අතරමැදි කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමග කරන ලද සාකච්ඡා අවසානයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කර තිබේ. වරාය, ගුවන්, බලශක්තිය, කර්මාන්ත හා සංචාරක අංශවලට ඒවා විහි දී තිබුණි. කොළඹ වරාය සංවර්ධනය කිරීම, ත්‍රිකුණාමලය කලාපයේ ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කිරීම, රටවල් දෙක ගොඩබිමින් සම්බන්ධ කෙරෙන අතර ඉන්ධන, විදුලිය හා ගෑස් නළ මාර්ග සඳහා ව්‍යාපෘතියක් ඇරඹීම මෙම ගිවිසුම් විය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වත්මන් ආණ්ඩුව තාක්ෂණය හා සන්නිවේදනය කෙරෙහි මහත් බරක් තබා ඇත. රජයේ කටයුතු තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වීම අරමුණ වී තිබේ. මහජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂමතාව ඉදිරියෙන් තබා ඇත. විනිවිද පෙනෙන ක්‍රමවේ ද ඔස්සේ දූෂණය හා වංචා පිටු දකින අතර මහජන මුදල් නාස්ති නොකර සංවර්ධනය ඉදිරියට ගෙන යන අභිලාෂයක් තිබේ.
භූමි ප්‍රමාණය අතින් ලෝකයේ රටවල් අතර හත්වැනි තැන සිටින ඉන්දියාව ජනගහනය සම්බන්ධයෙන් පළමු ස්ථානයෙහි පසුවේ. දකුණින් ඉන්දියන් සාගරයට හා උතුරින් අරාබි මුහුදට යාබදව පවතින අතර නිරිත දිග ප්‍රදේශයෙන් නිතර අවධානයට ගැනෙන බෙංගාල බොක්ක පිහිටා ඇත. පකිස්තානය, නේපාලය, භූතානය, බංගලිදේශය, චීනය හා මියන්මාරය යන රටවල් සමග ගොඩබිමින් සම්බන්ධව සිටී.
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවක මූලාරම්භය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිව ලෝකය පුරා ව්‍යප්ත වී තිබේ. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍යයේ වෙෙළඳ සමාගමක් වූ නැගෙනහිර ඉන්දියා ආයතනය මගින් එක්සත් රාජධානියට අයත් භූමියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව පසුව ගෙන ගිය දැවැන්ත අවිහිංසාවාදී අරගලයකින් පසු දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. වසර හැත්තෑ හතකට පසු පැරණි පදනම නැවත ගොඩනගන ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සමීපතම අසල්වැසියා වශයෙන් එකිනෙකාට ගරු කරන සංස්කෘතියක පසුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනෙන්නේ දෙරට අතර සමාජ, ආර්ථික හා භූ දේශපාලනයේ නවතම මුහුණුවරක් සහිත පසුබිමකය.
වාසුදෛව කුටුම්බක්‍රම් ප්‍රතිපත්තියට හැරෙන ඉන්දියාව
මහා උපනිෂද් පැරණි සංස්කෘතික කෘතියෙහි “වාසුදෛව කුටුම්බක්‍රම්” යනුවෙන් ජීවන පැවැත්ම ගැන දක්වා තිබේ. ලෝකය එක පවුලක් යන සංකල්පය එයින් ජනිත කරවයි. පුද්ගල අවශ්‍යතා පරාජය කරන අතර ගෝලීය ඉදිරි දර්ශනයක් සඳහා අවතීර්ණවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එය තෝරා ගෙන තිබේ. ජී 20 සමුළුව ඉන්දියාවේ දී පවත්වන හෙතෙම ජාත්‍යන්තරය ආමන්ත්‍රණය කර දැවැන්ත ප්‍රවේශකට මූලාරම්භයක් සකස් කර ගත්තේය. ලෝකය පුරා විසිරී සිටින ඉන්දියානුවන්, ජාත්‍යන්තරයට විහිදී ඇති ඉන්දීය වෙෙළඳපොළ, කාලීන වැදගත්කමක් සහිතව දැනට ජාත්‍යන්තර අවධානය හසුකරගෙන සිටින තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස මැඩපැවැත්වීම සඳහා වන ව්‍යායාමය හා විශේෂයෙන් සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීමේ බලවේගය සඳහා ඉන්දියාවේ හවුල්කාරීත්වය තහවුරු කරන්නට මෙම සමුළුවේ දී හැකියාව ලැබිණි.
