මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය
- 196 දෙනාම ඉල්ලා අස්වුනොත් තේරීම් භාර නිලධාරින් ලිස්ට් එකේ ඊළඟට ඉන්න අය දානවා
- විධායක බලතලවලින් තොර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් ඕනෑ
- අන්තර්කාලීන ආණ්ඩු ගැන ව්‍යවස්ථාවේ කොතැනවත් නෑ
- මේ වෙලාවෙ මැතිවරණයක් කියන්නෙ වැලේ වැල් නැතුව ඉන්න වෙලාවෙ මඟුල් ගෙයක් ගන්නවා වගේ වැඩක්
- 225ම එපා කියන කතාව ප්‍රායෝගික නෑ
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට මෙසේ එකතුවන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියයි.
මේ මොහොත වෙද්දි රටේ උද්ගතවෙලා තියෙන තත්ත්වය ගැන අදහසක් කියාගෙනම අපි සංවාදය පටන් ගනිමු.
දැන් රටේ මිනිස්සු පාරට බැහැලා. මිරිහානට බැස්ස වෙලාවෙ ඉඳලම මම කිව්වා දැන් මේක විසඳගන්න ඕනැ ව්‍යවස්ථාදායක රාමුව ඇතුළෙ කියලා. සමහරු ඉන්නවා ඉන් පිටත් යෝජනා ඉදිරිපත් කරන. නමුත් මම ව්‍යවස්ථාව එක්ක වැඩ කරපු කෙනෙක් හැටියට මම හිතන දේ තමයි පාර්ලිමේන්තුවෙ දෙසීය විසිපහයි එකයි තියන ඔක්කොම එකතුවෙලා තමයි මේක විසඳගන්න ඕනෑ. හැබැයි මේකට විසඳුම විදියට යෝජනා වුණු අන්තර්කාලීන රජය කියන එක දැන් ටෝටලි ෆේල්. මොකද ඒකට කට්ටිය ආවෙත් නෑ පස්ස ගගහ ඉඳලා වෙන කැබිනට් එකක් දැන් පත් කරලනේ. මුලින් යෝජනාවෙලා තිබුණා ජාතික ලැයිස්තුවෙන් ආණ්ඩු පක්ෂයෙන් කීප දෙනෙක් අයින් කරලා ඒකට පිටින් ජනතාවට පිළිගන්න පුළුවන් වෘත්තිකයින් කීප දෙනෙක් දාන්න. විශේෂයෙන් ඔය ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් ආර්ථික විශේෂඥයො. ඒත් එහෙම දෙයක් දැන් කෙරෙන පාටක් පේන්නෙ නෑ.
ඒ එක්කම එන්න එන්නම මහජන විරෝධතාව දිනෙන් දින උත්සන්න වෙනවා. දැන් මේකට කිසිම වයස් භේදයක් නැතුව තරුණ වැඩිහිටි සියලු පිරිස් බැහැලා. එක උදාහරණයක් මම කියන්නම්. මට වඩා අවුරුදු තුනක් බාල මගේ සහෝදරයත් එයාගේ පවුලෙ හැමෝමත් මේකට සහභාගි වෙනවා. අද රටේ උද්ගතවෙලා තියෙන තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයකින් තමයි මේ තරුණ පිරිස එකතුවෙලා තියෙන්නේ. දැන් මුළු රටේම ආරවුලක් තියෙනවා.

මේක බේරගන්න ඕනෑ පාර්ලිමේන්තුව ඇතුළෙ තමයි. හැබැයි මේක අද කතා සාප්පුවක්නේ. පොඩ්ඩ එහා මෙහා වෙනකොට අනිත් පැත්තට පැනලා ඇමැතිකම් අරගන්න, ප්‍රතිපත්තියක් නැති මිනිස්සු එක්ක කොහොමද මේවා කරන්නේ. මේ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා තමයි. ඔය ජනවරමට අත්සන් කරපු තුන්දෙනාගෙන් කෙනෙක්නෙ මම. හැබැයි අපිට නෑනේ ආපසු කැඳවීමේ බලය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ක්‍රියාත්මක වෙන්නේ ආපසු කැඳවීම තමයි. අපේ මැතිවරණ පනතෙ නෑ තාම ‘රයිට් ටු රීකෝල්’ කියන එක. නමුත් ඒක එනකම් ජනතාවගේ මේ හඬට මේ ගොල්ලො කන්දෙන්න ඕනෑ.

