ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල නිවේදනය මැතිවරණ කොමිසම මගින් නිකුත් කර ගැසට් පත්‍රය මගින් නිවේදනය කර ඇත. මීට දෙදිනකට පෙර නිකුත් කෙරුණු එම නිවේදනය නිසා මාස ගණනාවක් පුරා ජනතාව අතර පැතිර තිබුණු කට කථා හා නොයෙක් සැක සංකා හා දැනගෙනම පතුරුවනු ලබන වැරදි තොරතුරුද යම් පමණකට නිමාවකට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබේ. මෙයට පෙර ජනාධිපතිවරණ හතකට මුහුණ දී අත්දැකීම් සහිතව සිටින ශ්‍රී ලංකා වාසී ජනතාව දේශපාලකයන් විසින් නොයෙක් ආකාරයෙන් හුවා දක්වන ලද බොළඳ කතා පිළිබඳව උපේක්ෂාවෙන් යුතුව බලා සිටියා විනා සමහරුන් කියන පරිදි ඇන්දුණේ නැත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව ජනතාව දනිති.
ජේ.ආර්. ජයවර්ධන එ.ජා.ප. | 34,50,811 |
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී.ල.නි.ප. | 25,48,438 |
රෝහණ විජේවීර ජ.වි.පෙ. | 2,73,428 |
කුමාර් පොන්නම්බලම් ස.ල.ද්‍ර.ස | 1,73,924 |
කොල්වින් ආර්. ද සිල්වා ල.ස.ස.ප. | 58531 |
වාසුදේව නානායක්කාර න.ස.ස.ප. | 17005 |
නරක් වූ ඡන්ද | 80470 |
ඡන්දය දුන් මුළු ගණන | 6522147 |
ආර්. ප්‍රේමදාස එ.ජා.ප. |
2569199
50.43%
|
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී.ල.නි.ප. |
2289860 44.95% |
ඔසී අබේගුණසේකර ශ්‍රී.ල.ම.ප |
235719 4.63% |
නරක් වූ ඡන්ද | 91445 |
වැඩිඡන්ද | 2,27339 |
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පො.එ.පෙ. | 4709205 |
ශ්‍රීමා දිසානායක එ.ජා.ප. | 2715283 |
හඩ්සන් සමරසිංහ ස්වාධීන |
58886 |
හරිශ්චන්ද්‍ර විජේතුංග (භූමිපුත්‍ර ප.) | 32651 |
ඒ.ජේ. රණසිංහ ස්වාධීන | 22749 |
නිහාල් ගලප්පත්ති ශ්‍රී.ල.ප්‍රපෙ. | 22752 |
වැඩි ඡන්ද | 1993922 |
චන්ද්‍රිකා බණ්ඩාරනායක පො.එ.පෙ. |
4312157 51.12%
|
රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. |
3602748 42.71% |
නන්දන ගුණතිලක ජ.වි.පෙ. |
344173 4.08% |
හරිශ්චන්ද්‍ර විජේතුංග ම.ස. භූමිපුත්‍ර ප. | 35854 |
ඩබ්.ඩී.ඇම්. රංජිත් ස්වාධීන | 27052 |
රජීව් විජේසිංහ ලිබරල් ප. | 25080 |
වාසුදේව නානායක්කාර ප්‍ර.ජා. පෙ. | 23618 |
ටෙනිසන් එදිරිසූරිය ස්වාධීන | 21119 |
අබ්දුල් රසූල් ශ්‍රී මුස්ලිම් කො. |
17359 |
කමල් කරුණාදාස ජ.ස.පෙ. | 11333 |
හඩ්සන් සමරසිංහ ස්වාධීන | 7184 |
ආරියවංශ දිසානායක ප්‍ර.එ.ජා.පෙ. | 4039 |
අල්විස් වීරක්කොඩි බ.නි.පෙ. | 3985 |
වැඩි ඡන්ද | 709400 |
මෙම යුගයේ එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී සටනේ උග්‍ර අවස්ථාවට පැමිණ තිබුණු අතර ඔවුන්ගේ සාහසික ක්‍රියා හමුවේ ජනාධිපතිවරණයේ කටයුතුවලට ද බලපෑම් එල්ල විය. කොළඹ නගර ශාලා බිමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අවසාන රැලියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඇය තුවාල ලැබුවාය. එදිනම රාත්‍රී ජාඇල නගරයේ පැවැති එ.ජා.ප. ප්‍රචාරක රැස්වීමටද කොටි බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ජෙනරාල් ලකී අල්ගම මහතා ඇතුළු පිරිසක් මරණයට පත්වූහ.
