ජනපති ආර්යාවෝ


ඔබ මෙම සටහන කියවන මොහොත ජනපතිවරණයේ ප්‍රතිඵලය තීන්දු වී හෝ තීරණය වෙමින් පවතින අවස්ථාවයි. ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා අභිනවයෙන් දිවුරුම්දීමත් සමග බොහෝවිට ඔබට අලුත් ජනපති ආර්යාවක් හමුවෙනු ඇත. මේ ලිපිය මෙතෙක් අප හඳුනාගත් ආර්යාවන් ගැන අතීතාවලෝකනයකි.


මෙරට ප්‍රථම නාමමාත්‍රික ජනාධිපති වූ විලියම් ගොපල්ලවගේ බිරිඳ වූ සීලවතී ගොපල්ලව මැතිනියගේ සිට, වත්මන් ජනාධිපතිගේ භාර්යාව තෙක් ජනාධිපති භාර්යාවන් ජනතාව ආමන්ත්‍රණය කළේ කරන්නේ, ආර්යාව ලෙසය.
 
භාෂා විශාරදයෙකු වෙන සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායකයන් වෙතින් අපි මේ ගැන විමසා සිටියෙමු.
 

ජනාධිපති ධුරයට පත් ගෝඨාභයගේ බිරිඳ වෙන්නේ අනෝමා රාජපක්ෂයි. ගෝඨාභය ජනපති වූ යුගයේ ඇය එතරම් කැටයම් දැමූ චරිතයක් නොවීය. ඊටත් වඩා ඇය ගත කළේ නිහඬ ජීවිතයකි. ඇය බොහෝ විට දැකගත හැකි වූයේ සේවා වනිතා කටයුතුවල යෙදී සිටින විටකදීය. විධායක ජනපති ධුරයෙන් පලාගිය ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වෙන්නේ ගෝඨාභය රාජපක්ෂය.
“ආර්යාව කියන්නේ ජනාධිපතිවරයෙකුගේ භාර්යාව හඳුන්වන්න විතරක් යොදන වචනයක් නෙවෙයි. ඒක රටේ ඕනෑම උසස් නිලතල දරන නිලධාරි පෙළැන්තියේ ප්‍රභූවරයෙකුගේ භාර්යාවට භාවිත කරන්න පුළුවන් වචනයක්” මහාචාර්යවරයා වචනයේ අවුල ලිහා දුන්නේය.
 
මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූයේ ජූනියස් රිචඩ් ජයවර්ධනය. කවුරුත් ඔහුව දන්නේ ජේ.ආර්. ජයවර්ධන කියූ විටය. ඔහුගේ ආර්යාව වූයේ එලිනා ජයවර්ධනය. 
 
වරක් ටයිම්ස් සඟරාව ජේ. ආර්. හඳුන්වා තිබුණේ, පාන් පිටිවලින් ඇනූ පිටි ගුළියක හැඩය ගත් මුහුණක් ඇති, හැඩිදැඩි රළු බැල්මකින් යුත් දරදඬු පාලකයකු ලෙසය. ජේ.ආර්. ගැන මේ හැඳින්වීම අසා එලිනා ආර්යාව බක බක ගා හිනා වෙන්නට වූවාය. 
 
දිනක් ජේ. ආර්.ගේ තම ජාතික ඇඳුමේ බොත්තමක් ගැලවෙමින් යනු දුටු ගාමිණී දිසානායක ඒ ගැන ජේ. ආර්. ගෙන් විමසීය.
 
“මොනවා කරන්න ද ගාමිණී, එලිනාට සනීප නැහැ. බොත්තම මහගන්න බැරි වුණා.”
 
ජේ. ආර්. ජනාධිපති වුණත් ඔහුගේ සියලු කටයුතු සිදු කරන ලද්දේ එලිනා ආර්යාව විසිනි. පෞද්ගලික ලේකම්වරයා වූ ප්‍රේමතිලක මාපිටිගම මේ ගැන එක තැනක සටහන් කර ඇත්තේ, ධනවත් පවුලකින් එලිනා ආර්යාව පැවත ආවත් ජේ. ආර්. ජයවර්ධන ජනපති යුගයේවත් වෝඩ් පෙදෙසේ ජේ. ආර්. ගේ පෞද්ගලික නිවස වූ ‘ඛ්‍රේමා’ හි වොෂින් මැෂින් එකක් නොතිබූ බවය.
 

