(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)
(පරිවර්තනය - කෝවිද ගුණසේකර)
සති දෙකක කාලයක් කොළඹ කාලය ගත කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දුත පිරිස පසුගිය සතියේ වොෂින්ටන් නුවර තම මූලස්ථානය බලා ගියේය. ඔවුන් දිවයිනෙන් නික්ම ගියේ හිස් අතින් නොව ණය අර්බුදය විසදීම සදහා ඉදිරියේ ගැනෙන පියවර සම්බන්ධයෙන් රජයේ නායකයන් දුන් නව පොරොන්දු රැසක්ද අතැතිවය. මූලෝපායික නොවන සම්පත් වහාම විකුණා දමා ඩොලර් බිලියනක් උපයා ගැනීම එවැනි එක් පියවරකි. ඒ යටතේ සම්පත් හයක් සම්බන්ධයෙන් දැනටමත් රජයේ අවධානය යොමුව ඇත. ඉදිකිරීම් කටයුතු නිම වෙමින් තිබෙන හයාට් හෝටලය, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය සහ කොළඹ හිල්ටන් හෝටලය ඉන් හතරකි. අනෙක් දෙක විකිණීම සදහා සිදුකළ යුතු කටයුතු සම්පාදන මේ වන විට අවසන් අදියර කරා ළගා වෙමින් පවතී. රජයේ ආරංචි මාර්ගයකට අනුව එම කටයුතු, පෙර සදහන් කළ හතරෙහි කටයුතු වලට වඩා වෙනස්ය.
චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමග හම්බන්තොට වරාය අරබයා ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමෙන් ඩොලර් බිලියනයක් උපයා ගැනීම තවත් පියවරකි. ඉදිරි දින දහයක කාලය ඇතුළත ගිවිසුම සම්බන්ධ කටයුතු අවසන් කරන බව රජයේ නායකයෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ පැවසූහ. එහෙත් රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය තවමත් මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අවසන් ප‍්‍රකාශයක් සිදුකර නොමැත. හම්බන්තොට වරායට අදාළව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යන්නේ යැයි රජය නිවේදනය කළ දිනයේ සිට ඒ සම්බන්ධයෙන් වූ විවිධ කරුණු අධ්‍යයනය කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල උප කමිටු වල කි‍්‍රයාකාරීත්වය හමුවේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. ගිවිසුමේ කෙටුම්පත අද (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. කැබිනට් හමුව පැවැත්වෙන්නේ සතියේ අගහරුවාදා දින වුවද, ගෙවුණු සතියේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන ඉන්දුනීසියාවේ සංචාරයක නියැළී සිටි හෙයින්, කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට නොපැවැත්වීමේ අඩුපාඩුව සපුරනු වස් මෙම සතියේ රැස්වීම දිනයකින් ඉදිරියට ගැනීම සිදුවිය. හම්බන්තොට වරාය ගිවිසුම අරබයා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඔහුගේ අමාත්‍ය සගයකු වන විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග වාග් සංග‍්‍රාමයක පැටලී සිටින්නේය. පහත දැක්වෙන්නේ ගිවිසුම සම්බන්ධයෙන් වන අමාත්‍ය උප කමිටුවක ප‍්‍රධානීත්වය හෙබවූ අමුණුගමට යැවුනු ලිපියකි.
’‘ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා 2017 පෙබරවාරි 24 වැනිදා ඉදිරිපත් කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා වන අවබෝධතා ගිවිසුමෙහි අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් මාගේ විමර්ශන සහ අදහස් පහත දැක්වේ.‘‘
1. මා හට ලබාදී ඇති වරාය පිළිබද වන අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට වරාය පැවරෙන්නේ පෞද්ගලික සමාගමකටය.ඇති කිරීමට යෝජිත එම පෞද්ගලික සමාගම වෙනම වරාය අධිකාරියක් ලෙස කටයුතු කරනු ඇත.මෙයට මා එකග නැත.
