එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
අළු යට ගිනි එළියට පැන දේශපාලන ලෝකය ගිනි ගත්තේය. මේ ඒ ගිනියම් දේශපාලනය ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්රශ්නය:- මෛත්‍රී - මහින්ද මහ දවාලේ ප්රජාතන්ත්රවාදය ඉතාම බරපතළ විදියට අපයෝජනය කළා?
පිළිතුර:- නෑ. ප්රජාතන්ත්ර විරෝධී කිසිම දෙයක් මෙතැන වෙලා නෑ. ඔබ කියන්න මේක ප්රජාතන්ත්ර විරෝධියි කියලා කියන්න තියෙන සාධක මොනවාද කියලා?
ප්රශ්නය:- පාර්ලිමේන්තුවේ බහුතරය නැති කෙනෙකුට?
පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. රටේ මූලිකම නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව යමෙක් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව අර්ථකථනයක් ගන්න පුළුවන් නීතිපතිවරයාගෙන්. නීතිපතිවරයා ලබා දෙන අර්ථකථනය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒක තමයි රටේ සම්මත ක්‍රමය. ඉන් එහාට ගිහින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලාද කියලා පාර්ලිමේන්තුවෙන් අහන්න බෑ. එය කළ හැකි වන්නේ අධිකරණයෙන් පමණයි.
ප්රශ්නය:- ඔබ කියන්නේ මේ කරපු දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලයි.
පිළිතුර:- අනිවාර්යයෙන්ම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව මේ තීන්දුව සඳහා තල්ලු කළේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයයි. 2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙනවා. අගෝස්තු 17 වැනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්න ඡන්දය ඉල්ලනවා. හැබැයි දෙන්න පුළුවන් සියලු සහන දීලත් මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවේ 113 රනිල්ට දෙන්නේ නෑ.
ප්රශ්නය:- දැන් අගමැතිව ඉන්න මහින්දට දුන්නෙත් නෑ.
පිළිතුර:- ඒක හරි! මහින්දටයි - රනිල්ටයි දෙන්නටම 113 ලැබුණේ නෑ. එහෙම නම් බහුතර ජනමතය තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයට විතරයි. ආණ්ඩුව ගෙන යාමට බහුතර ජනමතය තියෙන්නේ ජනාධිපතිවරයට. ඒ බහුතර ජනමතය ගන්නකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ රටට දුන්න පොරොන්දු මාලාවක් තිබුණා. හැබැයි ආණ්ඩුව අරගෙන මාසයක් ගතවන්නත් පෙර බැඳුම්කර කොල්ලය හරහා මහ දවාලේ මහ බැංකුව කොල්ල කෑවා. එතැන් සිට දිගින් දිගටම මෛත්‍රී-රනිල් ගැටුම් ඇවිළිලා ගියා. පහුගිය අවුරුදු තුන හමාර තුළ අපි දැක්කේ ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පක්ෂය අතර ගැටුම්. සිරිසේන ජනාධිපතිතුමා කැබිනට් එකේදී දැඩ දෝෂ දර්ශන එල්ල කළා. මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාට ගහනවා දැක්කා. මේ දේශපාලන අස්ථාවර බව විසඳගන්න බැරි වුණා. කමිටු පත් කළා. ඒත් විසඳාගන්න බැරි වුණා. ඔය අතරේ අපි අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. එතැනදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ව්‍යංගයෙන් අපට සහයෝගය දුන්නා.
ප්රශ්නය:- නමුත් අන්තිම මොහොතේ කර ඇරියා?
පිළිතුර:- ඕවට විවිධ කාරණා බලපාන්න ඇති. ජනාධිපතිවරයා විවිධ ක්‍රමවලින් මේ ප්රශ්නය විසඳාගන්න බැලුවා. කරු ජයසූරියට අගමැතිකම බාරගන්න කිව්වා. සජිත්ට කිව්වා. රංජිත් මද්දුම බණ්ඩාරට අගමැතිකම බාරගන්න කිව්වා. එහෙම වෙනසක් වුණා නම් මේ යහපාලන ආණ්ඩුව තවත් ඉදිරියට යනවා. ඒකත් රනිල් වික්‍රමසිංහ වැළැක්වූවා. අවසානයේදී මොකක්ද වුණේ. අවසානයේදී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් දියත් වුණා. ජනවරම තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට වුණාට රට පාලනය කළේ රනිල් කියලා කවුරුත් දන්නවා. ඒ නිසා මේ දේශපාලන අස්ථාවර භාවයට මුළුමනින්ම වග කියන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ මහත්මයයි. එතුමා ගත්තු තීන්දු නිසා තමයි අද මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ. එතුමාගේ ඒකාධිපති පාලනය නිසා එතුමා ගත්තු තනි තීන්දු නිසා තමයි මේ ඔක්කොම වුණේ.
