නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ඇතැම් රටවල් මුහුණදී තිබෙන ප්‍රධාන ගැටලුවක් වෙනුයේ ජනගහනයට සාපේක්ෂව කාන්තා මහජන නියෝජිතවරියන් දේශපාලනය තුළ නියෝජනය නොවීමයි. යුරෝපය සහ එක්සත් ජනපදය වැනි රටවල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එහි යම් ප්‍රගතියක් පෙන්නුම් කළද අප්‍රිකානු හා ආසියානු රටවල් තවමත් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටියි.
1978 වසරේ බලාත්මක වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ශ්‍රී ලංකාව විධායක ජනාධිපති ක්‍රමවේදයකට මාරු විය. ඒ අනුව 1982 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් 8ක් පැවති අතර, 9 වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු තරග කරනු ලැබේ. මේ වසරේත් ජනාධිපතිවරණය සඳහා එකඳු හෝ අපේක්ෂිකාවක ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.
මෙතෙක් ක්‍රියාත්මක වූ ජනාධිපතිවරණවල ඉතිහාසය පිරික්සීමේ දී ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරණයට දීර්ඝ නම් ලැයිස්තුවක් එළි දැක්වුවද, එහි කාන්තා නියෝජන පවතිනුයේ ඉතා අතළොස්සකි. 1982 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වී ඇත්තේ කාන්තාවන් 04 දෙනෙකු පමණි.
1982 - අපේක්ෂකයන් 6යි. කාන්තාවන් නොමැත.
1988 - අපේක්ෂකයන් 3යි. එක් කාන්තා අපේක්ෂිකාවකි (සිරිමාවෝ බණ්ඩාරනායක)
1994 - අපේක්ෂකයන් 6යි. අපේක්ෂිකාවන් 2කි. (චන්ද්‍රිකා කුමාරතුංග, ශ්‍රීමනී දිසානායක)
1999 - අපේක්ෂකයන් 13යි. අපේක්ෂිකාවන් 1කි. (චන්ද්‍රිකා කුමාරතුංග)
2005 - අපේක්ෂකයන් 13යි. කාන්තාවන් නොමැත.
2010 - අපේක්ෂකයන් 22යි. කාන්තාවන් නොමැත.
2015 - අපේක්ෂකයන් 19යි. කාන්තාවන් නොමැත.
2019 - අපේක්ෂකයන් 35යි. අපේක්ෂිකාවන් 1කි. (ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය)
2024 - අපේක්ෂකයන් 39යි. කාන්තාවන් නොමැත.
ජනාධිපතිවරණයන් සඳහා කාන්තා නියෝජිතයන් ඉදිරිපත්වීමේ ගමන් මග සැලකීමේ දී, 1982 පළමු ජනාධිපතිවරණයේ දී එකඳු අපේක්ෂිකාවක හෝ ඉදිරිපත් වන්නේ නැත. 1982 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් හයක් ඉදිරිපත් වූ අතර, ස්වාධීන අපේක්ෂකයන් තිදෙනෙකු නාමයෝජනා භාරදීමේ දී ප්‍රතික්ෂේප විය. ඒ වෙනවිට ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග වැදීමට සිරිමාවෝ බණ්ඩාරනායකට අවස්ථාව නොලැබිණි.
මෙම මැතිවරණය සඳහා එජාපයෙන් ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රී.ල.නි.ප.යෙන් හෙක්ටර් කොබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර, සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් කුමාර් පොන්නම්බලම් සහ ලංකා සමසමාජ පක්ෂයෙන් කොල්වින් ආර්. ද සිල්වා තරග වැදුණි. ලියාපදිංචි ඡන්ද දායකයින් සියයට 81ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඉන් ඡන්ද 34,50,811 ලබාගනිමින් ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් ජේ. ආර්. ජයවර්ධන පත්වූ අතර ඔහු 1989 ජනවාරි 02 වැනි දින සිය ජනාධිපති ධූර කාලය නිමකරනු ලැබූවේය.
