ඉදිරි මැතිවරණ හා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.
මහමාර්ග හා |
ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දාන්න කියලා එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාර කියනවා. ඔබේ අදහස?
ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි මේ අවුරුද්දේ. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැබිනට් මණ්ඩලයට බොහොම පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා, මේ අවුරුද්දේ ජනාධිපතිවරණය සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය අයවැය ලේඛනයෙන් මිලියන 10ක මුදලක් වෙන් කරලා කියලා. ඒ අනුව ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමසාරිස්තුමා නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වාවි.
ඔබ ආර්ථික විශේෂඥයෙක්. මැතිවරණ පවත්වන්න පුළුවන් තරමට රටේ ආර්ථිකය ශක්තිමත් කියලා ඔබ හිතනව ද?
ආර්ථිකය ශක්තිමත් නැති නිසා තමයි මැතිවරණය පවත්වලා දේශපාලන ස්ථාවරත්වය ඇති කළ යුත්තේ.
ඔබ දැන් ඉන්නේ පොහොට්ටුවේ ද? එක්සත් ජාතික පක්ෂයේ ද?
මම පොහොට්ටුවෙයි ඉන්නෙ. නමුත් ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙක් සඳහා ද උදව් කරන්නේ ද කියන එක තීරණය වෙන්නේ රට ජයග්‍රහණය
කරවිය හැකි අපේක්ෂකයා
කවුද කියලා බලලයි.
ඔබ නොකියා කියන්නේ ජනාධිපති රනිල්ට සහයෝගය දෙනවා කියලයි ?
එහෙම නොවෙයි, නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ දරුණුතම අර්බුදකාරී තත්ත්වයක් තුළ තමයි මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. එතකොට අපට තියෙන ප්‍රධානම ජාතික අර්බුදය තමයි, ඉතිහාසය පුරා රාජ්‍ය අයවැය පරතරය පියව ගන්න බැරිවීමත් ගෙවුම් ශේෂ පරතරය පියව ගන්න බැරිවීමත් කරණකොට ගෙන ඔරොත්තු නොදෙන තරමට දේශීය හා විදේශීය ණය ලබාගෙන එවා ගෙවාගන්න බැරිවීමේ තත්ත්වයයි. මේ ණය නොගෙවා තමයි අවුරුදු දෙකක් ආවේ.
ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් තොරව කවුරු ආණ්ඩුවක් ගත්තත් සති දෙකකට වඩා ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ. මොකද අන්තර්ජාතික වශයෙන් ගත් ණය ආපසු ගෙවන්න ජාත්‍යන්තරය සමග එකඟතා වැඩසටහනක් නැතිව අන්තර්ජාතික විශ්වාසනීයත්වය ඇති කරගන්න බෑ.
රටට අවශ්‍ය ඛනිජ තෙල්, ගෑස් රසායනික ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර උපකරණ මේ කිසිවක් ගෙන්වන්න ණයවර ලිපි නිකුත් කරන්න බැරි වෙනවා. එහෙම වුණොත් මීට අවුරුදු දෙකකට පෙර රට ගිනි තියපු තත්ත්වයට වඩා නැවත කිසි විටෙකත් ගොඩ නැගිය නොහැකි අගාධයකට රට වැටෙනවා.
ඒ නිසා ආර්ථික විද්‍යාව සම්බන්ධ ප්‍රාමාණිකයෙකු වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුමේ එකඟතාව සහ ලෝකය සමග ඇතිකර ගැනීමට උත්සාහ කරන ණය ප්‍රතිව්‍යූහගත කිරීම එයාකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න දිවුරා පොරොන්දු වෙන අපේක්ෂකයකුට පමණයි මම ජනාධිපතිවරණයේ දී සහාය දෙන්නේ.
පොහොට්ටුවෙන් ඇවිත් ඇමැති ධුර දරන අයත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු බොහෝමයකුත් කෙළින්ම කියනවා ජනාධිපති රනිල්ට සහාය දෙනවා කියලා. ඔබ කොළේ වහලා කියන්නේ ඇයි?
කෙළින් නොකියන්නේ කවුරුහරි ඉන්නව ද දන්නේ නැහැනේ මීට වඩා හොඳින් කරන්න පුළුවන් කෙනෙක්.