1970 ඉඳලා 23 පාරක් පාර්ලිමේන්තුව කල් දාලා තියෙනවා. ’92 දී ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගය ආපු වෙලාවේ දවස් 24 කට පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒක අනුමත කරලා එදා පාර්ලිමේන්තුවේ කතා කළේ සභානායක හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයයි. මැතිවරණ නොපවත්වන ඔය කණ්ඩායමට ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න පුළුවන් ද?
ප්රශ්නය:- නමුත් ජනාධිපති මෛත්‍රීගේ ජාතිය ඇමතීම ගත්තොත් ‘මරණ භය’ නිසා මේ තීන්දුව ගත්තා කියලයි පේන්නේ?
පිළිතුර:- එතුමා කිව්වා වෙච්ච හොරකම්, ගනුදෙනු ගැන. එතුමා මේවා වළක්වන්න දිගින් දිගටම උත්සාහ කළා. අන්තිමට වුණේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමයි. එතැනට ගියාට පස්සේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිටිපස්සේ ඇමැතිවරයෙක් ඉන්නවා කියලා හෙළි වුණාට පස්සේ ඊටත් පස්සේ මොකක්ද කරන්නේ? අන්තිමට ජනාධිපතිතුමාට සිද්ධ වුණා මේ අස්ථාවර රට ස්ථාවර කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට රට බාර දෙන්න.
ප්රශ්නය:- ඕනෑම දෙයක් කළ යුතුව තිබුණේ වඩාත් ප්රජාතන්ත්රවාදීවයි?
පිළිතුර:- වඩාත් ප්රජාතන්ත්රවාදී විදියට තමයි මම ඔබට කිව්වා මේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ ඉඳන් විධායක ජනාධිපති දක්වා හැම කෙනෙක්ම බැඳිලා ඉන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ඒකට අනුව කටයුතු කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.1 පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ගත හැකි විධි විධාන.
ප්රශ්නය:- මේ සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයා විමසා තිබුණා?
පිළිතුර:- ඔව්. 27 වැනිදා උදේ 10.48 ට කථානායකවරයා වැඩබලන නීතිපතිවරයට ඊමේල් පණිවිඩයක් යවලා අහනවා ‘මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති හැටියට පත් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ‘මම තවමත් අගමැති’ කියලා කියනවා. කැබිනට් මණ්ඩලයත් පත් කරලා තියෙනවා. මේ ගැන මට පැහැදිලි කිරීමක් කරන්න’ කියලා. වැඩබලන නීතිපතිවරයාට හරියටම පැය භාගයයි ගියේ තීන්දුව දෙන්න. මොකද මේක සංකීර්ණ තත්ත්වයක් නොවෙයි. පැය භාගයෙන් වැඩබලන නීතිපතිවරයා පිළිතුරු එවනවා.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.1 වගන්තිය කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න’ කියලා. හරි සිම්පල්. ඒ අනුව හරි පැහැදිලියි ව්‍යවස්ථාවට අනුව මේ කටයුතු කෙරිලා තියෙනවා.
ප්රශ්නය:- වැඩබලන නීතිපතිවරයා හා කථානායකවරයා අතර වෙච්ච ඊමේල් පණිවිඩ හුවමාරුව ගැන ඔබ දන්නේ කොහොමද?
පිළිතුර:- කථානායකවරයා මේක හැංගුවා. මේක එළියට දැම්මේ නැහැ. ඒත් අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේක ලබා ගත්තා. හරි. මේක ප්රජාතන්ත්ර විරෝධී නම් ව්‍යවස්ථා විරෝධී නම් ඇයි රනිල් අධිකරණයට නොයන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ඒ ගොල්ලෝ පරාදයි.
ප්රශ්නය:- එතකොට පාර්ලිමේන්තුවේ බහුතරය?