මහින්ද රාජපක්ෂගෙන් පසු ජනපති ධුරයට පත්වෙන මෛත්‍රීපාල සිරිසේනට තම අනාගත ජනපති ආර්යාව හමුවෙන්නේ ‘වැහැර’ ප්‍රදේශයේ ලී මෝලකිනි. එවකට විසිතුන් වැනි වියේ පසුවූ සිරිසේනගේ මුල්ම රැකියාව වූයේ, පොළොන්නරුව පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ සැපයුම් නිලධාරී තනතුරයි.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වෙන අවස්ථාවේ ජේ. ආර්. සහ එලිනා යුවළ සිටියේ ඉන්දියාවේය. ඒ රජිව් ගාන්ධි සමරු දේශනය සඳහා ජේ. ආර්. සහ එලිනා ආර්යාව ගොස් සිටි නිසාය. රජිව් ගාන්ධි සමරු දේශනය පැවැත්වූ ජේ. ආර්. වේදිකාවෙන් බැස කාපට් මතින් ඇවිද යද්දී කාපට් එකේ පය පැටලී විසි වෙද්දී එකවරම අල්ලා ගන්නා ලද්දේ එලිනා ආර්යාවටත් වඩා ඉන්දියන් රහස් පොලිස් භටයන් විසිනි. විශේෂත්වය වෙන්නේ ජේ. ආර්. කකුල පැටලී වැටෙන්න ගිය මොහොතේ ආර්. ප්‍රේමදාස බෝම්බ ප්‍රහාරයට ලක් වී පරලොව යන්නේත් එකම වෙලාවේ නිසාය. 
 
ප්‍රේමදාස ඝාතනය අසා ජේ. ආර්. තම දෑස් වසාගෙන එලිනා ආර්යාවගේ අත අල්ලාගෙන මොහොතක් සිට ඇත. රන්ජන් විජේරත්න ඝාතනය, ගාමිණී දිසානායක ඝාතනය, ලලිත් ඇතුළත්මුදලි ඝාතනය වූ අවස්ථාවලදීත් ජේ. ආර්. තම දෑස් තදින් වසාගෙන එලිනා ආර්යාවගේ අත් දෙක තදින් අල්ලාගෙන සිට ඇත.
 

චන්ද්‍රිකාගෙන් පසු ජනාධිපති ධුරයට පත්වෙන්නේ මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂගේ විවාහයට මුල්වෙන්නේ ඔහුගේ ඥාතිවරියක වූ ගායිකා කෝකිල දේවි වීරතුංගය. කෝකිල දේවි මහින්දට කිව්වේ ශිරන්ති හවසට ටෙනිස් ගහන්නට තුංමුල්ල හන්දියේ ටෙනිස් පිට්ටනියකට එන බවය. දිනක් එම ටෙනිස් පිටියට ගිය මහින්ද තම කාරයේ සිට ටෙනිස් ගහන කෙල්ලන් දෙස බලන්නට විය.
ජේ. ආර්. විශ්‍රාම යාමෙන් පසු, ඔහුගේ වත්කම ඇස්තමේන්තුගත කිරීමට එලිනා ආර්යාව භාර කරන ලද්දේ මාපිටිගමටය. 
 
ජේ. ආර්. ගත කළේ කෙතරම් සරල ජීවිතයක් දැයි එම තක්සේරුවෙන් තහවුරු වේ. ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයාගේ ඇඳ, මෙට්ට, ඇතිරිලි සියල්ල තක්සේරුකරු විසින් වටිනාකම ගණනය කර තිබුණේ රුපියල් 3500/- ක් ලෙසය.
 