2. මට ලබාදී ඇති අවබෝධතා ගිවිසුමෙහි හම්බන්තොට වරාය නැවත පවරාදීමක් ගැන සදහන් වන්නේ නැත. එහෙත් පෙර අවස්ථාවල ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එහි පර්යන්ත සම්බන්ධයෙන් ඇතිකරගත් රාජ්‍ය - පෞද්ගලික ගිවිසුම් වල, එවැනි කොන්දේසි අන්තර්ගත විය.මෙය යෝජිත ගිවිසුමේ ඇති බරපතළ හිඩැසකි.
3. මාගේ දැනීමට අනුව වරාය අධිකාරී පනත සංශෝධනය කිරීමකින් තොරව මෙම ගිවිසුම අත්සන් තැබිය නොහැකිය.
4. චීන සමාගමට සියයට 80 කුත්, වරාය අධිකාරියට සියයට 20 කුත් හිමිවන පරිදි වරාය බෙදා දීමට ගිවිසුමෙන් නිර්දේශ කර තිබීම ගැන මා හට එකගවීමට නොහැකිය. එයට හේතුව වන්නේ පළමු වසර 20 ඇතුළත හම්බන්තොට වරාය ඉහළ ලාබ ලැබිය හැකි තත්ත්වයට පත්කළ හැකි බැවිනි. මේ නිසා මම යෝජනා කරන්නේ වරායේ හිමිකාරීත්වය සියයට 65 ක් චීන සමාගමකටත්, සියයට 35 ක් වරාය අධිකාරියටත් හිමිවන සේ ගිවිසුම සංශෝධනය විය යුතු බවටය. යෙදවීමට යෝජිත ආයෝජනය සැළකිල්ලට ගැනීමේ දී වරාය අධිකාරියට හිමිවන කොටස අඩු කළ නොහැකිය.
5. වසර 99 ක සහනයක් ගැන අවබෝධතා ගිවිසුමෙහි සදහන්ව තිබීමෙන්, පෙර සපයන ලද තාක්ෂණික නියාමන වාර්තා සැළකිල්ලට ගැනීමක් සිදුව නොමැති බව පැහැදිලිය. ඒ නිසා මෙම කාලය සීමාව පහත දැමිය යුතුය. ව්‍යාපෘතිය අවසානයේ කිසිදු අමතර ගෙවීමකින් තොරව සියලූ නිශ්චල දේපළ වරාය අධිකාරියට අයත් විය යුතුය.
6. ඉදිකිරීම් සදහා වැය වන මුදලින් සියයට 80 ක් ව්‍යාපෘති බාර සමාගම ගෙවිය යුතුය. එහෙත් මෙහිදී ඉඩමෙහි වටිනාකම සැළකිල්ලට ගෙන නොමැත. එහෙත් අවබෝධතා ගිවිසුමට ඉඩමෙහි වටිනාකමද එකතු කර ඇත. මෙය නිවැරදි නොවන බැවින් සංශෝධනයක් සිදුවිය යුතු බව මාගේ අදහසයි.
7. ජාතික ආරක්ෂාව කඩවන අයුරින් කටයුතු සිදුවුවහොත් ගැනෙන පියවර සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොමැත. ජාතික හා කලාපීය ආරක්ෂාව සැළකිල්ලට ගෙන, හම්බන්තොට වරාය දැනට රටේ පවත්නා නීතිමය ව්‍යුහයට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතුය.
8. ඉඩමේ ප‍්‍රමාණය අඩු කළහොත් ගෙවන මුදල ද අඩුවනු ඇති බව මෙහි සදහන්ය. එහෙත් සමාගම එකගත්වය පළකර තිබෙන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ අදියර 1 සහ අදියර 2 සදහා පමණක් මුදල් ගෙවීමටය. මේ අනුව සැළකූ විට ඉඩමේ ප‍්‍රමාණයට ගෙවන මුදල හා සමාගම ගෙවීමට එකගත්වය පළකර තිබෙන මුදල අතර සම්බන්ධයක් නොමැත. එමෙන්ම ඉඩමේ වර්තමාන වටිනාකම සහ අනාගත වටිනාකම පිළිබද ඇගයීමක් ද සිදුව නොමැත.
9. ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් වනු ඇති බවට අවබෝධතා ගිවිසුමෙහි තැන් කිහිපයකම ඉගි පළකර ඇත.ඒ හමුවේ වරායේ මුළු වටිනාකම ලෙස ව්‍යාපෘතියේ වටිනාකම වන මෙම ඩොලර් බිලියන 1.4 ගෙනහැර දැක්වීම නිවැරැුදි නොවේ. එම සදහන ඉවත්විය යුතුය. මුලූ වටිනාකම ගණනය කිරීම සදහා ආර්ථික හෝ වෙළෙද මට්ටමින් තක්සේරුවක් සිදුව නොමැත. ව්‍යාපෘතිය දියත් කෙරෙන භූමියේ මූලෝපායික වශයෙන් ඇති වැදගත්කමද මෙහිදී සැළකිල්ලට ගෙන නොමැත.
10. අවබෝධතා ගිවිසුමට අනුව බදු පැනවිමේ බලය ලබාදී ඇත්තේ පෞද්ගලික සමාගමටය. මෙම කාර්යය පෞද්ගලික සමාගමක ට පවරා දීම කොළඹ වරායට විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට, සහ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට බලවත් තර්ජනයක් වනු ඇත. (ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වරාය ගාස්තු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ නොගන්නා අතර, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත පමණක් එම ගාස්තු හදුන්වාදීම සිදුකරයි)
11. මාගම්පුර වරාය කළමනාකරන සමාගමට බදවාගනු ලබන සේවකයන්ගේ රැකියා සුක්ෂිතභාවය පිළිබද සදහනක් නොමැත. අනාගතයේ ඇතිවිය හැකි ගැටලූ වළක්වාගැනීම සදහා ඒ පිළිබද සදහනක් එකතු කිරීම වැදගත්ය.
12. හම්බන්තොට වරායේ තෙවැනි අදියර දැනට සීමාවන්නේ සංකල්පයකටය.මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයක් සිදුවිය යුතු නිසා, එවැනි සංකල්පයක් අවබෝධතා ගිවිසුමට ඇතුළත් කිරීමේ හැකියාවක් නැත. සමාගම ගෙවීම් සිදුකරන බව සදහන් කර ඇත්තේ ද අදියර 1 සහ අදියර 2 ට පමණකි.මේ නිසා අදියර 3 පිළිබදව ඇති සදහන ගිවිසුමෙන් ඉවත් කළ යුතුය.
13. අක්කර 100 ක කෘති‍්‍රම භූමිය හම්බන්තොට වරායට අයත් කොටසක් නොවේ.එම භූමිය ව්‍යාපෘතිය බාර සමාගමට පවරා දෙන බවට අවබෝධතා ගිවිසුමෙහි සදහනක් ඇත.එවැන්නක් සිදුකළ නොහැකිය.
14. පෞද්ගලික සමාගමකට වරාය අධිකාරියේ බලතල පවරාදිය නොහැකිය. තෙවැනි පාර්ශවයකට හෝ එළෙස බලය පවරාදීමක් සිදුකළ නොහැකිය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සතුව පවතින ඇතැම් සුවිශේෂී සේවා පෞද්ගලික සමාගමකට පවරා දිය නොහැකිය.
15. ගිවිසුමට අදාළ වන ඇතැම් ඇමුණුම්, අමුණා නොමැති අතර ඒ නිසා සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.
රණතුංගගේ මෙම ලිපියට අමුණුගමගෙන් ද ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇත. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි සිතීම උගහටය. අමාත්‍ය රණතුංග නීතිපතිවරයා සමගද වාදයක පැටලී සිටින අතර, තමා ඉල්ලා සිටි පරිදි කඩිනමින් නීති උපදෙස් සහ අවවාද ලබාදීමට නීතිපතිවරයා කටයුතු කළේ නැතැයි ඔහු නගන චෝදනාවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත. පෙර අවස්ථාවක ඔහු ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇති නෛතික පසුබිම නීතිපතිවරයාගෙන් විමසා සිට අතර, නීතිපතිවරයා ඔහුට දැනුම්දුන්නේ වරාය අධිකාරිය ගිවිසුමට අත්සන් කිරීම අරබයා කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය ගැටලූවක් නොමැති බවය.
මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමත්, හම්බන්තොට වරාය අවබෝධතා ගිවිසුමක් හරහා ලබාගන්නා මුදල් මේ වන විට ඩොලර් බිලියන 5.4 ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති මූල්‍ය පිරිවැය පියවා ගැනීමට සෑහෙනු ඇතැයි රජයේ විශ්වාසයයි. මුදල් උපයා ගැනීමට අනුගමනය කිරීමට යන්නේ යැයි රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලයට දැනුම්දී ඇති අනෙක් පියවරන් අතර, ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් ඩොලර් මිලියන 650 ක මුදලක් ලබාගැනීම, අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් උපයා ගැනීම, සහ වෙළෙදපොළෙන් සිදුකරන ඍජු මිලදී ගැනීම් වලින් ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීම ප‍්‍රධානය. එහෙත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල නැවත නැවතත් ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් මුදල් ලබාගැනීම සහ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් මුදල් උපයා ගැනීම දළ ජාතික සංචිතයන් ශක්තිමක් කරගැනීම සදහා භාවිතා කළ හැකි කි‍්‍රයාමාර්ගයක් ලෙස පිළිගැනීමේ හැකියාවක් නොමැති බවය. වෙළදපොළෙන් කෙරෙන සෘජු මිලදී ගැනීම් සම්බන්ධයෙන්ද අනතුරු අගවා ඇති මූල්‍ය අරමුදල, එසේ කළහොත් රුපියල ඉතා ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීම කිසිසේත්ම වළක්වාගත නොහැකි වනු ඇතැයි පවසා තිබේ.
විමර්ශනය අවසානයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස නිකුත් කළ ප‍්‍රකාශයට අනුව ශී‍්‍ර ලංකාවේ ආර්ථික පරිහානියට මේ දිනවල පවතින දැඩි නියං කාලගුණය ද ප‍්‍රධාන හේතුවක් බව ඔවුන් පිළිගෙන තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදී ඇති අමතර අරමුදල් පහසුකමක් මත රටේ ආර්තික වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන ආකාරය විමර්ශනය කිරීමට මෙම නියෝජිත පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණි අතර, අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හමුවට ප‍්‍රථමයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි නියෝජිතයන් හමුවීමට වොෂින්ටන් නුවර බලා යනු ඇතැයි දැනගන්නට ඇත.
නියගයත්, ඒ හමුවේ බරපතළ ලෙස හානියට පත්ව ඇති වී නිෂ්පාදනයත්, නියගයේ වාසිය තමන් වෙතට හරවාගත් ඇතැම් පිරිස් කි‍්‍රයාත්මක කරමින් සිටින සහල් මාෆියාවත් හමුවේ රජය අවසානයේ අවදිව සිටින බවක් පෙනෙන්නට ඇත. ඉදිරි යල කන්නයේ සහ 2017 2018 මහ කන්නයේ අත්විදීමට සිදුවිය හැකි අනතුර කල්තියාම හදුනාගෙන ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට සූදානම් වීමේ පියවරක් ලෙස වී බීජ බුසල් ලක්ෂ 250 ක ප‍්‍රමාණයක් මිලයට ගෙන ගොවියන් අතර බෙදා හැරීමට සැළසුම් සකස් කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ සදහා රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අතර වී මිලයට ගැනීම සදහා වැයවනු ඇතැයි ගණන් බලා තිබෙන මුදල රුපියල් බිලියන පහකි.