නෑ. ඒක ප්‍රායෝගික නෑ. උදාහරණයක් විදියට ගත්තොත් අපිට කොහොමටත් කියන්න බෑනේ මෙහේ ඉඳන් මඩකළපුවෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයට ඉල්ලා අස්වෙන්න කියලා. එයාට ඡන්දෙ දුන්නෙ මඩකළපුවෙ ජනතාවනේ. කොළඹ ඉන්න අය කොහොමද එයාව එපා කියන්නෙ. 225 එපා කියන්නෙත් හරියට අර ජෙනරල්ල නවයයි බ්‍රිගේඩියර්ලා විසිපහයි ස්ලෝගන් එක වගේනේ. අපි කියමුකො ඔය 196 දෙනාම ඉල්ලා අස්වුණා කියලා. ඊට පස්සෙ තේරීම් භාර නිලධාරීන් කරන්නේ ලිස්ට් එකේ ඊළඟට ඉන්න අය දානවා. ජාතික ලැයිස්තුවෙ අය අයින් වුණොත් පක්ෂෙ ලේකම් වෙන අය දානවා. ඒක නිසා එකතුවෙලා මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. මාස තුනක් ඇතුළත ව්‍යවස්ථාවෙ මූලික වෙනස්කම් ටිකක්වත් කරගන්න ඕනෑ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආපු වෙලාවෙ මම ගුරු සංගමේ ඉද්දි 78 මැයි පෙළපාළියට යද්දිත් මේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව තමයි හිටියේ. නමුත් මම මැතිවරණ දෙපාර්තමේන්තුවෙ රස්සාවට ආවට පස්සේ ඒවට අත්සන් කරන්න වුණාට හෘදයේ ගිනිමැලය තාමත් දැල්වෙනවා. විධායක බලතලවලින් තොර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් ඕනෑ. දැන් මේ පාරට බැහැපු අය ඉල්ලන විදියට ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා කියමු. ඊට පස්සෙ මේ පුටුවට එන කෙනත් මේ බලතල එක්ක නම් වැඩ කරන්නේ මොකක්ද තියෙන සහතිකය වෙනසක් වෙයි කියලා. මකරා මරපු කෙනාම මකරා වෙනව කියල කතාවක් තියෙනවනේ. ඔය විධායක බලතල තියෙන පුටුවෙ අපි ඕනම කෙනෙක් ගෙනැල්ලා වාඩි කෙරෙව්වොත් වැඩ කරන්නේ මේ විදියට තමයි. බලය අතඅරින්න සිතක් නෑ ඒකට ආවට පස්සේ.

විධායක බලතල අහෝසි කරන එක විශේෂම කාරණයක්. ඒක පාර්ලිමේන්තුවට අධිකරණයට වගකියන්න ඕන. රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට වගකියන තැනට එන්න ඕනැ. අනිවාර්යයෙන්ම මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්න ඕනැ. ‘රයිට් ටු රීකෝල්’ කියන එක අවශ්‍යමයි. නැවත කැඳවීමේ බලය නැතුව ඡන්ද වැඩක් නෑ. මැතිවරණ නීති බලාත්මක කරන්න ඕනෑ. මාධ්‍ය උපමාන බලාත්මක කරන්න ඕනෑ. ඒ වගේම පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පනතට ඇතුළත් කරන්න ඕන. පාර්ලිමේන්තුවෙ කතා කරන්න වෙලාව හම්බවෙන්නෙත් පක්ෂ නායකයට ඕන අයටනේ. එතනවත් සාධාරණයක් නෑනේ.
2015 නොවැම්බර් ඉඳලා තිබුණෙ තනියම වැඩ කරන මැතිවරණ කොමසාරිස් තනතුරක් නෙවෙයි. ඊට පස්සේ තිබුණෙ මමයි, නලින් අබේසේකරයි, රත්නජීව හුල් කියන තුන්දෙනා ඉඳපු කොමිසම. මේකෙදි තුන්දෙනාටම තියෙන්නේ සමාන බලයක්. තීරණ ඡන්දයක් සභාපති විදියට මට තිබුණත් මම ඒක කිසි වෙලාවක භාවිතා කරල නෑ. ඔය නාමයෝජනා භාර ගත්තේ තුන්දෙනාම එකට. පිළිගත්තු නාමයෝජනා ගැසට් එක තුන්දෙනාම අත්සන් කෙරුවා. මේක සාමූහික වගකීමක්.

මේ ගැන මීට කලින් මෙහේ සාකච්ඡා වුණාට මැතිවරණ කොමිසමෙත් දෙපාර්තමේන්තුවෙත් කතා කළාට ජනතාවට මේ තරම් ඒකෙ වුවමනාවක් දැනිලා තිබුණෙ නෑනේ. ඡායාරූප හැඳුනුම්පත ඡන්දෙට ඕනෑ කියලා යෝජනාව එන්නේ 1959 දී. ඒත් පනත සම්මත වුණේ 2004 දී. මට අවුරුදු හතරයි ඒ සංවාදය පටන් ගන්නකොට. පනත සම්මත වෙද්දි මට අවුරුදු හතළිස් නවයයි. 2008 දී තමයි ඒක ප්‍රායෝගිකව සිද්ධවෙන මට්ටමට කඩදාසියක් ලිව්වේ. මේකට අවුරුදු පනහක් විතර අපිට ගියා. ඒ වගේ මේ ‘රයිට් ටූ රීකෝල්’ එක අපේ ළමයින්ගෙ ළමයින්ටවත් ඡන්දය බලය එද්දි ක්‍රියාත්මක වුණොත් හොඳයි. මේ අරගලයේ ඉන්න අයට පුළුවන් යවන්න ඕන කියන එකට මහජන අත්සන් ව්‍යාපාරයක් දියත් කරන්න. එහෙම තමයි මේ කාරණා සමාජ අවශ්‍යතාවයක් මට්ටමට එන්නේ.