එලිනා ජයවර්ධන ආර්යාවගේ පියා ලෙනාඩ් රණසිංහ ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඔහු වෘත්තියෙන් නොතාරිස්වරයෙකි. එලිනා ආර්යාව තම පිය උරුමයෙන් දායාද වූ කැලණිය වරාගොඩ පාරේ ‘ජැස්මින් වලව්ව’ ධර්මාලෝක විද්‍යාලයට පරිත්‍යාග කළාය. 
 
බොල්ලෑගල තම පිය උරුමයෙන් ලත් අක්කර 40 ක පොල් වත්තක් ද එලිනා ආර්යාවට හිමිවිය. මානෙල්වත්ත නමැති එම ඉඩම එලිනා ආර්යාව ශාසනයට පූජා කළාය. එමෙන්ම දෙහිවල මධ්‍ය විද්‍යාලයට යාව ඇයට හිමිව තිබූ විශාල ඉඩම ද ඇය එම විද්‍යාලයට පරිත්‍යාග කළාය. 
 
ඇයට එලිනා නම ලැබුණ අයුරුද රසවත්ය. ඇගේ පියා සහ මව වරක් ඉතාලියේ සංචාරය කරන විට මව සිටියේ ගර්භණී තත්ත්වයේය. මවුපියෝ ඉතාලියේ ‘එලින්’ නම් නගරයේ විසිතුරු දැක අන්දමන්ද වූහ. එහි සුන්දරත්වය දුටු ඔවුන් පුතෙකු ලැබුණොත් ‘එලීන්’ ලෙසත් දුවෙකු ලැබුණොත් ‘එලීනා’ ලෙසත් නම් තැබීමට එකඟතාවක් ඇති කරගන්නා ලදී. අලුතින් උපන් දැරියට අන්තිමට තැබූ නම එලීනා බණ්ඩාර රූපසිංහ නාමයයි.
 
මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ ආර්. ප්‍රේමදාස බොහෝ කාලයක් තනිකඩව ජීවත් වූයේ තම නිවස වූ සුචරිතයේය. රණසිංහ ප්‍රේමදාස විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ 1964 ජූනි මස 23 වැනිදාය. මෙම විවාහය පවත්වා ඇත්තේ ආරිය සිංහල ක්‍රමය අනුවය. 
 
ප්‍රේමදාසගේ මංගල ඇඳුම සුදු පැහැති රෙද්දත් බැනියමත්ය. ඔහු උතුරු සළුවෙන්ද සැරසී සිට ඇත. මනාලිය වූයේ හේමාය. ඇය උඩරට ඔසරියෙන් සැරසී සිටියාය. සිරස් පලඳනාව, නළල් පටය ආදී සිංහල චාරිත්‍රානුකූල ආභරණවලින් ඇය වඩාත් ලස්සන වී තිබිණි.
 
ප්‍රේමදාස – හේමා විවාහ මංගල්‍යයේ සාක්ෂියට අත්සන් කර ඇත්තේ එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලවත් ඩඩ්ලි සේනානායකත්ය. ඒ කාලේ තිබුණේ ෆ්ලෑෂර් නොව එක් වරක් පමණක් එළිය විහිදුවා පිච්චි යන ෆ්ලෑෂ් බල්බ්ය. තම විවාහයේ ඡායාරූප මුද්‍රණය කර ටික වේලාවකින් මංගල ශාලාවට ගෙනෙන්නට තරම් ප්‍රේමදාස සූරයෙකු විය. 
 
නැත්නම් ඒ කාලේ ඡායාරූපයක් මුද්‍රණයට සති ගණනාවක් ගතවෙන කටයුත්තකි. ප්‍රේමදාස මංගල මොහොතේ ඡායාරූප පුවරුවක අලවා මංගල්‍යයට පැමිණි වැදගත් අමුත්තන්ගේ අත්සන් සහිතව සිහිවටනයක් ලෙස තබා ගත්තේය. මෙය අදත් සුචරිත ශාලාවේ දැකගත හැකිය.
 
