකට ඉහත දැවැන්ත ලෙස නිපදවූවත් මේ මුද්‍රණ තීන්ත වෙළඳපොළඳ චීනය හා ඉන්දියාව විසින් ආක්‍රමණය කොට හමාරය.
ජනාධිපතිවරණයකදී කැප් තොප්පි, ටී ෂර්ට්, ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සලකුණු නම් සමග මුද්‍රණය කොට බෙදා හැරීම දැකගත හැකිය. ලංකාවේ කපා මසා සකස් කළත් මේ ටී ෂර්ට්, කැප් තොප්පි සඳහා අවශ්‍ය රෙදි ආනයනය කෙරෙන්නේ චීනයෙන් හා ඉන්දියාවෙන්. ඒ නිසා ඒ මුදලෙනුත් වැඩිම කොටසක් බැර කෙරෙන්නේ ඉන්දියාවට හා චීනයටය.
ජනාධිපතිවරණ සටන දැන් ආරම්භ වී ඇත. ජනාධිපතිවරණ වේදිකාවක දක්නට දෙයක් ඇත්නම් ඒ ගොක්කොළ සැරසිල්ලක් නොවුනොත් විතරය.
Sinopec ඉන්ධන සමාගම තම සේවාවන් ආරම්භයේ දී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංදර්ශනයක් පවත්වන ලදි. එහිදී එම සමාගම වෙනුවෙන් කථා කළ චීන නිලධාරියෙකු පවසා සිටියේ තමන් ලංකාවේ ව්‍යාපාරික කටයුතු ආරම්භයට අවසර පැතුවේ 2012 දී බවය. එම නිලධාරියා පවසා සිටියේ තම සමාගමට අවසර දී තිබුණා නම් තෙල් නැවක් මිලදී ගන්නට මුදල් නැති තරමට බංකොලොත් වූ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනපතිධුරය හැර යන්නට සිදුනොවන බවය.
ජනපතිවරණ සමයේ දී එහා මෙහා යන වාහනවලට ඉන්ධන ගැසිය යුතුය. මේ කාරණය කිසිවෙකු නොසිතන කරුණකි. සිනොපෙක් සමාගමෙන් ජනාධිපතිවරණ රැලියට යන අපේක්ෂකයෙකු ඉන්ධන පුරවා ගත්තොත් එම මුදල් යන්නේ චීනයටය. IOC ෂෙඩ් එකකින් ඉන්ධන පුරවාගත හොත් ඒ මුදල් යන්නේ ඉන්දියාවටය. අවසානයේ ජනපතිවරණයෙන් ජය ගන්නේ ජනපති අපේක්ෂකයාවත් - ජනතාවත් නොව චීනය සහ ඉන්දියාවය. ලංකාවේ ජනාධිපතිවරණයෙන් ගොඩ යන්නේ චීනය සහ ඉන්දියාව කිව්වේ මේ නිසාමය.
මහින්ද රණවීර