සාමාන්‍යයෙන් කන්නයකදී හෙක්ටයාර ලක්ෂ අටක පමණ ප‍්‍රමාණයක් අස්වද්දන නමුත් නියගය නිසා 2016-2017 යල කන්නයේ අස්වැද්දීමට හැකිව ඇත්තේ හෙක්ටයාර ලක්ෂ තුනක ප‍්‍රමාණයක් බවත් අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත. මේ නිසා වී බීජ නිෂ්පාදනය අවදානම් තත්ත්වයක පවතින බව හදුනාගෙන ඇති ඔහු, 2017 යල කන්නය ඉලක්ක කර සුදුසු ප‍්‍රදේශවල බීජ ගොවිපොළවල් ආරම්භ කිරීමට සැළසුම් තිබේ. අමාත්‍යවරයා මෙසේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ජීවන වියදම සම්බන්ධයෙන වන කැබිනට් උප කමිටුව, ප‍්‍රසම්පාදන වැඩපිළිවෙළ යටතේ රජය වී කිලෝග‍්‍රෑමයක ප‍්‍රමාණයක් වෙනුවෙන් හදුන්වාදී ඇති මුදල නැවත සළකා බැලීමකට ලක්කරමින් සිටින අවස්ථාවකය. එම සළකා බැලීම සිදුවන්නේ තාවකාලිකව හෝ වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමිය හැකිදැයි අධ්‍යයනය කිරීම සදහාය.
අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ශී‍්‍ර ලන්කන් එයාර්බස් ඒ 350 - 900 ගුවන්යානා කල්බදු ගෙවීම් අවලංගු කිරීම මැයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාවයි.මෙම කැබිනට් පති‍්‍රකාවේ අන්තර්ගතය පිළිබද සවිස්තර තොරතුරු පසුගිය 26 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළවිය. ශී‍්‍ර ලන්කන් කළමනාකාරීත්වය තමන් දැනුම්වත් කිරීමකින් තොරව මුදල් අමාත්‍යාංශය හා කටයුතු කර ඇතැයි හකීම් චෝදනා කළේය. පෙබරවාරි 21 වැනිදා මේ පැවති කැබිනට් හමුවේදී තීරණය වූයේ හෂීම්ගේ කැබිනට් පති‍්‍රකාව අධ්‍යයනය කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් උප කමිටුවක් පත්කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවටය.
මෙම තීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස එයාර්බස් ගුවන්යානා තුනහි ඇණවුම් අවලංගු කිරීම නිසා සිදුවූ අගතියට සහනයක් ලෙස ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙත ගෙවීමට මින් පෙර එකගත්වය පළව තිබූ ඩොලර් ලක්ෂ 1540 ක මුදල ගෙවීම, දැනට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කර තිබේ. ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය, ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගිවිසුම් ඇතිකරගත් ඩෙන්මාර්ක සමාගමක් වන අර්කැප් සමාගමට ගෙවා ඇති, ප‍්‍රමාණය මේ දක්වාම අනාවරණයව නොමැති මුදල ද, පෙර අවස්ථාවක තැන්පත් කරන ලද ඩොලර් ලක්ෂ 75 ක් වන ආරක්ෂිත තැන්පතුව ද, ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 1540 ක මුදලට අයත් නැත. මුල් අවස්ථාවේ සියලූම සාකච්ඡුා සිදුව ඇත්තේ අර්කැප් සමාගම සමග වන අතර, හෂීම් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුව ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගෙවීම් ලෙස එම සමාගම හා එකගතාවට පැමිණ තිබී ඇති මුදල වන්නේ ඩොලර් ලක්ෂ 980 කි.
සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් හා ශී‍්‍ර ලන්කන් අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ශී‍්‍ර ලන්කන් පාර්ශවයෙන් අත්සන් තබා ඇත්තේ ශී‍්‍ර ලන්කන් ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේය. ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි ප‍්‍රධාන විධායක නිලධාරී ෂෝන් සුලෙයිවන්ය.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති කැබිනට් උප කමිටුව ගෙවීම් වල වෙනස්වීමක් සිදුව ඇත්තේ කෙසේදැයි සහ එසේ කිරීමෙන් රටට අලාබයක් සිදුව ඇතිදැයි සොයා බලනු ඇත.මෙම ගුවන්යානා ඇණවුම් කර ඇත්තේ මෙම රජය නොව පැවැති රජය බවද සදහන් කළ යුතුය.
ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුව නිර්දේශ කර ඇත්තේ වඩා අඩු ගෙවීමකි. අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාට ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටු හමුවක් අවසානයේ ලිපියක් යවමින් සිදුකර තිබෙන දැනුම්දීම මෙවැනිය.
‘‘ ඉතා දීර්ඝ සාකච්ඡාවකින් පසු ඩොලර් ලක්ෂ 750 - 800 සීමාව අතර මුදලක් ගුවන්යානා තුනෙහි ඇණවුම් අවලංගු කිරීමේ සහන මුදල ලෙස ගෙවීම සදහා සාකච්ඡුා කර එකගතාවකට පැමිණීමේ අවසරය ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය වෙත ලබාදීමට තීරණය විය. 2016 සැප්තැම්බර් නව වැනිදාට ප‍්‍රථමයෙන් එකගතාවක් ඇතිකරගත යුතු විය. මාධ්‍ය අවධානය මෙයට යොමු නොවිය යුතු බවටද තරයේ අවවාද කෙරිණි.‘‘
මෙහි අවසන් වගන්තියෙන් පැහැදිලි වන්නේ සහන මුදල් ගෙවීම රහසිගතව සිදුකිරීමට අවශ්‍ය වූ බවද? රත්වත්තේ ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මසය.එනම් මෙම ලිපිය යවා මසකට පමණ පසුවය.
පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කෙරුණු, වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත 1996 ලෝක කුසලානය දිනූ කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන්ට අතට මුදල් සහ රජයේ ඉඩමක ඉදිකෙරෙන සුඛෝපබෝගී නිවාස සංකීරණයක නිවාස ලබාදීමට අවශ්‍ය අවසරය ලබාගනු වස් මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය හරහා ඔහු ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාව පිළිබද තොරතුරු හමුවේ යම් කතිකාවකත් ඇතිව තිබේ. ලබාදී තිබූ තොරතුරු සාවද්‍ය වූ හෙයින් ඉදිරිපත් කළ පළමු කැබිනට් පති‍්‍රකාව ඉල්ලා අස්කරගත් බවත්, පසුව දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බවත්, මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය. එසේ දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන ලෙස තමාට කිසිවකුගෙන් වත් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවත්, තමාම එය ඉදිරිපත් කළ බවත් ඔහු කීවේය.
ඉදිරියේ එන සති කිහිපය රජයට අතිශයින්ම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. දුන් සහතික සහ පොරොන්දු වෙනුවෙන් පෙනී සිටිමින්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු කටයුතු හා ගෙවීම් රජය හමුවේ ඇති ප‍්‍රධාන කාර්යභාරයි. ගෙවීම් සිදුකිරීම සදහා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය කටයුතු කිරීමට යන ආකාරය දැනටමත් දැඩිව විවේචනයට ලක්වෙමින් පවතී. තවත් කරුණක් වන්නේ මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමෙන් අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජය ගෙන ඇති තීරණයයි. මෙය විපක්ෂයට උණු කැවුම් වැනි මාතෘකාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් එසේ යැයි කියා රජය කලබල විය යුතු තත්ත්වයක් ද නැත. මන්ද, විපක්ෂයට තවමත් ප‍්‍රබල හඩක් නැගීමට තරම් ශක්තියක් ළගා කරගැනීමට නොහැකිව ඇති නිසාය.
රජය නව කෙටුම්පතකට එකග වෙයි - ශී‍්‍ර ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් හිමිවන ලකුණු
2014 ජගත් මානව හිමිකම් කොමිසම සම්මත කළ යෝජනාවලියට අනුව වඩාත් ශක්තිමත්ව කටයුතු දියත් කිරීම සදහා ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් ලබාදීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සූදානමින් සිටී.