ප්‍රේමදාස නම් වූ දැවැන්ත දේශපාලන චරිතය පිටුපස සිටි දිරිය ගැහැනිය‘හේමා ප්‍රේමදාස’ නම් විය. බොහෝ පොදු ජනතාව අතර මතයක් වූයේ ‘හේමා ආර්යාවගේ’ කේන්දරයේ වූ පිනකට ප්‍රේමදාසගේ පක්ෂියා රජ වී ජනාධිපති වූ බවය. ප්‍රේමදාස ආර්යාවද ප්‍රේමදාස ජීවත්ව සිටියදීම දැවැන්ත උත්සවයක් පවත්වා බදුල්ලෙන් දේශපාලනයට එන්නට උත්සාහ ගත්තද ප්‍රේමදාස ජනපතිවරයාගේ මැදිහත්වීම මත එම උත්සවය අවලංගු කරන ලදී. 
 

වරක් ටයිම්ස් සඟරාව ජේ. ආර්. හඳුන්වා තිබුණේ, පාන් පිටිවලින් ඇනූ පිටි ගුළියක හැඩය ගත් මුහුණක් ඇති, හැඩිදැඩි රළු බැල්මකින් යුත් දරදඬු පාලකයකු ලෙසය. ජේ.ආර්. ගැන මේ හැඳින්වීම අසා එලිනා ආර්යාව බක බක ගා හිනා වෙන්නට වූවාය.දිනක් ජේ. ආර්.ගේ ජාතික ඇඳුමේ බොත්තමක් ගැලවෙමින් යනු දුටු ගාමිණී දිසානායක ඒ ගැන ජේ. ආර්. ගෙන් විමසීය. “මොනවා කරන්න ද ගාමිණී, එලිනාට සනීප නැහැ. බොත්තම මහගන්න බැරි වුණා.”
හේමා ප්‍රේමදාසට එවකට විකල්ප පත්තර විසින් එල්ල කරන ලද්දේ දැඩි ප්‍රහාරයකි. ප්‍රේමදාස ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මෙන් හේමා ප්‍රේමදාසත් දේශපාලනයට ඒ යැයි බොහෝ දෙනා විශ්වාස කළත් ඇය අද වෙනතුරු දේශපාලනයට පිවිසියේ නැත. 
 
ඉන්පසු එළඹෙන්නේ ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපතිවරයාගේ කාලයයි. ඔහුගේ කෙටි හැඳින්වීම වූයේ ඩී. බී. ය. බොහෝ දෙනා එය විග්‍රහ කළේ ‘‘දුන්නොත් භාරගන්නවා’’ යන ලෙසය. ප්‍රේමදාස යුගයේ අගමැති ධුරයට ද්වන්ධ සටනක් වූයේ ගාමිණී දිසානායක හා ලලිත් ඇතුළත්මුදලි අතරය. ප්‍රේමදාස අගමැති ධුරය තේරූ අයුරු ගැන හාස්‍ය මුසු කටකතාවක්ද පැතිර තිබුණි.
ඒ කතාව මෙසේය.
 
ප්‍රේමදාස, ගාමිණී දිසානායක කැඳවා දහයයි දහයයි එකතු වූ විට කීය දැයි ගාමිණීගෙන් මුලින්ම අසා ඇත. ගාමිණී කෙළින්ම කියා ඇත්තේ විස්සයි කියාය. 
 
ඊළඟට ලලිත් ගෙන්වූ ප්‍රේමදාස, එම ප්‍රශ්නයම ඇසුවේය. ටිකක් කල්පනා කළ ලලිත් තම උගත්කම පෙන්වමින් පිළිතුර 20 බවත්, ඇතැම් විට එය 1010 විය හැකි බවත් ප්‍රකාශ කළේය. ඊළඟට එන්නේ අගමැති පරීක්ෂණයට ඩී.බී. විජේතුංගය. ප්‍රේමදාස මහතා ඔහුටද දහයයි දහයයි එකතු වූ විට එකතුව කීයදැයි ඇසීය. “සර්ට ඕනැ ගාණක් හිතාගන්න” ඩී.බී.ගේ පිළිතුර විය. ඩී.බී.ට අගමැති ධුරය හිමි වූයේ එයාකාරයෙන් බව පොදු ජනතාව අතර වූ කටකතාවකි. බොරු කතාවකි.
 