පිළිතුර:- මේ මෙහෙයුම පටන් ගන්න කොට එක්සත් ජාතික පක්ෂයට 106 යි. අපිට 95 යිනේ තියෙන්නේ. මේ සාකච්ඡාව කෙරෙන මොහොත වන විට යූඑන්පියෙන් පස් දෙනෙක් ඇවිත් ඉන්නවා. රතන හාමුදුරුවොත් ඉන්නවා. එතකොට අපි 101 යි. යූඑන්පිය 100 යි. මේ කතා කරන මොහොත වන විටත් බහුතරය තියෙන්නේ අපිට. තවත් ඕනෑ නම් තවත් පෙන්නන්න පුළුවන්.
ප්රශ්නය:- එහෙනම් මොකටද පාර්ලිමේන්තුව කල් දැම්මේ?
පිළිතුර:- ජනාධිපතිතුමාට ඒ බලතල තියෙනවා. හදිසි අවස්ථාවකදී ජනාධිපතිතුමාට ඒ ක්‍රියාමාර්ගය ගත හැකියි. 1970 ඉඳලා 23 පාරක් පාර්ලිමේන්තුව කල් දාලා තියෙනවා. ’92 දී ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගය ආපු වෙලාවේ දවස් 24 කට පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒක අනුමත කරලා එදා පාර්ලිමේන්තුවේ කතා කළේ සභානායක හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයයි. මැතිවරණ නොපවත්වන ඔය කණ්ඩායමට ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න පුළුවන් ද? ප්රජාතන්ත්රවාදයේ මූලික ලක්ෂණයක් තමයි ජනතාවගේ පරමාධිපත්‍යය, ජනතාවගේ ඡන්ද බලය. ඒ ඡන්ද කල්දාපු කණ්ඩායම අද ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා. මෙතැනට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තල්ලු කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාම තමයි.
ප්රශ්නය:- ඇත්තම කතාව ගත්තොත් පාර්ලිමේන්තුව කල් දැම්මේ ඔබලාට බහුතර බලය නැති නිසයි?
පිළිතුර:- නෑ. පාර්ලිමේන්තුව කල් දාන්න මූලික හේතුව තමයි දැන් අපට අය වැය ඉදිරිපත් කරන්න තියෙන්නේ. මංගලගේ අය වැය අපි දාන්නේ නැහැ. මංගලගේ මිල සූත්‍රය අපි දාන්නේ නැහැ. ඉතිහාසයේ හොඳම සහන දෙන අයවැයක් අපි ගේන්නේ. ඒකට අපිට කාලය අවශ්‍යයි. මැති ඇමැතිවරුන් දිවුරුම් දෙන්න ඕනෑ. ලේකම්වරුන් පත් කරන්න ඕනෑ. කැබිනට් මණ්ඩලය රැස්වෙන්න ඕනෑ. අපි කල් දාලා තියෙන්නේ දවස් පහයි. ඉතින් දවස පහක් පාර්ලිමේන්තුව කල් දැම්මා කියලා මොකක්ද තියෙන ප්රශ්නය.
ප්රශ්නය:- ඉතින් ඔය කොයි දේ කරන්නත් ආණ්ඩුවට සුජාත බවක් අවශ්‍යයිනේ. ඒකට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය යුතුයි?
පිළිතුර:- මෙතැනදී විවිධ කතා කියන්න පුළුවන්. මම ඔබට මුලිනුත් කිව්වේ අපි ඔක්කොම බැඳිලා ඉන්නවා රටේ නීතියට. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නැහැ කියලා වැඩබලන නීතිපතිවරයා ප්‍රකාශ කරනව නම් මොනවද මෙතැන කතා කරන්න තියෙන්නේ? ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන්නේ 16 වැනිදා වෙනකම් ඉන්න කලබල නැතිව. 16 වැනිදාට එයාට බහුතරය තියෙනවා නම් පෙන්වන්න කියන්න. ඇයි කලබල එයා. එයාට දවස් පහක් ඉන්න බැරිද? හොඳයි මෙතැන ප්රජාතන්ත්ර විරෝධී දෙයක් වෙලා තියෙනවා කියලා කියන්න. ඉතින් 16 වැනිදා වෙනකම් ඉන්න. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ බරපතළ අර්බුදයක්. මේ වෙනකොට සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට ගේන්න වැඩපිළිවෙළක් යනවා. 16 වැනිදාට පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහට මොකද වෙන්නේ කියලා බලාගන්න. ඒ සිද්ධ වෙන දේට සජිත් ප්‍රේමදාස නායකත්වය දෙනවා. රනිල් විරෝධී දැවැන්ත කැරැල්ලක් යූඑන්පිය ඇතුළේ ඇවිළිලා. දැක්කද ඔබ සජිත් ප්‍රේමදාසගේ කතාව. ඒ නිසා යූඑන්පිය ඇතුළේ අර්බුදය වහන්න බෑ.