ජාත්‍යන්තර සබඳතාවල අභ්‍යන්තරය දැවැන්ත භූ දේශපාලනයකට පරිවර්තනය වී පවතී. හැත්තෑව දශකයේ තිබුණ නොබැඳි ව්‍යාපාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකෘතියකි. ඇමරිකා සෝවියට් බලකඳවුරු දෙකක පැවැති අරගලය තුළට ඇතුළුවීමට නොකැමැති වූ රටවල් ප්‍රසිද්ධියේ නොබැඳි පිළිවෙතක පසුවිය. කෙසේ වෙතත් අභ්‍යන්තරිකව සංවර්ධනය, වෙෙළඳාම හා බලශක්ති අවශ්‍යතාව ඇතුළු පදනම් හේතුකොටගෙන ප්‍රධාන කඳවුරු දෙකෙන් එකක් සමග ගනුදෙනු නොකරන ලද රටක් නොතිබුණි. කෙසේ වෙතත් පෙරොස්ත්‍රොයිකාව එනම් සෝවියට් බිඳවැටීම සමග බලය බටහිර දෙසට වේගයෙන් ඒකරාශී විය. එය වළක්වන්නට තරමක හෝ සමර්ථභාවයක් ඇති කරන්නට චීනයට හැකියාව ලැබුණි. එහි දී පවා චීනය එම මොහොත දක්වා ආරක්ෂා කරගෙන සිටි ප්‍රතිපත්තිවලින් සැලකිය යුතු දුරකට වෙනස්වීමට සිදුවිය.
ව්‍යාප්ත වන අතරවාරයේ නැවත හැඩගැසෙන ලෝකය
කොවිඩ් වසංගත තත්ත්වය සමග ආකෘති ගත වූ රටවල් තද ආකල්ප සහිතව කටයුතු කරන තැනට තල්ලු වී සිටී. විවෘත ආර්ථික ක්‍රමයේ විකාශයක් වූ සැපයුම් චක්‍රය බිඳ වැටී ඇත. ස්වකීය අවශ්‍යතා සඳහා තමන්ගේ ආකෘතියක් නිෂ්පාදනය කරගත් අතර හදිසි අවස්ථාවක් සඳහා ආහාර, බලශක්තිය, ඖෂධ තමන්ටම ලබාගත හැකි පරිදි නිෂ්පාදන ක්‍රියාවලියකට ගමන් කරමින් සිටින බව ආර්ථික පර්‌යේෂකයෝ පෙන්වා දෙති. එයට සමාන්තරව සැපයුම් ලබා ගැනීමට ආසන්නතම ස්ථාන පමණක් නොව විශ්වාස කළ හැකි අසල්වැසියන් සමග වෙෙළඳපොළ හසුරුවන ප්‍රවණතාවයක් ද උත්පාදනය වී තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබිය යුතු නවීන භූ දේශපාලනික හා ආර්ථික සම්බන්ධතාව වටහා ගැනීමට මෙම ආකෘතිය ප්‍රමාණවත් වනු ඇත.
අතරමැදි කාලසීමාවක සිටින වර්තමානය අනන්‍ය ජාතිකත්වය කෙරෙහි බර තැබිය යුතු අතර සහ ඒහා සමානව පුළුල් බාහිර සබඳතා සම්මිශ්‍රණයක් ඇති කරගත යුතුව ඇත. තරගකාරීත්වය උපයෝගිකර ගන්නා අතර ජාත්‍යන්තර සබඳතා ඔස්සේ හැකිතාක් බැඳීම් ඇති කරගෙන වැඩි වාසි ලබා ගැනීම වැදගත් වෙයි. කුඩා රටක් වශයෙන් ශ්‍රී ලංකාවට තරගයකට ඇතුළුවීම පහසු නැත. අනෙක් අතට හුදෙකලා ගමනක් ද දුෂ්කරය. බලශක්තිය, ආහාර, ඖෂධ, පොහොර වැනි මූලික අවශ්‍යතා සඳහා පවා පිටස්තර ජාතීන් සමග ගනුදෙනු කරන්නට සිදුවේ. එම ගනුදෙනුව ද්වී පාර්ශ්විකව වාසිදායක නොවුණහොත් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවයක් මතුවේ.