බොහෝ දෙනා ඩී. බී. ජනපතිගේ ආර්යාව දැක්කේ කලාතුරකිනි. ඩී. බී. විජේතුංගගෙන් පසු ලංකාවේ බිහිවෙන්නේ ප්‍රථම ජනාධිපතිවරියයි. ඇය චන්ද්‍රිකා කුමාරතුංගයි. එහෙත් ජනපතිගේ බිරිඳට ආර්යාව කීවාට ජනාධිපතිනියකගේ සැමියාට කියන නාමයක් අපේ සිංහල ජනවහරේ දක්නට නැත. චන්ද්‍රිකා ජනපති වූ යුගයේ විජය කුමාරතුංග ජීවතුන් අතර සිටියා නම් ජනපතිගේ සැමියා ලෙස ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගරු නාමයකට උරුමකම් කීමට අවස්ථාව තිබිණි.
 
චන්ද්‍රිකාගෙන් පසු ජනාධිපති ධුරයට පත්වෙන්නේ මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ විවාහයට යොමු වෙන්නේ ඔහුගේ ඥාතිවරියක වූ ගායිකා කෝකිල දේවි වීරතුංග නිසාය. කෝකිල දේවි මහින්දට කිව්වේ ශිරන්ති හවසට ටෙනිස් ගහන්නට තුංමුල්ල හන්දියේ ටෙනිස් පිට්ටනියකට එන බවය. දිනක් එම ටෙනිස් පිටියට ගිය මහින්ද තම කාරයේ සිට ටෙනිස් ගහන කෙල්ලන් දෙස බලන්නට විය.
 
“ලස්සන ද කියලා අහන්නේ, ශිරන්ති තමයි ලංකාවේ රූප රාජිනිය හැටියට කිරුළ දිනපු ළමයා”.
 
මහින්දට කෝකිල දේවි ඇන්ටි කියූ වදන් කනේ රැව් පිළිරැව් දෙන්නට විය. ශිරන්ති මේ කිසිවක් නොදැන ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියාය. ටික වෙලාවක් යන විට “ශිරන්ති කියන රූප සුන්දරිය මේ තමයි.” මහින්දට හඳුනාගැනීමට හැකි විය. තම රථයට නැගුණ මහින්ද තම මිතරකු වූ සරත් එන්. සිල්වාගේ ගෙදරට ගියේ මේ ගැන කියන්නටය. සරත් එන්. සිල්වා පසු කලෙක මෙරට අගවිනිසුරුවරයා බවට පත් විය.
 
සරත්ගේ ඉල්ලීමට පසුදාම ශිරන්ති හමුවට කටයුතු සැලසුම් කළේ සරත් එන්. සිල්වා විසින්මය. ශිරන්ති වික්‍රමසිංහගේ තාත්තා එවකට නාවික හමුදාවේ කොමදෝරුවරයෙකු විය. ශිරන්ති වික්‍රමසිංහ ශ්‍රී ලංකා රූප රාජිනිය වූයේ 1978 දීය. 1978 ජූනි මාසයේ පැවති විශ්ව රූ රැජින තරගයේ ලංකාව නියෝජනය කරන ලද්දේ ද ඈ විසිනි.
 
මහින්ද – ශිරන්ති විවාහ ගිවිසගත් දිනය වෙන්නේ 1983 ජූනි 19 වැනිදාය. මනාලියගේ පාර්ශ්වයෙන් ගල්කිස්ස හෝටලයේ ගත් එම මඟුල් උත්සවයේ මහින්දගේ හොඳම යහළුවා වූයේ අනුර බණ්ඩාරනායකය. 
 
මේ විවාහය වෙනුවෙන් සාක්ෂිකරුවන් වූයේ අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් හා පාර්ලිමේන්තු මහ ලේකම් සෑම් විජේසිංහය.
 