ඉන් අනතුරුව 1989 වසරේදී දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු යෙදී තිබිණ. මෙම කාල වකවානුව තුළ පැවති භීෂණය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද වර්ජනය කළ පසුබිමක ජනාධිපතිවරණය ක්‍රියාත්මක විය. මෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එවක අගමැති රණසිංහ ප්‍රේමදාස තරග කළ අතර ප්‍රතිවාදී අපේක්ෂකයින් අතුරින් පෙරමුණ ගනු ලැබූවේ ශ්‍රී.ල.නි.ප. නියෝජනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකරද එවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවන ජනාධිපති අපේක්ෂිකාව වනුයේ සිරිමාවෝ බණ්ඩාරනායකයි. මෙම මැතිවරණයෙන් සියයට 50.43 ප්‍රතිශතයක් ලබා ගනිමින් රණසිංහ ප්‍රේමදාස ජයගත් අතර, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලබාගැනීමට හැකි වූයේ සියයට 44.95 ප්‍රතිශතයක් පමණි.
1988 ජනාධිපතිවරණ සමය වෙනවිට සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය නැවතත් ප්‍රතිෂ්ඨාපනය වී තිබිණ. එනිසා ඇය මෙම මැතිවරණය සඳහා තරග වැදුණි. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවන ජනාධිපති අපේක්ෂිකාව වනුයේ සිරිමාවෝ බණ්ඩාරනායකයි. මෙම මැතිවරණයෙන් සියයට 50.43ක ප්‍රතිශතයක් ලබා ගනිමින් රණසිංහ ප්‍රේමදාස ජයගත් අතර, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලබාගැනීමට හැකි වූයේ සියයට 44.95 ප්‍රතිශතයක් පමණි.
ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතා සුවිශේෂී මැතිවරණයක් ලෙස 1994 වසරේ පැවති තෙවන විධායක ජනාධිපතිවරණය සැලකිය හැකිය. මෙම මැතිවරණයේ විශේෂත්වය වනුයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීමයි. මෙම මැතිවරණ සටන ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි අපේක්ෂිකාව ලෙස පෙන්නුම් කරනු ලැබූවේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. පසුව ඇයට ප්‍රතිවිරුද්ධ අපේක්ෂිකාව වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ශ්‍රීමනී වජිරා දිසානායකයි. ඇය ජනාධිපතිවරණයට එක්වූයේ ජනාධිපති ධූර අපේක්ෂක ගාමිණී දිසානායක තොටළඟ මැතිවරණ වේදිකාවේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමගය. මෙම මැතිවරණයේ තවත් විශේෂත්වයක් වනුයේ මැතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයෙකු මෙතෙක් ලබාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමත්වීමය. එහිදී ඇය ඡන්ද 47,09,205 ක් ලබා ගත් අතර ප්‍රතිශතයක් ලෙස සියයට 62.28 කි. දෙවන තැන ශ්‍රීමනී වජිරා දිසානායක හිමිකරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 35.91කි.
චන්ද්‍රිකා මැතිනිය 1994 සිට තම ජනාධිපති නිල කාලය අවසන්වීමට ප්‍රථම තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 31(3අ)(1) වගන්තිය යටතේ තම පාලනයට වසර 04ක් සම්පූර්ණ වී ඇති නිසා තවත් වරක් ජනාධිපති ධූරය ලබාගැනීම සඳහා මැතිවරණයක් කැඳවන ලෙස මැතිවරණ කොමසාරිස්ට දැනුම් දුන්නාය. ඒ අනුව 1999 ඔක්තෝබර් 20 වැනි දා ප්‍රකාශයට පත්කෙරුණු ගැසට් නිවේදනය මගින් 1999 නොවැම්බර් 15 වැනි දා සිව්වැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන ලදී.