නවීන ලෝක පිළිවෙළක් පිළිබඳ හැඟීමක් ඇතිකර ගැනීම සඳහා නවීන ඉන්දියාව අධ්‍යයනය කළ යුතුය. පකිස්තානය හා චීනය සමග දේශසීමා ප්‍රශ්න තිබේ. දකුණු ආසියාවත් එයින් එපිට ලෝකය සමග සැලකිය යුතු ප්‍රබල අවස්ථාව ඇතිකරගෙන තිබේ. අසල්වැසියන් සමග සබඳතා වඩා වැදගත් ලෙස සලකන අතර උප මහාද්වීපයේ ආර්ථික හා සමාජීය සම්බන්ධතා තහවුරු කරන “අසල්වැසියාට පළමු තැන දෙන ප්‍රවේශය’ ඉන්දියාවට අනුගමනය කරමින් සිටී. ලෝකය එක යායක් හා අසල්වැසියාට පළමු තැන යන සංකල්ප වටහා ගැනීමටත් එය සඳහා අනන්‍ය වන පිටපතක් සකසා ගත හැකි වෙතොත් ශ්‍රී ලංකාවට වාසිදායක
විය හැකි ය.
සබඳතා තර කරගැනීමට උපාය මාර්ග ගණනාවක්
දරුණු ආර්ථික ප්‍රහාර මාලාවකට පසු තාවකාලික ස්ථාවරභාවයක් අත්පත් කරගෙන සිටින ශ්‍රී ලංකාව ඉන්දියාවට කරන සංචාරයේ දී අභ්‍යන්තර අවශ්‍යතා ඉක්මවන මුහුකුරාගිය ව්‍යුහයකට ඇතුළු විය යුතුව තිබේ. මෙහි දී ඉන්දියානු මැදිහත්වීම අංශ දෙකකින් උපකාරි විය. හදිසි ආධාර හා ආර්ථික ස්ථාවරත්වය එම පැති දෙක වේ. කොවිඩ් වසංගත තත්ත්වය සමග හටගත් විනිමය අර්බුදය ශ්‍රී ලංකාවට ඉතා අයහපත් ලෙස බලපෑ අතර එහි දී ඉන්ධන, බෙහෙත්, ආහාර, පොහොර ඇතුළු ජන ජීවිතයට බලපාන සැපයුම් අඩාළ විය. ජනතාව පාරට බැස සිස්ටම් වෙනස් කළ යුතු බවට බලකරන අරගලයක නිරත වූ අතර අවසානයේ දී කැබිනට් මණ්ඩලයටත්, ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඉවත්වන්නට සිදු වූ බව මතක් කළ යුතුවේ. මෙම අර්බුදකාරී තත්ත්වය ඉදිරියේ එවකට ඉන්දීය මහ කොමසාරිස්ව සිටි මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නායකයන් සමග ගෙන ගිය සංවාදය අවසානයේ දී කුලුනු හතරකින් යුතු සහනදායී වැඩපිළිවෙළක් අනුමත කර ගත්තේය. එය ඇමරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවන ලදී. අත්‍යවශ්‍ය දේ සම්පාදනය, ණය ආධාර, සංචාරක හා ව්‍යාපාර දියුණුව අරමුණු කරගත් අනුබලය එහි දී සැපයින. දෙරට අතර ආර්ථික හා සමාජ අවස්ථා වේගයෙන් ඉදිරියට ගෙන යන සමස්ත රාමුවක් සඳහා ද එකඟත්වයක් ඇති කර ගැනිණ.
අතරමැදි කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමග කරන ලද සාකච්ඡා අවසානයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කර තිබේ. වරාය, ගුවන්, බලශක්තිය, කර්මාන්ත හා සංචාරක අංශවලට ඒවා විහි දී තිබුණි. කොළඹ වරාය සංවර්ධනය කිරීම, ත්‍රිකුණාමලය කලාපයේ ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කිරීම, රටවල් දෙක ගොඩබිමින් සම්බන්ධ කෙරෙන අතර ඉන්ධන, විදුලිය හා ගෑස් නළ මාර්ග සඳහා ව්‍යාපෘතියක් ඇරඹීම මෙම ගිවිසුම් විය.