ප්රශ්නය:- ඔබ කියන විදියට ඔය ඔක්කොම දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ඇති. ප්රජාතන්ත්රවාදයට අනුකූල ඇති. ඒත් ඒ කරපු දේ ශීලාචාරද?
පිළිතුර:- හොඳයි. කෙනෙකුට මේක අශීලාචාරයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මේ රටට කරමින් හිටපු දේ ශීලාචාරද? යහපාලනය කියලා කරගෙන ආපු දේවල් ශීලාචාරද? දින පහක් පාර්ලිමේන්තුව කල් දාපු එක අශීලාචාරයි. එතකොට ඡන්ද නොතියා ඉන්න එක ශීලාචාරද? බැඳුම්කර මංකොල්ලය ශීලාචාරද? රටේ ආර්ථිකය කඩාවැටිලා. රුපියල නහුතෙට බැහැලා. සමාගම් වහනවා. ව්‍යාපාර කඩාවැටිලා. විදේශ සංචිත නෑ. ආයෝජන නෑ. සංචාරකයෝ නෑ. රට ආර්ථික වශයෙන් බිංදුවටම කඩාවැටිලා. නීතියේ ආධිපත්‍යය කෝ? එෆ්.සී.අයි.ඩී. එක දාලා සිරිකොතට ගෙන්නගෙන නඩු හදලා නඩු දානවා. මේවා ශීලාචාරද? පාතාලය හිස ඔසොවලා. මත්කුඩු වැඩි වෙලා. රාජ්‍ය සම්පත් විකුණනවා. රට කොහාටද ගෙනියන්නෙ. සිරිසේන ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. ‘මටයි ජනවරම දුන්නේ’ ඔහු බැඳිලා ඉන්නවා ඒ වගකීමට. රනිල්ට ඒ වගකීම නෑ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව බිත්තියට හේත්තු කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඒ නිසා ඔය ඔබ කියන අශීලාචාර දෙයක් වෙලා තියෙනවා නම් ඒකේ වගකීම බාරගන්න ඕන රනිල්.
ප්රශ්නය:- පාර්ලිමේන්තුව වැහුවා. ඇමැතිකම් ටික ඇරියා. මේ යන්නේ පරණ සූදුව?
පිළිතුර:- අපේ රටේ ඉතිහාසය ගත්තොත් පාර්ලිමේන්තුවේ මේ පළමු අවස්ථාව නොවෙයි. ආණ්ඩුවක් හදන්න යනකොට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා. අපි මේවා බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවෙයි. ජනාධිපතිතුමාට අන්තිමට කරන්න දෙයක් නැති වුණාම කතා කරලා හදිසියේ ආපු එකඟතාවක්. මාස ගණනක් තිස්සේ කරපු සැලසුමක් නොවෙයි. මේක බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. රට පිළිබඳ ප්‍රශ්නයක්.
ප්රශ්නය:- නමුත් වෙන්දේසි කෙරෙන්නේ ඇමැතිකම්?
පිළිතුර:- එන අයට දෙන්න වෙනවා තමයි. 113 හදාගන්න එපැයි. ඒ එන අයට යම් අවස්ථාවක් දිය යුතුයි. එදා කරු ජයසූරිය මහත්තයලා ආවම ඇමැතිකම් දුන්නේ නැද්ද? එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා එස්.බී.ලා, ජී.එල්ලා ගත්තේ ඇමැතිකම් දීලා නොවෙයිද? ඒක තමයි පාර්ලිමේන්තුවේ හැටි.
ප්රශ්නය:- මේ අර්බුද සුළිය විසඳගන්නේ කොහොමද?
පිළිතුර:- ඇත්තටම මෙතැන මුකුත් වෙන්නේ නැහැ. අපිට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන්න අවශ්‍යත් නෑ. පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්විය යුතු වෙලාවකදී තමයි එය පෙන්විය යුත්තේ. ඒ අයට පුළුවන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න. එහෙම නැත්නම් අය වැය පරාජය කරන්න පුළුවන්. අපේ තාම ඇමැති මණ්ඩලය දිවුරුම් දීලා අවසන් නැහැ. අපි අලුත් මුහුණුවරකින් මේ ගමන යන්න ඕනෑ. පරණ පාරේ යන්න බෑ. ඒ නිසා ඇමැති මණ්ඩලය දිවුරුම් දීලා ඉවර වෙනවත් එක්කම මේ අර්බුදය විසඳිලා තියේවි. එතකන් ඉන්න.