1999 දී පැවති ජනාධිපතිවරණයටද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් වූ අතර ප්‍රතිවාදී අපේක්ෂකයකු ලෙස අනෙක් පසින් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහය. අපේක්ෂකයින් 13 දෙනෙක් නාමයෝජනා ඉදිරිපත් කළ අතර, ඉන් 10 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූහ. තිදෙනෙක් ස්වාධීන අපේක්ෂකයෝ වූහ. 1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සටන් පාඨය “සාමය හා සමෘද්ධිය” වූ අතර 1999 ජනාධිපතිවරණ කාලසීමාව වන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ගැටුම වර්ධනය වීම නිසා “යුද්ධය” සටන් පාඨය කරගැනිණ.
1999 දී පැවති ජනාධිපතිවරණයටද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් වූ අතර ප්‍රතිවාදී අපේක්ෂකයකු ලෙස අනෙක් පසින් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහය. අපේක්ෂකයින් 13 දෙනෙක් නාමයෝජනා ඉදිරිපත් කළ අතර, ඉන් 10 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූහ.
මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 1999 දෙසැම්බර් 21 වැනි දාය. ප්‍රචාරක කටයුතු දෙසැම්බර් 19 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු විය. පොදුජන එක්සත් පෙරමුණේ අවසන් රැලිය කොළඹ මහා නගර සභා භූමියේ පැවැති අතර මැතිවරණයට ප්‍රථම අවසන් කතාව නිමවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වේදිකාවෙන් බැස බී.බී.සී වාර්තාකාරියක නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වාහනයට නැගීමට ගිය මොහොතේ, එනම් ජනාධිපතිවරණයට දින තුනකට පෙරාතුව එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයට ලක් වූවාය. ඇයගේ හිසටත්, දකුණු ඇසටත් තුවාල සිදූවූ අතර, ඉන් කිහිප දෙනෙකු මරණයට පත්වීම මෙකී මැතිවරණයේ සිදුවූ සුවිශේෂී සිදුවීමකි. එදිනම එක්සත් ජාතික පක්ෂයේ ජාඇල අවසන් රැස්වීමටද එල්ල වූ ප්‍රහාරයකින් විශාල පිරිසක් මරණයට පත්වූහ. ජනාධිපතිනිය ඝාතනයට එල්.ටී.ටී.ඊ. දැරූ උත්සාහය ව්‍යර්ථ වූ අතර, රට පුරා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය. එසේම උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශ බොහොමයක් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ පැවතීම නිසා ඒවායේ ඡන්දය පැවැත්වීම ගැටලුකාරී වූ බව මැතිවරණයෙන් පසු මැතිවරණය සම්බන්ධයෙන් දක්වන ලද වාර්තාවේ සඳහන් වේ.
අවසානයේ මෙම මැතිවරණයෙන් සියයට 51.12ක් හිමිකරගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජය ලැබූ අතර, රනිල් වික්‍රමසිංහට ලබාගැනීමට හැකි වූයේ සියයට 42.71 ප්‍රතිශතයකි. අපේක්ෂකයින් 13ක් නාමයෝජනා ඉදිරිපත් කළද, අවසන් ප්‍රතිඵල මත පෙනී ගියේ මෙය ප්‍රධාන පක්ෂ දෙක අතර සිදුවූ සටනක් බවයි.
දෙවන වර ජනාධිපති ධූරයට ඇය මුහුණදෙනු ලැබූවේ 2005 නොවැම්බර් 19 වැනි දිනය. ඒ අනුව වසර 11 දින 7ක් විධායක ජනාධිපති ධූරයේ රැඳී සිටිමින් වැඩිම කලක් ලංකාවේ ජනාධිපති ලෙසින් පත්ව සිටි තැනැත්තිය ලෙසින් ඇය ඉතිහාසයට එක්වෙයි.
