“කලින් කලට මහජනයා විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයකු වෙත විධායක බලතල පැවෙරනවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කෙරෙන අතර පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් හිමි කරගෙන සිටින පක්ෂයෙන් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා තෝරා පත්කර ගන්නවා ඇත. සෙසු ඇමැතිවරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගන්නවා ඇත.
විධායක බලධාරිෙයකු අපේ රටේ නායකයා විය යුතුයි. අපට රාජ්‍ය නායකෙයකු සිටිය යුතුයි. දැනට අපේ රටේ රාජ්‍ය නායකයා නම් කරන්නේ අගමැතිවරයා විසිනුයි. එහෙත් ඔහු ඉන්පසු අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය. එහෙම නම් මෙවැනි රාජ්‍ය නායකෙයකුගෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද? රාජ්‍ය නායකයා ක්‍රියාත්මක කරන්නේ අග්‍රාමාත්‍යවරයා කියන දේ නම් රජ ගෙවල් පවත්වාගෙන යාමේත්, පඩිනඩි හා වෙනත් වේතන ලාභ රාජ්‍ය නායකයාට ලබාදීමේත් ප්‍රයෝජනය කුමක්ද?
&අප ජනාධිපතිවරෙයකු තෝරා ගැනීමේ අයිතිය මහජනතාවට ලබා දෙනවා... මහජනයා ඍජුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඔහු තෝරාගත හැකියි... දැන් වගේ නොව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාම වෙනම ජනපතිවරණයක් අප පවත්වනවා... මුළු රටම මැදිහත් වී ඔහු තෝරාගනු ඇති...”
අග්‍රාමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන 1977 සැප්තැම්බර් 22 වැනිදා ජාතික රාජ්‍ය සභාවේදී කළ කතාවේදී එසේ සඳහන් කළේය. හැත්තෑ හතේ ජූලි මහ ඡන්දයේ දී හයෙන් පහක ජනවරමකින් බලයට පත්වූ ඔහු මෙම කතාව කළේ විධායක ජනාධිපති ක්‍රමය සකසමින් සිටිනවිටය. 1978 පෙබරවාරි 4 වැනිදා ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයා විධායක ජනපති ලෙස දිවුරුම් දුන්නේය.
විධායක ජනාධිපති ක්‍රමය යටතේ මෙරටට ලැබුණු අපූරු දායාදයක් වූයේ “ජනාධිපති සංස්කෘතියක්” ස්ථාපිත වීමය. දේශපාලකයන් යටතේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී තිබුණද ජනාධිපති සංස්කෘතියක් නිර්මාණය වූයේ 1978 දී අභිනව තනතුර ස්ථාපිත වීමෙන් පසුවය. ඒ යටතේ එතෙක් ආණ්ඩුකාරවරයාට සහ අගමැතිවරයාට තිබූ බලතල විධායක ජනාධිපතිවරයා වටා ඒකරාශී විය. එම බලතල අසීමිතය. එම අසීමිත බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාට වෙනමම රාජ්‍ය හා මන්ත්‍රී යාන්ත්‍රණයක්, නිලධාරී තන්ත්‍රයක් ගොනු කරගත යුතු විය. ජනාධිපති සංස්කෘතිය ගොඩනැගුණේ එමගිනි.
මෙරට ජනාධිපතිවරෙයකු වෙනුවෙන් ප්‍රථමයෙන්ම කොඩියක් නිර්මාණය වූයේ 1972 දී එවකට නාමමාත්‍රික ජනාධිපති විලියම් ගොපල්ලව වෙනුවෙනි. ඔහුගේ ලාංඡනය වූයේ එම කොඩියය. ඉන්පසුව 1978 දී මෙරට පළමු විධායක ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන එම ධජය ඉවත් කර තමාගේම කොඩියක් හදාගත්තේය. ඉන්පසුව බලයට ආ රණසිංහ ප්‍රේමදාස, ඉන්පසුව කෙටි කාලයකට බලයට ආ ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරු සියලු දෙනාම තම තමන්ට අනන්‍ය වූ ජනාධිපති කොඩි භාවිතයට ගත්හ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් ජනාධිපති කොඩියක් භාවිත කළේ නැත.