මෙරට තිස් අවුරුදු යුදමය අභියෝගය ජයගත් නායකයා වෙන්නේ ජනපති මහින්ද රාජපක්ෂය. එම යුද අභියෝගය ජයගන්නට මහින්ද ජනපති පසුපස සිටි අභීත තැනැත්තිය ශිරන්ති රාජපක්ෂයි. ඇය ඉතිහාසගත වෙන්නේ මෙරට යුද ජයග්‍රහණයක් ලබන මොහොතේ සිටි ජනපති ආර්යාව ලෙසය. දෙවරක් ජනපති ආර්යාව වීමට තරම් ඇය පින් කර තිබුණාය.
 
මහින්ද රාජපක්ෂගෙන් පසු ජනපති ධුරයට පත්වෙන මෛත්‍රීපාල සිරිසේනට තම අනාගත ජනපති ආර්යාව හමුවෙන්නේ ‘වැහැර’ ප්‍රදේශයේ ලී මෝලකිනි. එවකට විසිතුන් වැනි වියේ පසුවූ සිරිසේනගේ මුල්ම රැකියාව වූයේ, පොළොන්නරුව පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ සැපයුම් නිලධාරී තනතුරයි.
 
සමුපකාරයට අවශ්‍ය පොල් පරාල ගන්නට දිනක් මෛත්‍රීපාල සිරිසේන ගියේ වැහැර ප්‍රදේශයේ ලී මෝලකටය. එහි තරුණියන් කිහිප දෙනකු පැමිණ සිටියේ ළිප ගිනි මොළවන්නට ලී කැබලි ගෙන යන්නටය. එයින් එක් යුවතියක් දුටු මෛත්‍රීපාල ඈ දෙස දෑස් පිහ නොහළා බලා සිටියේය. ඔහුට තම අදහස වාවාගත නොහැකිව තරුණිය සමග කතා කළේය.
 
“නංගි දර ගෙනියන්න ආවද? ඔයාගේ නම මොකක්ද?” මෛත්‍රීපාල යුවතියගෙන් ඇසුවේය. ලජ්ජාවෙන් මිරිකුණු යුවතිය තම මිතුරියන් දෙදෙනා ළඟට වහා ළං වූවාය.
 
තම ලොරියේ රියැදුරාට කියා මෛත්‍රීපාල කෙසේ හෝ යුවතියගේ නිවෙස ඇති තැන සොයාගත්තේය. ඉන් පසු දිනක පොළොන්නරුවේ සිට ඇගේ නිවස සොයා ආ මෛත්‍රීපාල ඇයගේ දෙමාපියන් සමග කතාබහ කරන්නට විය.
 
ඇගේ නම වූයේ ‘ජයන්ති පුෂ්පකුමාරි’ ය. ටික කලක් යන විට ජයන්තිගේ පියා සම්බන්ධයට විරුද්ධ විය. අවසානයේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ මෛත්‍රීපාල – ජයන්ති විවාහය සිදුවෙන්නේ ගම්පහ යාගොඩ පිහිටි මෛත්‍රීපාලගේ පියාගේ ලොකු නංගිගේ නිවසේ සිටය.
 
මෛත්‍රීපාල – ජයන්ති යුවළ කච්චේරියට යන්නේ බස් රථයෙනි. සාක්ෂිකරුවකු ලෙස අත්සන් කොට ඇත්තේ මෛත්‍රීපාලගේ මිතුරෙකු වූ ගම්පහ පදිංචිව සිටි හෙට්ටිආරච්චි නම් මිතුරෙකි. මෙම ජනාධිපතිවරු අතරින් විවාහ වෙනවිට දුෂ්කරම ආර්ථික තත්ත්වයක සිට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනය. එහෙත් එදා ඒ බස් රථයේ ආ මනමාලයා මෙරට මතු දිනක විධායක ජනාධිපතිවරයා වෙන බවටත්, මනමාලිය මේ ශ්‍රී ලංකාද්වීපයේ ජනපති ආර්යාව වෙන බවත් කවුරුත් සිතුවේ නැත. එසේ සිතුවේ නම් ඔවුනට එන පිළිගැන්ම දැවැන්ත එකක් වෙනු නියතය.
 