1994 වසරේදී ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් කාන්තාවන් වීමේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙවරක් ජනාධිපති වී 2005 වසර දක්වා ශ්‍රී ලංකාවේ කාන්තාව දේශපාලන මුල් පුටුවේ සිටියත් 2005 වසරේ සිට අඛණ්ඩව වසර දෙකක් ජනාධිපතිවරණය සඳහා කාන්තා නියෝජිතයෙකු ඉදිරිපත් නොවූ අතර 2019 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ආචාර්ය අජන්තා පෙරේරා අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූවාය.
විද්‍යාඥවරියක, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක, පරිසර ක්‍රියාකාරිනියක ලෙස නම් දරමින් ශ්‍රී ලංකාවේ කසළ ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටුකරමින් කසළ අර්බුදය විසඳීමට ජාතික වැඩසටහනක් ඇරඹූ ආචාර්ය අජන්තා පෙරේරා 2019 ජනාධිපතිවරණය සඳහා තරග වැදුණාය. මෙවර මැතිවරණයෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු අතුරින් 7වැනි ස්ථානය හිමිකර ගැනීමට ඇය සමත් වූයේ ඡන්ද 27,572ක් හිමිකර ගනිමිනි. නමුදු මෙවර 9වන විධායක ජනාධිපතිවරණය සඳහා කාන්තා අපේක්ෂිකාවක් ඉදිරිපත් වී නොමැත.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ කාන්තා නියෝජනයේ අඩුවක් පෙන්නුම් කරනු ලබන අතර වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 දෙනා අතරින් කාන්තාවන් සිටින්නේ 13 දෙනෙකි. රටේ ජනගහනයෙන් සියයට 52 ක් කාන්තාවන් නියෝජනය කළද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා ප්‍රතිශතය සියයට5.8 ක් වීම තුළ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය පසුගාමී මට්ටමක පවතින බව පැහැදිලිය.
මෙය ලාංකීය ජනාධිපතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී පොදු කාරණාවක් නොවන බව සමස්ත දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පෙනීයන්නකි.
2016 වර්ෂයේ දී හිටපු අග්‍රාමාත්‍ය, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පළාත් පාලන ආයතන සඳහා සියයට 25ක් කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතියක් සම්මත කර ගත්තද එය ක්‍රියාත්මක වෙනවාද යන ගැටලුව පවතී.
මෙරට පවතින හුදු සංස්කෘතිකමය රාමුවට කොටුව කාන්තාවන් අතුරින් දේශපාලනයට ප්‍රවිෂ්ට වනුයේ අතළොස්සකි. එය අදට පමණක් වලංගු කරුණක් නොව ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්නේ ද අවලාද අපවාද නඟන සමාජයක සිටය.
මෙවන් හණමිටි අදහස් සමාජය තුළ මුල්බැස ගෙන තිබෙනුයේ පැවති පාලන ව්‍යුහයන්ගේම දුර්වලතා නිසාම නොවන්නේද? සිය ධනය, බලය තහවුරු කරගැනීමේ අරමුණෙන් පමණක් දේශපාලනයට නොපිවිසි රටේ පොදු ජනතාව උදෙසා සේවය කිරීමේ නියම අරුත වටහාගෙන දේශපාලනයට ප්‍රවිෂ්ට වෙනවා නම් දේශපාලන ක්ෂේත්‍රය තුළ ස්ත්‍රී, පුරුෂ වශයෙන් බෙදීමක් නොමැතිව මහජනයා වෙනුවෙන් සේවය කරන පාලන තන්ත්‍රයක් ගොඩනැංවීමට පුළුවන. ජාතික දේශපාලනය තුළ කාන්තාවන් හට ඊට සවියක් දිය හැක්කේ පොර පිටියක් තුළ නොවන බවත්, දේශපාලනයේ ජය මග තරණය කරන්නට අවශ්‍ය වනුයේ ආත්ම විශ්වාසය, ධෛර්යය සහ කැපවීම බවත් එදා මෙදා බිහිවූ කාන්තා දේශපාලන චරිත මගින් පෙන්නුම් කර තිබේ.
- මනීෂා වීරසිංහ