(අංජුල මහික වීරරත්න)
”එදා කඩදාසි බෝට්ටුවක්වත් හදා ගැනීමට නොහැකි වූ අය අද ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයෙන් ශක්තිමත් වන අයුරු බලා හිඳින්න නොහැකිව රට විකුණන බව කියමින් කෑ ගසන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.
”ශි‍්‍ර ලංකාවේ වරාය දියුණු කළහොත් මුළු රටේම ආර්ථිකය ඉහළට එසැවිය හැකි බව කී අග‍්‍රාමාත්‍යවරයා සටන් පාඨ දේශපාලනයෙන් රටක් දියුණු කිරීමට හැකියාවක් නැතැයි” ද ප‍්‍රකාශ කළේය.
අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජපානයේ කොක්සායි කේබල් නැව් සමාගම වෙනුවෙන් කොළඹ නැව් තටාකාංගනය විසින් ටොන් 5000 කනැවක් නිෂ්පාදනය කිරීම සනිටුහන් කරමින් නැව් බඳ ගොඩ නැගීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
නැව් බඳ ගොඩ නැගීම සුභ මොහොතින් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණි.
දිගින් මීටර් 11.3 ක්ද, පළලින් මීටර් 21.5 ක්ද, මීටර් 8.8 ක ගැඹුරකින්ද යුක්තව නිෂ්පාදනය කෙරෙන යාත‍්‍රාවේ මගීන් 80 ක් සඳහා සියලූ පහසුකම් වලින් සමන්විත වන අතර පැයට මුහුදු සැතපුම් 14.5 ක වේගයෙන් ගමන් කළ හැකිය.
මෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරේ මාර්තු මස අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.
උත්සව සභාව අමතමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
”අද මේ නැවේ බඳගොඩ නැගීම ආරම්භ කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොන් 5400 ක නැවක් හැදීමේ ශක්තිය අද අපට තිබෙනවා.
අපේ අපනයන නිෂ්පාදන ආර්ථිකය බොහෝ දුරට සීමා වී තිබුණේ ඇඟලූම්, දෙවනුව රබර් ටයර්වලටයි. එය හොඳයි. කිසිම රටක් එක් අංශයකට සීමා විය යුතු නැහැ. තවත් ක්ෂේත‍්‍රවලටද යා යුතුයි.
අද පෙනී යන්නේ නැව් නිෂ්පාදන අංශය අපට දියුණු කළ හැකි බවයි. ඒ ඔබේ ශිල්පීය දක්ෂකම සහ ඥාණය නිසා අපට ඒ වැඩ කටයුත්ත කිරීමට හැකියි.
ඒ විතරක්ද නොවෙයි. අපට යුරෝපයෙන් ලැබුණු ජී.එස්.පී. ප්ලස් සහනය නිසා භාණ්ඩ හය දහස් ගණනක බදු සහනය ලැබුනා. හය දාහක් තබා හැටක්වත් අප එදා යැව්වේ නැහැ. නිෂ්පාදන තුන්සියයක්වත් අපනයනය කළ යුතුයි. එවිට අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳෙනවා.
නිෂ්පාදන භාණ්ඩ පමණක් නොව ධීවර කර්මාන්තයත් එමගින් දියුණු කළ යුතුයි. පොඩි රටක් හැටියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපනයන දියුණු කළ යුතුයි.
අප රට භාර ගන්න අවස්ථවේදී ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයක සිටියා. එදා රජය හදිසි මැතිවරණය පැවැත්වූවේ ණය ගෙවන්න බැරි නිසයි. අප භාර ගත් අවස්්ථාවේදී අවුරුද්දක්වත් රජය ගෙනියන්න බැරි වේ යයි බොහෝ අය සිතුවා.
ණය බර ඊළඟ පරම්පරාවටත් ගෙවන්න ඉතිරි වී තිබුණා. කෙසේ හෝ ණය බර අප සීමා කරගත්තා. වැඩිම ණය ගෙවීමට ඇත්තේ 2018 වර්ෂයේයි. තව අවුරුදු දෙකක් පැන ගත් පසු ස්ථාවර භාවයකට පැමිණ 2025 වන විට සාමාන්‍ය තත්ත්වයකට රට ගෙන ඒමට හැකියි.
ඒ කාල සීමාව තුළ රටට එන ආයෝජන වැඩිකරගත යුතුයි. එය කරන ගමන් රජයේ සේවකයින්ගේ චේතන රුපියල් දහදාහකින් අප වැඩි කළා. ඒ නිසා පුද්ගලික අංශයේත් පැඩි වැඩි කරන්න සිදුවුණා.