මෙම අවසරය ලබාදෙන නව යෝජනාවලියක් ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාවේ මැදිහත් වීමෙන් මෙම මස අග භාගයේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරෙනු ඇත්තේ මාර්තු 22 වැනිදා මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ඔහුගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
ඉහත සදහන් කළ අනුග‍්‍රාහකයන් ලබාදී තිබූ මෙම යෝජනාවලියට අදාළ කෙටුම්පත පසුගිය ඉරිදා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවූ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ අදහස් විමසීමකට යොමු කරනු ලැබූ අතර එහිදී එක්ව සිටි සියලූ දෙනාගේ අනුමැතිය ඊට හිමිවිය. ඇමරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප්, බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් ප‍්‍රධාන වශයෙන් මෙම අදහස් විමසීමට එක්ව සිටි අතර, ඉන්දියා මහකොමසාරිස් ටරන්ජිත් සිං සන්දු මහතාගෙන් ද එක් එක් අවස්ථාවල දී අදහස් විමසිණි. ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුණු අතර, ඔහු වෙනුවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මේ සදහා තම සම්පූර්ණ දායකත්වය ලබාදුන්නේය. කෙටුම්පත සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීමෙන් අනතුරුව ජනපති අනුමැතිය ලබාගැනීම සදහා එය ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉරිදා සන්ධ්‍යාව වන විට යොමු කිරීමට අගමැති වික‍්‍රමසිංහ කටයුතු කළේය.
පහත දැක්වෙන්නේ එහි සම්පූර්ණ පිටපතකි.
‘‘ ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම.‘‘
‘‘ දෙක කොටස යටතේ‘‘
මානව හිමිකම් කවුන්සිලය
මානව හිමිකම් පිළිබද විශ්වීය ප‍්‍රකාශනයෙන්, මානව හිමිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති සහ වෙනත් අදාළ කටයුතු මගින්, සපයනු ලබන මාර්ගෝපදේශනය යටතේ් කි‍්‍රයාත්මක වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අරමුණ සහ ප‍්‍රතිපත්තීන් එලෙසම පවත්වාගන්නා බව නැවත සහතික කරමින්ද,
2015 ඔක්තෝබර් පළමුවැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු අංක 30 රැු1 දරන ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබද යෝජනාවලිය (නව) නැවත සහතික කරමින්ද,
2012 මාර්තු 22 වැනිදා, 2013 මාර්තු 21 වැනිදා සහ 2014 මාර්තු 27 වැනිදා, පිළිවෙළින් අංක 19/2, 22/1 සහ 25/1 යටතේ ඉදිරිපත් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලීන් සිහිපත් කරමින්ද,
සමස්ත ජනගහණය මත බලපැවැත්වෙන පරිදි මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ස්ථාපිත කිරීමත්, මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේ නිදහස තහවුරු කිරීමත්, සාමාජික සියලූ රාජ්‍යයන් අත ඇති වගකීමක් බව නැවත සහතික කරමින්ද,
ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එක්සත්භාවය සහ හෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති කැපවීම නැවත සහතික කරමින්ද,
2016 පෙබරවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය සහ 2016 අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ (නව) ශී‍්‍ර ලංකා සංචාරය ගෞරවයෙන් පිළිගනිමින්ද,
2015 නොවැම්බර් 9 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදුවූ සංවිධානාත්මක හෝ බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන්වීම් පිළිබද සේවා කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා සිදුවූ සත්‍ය හා යුක්තිය සුරක්ෂිත කිරීම, වන්දි ගෙවීම් සහ නැවත ගැටුම් ඇති නොවන බවට දුන් සහතිකයන් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 අපේ‍්‍රල් 29 වැනිදා සිට මැයි 9 වැනිදා දක්වා සිදුවූ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය වාර්තා කිරීම සදහා පැමිණි විශේෂ වාර්තාකරුවාගේ සහ වද දීම් සහ වෙනත් දරුණු, අමානුෂික සැළකීම්, නොසළකා හැරීම් සහ දඩුවම් කිරීම් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ ඒකාබද්ධ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ඔක්තෝබර් 10 සිට 20 දක්වා සිදුවූ සුළුතර ජනකොටස් සම්බන්ධයෙන් වන ගැටලූ විමර්ෂණය කිරීම සදහා පැමිණි විශේෂ වාර්තා කරුවාගේ ශී‍්‍ර ලංකා සංචාරයද ගෞරවයෙන් පිළිගනිමින්ද,
2015 ඔක්තෝබර් 1 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට අනුව අදාළ පියවර ගැනීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කිරීම අගය කරමින්ද, වඩා වැඩි ප‍්‍රගතියක් අත්වන පරිදි එම කටයුතු දියත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව හදුනාගනිමින්ද,
1. අංක 30 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියෙන් ඉල්ලා තිබූ පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා, මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අතිශයින් කෘතඥවෙමින්ද, 30 රැු 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් කර ඇති ඉල්ලීම පිළිගනිමු.