බැඳුම්කර කොල්ලයට එරෙහිව රනිල් වික්‍රමසිංහ ඇතුළු යූඑන්පී එකේ ඇමැතිවරුන් 25 දෙනෙකුට වැඩියෙන් නඩු වැටෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසකට අධිකරණයට යන්න වෙනවා. අපි දීපු ටොප් - 10 පැමිණිලිවල යූඑන්පියේ ඇමැතිවරුන්
10 දෙනෙකුට එරෙහිව චෝදනා තියෙනවා.
ප්රශ්නය:- කොහොම වුණත් මේ තත්ත්වය තුළ අපේ රට ජාත්‍යන්තරය තුළ කොන් වෙනවාද?
පිළිතුර:- ඔය කියන ජාත්‍යන්තරයට රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත. හැබැයි සිංහල පිටපතේ තියෙන්නේ එහෙම නොවෙයි. සිංහල පිටපත දුන්නේ තානාපතිවරුන්ට. ඒ තානාපතිවරුන්ව නොමග යැව්වා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පෙරේදා තානාපතිවරුන් කැඳෙව්වා. ඒ තානාපතිවරුන් කිව්වේ ව්‍යවස්ථාවට එකඟව ඔබතුමා කරන ඕනෑම දෙයකට අපි එකඟයි කියලයි. වැඩබලන නීතිපතිවරයා මේක ව්‍යවස්ථා විරෝධී නෑ කියලා කිව්වට පස්සේ ඔය ප්රශ්නය කවුරුවත් මතු කරන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් යූඑන්පිය කලබල වෙලා තියෙන්නේ රනිල්ව අයින් කළාට නොවෙයි. මේ තියෙන්නේ මර බිය. බැඳුම්කර කොල්ලයට එරෙහිව රනිල් වික්‍රමසිංහ ඇතුළු යූඑන්පී එකේ ඇමැතිවරුන් 25 දෙනෙකුට වැඩියෙන් නඩු වැටෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසකට අධිකරණයට යන්න වෙනවා. අපි දීපු ටොප් - 10 පැමිණිලිවල යූඑන්පියේ ඇමැතිවරුන් 10 දෙනෙකුට එරෙහිව චෝදනා තියෙනවා. මේ අය මේවාට බයයි. මර බයෙන් ඉන්නේ. ඇයි අර්ජුන රණතුංග හිටපු ඇමැතිවරයා ෆයිල් අරන් යන්න ආවේ. අද ඇමැතිවරු බයවෙලා, වෙව්ලනවා. අන්න ඒ මරබියෙන් තමයි ඔය ළතෝනි දෙන්නේ.
ප්රශ්නය:- කොහොම වුණත් මේ තීරණයට දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විරුද්ධයි?
පිළිතුර:- ඒ ප්‍රශ්න ඔක්කොම විසඳා ගත්තා. මෙහෙමනේ අපි දෙපැත්තකනේ හිටියේ. මේක ක්ෂණිකව ආපු තීන්දුවක්. ඒ නිසා ඔළු හදන්න එපැයි. ඒ ප්රශ්නය මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙත් තියෙනවා. අපේ පාර්ශ්වයෙත් තියෙනවා. හැබැයි මහින්ද මහත්තයා තීරණයක් ගත්තම අපි එකපයින් හිටගත්තා. විවිධ මත තිබුණා. හැබැයි අපි ඔක්කොම දැන් එක මතයකට ආවා.
ප්රශ්නය:- දැන් ඔබලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද?
පිළිතුර:- අපි මේ වෙලාවේ පොහොට්ටුවද? අතද? කකුලද? අලියද කියලා හිතන්නේ නෑ. අපට වඩාත් වැදගත් වෙන්නේ රට. මේ වැටිල තියෙන රට ගොඩනැගීම තමයි අපේ මූලික අරමුණ. අරමුණ මුල් කරගත් ගමනක් අපට තියෙන්නේ. ඉතිරි ඒවා ඔක්කොම පස්සට.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්