ගැබිනි මව්වරුන්ට රුපියල් විසිදහස දීම ආරම්භ කළා. ගෙවල් දෙලක්ෂය ඉදිකිරීමට ආධාර උපකාර කළා. දැන් තිබෙන සංඛ්‍යා ලේඛණ අනුව විධිමත්, අවිධිමත්, සෘජු සහ වක‍්‍ර ක‍්‍රම වලින් ලක්ෂ හතරකට ආදායම් මාර්ග අප බිහිකර තිබෙනවා. මේ අවුරුදු දෙක හමාර තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් විශ්වාසය ඇතිව අප වැඩ කරගෙන ගියා.
මීටත් වඩා විශාල වැඩසටහනක් ඉදිරියේදී කි‍්‍රයාත්මක වෙනවා. මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල දියුණුව ඇති කරනවා. නුවර නගරයේ දියුණුව ජපන් ආධාර මත කර්මාන්ත කලාපය ඉදිකර දියුණු කිරීමත්, වයඹට කර්මාන්ත කලාප සහ සංචාරක කර්මාන්ත දෙනවා.
බස්නාහිර මහ නගරය, කළුතර විශාල කර්මාන්ත කලාපය, ගාල්ල වැඩි ආදායම් ඇති සංචාරකයන්ගේ කලාපය බවට පත් කිරීම, මාතර, හම්බන්තොට සහ මොණරාගලත් වරාය සහ ගුවන් තොටුපළ වඩාත් තවත් අලූත් ආර්ථිකය ඇති කරනවා.
මේ වැඩ කරන ගමන් ත‍්‍රිකුණාමලය දියුණු කිරීම සඳහා සිංගප්පූරුව සමග සැලසුම් හදාගෙන යනවා. අපට අවශ්‍ය ශ‍්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්තානය කිරීමයි. ඒ සඳහා අපේ වරාය කරා නැව් පැමිණිය යුතුයි. ගුවන් තොටුපළවල් දියුණු විය යුතුයි. මෙයට අපට තනියම කරන්න බැහැ. ඒ දැනුම අපට නැහැ. ඒ සඳහා විදේශ නැව් සහ ගුවන් සමාගම් සමග සම්බන්ධ විය යුතුයි.
විදේශ සමාගම් එක්කර ගෙන ගමන යා යුතුයි. එසේ කරන විට රට විකුණනවා කියා කෑ ගහනවා. කඩදාසි බෝට්ටුවක් හදා ගන්න බැරි වූ අය දැන් රට විකුණනවා යයි කෑ ගහනවා.
දැන් කොළඹ නැව් තටාකාංගනයෙන් ටොන් 5000 ක නැවක් හදා විකුණනවා.රට විකුණුවද, නැව් හදා විකුණා ආදායම් ගත්තාද කියා අහන්න වෙනවා. ඉන්දියන් සාගරය මැද අප ඉන්නවා. පරාක‍්‍රමබාහු රජ, 6 වැනි පරාක‍්‍රමබාහු රජ, ඉංගී‍්‍රසි මේ පිහිටීමෙන් ප‍්‍රයෝජන ගත්තා. අද අපට එය කරන්න බැරි ඇයි? අප රට දියුණු කරන්නේ කොහොමද?
ඉන්දියන් සාගරයේ ලොකුම වරාය බවට පත් වූ විට අපේ නිෂ්පාදන පමණක් ප‍්‍රමාණවත් නැහැ. ඉන්දියාවේ නැගෙනහිර සහ බටහි වෙරළවල්වලට, බංග්ලාදේශයට සහ මියන්මාරයට යා හැකි විදියට අපේ වරාය සකස් කර අපි‍්‍රකාවට, චීනයට, ජපානයට සහ යුරෝපයට යන විදියට සකස් කරගත යුතුයි. ඒ සඳහා අපට ආධාර උපකාර වුවමනායි.
කොළඹ වරාය රදා පවතින්නේ ඉන්දියාවට යන කන්ටේනර් මතයි. සියයට හැටක් තිබෙන්නේ ඉන්දියාවට යවන කන්ටේනරයි. ඉන්දියාවේ දියුණුව බැලූවාම අපේ ප‍්‍රගතිය සියයට හැත්තැ පහක් කළ හැකියි.
ඉන්දියාවේ අලූත් වරායක්, දෙකක් ඉඳි කළාට එය ගැටලූවක් නොවෙයි. අපේ අයගේ දක්ෂකම තිබෙනවා.පළමුවෙන්ම ඉන්දියාව සමග මිත‍්‍රත්වයෙන් පුළුවන් තරම් නැව් නිෂ්පාදනය කර යැවිය යුතුයි. එයට බදු දැමුවොත් ප‍්‍රයෝජනයක් වෙන්නේ නැහැ.