රටේ ආර්ථිකය මෙහෙම වියවුලකට යයි කියලා කවදාවත් ඔබලා හිතුවේ නැහැ නේද?
ඉතාම නිවැරැදි ලෙස හිතපු අය තමයි අපි. මම 1989 දී පාර්ලිමේන්තුවේදී කළ මංගල කතාවෙදී රටක ආර්ථිකයක් බංකොලොත් වෙන්න බලපාන හේතු දෙක ගැන ඉතාම පැහැදිළිව කිව්වා. ඔබට ඕනෑනම් හැන්සාඩ් වාර්තා අරන් බලන්න මේ ඔරොත්තු නොදෙන රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟයක් තුළ ඇතිවෙලා තියෙන ණය බරතාව නිසා රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට ලක්වන බව මම එදා කිව්වා.
එදා ඉඳලා ඔබ හැම ආණ්ඩුවකම ඇමති ධුර දැරුවා?
ඔව්, නිදහසින් පස්සේ පළමු වතාවට ආර්ථිකය කඩා වැටුණා 2001 දී. ඒ අවස්ථාවේ දී මම ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමැතිවරයා හා මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් සෘණ වෙච්ච ආර්ථීකය ධන කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමග වැඩ කළා.
නමුත් වැඩක් වෙලා නැහැනේ?
පොඩ්ඩක් ඉන්න. මම එතැන වැඩ කළා පමණක් නොවෙයි. රට බංකොලොත් තත්ත්වයට පත් නොවීම සඳහා වෙනම නීතියක් ගෙනාවා.
මොකක්ද ඒ නීතිය?
ඒ තමයි 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. එතැන දී ප්‍රධාන කරුණු 3 ක් අපි නීතියක් බවට පත් කළා. පළමු වැනි එක තමයි, 2006 වන විට රාජ්‍ය අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 දක්වා අඩුවිය යුතු අතර, ඉනික්බිතිව කවර රජයක් බලයට පත්වුවත් අයවැය පරතරය එසේම පවත්වාගෙන යා යුතු බව.
දෙවැනි කාරණාව තමයි, 2013 වන විට නොපියවා ඇති ෙමම ණය බරතාව දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 65 දක්වා අඩු කළ යුතු බව. තුන්වැනි කාරනය ලංකා ආණ්ඩුව ණය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතරයි දශම පහට වඩා
අඩු නොවිය යුතු බව.
එහෙම නීති සම්මත කරලා තිබ්බත් වැඩක් වෙලා නැහැනේ ?
ඔව්. මේ නීතියේ සඳහන් කරුණු 3, 2003න් පස්සේ ආව ආණ්ඩු විසින් ඉටු කළා නම් සහතික වශයෙන්ම මේ රට කිසි විටෙකත් බංකොලොත් වෙන්නේ නෑ. ඒ නිසා සෘණ ආර්ථිකය ධන බවට පත් කරලා බංකොලොත් තත්ත්වයට පත් නොවීමට අවශ්‍ය නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා වශයෙන් ඉන්දැද්දී අපි මුදල් අමාත්‍යාංශයේ සිටියදී. ඒ නිසා
මේ අර්බුදයේ දී අනෙක්දේ ශපාලනඥයන්ගේ ගොඩට මාව තල්ලු කිරීම සාධාරණ නෑ.
ආණ්ඩුව අලුතෙන් මුදල් පනත් 2ක් ඉදිරිපත් කරලා තියෙනවා. විපක්ෂයෙන් එයට ප්‍රබල විරෝධයක් එනවා?
අර 2003 දී ඉදිරිපත් කරපු පනත වගේම පනත් තමයි ඔය එන්නේ. මේ පනත්වල සඳහන් කරුණුවලට එකඟ වෙන්නේ නැති කිසි කෙනෙකුට ආණ්ඩු කරන්න බෑ. අන්තර් ජාතික වශයෙන් ඇති කරගන්න එකඟතා නැත්නම් අපේ රටට ජාත්‍යන්තරය තුළ පැවැත්මක් නෑ. මොකද අපි කැමැති වුණත් අකමැති වුණත් හුදෙකලාව රටකට පවතින්න බෑ.