ඊළඟට ජනාධිපති ධුරයට පත් ගෝඨාභයගේ බිරිඳ වෙන්නේ අනෝමා රාජපක්ෂයි. ගෝඨාභය ජනපති වූ යුගයේ ඇය එතරම් කැටයම් දැමූ චරිතයක් නොවීය. ඊටත් වඩා ඇය ගත කළේ නිහඬ ජීවිතයකි. ඇය බොහෝ විට දැකගත හැකි වූයේ සේවා වනිතා කටයුතුවල යෙදී සිටින විටකදීය. විධායක ජනපති ධුරයෙන් පලාගිය ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වෙන්නේ ගෝඨාභය රාජපක්ෂය. එහෙත් අනෝමා රාජපක්ෂ සම්බන්ධයෙන් එවැනි මතකයක් ජනතාවට නැත.
 
මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ යුගයේ අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය. ඒ කාලේ අගමැතිවරයාට බොහෝ දෙනෙකු කියූ කතාවක් ඇත.
 
“රනිල් අගමැතිට පාර්ලිමේන්තු ගියත් මෛත්‍රී, ගෙදර ගියත් මෛත්‍රී.” එසේ සඳහන් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විවාහ වූයේ මෛත්‍රී වික්‍රමසිංහ සමග නිසාය.
 
ඒත් රනිල් රටේ දෙවැනි පුරවැසියා ලෙස මෛත්‍රී හමුවීමට ප්‍රථම ගත කරන ලද්දේ තනිකඩ ජීවිතයකි. මෙවැනි තනිකඩ ජීවිත ගත කළ අරලියගහ වලව්වේ සිටි තනිකඩ අගමැතිවරු දෙදෙනෙකු වූයේ විජයානන්ද දහනායක සහ ඩඩ්ලි සේනානායකය.අගමැති රනිල් තනිකඩව අගමැති ලෙස අරලියගහ වලව්වේ ගත කරන වකවානුවේ රනිල්ගේ මව වන නාලිනි වික්‍රමසිංහ ජීවත්වූයේද අරලියගහ වලව්වේමය.
 
වරක් රනිල් අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ කතා පවත්වද්දී රුවැති කාන්තාවක් දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ මහජන ගැලරියේ සිටය. අගමැතිවරයාගේ කතාව නිමවෙනවාත් සමග ඇය ගැලරියේ හිඳි අසුනෙන් නැගී සිටීම කාටත් අමුතු දසුනක් නොවීය. අගමැතිවරයා කතා පවත්වන විට කිහිප විටක්ම හිස ඔසවා ගැලරියේ සිටි ඇය දෙස බලනු කිසිවෙකුට ඇස ගැටුණේද නැත.
 
රනිල් අගමැතිට තමන්ගේ අනාගත බිරිඳ හමුවෙන්නේ ජීවන ගමනේ සිව්වැනි අදියරේදීය. මෛත්‍රී වික්‍රමසිංහ නම් වූ ඇය වෘත්තියෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරියක වූවාය. අවසානයේ රනිල් - මෛත්‍රී යුවළ අතිනත ගත් දින වඩාත් සතුටු වූයේ රනිල්ගේ මව වූ නාලනී වික්‍රමසිංහයි. මේ විවාහය දැකගන්නට රනිල්ගේ පියා වූ කෘතහස්ත පත්‍ර කලාවේදියෙකු හා ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ ජීවතුන් අතර සිටියේ නැත.
 
මෛත්‍රී වික්‍රමසිංහගේ විශේෂත්වය වෙන්නේ රනිල් වික්‍රමසිංහ නමැති දේශපාලනඥයාට පතුරු යන ලෙස බණින කිසිවෙකු ඔහුගේ ආර්යාව වෙන මෛත්‍රීට බැණ නොවැදීමය.
 
දැන් අප එළඹ සිටින්නේ ජනාධිපතිවරණයේ අවසර අදියරටය. එම ජනාධිපතිවරණයේ දී බිරින්දෑවරුන් 39 දෙනෙකු ආර්යාව වීමට සූට් මසාගෙන සිටියත්, “ජනපති ආර්යාව” වීමේ පින පල දෙන්නේ එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රියම්බිකාවට පමණි.
 

මහින්ද රණවීර