දකුණු වරාය දියුණු කරන්න අවශ්‍යයි. උතුරු වරායත් දියුණු කළ විට වසර සියයකට ඉන්දියානු සාගරයේ විශාලම වරාය බවට පත් වෙනවා. මේ සඳහා ජපානයේ ආධාර උපකාර අවශ්‍යයි. මේ සඳහා පළමුවෙන් වාර්තා සකස් කළ යුතුයි.
ඉන්දියන් සාගරය මැද විශාල වරාය තුනක් තබාගෙන හොඳ ගුවන් තොටුපළවල් දෙකක් තුනක් තබා ගත් විට අපට ලේසියෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය හැකියි. රජරට කාලේ අප දියුණු වුණේ මේ ලෙසයි. ඉන්දියන් සාගරයේ බලවතෙකු බවට පත් වුණේ ඒ ලෙසයි.
2025 දැක්ම අප එළි දැක්වූයේ මේ අරමුණ ඇතිවයි. ලංකාවේ ආර්ථිකයේ වරාය විශාල තැනක් ගන්නවා. සිංගප්පූරු වරායෙන් ඒ රට දියුණු වුණා වගේ අපේ වරාය දියුණු කළොත් මුළු රටම උස්සන්න පුළුවනි.
අප කාටවත් රට විකුණන්න ඕනැ නැහැ. නිකන් සටන් පාඨ කියන්න ඕනැත් නැහැ.
කොළඹ වරාය හම්බන්තොට වරායට එකතු කිරීම නිසා බිලියන 40 ක පාඩුවක් ගෙවන්න සිදුවුණා. අද එය නවතා තිබෙනවා. කොළඹ වරායේ මුදල් හම්බන්තොට වරායට යොදවන්නේ නැති බව එදා ඡුන්දයේදී අප පොරොන්දු වුණා. ඒ වෙලාවේ නිශ්ශබ්දව සිටි අය අද වරාය විකුණනවා කියා කෑ ගසනවා.
වරාය දියුණු කරන්න අවශ්‍ය මුදල් අප ක‍්‍රමානුකූලව දී තිබෙනවා. ඒ මුදල් පමණක් මදියි. ඉන්දියන් සාගරයේ විශාලම වරාය කොළඹත්, දෙවැනි විශාලම වරාය ති‍්‍රකුණාමලේත් තිබියදී ඒ දෙක එකතු කර හම්බන්තොට දියුණු කළ විට ලැබිය හැකි දියුණුව ගැන හිතන්න. තව මොනවද අවශ්‍ය වෙන්නේ?
ඉරානයේ සිට ඕස්ටේ‍්‍රලියාව දක්වාම ඊළඟ අවුරුදු 30 ප‍්‍රධාන ආර්ථික රාජ්‍ය දෙක වන කෙන්යාව, දකුණු අප‍්‍රිකාව, මැද පෙරදිග රටවල පිහිටීමෙන් ප‍්‍රයෝජන ගත්තා. අපේ පිහිටීමෙන් ප‍්‍රයෝජන නොගත්තොත් දියුණුව ලබන්න බැහැ. ඒ සඳහා අපේ වරාය දියුණු කළ යුතුයි. කොළඹ නැව් තටාකාංගනය නැව් දියුණු කිරීමට ගන්නා උත්සාහය අගය කරනවා. ඒ සඳහා ඔබට ස්තූති කරනවා. යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ඞී.වී. අබේසිංහ මහතා-
”අප දැනට සිංගප්පූරුව, මාලදිවයින, ඉන්දියාව රටවලට නැව් භාර දී තිබෙනවා. තෙල් මිල අඩුවීම නිසා ලෝකයේ නැව් තටාකාංගන වැසී යන තත්ත්වයක් ඇති වූවා.
එන්.එන්.ජී. ඉන්ධනයක් ලෙස භාවිතා කරන කාලය අත ළඟයි. රජයට ඒ සඳහා ආධාර දිය හැකියි. අපට දක්ෂ ඉංජිනේරුවරයන් ඇතුළු සේවකයින් සිටිනවා. පෞද්ගලික ව්‍යාපාරවල දියුණුව රටේ දියුණුවට සම්බන්ධ කරගත යුතු යන අගමැතිවරයාගේ සංකල්පය අනුව අපටත් රටේ දියුණුවට එක්විය හැකියි.
කොක්සායි කේබල් නැව් සමාගමේ සභාපති ටකාකි අන්රකු මහතා ද සභාව ඇමැතීය.
මේ අවස්ථාවට ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිච් සුගනුමා යන මහත්වරුද, ජපාන නියෝජිතයෝද, කොළඹ නැව් තටාකාංගනයේ සේවකයෝ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.