මහින්ද රාජපක්ෂ | 4887152 |
රනිල් වික්‍රමසිංහ | 4706366 |
සිරිතුංග ජයසූරිය | |
අචල අශෝක සුරවීර | |
වික්ටර් හෙට්ටිගොඩ | |
චමිල ජයනෙත්ති | |
අරුණ ද සොයිසා | |
විමල් ගීගනගේ | |
උනුර ද සිල්වා
|
|
රන්ජිත් කුමාර ජයවීර ආරච්චි | |
විජේ ඩයස් | |
නෙල්සන් පෙරේරා | |
එම්. ශාන්ත ධර්මද්වජ |
එවකට රටේ පැවැති බරපතළම ප්‍රශ්නය වූයේ දිගින් දිගටම දිග ඇදී යන යුද්ධයයි. එයට නිමාවක් ලබාදීමට තිස් වසරක් තිස්සේ කිසිදු පාලනයකට හැකි නොවීය. සියලු පියවරවලින් සාර්ථකව එල්.ටී.ටී.ඊ. ය මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් නැගෙනහිර පළාතේ ජනයාගේ බීමට සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීමට අවහිර කිරීම නිසා කෝපයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එම රජය ප්‍රතිචාර දැක්වූවේ ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමේ යුද්ධය ආරම්භ කිරීමෙනි. එය ජයග්‍රාහීව නිමාවූවේ උතුරේ නන්දිකඩාල් කළපුවේ දී ප්‍රභාකරන් ඇතුළු ඝාතකයන් මුළුමනින්ම වනසා දැමීමෙනි. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම ජයග්‍රාහී යුද්ධයට විශාල දායකත්වයක් පිරිනමා තිබුණි. ඒ නිසා එම රජය කෙරෙහි විශාල ජන ප්‍රසාදයක් හිමිවීම නොවැළැක්විය හැකි විය.
මහින්ද රාජපක්ෂ | 6015934 | 57.88% |
සරත් ෆොන්සේකා | 4173185 |
40.15%
|
ඇම්.සී.ඇම්. ඉස්මයිල් | 39226 | 00.38% |
අචල අසෝක සුරවීර | 26266 | 0.25% |
සුගත්සිරි ගමගේ | 23290 | 0.22% |
මහිමන් රංජිත් | 18747 | 0.18% |
අනුර ලියනගේ | 14220 | |
සරත් මනමේන්ද්‍ර | 9684 | |
ඇම්.කේ. සිවාජිලිංගම් | ||
යූ.බී. විජේකෝන් | ||
ලාල් පෙරේරා | ||
සිරිතුංග ජයසූරිය | ||
වික්‍රමබාහු කරුණාරත්න | ||
මොහමඩ් ඉලියාස් | ||
විජේ ඩයස් | ||
එස්. පින්නදූව |
||
මොහමඩ් මුස්තාපා |
||
බත්තරමුල්ලේ සීලරතන හිමි | ||
සේනාරත්න ද සිල්වා | ||
අනුර ද සොයිසා | ||
සරත් කෝන්ගහගේ | ||
ඇම්.බී. තැඹිලිමුල්ල |
මෛත්‍රීපාල සිරිසේන | 6217162 | 51.28% |
මහින්ද රාජපක්ෂ | 5768090 | 47.58% |
ගෝඨාභය රාජපක්ෂ | 6924255 | 50.25% |
සජිත් පේමදාස | 5564239 | 41.99% |
අනුර කුමාර දිසානායක | 418553 | 3.16 |
මෙවර මැතිවරණයට ජනාධිපති ධුරාපේක්ෂකයන් තවම නාමයෝජනා භාර දී නැත. එය සිදුවන්නේ ඉදිරි සැප්තැම්බර් 21 වැනිදාය. කොතෙක් අර්බුද මැද වුවද ශ්‍රී ලංකාවාසී ජනතාව නව ජනාධිපතිවරයෙකු පත්කර ගනු ඇත.
- සෝමසිරි වික්‍රමසිංහ