සියලු සුළු ජාතික පක්ෂ විධායක ජනාධිපතිවරයා වටා රොද බැඳීම ජනාධිපති සංස්කෘතිය යටතේ නිරායාසයෙන්ම සිදුවෙයි. තොණ්ඩමන්ගේ සිට අෂ්රොෆ් දක්වා ප්‍රධාන සුළු ජාතික පක්ෂ නිරතුරුවම පවසා ඇත්තේ රටේ විධායකය රැකගත යුතු බවත් සුළු ජාතිකයන් වෙන තමන්ට තම ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා කේවල් කිරීමේ හැකියාව විධායකය නිසා පහසු වී ඇති බවත්ය. අගමැති ප්‍රමුඛ පැරැණි පාලන ක්‍රමයට වඩා ඉක්මනින් සුළු ජාතික පක්ෂවලට විධායක ජනාධිපති සමග ගනුදෙනු කිරීම පහසුය. එහිදී බොහෝ ජනාධිපතිවරුන් සුළු ජාතික පක්ෂවල වැඩි ජනප්‍රියත්වයක් ඇති ප්‍රාදේශීය නායකයන් සුළු ජාතික පක්ෂ නායකයාට බාහිරව පෞද්ගලිකව සාකච්ඡා කර තමාගේ පාර්ශ්වයට නැඹුරු කරගත් අවස්ථා බොහොමයක් තිබේ. අෂ්රොෆ්ගෙන් පසු මුස්ලිම් කොංග්‍රසය දස වතාවකට වඩා කැඩී ගොස් ඇත්තේ ජනාධිපතිවරුන් මුස්ලිම් නායකයන් වෙනම දිනාගැනීමට කළ උත්සාහ නිසාය. මෙවර මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මුස්ලිම් පක්ෂයේ නායක රිෂාද් බදුර්දීන් යන දෙදෙනාම කියා සිටියේ ජනාධිපතිවරයා තමන් මගහැර තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරණයේ සහායට බඳවා ගත් බවය.
සුළු ජාතීන් ඍජුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නැඹුරු වූයේ එම ධුරයේ ඇති අති විශාල බලය නිසාය.
විධායක ජනාධිපති ක්‍රමය යටතේ ඇතිකරන ලද නව පාලන ක්‍රමයේ වැදගත්ම ස්ථානය ගන්නේ දේශපාලකයාය. ජනතාව සියලු පාලන බලතල ජනාධිපතිවරණයේ දී ජනාධිපතිට අතට පත් කළ පසු ඇමැතිවරුන් වෙත අමාත්‍යාංශ පාලන බලතල බෙදා දෙන්නේ ජනාධිපතිවරයාය. ඇමැතිවරුන්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශවල මූල්‍ය පාලනය භාරවෙන්නේ අමාත්‍යංශයේ ලේකම්වරයාටය. එහෙත් 1978 බිහිකළ ආණ්ඩු ක්‍රමය යටතේ අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යංශයේ සර්ව බලධාරී මූල්‍ය පාලකයා නොවේ. නිරතුරුවම ඔහුට ඉහළින් සිටින්නේ අැමැතිවරයාය. ඔහු ලබාදෙන මූල්‍ය උපදෙස්..... මිලදී ගැනීම් සඳහා තම අත්සනින් එය නීත්‍යනුකූල කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාය.
මෙවැනි තත්ත්වයක් මත ඇමැතිවරයා ලබාදෙන ඕනෑම මූල්‍ය වියදමක් ඉටුකර දීමට ලේකම්වරයා බැඳී සිටී. එසේ නොකෙරතොත් ජනාධිපතිවරයාට පැමිණිලි කර වෙනත් ලේකම්වරයෙකු තම අමාත්‍යංශයට ලබාගැනීමට ඇමැතිවරයාට හැකියාව ඇත. එවිට පෙර කී ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට හෝ වෙනත් අමාත්‍යාංශයකට මාරු කෙරෙන්නේ ක්ෂේත්‍රයේ බැඳෙන ‘හංවඩුවකුත්’ සමගය. එහෙයින් තම ඇමැතිවරයා කියන දේ ඉටුකරමින් ඔහු සමග හොඳින් රාජකාරි කිරීමට ලේකම්වරු නිරතුරුව වග බලා ගනිති. විධායක ජනාධිපති ක්‍රමය යටතේ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිය. ඒ නිසා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයාගේ අණට අතිශය කීකරුය.