ඉන්දියාව මැදි ආර්ථික රටක් වශයෙන් ඉදිරියට ගමන් කරන අතර සියයට දහයක ආර්ථික වර්ධනයක් දක්වා ඉලක්ක කරයි. එහි දී විදුලිය හා ඛනිජ තෙල් අවශ්‍යතා දෙගුණ වනු ඇතැයි දැක්වේ. වසර 2035 වන විට විදුලිය අවශ්‍යතාව සියයට තිස් පහකින් හා ඛනිජ තෙල් වුවමනාව සියයට පනහකින් ඉහළ යනු ඇතැයි සැලකේ. මෙම ඉල්ලුම සඳහා ඉන්දියාව අසල්වැසි රටවල් සමග ආයෝජන අවස්ථා සලකා බලමින් පසුවේ. දැනටමත්, නේපාලය, භූතානය හා බංගලාදේශය අතර සහයෝගීතාවක් පවතී. නැගෙනහිර සුළං විදුලිය බලාගාර හා ත්‍රිකුණාමලය තෙල් සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට දෙපැත්තයටම වාසිදායක ආයෝජනයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ගෝඨාභය ආණ්ඩුව සහ පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අනුගමනය කරන ලද ක්‍රමවේදයන් දකින ආකාරය මෙම ඉන්දිය සංචාරයේ දී තීරණාත්මකය.
ණය කළමනාකරණය සහ එයින් ඔබ්බට
ශ්‍රී ලංකාව සිය ආර්ථික ස්ථාවරභාවය හා ඉදිරියේ දී ඇති කරගත යුතු ජාත්‍යන්තර විශ්වාසය ඉදිරියේ ජාත්‍යන්තර ණය කළමනාකරණය ඉතා වැදගත් සාධකයකි. විදේශ ණය ගෙවාගත නොහැකිව තිබුණ අවස්ථාවක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය සඳහා පළමුවෙන් සිය අභිලාෂය ප්‍රකාශයට පත් කරන්නේ ඉන්දියාවය. ඉන්දියාව සමග ජපානය, ඇතුළු පැරිස් කණ්ඩායම ද එකතු කරගන්නට හැකි විය. චීනය විසින් ශ්‍රී ලංකාවට සපයන ලද ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නැඹුරු වූයේ ඉන්දිය තීන්දුවට පසුව බව පෙන්වා දිය යුතුව තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන තිස් පහක් පමණ වන මෙම ණය ප්‍රමාණය ගෙවන ක්‍රමවත් සැලැස්මකට ඇතුළු නොවුණහොත් ශ්‍රී ලංකාවේ අනාගතය තවත් අඳුරු විය හැකිය.
රටවල් අතර ගොඩනැගෙන සබඳතා හා අසල්වැසි ඉන්දියාව සමග ගෙන යන ශ්‍රී ලංකාව ඔසවා තබන සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දියානු මැදිහත්වීම වැදගත්ය. අනන්‍යතාව ඉදිරියෙන් තැබිය යුතු වේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වත්මන් ආණ්ඩුව තාක්ෂණය හා සන්නිවේදනය කෙරෙහි මහත් බරක් තබා ඇත. රජයේ කටයුතු තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වීම අරමුණ වී තිබේ. මහජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂමතාව ඉදිරියෙන් තබා ඇත. විනිවිද පෙනෙන ක්‍රමවේ ද ඔස්සේ දූෂණය හා වංචා පිටු දකින අතර මහජන මුදල් නාස්ති නොකර සංවර්ධනය ඉදිරියට ගෙන යන අභිලාෂයක් තිබේ. ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු මුණ ගැසී කරන සාකච්ඡාවල දී මෙම ද්වීපාර්ශ්වික වුවමනාවන් ඉතාම නිවැරදිව හසුරුවන්නට සමත්වුවහොත් එය රටට වටිනා අවස්ථාවක් වනු ඇත.
ඉතිහාසය දෙස හැරී බලන පසු නිදහස ලබන කාලයේ සිට දෙරට අතර හොඳ සබඳතා ඇති කරගෙන තිබේ. ධර්මාශෝක දේවානම්පියතිස්ස රජ සමය දක්වා එය විහිදුවිය හැකිය. කෙසේ නමුත් අසල්වැසි රටවල් දෙකක් හා සමානව පරස්පරතා ද ඇත. දෙරට අතර කටයුතු අන් මගකට විහිදී ගිය සෑම අවස්ථාවකම වන්දි ගෙවා ඇත. ශ්‍රී ලංකාව තිස් වසරක යුද්ධයට බිලි වූ අතර ඉන්දීය ජාතික නායකයන් ඇතුළු දස දහස් ගණනක ගේ හුස්ම කලාපයට අහිමි වී ඇත.
සාරා කන්දෙගොඩ