ඒක ව්‍යවස්ථාවෙ කොහෙවත් නෑ. කැබිනට් එක පත් කරන එක විතරයි. පෙරමුණු න්‍යායට තනතුරු සහ වගකීම් ටික බෙදාගෙන වැඩ කරනවා. දැන් තියෙන ඔය සන්ධාන නිකම් එල්ලගෙන යන ඒවනේ. ලංකා ඉතිහාසයේ තිබුණු හොඳම සන්ධානය තමයි 1970 තිබුණු සමගි පෙරමුණ. වගකීම් බෙදාගෙන හරියට ආණ්ඩුව කළා. පොඩි පොඩි නූලෙන් ඇදිලි තිබුණත් ඔවුන් වැඩ කළා. සන්ධාන ඇතුළෙ මස් රාත්තල ඉල්ලල වාද කරගෙන යන්න ගියාම තමයි ඉදිරියක් නැත්තෙ. දැන් මේ තියෙන තත්ත්වය අනුව ජනතාව එපා කියන කට්ටිය ගිහිල්ලා ඕන කට්ටිය දාගෙන ආණ්ඩුවක් කරන්න පුළුවන්.

විගණනය කියන ඉතා හොඳ දෙයක්. ඕනෑම කළමනාකරණ ක්‍රමයක තියෙන ඉතා හොඳ ලක්ෂණයක් තමයි විගණනය. ගෙදරක වුණත් විගණනයක් අවශ්‍යයි. පවුලෙ මුදල් වියදම් වුණු විදිය දැන ගන්න එක හොඳයිනේ. මේ දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරු විගණනය කරනවා කියන්නේ ඔවුන්ගේ වත්කම් බැරකම් පිළිබඳව නිරවද්‍යතාවය හොයන එක මං හිතන්නේ. ඒක සම්බන්ධ වෙනවා මැතිවරණ වියදම් පාලනය පිළිබඳ නීතියට. දේශපාලකයො විතරක් නෙවෙයි පරිපාලන නිලධාරින්වත් විගණනය කරන්න ඕනෑ. මේක වැදගත් වෙනව ඔය 225 හොරු කියල වැදිච්ච ලේබල් එකෙන් ඇත්තටම හොරු නොවන අයට බේරෙන්න.

ඔය කතාව සෝෂල් මීඩියා එකේ මගෙනුත් නිතර නිතර බොහෝ දෙනා අහපු දෙයක්. චෝදනා විවේචන විතරක් නෙවෙයි සමහරු සාප කරනවා. මේ ගැන මට කරුණු කියන්න පුළුවන් සීමා සහිතව. මොකද මේක දැන් අධිකරණයේ තියෙන කාරණයක් නිසා.


ඒක උපකල්පනයක් වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවනි. ව්‍යවස්ථාව අනුව වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්වෙන්න පුළුවන්. අගමැතිවරයා පත්වෙන්න ඉඩ තියෙනවා. අගමැතිවරයට පත්වෙන්න බැරිනම් කතානායකවරයාට පත්වෙන්න පුළුවන්. දැන් අගමැතිවරයට පත්වෙන්න පුළුවන්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තීරණ කරන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ආණ්ඩුව ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය කිරීමේ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට.

ඒක ප්‍රායෝගිකව සුදුසු දෙයක් නෙවෙයි. දැන් රටේ තියෙන බරපතළම ප්‍රශ්නෙ මේ ආර්ථික අර්බුදය. ඒකෙන් ගොඩ එන විසඳුම්වලටයි අපි වහාම යා යුත්තේ. ක්ෂණික මැතිවරණයකට යාමේ හැකියාවක් මේ මොහොතේ රටේ නෑ. ඡන්ද පත්‍රිකාවක් ගහගන්න කඩදාසිවත් නැතිකොට කොහොමද මැතිවරණයකට සූදානම් වෙන්නේ. ඒක හරියට වැලේ වැල් නැතුව ඉද්දි මගුල් ගෙවල් ගන්නවා වගේ වැඩක්.

පාර්ලිමේන්තුව හරහා මේ ජනාධිපතිවරයා ඉවත් කරගන්න පුළුවන් දෝෂාභියෝගයකින් පමණයි.
සටහන :
ප්‍රියන්ත කොඩිප්පිලි
ප්‍රියන්ත කොඩිප්පිලි