ජේ.ආර්. ජනාධිපති පදවියට පත්වූ මුල් කාලයේත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක ඒකකයක් හෝ බළ ඇණියක් තිබුණේ නැත. ජනපති ආරක්ෂාව භාරවූයේ පොලිස් නිලධාරීන්ටය. පොලිස් අධිකාරිවරයකු යටතට පත්වූ පොලිස් නිලධාරීන් කිහිපදෙෙනකු ජනාධිපති මන්දිරය ඉදිරිපස ගේට්ටු අරක්ගෙන සිටියත් එහි විධිමත් ආරක්ෂාවක් වූයේ නැත. 1983 ජූලි කලබල ඇතිවීමට ටික කාලයකට පෙර, ජනාධිපති පුත් රවී ජයවර්ධන තම පියාට විශේෂ ආරක්ෂක අංශයක් ස්ථාපනය කර දුන්නේය. පොලිසියේ පුහුණුවලත් පොලිස් නිලධාරීන් කිහිප දෙෙනකු එකතු කර ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදුන් රවී ජයවර්ධන, ජනාධිපති ආරක්ෂක ඒකකය පිහිටුවීය. පසුව එය ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය (පී.එස්.ඩී) බවට විධිමත් ලෙස ස්ථාපිත කෙරිණ. ක්‍රමයෙන් ප්‍රභූ ආරක්ෂක අංශ අතර විශේෂ ඒකකයක් ලෙස ස්ථාපනය වූ පී.එස්.ඩීය ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට විශේෂිත හේතු මත ඇතැම් අවස්ථාවල අපකීර්තියටද පත් විය.
පාතාල නායකෙයකු ලෙස හැඳින්වූ සොත්ති උපාලි සහ පාතාල නායකයකු බව කියූ බැද්දගානේ සංජීව යන දෙදෙනා ජනාධිපතිවරුන් දෙදෙෙනකු යටතේ පී.එස්.ඩීයේ සාමාජිකයන් ලෙස සිටි බවට එකල විපක්ෂයෙන් බොහෝ චෝදනා එල්ල විය. කෙසේ වෙතත් ජනාධිපති ආරක්ෂක ඒකකය එයටම අනන්‍ය වූ නිල ඇඳුමකින් සැරසීමට පසුකාලීන ජනාධිපතිවරුන් උත්සාහ දැරීමේ ප්‍රතිඵලය වූයේ “ජනාධිපති සංස්කෘතිය” මෙරට ප්‍රචලිත කිරීමට හා ජනාධිපතිවරයා සර්ව බලධාරී නායකෙයකු කිරීමේ වෑයම ගර්හාවට ලක්වීමය.
පසුකාලීන විවේචකයන් කුමක් කීවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් බිහි කරන ලද විධායක ජනාධිපති ක්‍රමයෙන් ඒකාධිපති පාලකයකු බිහිවූවා සේම බොහෝ හැලහැප්පිලි මැද වුවත් ශ්‍රී ලංකා ජනරජය ස්ථාවර විය.
1987 – 89 කැරැලි සමයේ ශ්‍රී ලංකා ජනරජය ස්ථාවරව පැවතියේ විධායක ජනාධිපතිවරයා සියලු සන්නද්ධ හමුදා මෙහෙයවමින් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව පාලනය කළ නිසාය. දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තු අනුමැතිය පසුව ගැනීමට ඉඩ තබාගෙන ජනාධිපතිවරයාට නීති පැනවීමේ හා ක්‍රියාත්මක කිරීමේ බලය තිබේ. උතුරේ යුද ගැටුම අවසන් කළ අවසන් සටනේ දී විධායක ජනාධිපති ධුරයේ වටිනාකම හොඳින්ම පෙනුණේය. එලෙසම දෝෂාභියෝග යෝජනාවක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේම අත්සනින් ප්‍රේමදාස ජනාධිපතිවරයා බලයෙන් නෙරපීමට ගත් වෑයම අසාර්ථක කරන ලද්දේ ද විධායක ජනාධිපති ධුරයේ පවතින බලය නිසාය. මේ සියලු අවස්ථාවලදී විධායක ජනාධිපතිගේ රැස් මාලාව යටතේ ජීවත් වෙන අති විශාල පිරිසකගේ සහය රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට හිමිවිය.
ජනාධිපති ධුරය තුළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමම එහෙයියන් කණ්ඩායමක් බවට පත්වේ. ජේ.ආර්. ගේ ආණ්ඩු සමයේ මෙම තත්ත්වය ප්‍රසිද්ධියට පත්වුණේ 1982 ජනමත විචාරණය සමයේ ජේ.ආර්. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තමා ළඟ තබාගෙන සිටි නිසාය. ජනාධිපතිවරයා යනු රටේ සර්ව බලධාරී පාලකයා බවටත් ඔහුගේ වචන රටේ නීතිය බවටත් මහජනතාව අතර තහවුරු කිරීමට මෙවැනි ක්‍රියා හේතු විය.