අපේ රටේ තිබෙන තේ, පොල්, රබර්, මැණික් වගේ දේවල් අපනයනය කරන්න ඕනෑ. අපි ආහාරපාන හා පරිභෝජන භාණ්ඩත්, ඛනිජ තෙල්, පොහොර වැනි දේවලුත්, යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි භාණ්ඩත්, පිටරටින් ගේන්න ඕනෑ. එහෙම නැතිව සුමාන දෙකක් රටකට යන්න බෑනේ. මොන න්‍යාය කිව්වත්.
ඒ නිසා ජාත්‍යන්තරය තුළ විශ්වාසය ඇතිවෙන්න අවශ්‍ය කරන එකඟතාවන් ගොඩනගා ගැනීම සඳහා තමයි ආර්ථික පරිවර්තන හානි හා මූල්‍ය කළමනාකරණ වගකීම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක රට අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සාර්ව ආර්ථික විචල්‍යයන් හැදෑරිය යුතු ඉලක්ක හා සැළැස්ම දක්වලා තියෙනවා.
ඒ අනුව 2032 වන විට ලංකා රජයේ නොපියවූ ණය බර ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 95 ට අඩු කරන්න ඕනෑ. ඒ වගේම කිසි විටෙකත් රටේ මුදල් අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයටය 13 ට වඩා වැඩිවෙන්න බෑ. වාර්ෂික රාජ්‍ය පොදු මුදල් අවශ්‍යතාව දළ
දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 පන්නන්න බෑ.
ඒ වගේම විදේශ ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතරයි දශම 5 ට වඩා වැඩි වෙන්න බෑ. මේවා මේ ආකාරයට ආණ්ඩුවක් කටයුතු නොකළොත් ජාත්‍යන්තර සහයෝගය ලබාගන්න බෑ. විදේශ ණය ගැනීම් සම්බන්දයෙන්. ඊට අමතරව තව කොන්දේසි තියෙනවා.
මොනව ද ඒ කොන්දේසි?
සෑම වසරකදීම රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය අඩුකරගන්න ඕනෑ. ජංගම ගිණුම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1 ට වඩා වැඩි වෙන්න බෑ.
රජයේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 කට නොඉක්මවිය යුතුයි. ආර්ථිකයෙ වර්ධන අනුපාතය සියයට 5 හෝ ඊට වැඩි මට්ටමකින් පවත්වාගෙන යා යුතුයි. පොලී අනුපාතය තනි ඉලක්කමක් ලෙස පවත්වාගෙන යා යුතුයි.
සේවා වියුක්ත අනුපාතය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 ට වඩා පවත්වාගෙන යා යුතුයි. මේවා ශාස්ත්‍රීය හා තාර්තික කරුණු මත පදනම් වූ පනත්.
සුද්දට රට පාවා දුන්නා වගේ මේ රට යළිත් වතාවක් අයි.එම්.එෆ්. එක හරහා බටහිරට පාවා දුන්නා කියලා කියනවා?
බටහිරට පාවා දුන්නා නොවෙයි. බටහිර ඇතුළු රටවලින් ගත්තු ණය ගෙවන්නේ නැතිව රටකට ඉන්න පුළුවන් ද? පාවාදීමක් නොවෙයි ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ජාත්‍යන්තර මූලය අරමුදලෙන් පමණක් නොවෙයි රටවල් වශයෙන් ඉන්දියාව, චීනය.
ජපානය වැනි රටවල්වලින් ගත්තු ණය ගෙවන්නේ නැතිව ඉන්න පුළුවන්කමක් තියෙනව ද? ලෝකයේ එහෙම පවතින්න බෑනේ. ණය නොගෙව්වොත් ලංකා රජයට විරුද්ධව නඩු දානවා. මේවා නොදැන කතා කරන්න එපා කියන්න. ණය නොගෙවා ඉන්න රටකට තෙල්, ගෑස් දෙන රටක් ලෝකයේ කොහෝ හරි තියෙනවා නම් මට පෙන්වන්න.
සාකච්ඡා කළේ |
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්