ජනාධිපතිවරයා වටා බල වළල්ලක් ඇතිවීමට තවත් හේතුවක් වූයේ උසාවි නියෝග පවා පිළි නොපදින අධිකාරී බලයක් ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කිරීමය. උදාහරණයක් හැටියට, ජයවර්ධන රජය සමයේ ‘පැවිදි හඬ’ නඩුව දැක්විය හැකිය. මහා මැතිවරණය නොතබා පාර්ලිමේන්තු නිල කාලය දිගු කරගත් 1982 ජනමත විචාරණයට එරෙහිව උද්ඝෝෂණය කළ “පැවිදි හඬ” භික්ෂු සංවිධානය මර්දනය කළ එවකට ගම්පහ ජ්‍යේෂ්ඨ පොලිස් ප්රධානිෙයකුට එරෙහිව. ‘“පැවිදි හඬ” අධිකරණයේ පිහිට පැතීය. නඩු තීන්දුව ලැබුණේ පොලිස් නිලධාරියා වැරැදිකරු කරමිනි. පොලිස් නිලධාරියා විසින් ‘පැවිදි හඬ’ සංවිධානයට ගෙවීමට නියම කළ වන්දිය ජයවර්ධන රජය විසින් උසාවියට ගෙවන ලදී.
වැරැදිකරු වූ පොලිස් නිලධාරියා සේවයෙන් ඉවත් කරනු වෙනුවට රජය ඔහුට උසස්වීමක් ලබාදුන්නේය. එමගින් පොලිසිය යනු තම රජයේ දේශපාලන ආයුධයක්ය යන පණිවිඩයද රටට දුන්නේය.
1980 වෙද්දීම ලංකාවේ විධායක ජනාධිපතිවරයා ඇමෙරිකාවේ ජනාධිපතිටත් වඩා බලසම්පන්නය යන මතයක් රටේ ඇතිවෙමින් පැවතිණි. පෙර කී නඩු තීන්දුවලට ජනාධිපතිගේ ප්‍රතිචාර එම මතය තවදුරටත් ස්ථාවර කළේය. කිසිම නඩුවක් සඳහා ජනාධිපතිවරයා පාර්ශ්වකරුෙවකු කළ නොහැකිවීම මත අධිකරණයටත් ඉහළින් ජනාධිපති සිටින බව රටේ කවුරුත් වටහා ගත්තෝය. ඒ සමගම නිතරම බලවතා සමඟම සිටින්නට කැමැති ව්‍යාපාරිකයෝද දේශපාලකයෝද දාමරිකයෝද අභිනව ජනාධිපති රැස් වළල්ලට වැදී ආරක්ෂිතව පසුවූහ.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඇති, වැඩවර්ජනය කිරීමේ නිදහස විධායක ජනාධිපති ක්‍රමය තුළ සම්පූර්ණයෙන්ම ඇන හිටියේය.
1980 ජූලි මහා වැඩවර්ජනය කඩාකප්පල් කර දහස් සංඛ්‍යාත පිරිසක් රැකියාවලින් දොට්ට දැමුවේ වසර ගණනාවකට යළිත් එවැනි වර්ජන ඇති නොවෙන්නටය. ඉන්පසුද කුඩා වර්ජන පැන නැගුණු අවස්ථාවලදී ඒවා පාලනය කළේ දැළි පිහි, බයිසිකල් චේන්, ඩප්පි වැනි ආයුධ ගත් නිල නොවන හමුදා කණ්ඩායම්වල උදවුවෙනි. පසුකාලීන බොහෝ ජනාධිපතිවරුද මේ ක්‍රමය ඊටත් වඩා සාර්ථක ලෙස පවත්වාගෙන ගියහ.
ප්‍රේමදාස පාලනය තම සතුරන්ගේ පමණක් නොව, තම ඇමැති මණ්ඩල සාමාජිකයන්ගේ පවා සියලු දුරකථනවලට රහසේ සවන් දුන්නේය. ජේ.ආර්. රජය සමයේ එය කළේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙනය. එහෙත් ප්‍රේමදාස එය දේශපාලකයන්ට අදාළ කළේය. ලෝරන්ස් ඒකකය නම් හිටපු පොලිස් අධිකාරිවරෙයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ විශේෂ ඒකකයක් මගින් මෙම ඔත්තු බැලීම හා දුරකතනවලට රහසේ සවන් දීම සිදුවිය. පසුකාලීනව, ප්‍රභාකරන් ඝාතනය කළ යුද ජයග්‍රහණයෙන් පසු, එවකට රජය නවීනතම යන්ත්‍ර සූත්‍ර ගෙන්වා දේශපාලකයන්ගේ පමණක් නොව මාධ්‍යවේදීන්ගේ පවා දුරකතනවලට රහසේ සවන් දුන්නේය.
තමාගේ නිල බලය යොදාගනිමින් බොහෝ ජනාධිපතිවරු තම හිතවතුන්ට පදවි තානාන්තර පවරා දුන්නේය.
ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩලයට පත්කරගත හැකි නිලධාරීන් හා ලේකම්වරුන් පිළිබඳ සීමාවක් ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. ඒ අනුව තමාගේ අභිමතය පරිදි අසීමිත නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට ජනාධිපතිවරෙයකුට බලය ඇත. ව්‍යවස්ථාවේ 41 වගන්තියට අනුව එම බලය සඳහන් වෙන්නේ මෙසේය.
“41(1) ජනාධිපති ධුරයේ බලතල කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටුකිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව අවශ්‍ය වෙන ලේකම්වරයන් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයන් පත් කිරීමටද ඔවුන්ගේ සේවා නියමයන් සහ කොන්දේසි නිශ්චය කිරීමටද ජනාධිපතිවරයාට බලය ඇත්තේය. ඒ ලේකම්වරයන්ගේ ඒ නිලධරයන්ගේ සහ කාර්යය මණ්ඩලයේ වැටුප් ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන්නේය.” නීතිය එපරිදිය.
එහෙත් ව්‍යවස්ථාවේ සලසා ඇති එම ප්‍රතිපාදන අනුව ඒ ඒ ක්ෂේත්‍රයට විවිධාකාර ලේකම්වරුන්, ජනරාල්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සහකාර ලේකම්වරුන් වශයෙන් නිලධාරීන් සිය ගණනක් වුවත් පත්කරගත හැකිය. අතීත ජනාධිපතිවරුන් ද එසේ පත් කරගෙන ඇත.
නිලධාරී සංඛ්‍යාව වැඩි බව පවසා කිසිෙවකුටවත් අධිකරණයක නඩු පැවරිය නොහැකිය. එයට හේතුව නිලධාරීන් අසීමිතව පත් කරගත හැකි බව ව්‍යවස්ථාවේ 41 වැනි ඡේදය මගින් ඉතා පැහැදිලිව දක්වා ඇති නිසාය.
මහා පරිමාණ වෙළෙඳුන්, ආනයන ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් තම කටයුතු සිදු කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ රැස් වළල්ලේ අනුග්‍රහය ලබමිනි. මේ බොහෝ දෙනා දහස් ගණන් සේවකයන්ට රැකියා ලබාදුන් සුවිශාල සමාගම්වල හිමිකරුවන් වුවද, විවිධ සුවිශේෂී අණ පනත් හෝ ඉහළම ප්‍රභූවරුන්ගේ කටවචනය මගින් හෝ වාර්ෂික ආදායම් බදු නොගෙවා සිටීමේ වරමද හිමිය.
ඒ බදු සැලකෙන්නේ අය කරගත නොහැකි බදු හැටියටය. සාමාන්‍ය ගැමියෙකුට බැංකු ණයක් ලබාගැනීම අතිශය දුෂ්කර වුවත් මෙම සුපිරි පෙළේ ව්‍යාපාරිකයන්ට අඩු පොලියට විශාල ණය මුදල් ලැබෙන්නේ රැස් වළල්ලේ අනුග්‍රහයෙනි. මේ ණය බොහොමයක් කිසි දිනක ආපසු අය නොකෙරෙන ඒවාය.
ඒවා සමාජයේ කතාබහට ලක්වෙන්නේ ‘‘“බොල් ණය’’ හැටියටය. ජනාධිපති සංස්කෘතිය, ඉකුත් දශක හතරකට ආසන්න කාලයක් මෙවැනි බොල් ණය සඳහා අනුග්‍රහය දැක්වීය. බොහෝ ජනපතිවරුන්ගේ සුවිශාල මැතිවරණ වියදම් සඳහා බරපැන ලබාදුන් මෙවැනි සුපිරි ව්‍යාපාරිකයෝ පෙරළා ලැබෙන ත්‍යාගයක් ලෙස සුපිරි ණය මුදලකින් සෑහීමකට පත්වෙති. එම ණය වසර ගණනකට පසු බොල් ණය ලෙස කපා හැරීමේ භාග්‍යයටද ලක් වෙයි.
ජනාධිපති සංස්කෘතියේ රැස් වළල්ල එයටත් වඩා බොහෝ විශාලය.