2. ශී‍්‍ර ලංකා රජයත්, ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාත්, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයත්, 2015 ඔක්තෝබර් සිට මේ දක්වාම පවත්වාගෙන යනු ලබන ශක්තිමත්, ධනාත්මක සම්බන්ධතාවද, ඒ සමගම වෙනත් විශේෂ පාර්ශවකරුවන් සමග පවත්නා එවැනිම වූ සම්බන්ධතා, ගෞරවාන්විතව පිළිගනිමින්, ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සදහා මෙම සම්බන්ධතා එළෙසම පවත්වාගැනීමට අනුබල දෙන්නෙමු.
3. ශී‍්‍ර ලංකා රජයේ උපදේශනයට සහ අවබෝධයට යටත්ව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම ශක්තිමත් කිරීම සදහා වන උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමේ කි‍්‍රයාවලිය තවදුරටක් ශක්තිමත් කරන ලෙස මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් සහ වෙනත් විශේෂ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
4. මානව හිමිකම් කවුන්සිලය යෝජනාවලියට අනුව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සදහා සිදුකර ඇති නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය ඉදිරියටත් විමර්ශනය කරන ලෙසත්, ඒ පිළිබද ලිඛිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකින් පසු සකස් කෙරෙන සම්පූර්ණ වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිමු.
නිල නොවන මට්ටමින් පැවැති සැසියේ දී දේශනයක් සිදුකරමින් ඔබාමා පරිපාලනය යටතේ පත්වීම් ලැබූ නියෝජ්‍ය සහයක ලේකම් එරින් බාක්ලේ පවසා සිටියේ මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට කටයුතු කළ මුල් පාර්ශවකරුවන් මැදිහත්ව බවය.කෙටුම්පත සකස් කිරීමේ දී ශී‍්‍ර ලංකා රජයේ උපදේශනය ද ලබාගත් බව ඔහු කීවේය.
‘‘අපි දන්නවා මේ කියන දේවල් ඉතාම සංකීර්ණ බව.රජය සැළකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව ඇත්ත. ඒත් තව බොහෝමයක් දේ සිදුවිය යුතුව තිබෙනවා. අංක 30 1 යෝජනාවලියේ කිසිදු කරුණක් වෙනස් කර නැහැ. අපි අනුග‍්‍රාහකයන් කණ්ඩායම ශී‍්‍ර ලංකා රජය සමග ඉතා සමීපව මේ සම්බන්ධයෙන් කටයුතු කළා. අද ඉදිරිපත් කරන මෙම කෙටුම්පත එහි ප‍්‍රතිඵලයක්.‘‘
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා, මෙම නව යෝජනාවලියට ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහත්වය දක්වන බව නිල වශයෙන් ප‍්‍රකාශ කළේය.
සාකච්ඡාවේ දී අදහස් දක්වමින් යුරෝපා සංගමයේ, ඕස්ටේ‍්‍රලියාවේ සහ ස්විට්සර්ලන්තයේ දූත පිරිස් අවධාරණය කර සිටියේ අන්තර්ජාතික ප‍්‍රජාවද නියෝජනය වන අංගයක් ඇති වගවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බවය. දෙමුහුන් අධිකරණයක් ලෙස එය හදුන්වාදීමෙන් ඔවුහු වැළකී සිටියහ.
එක්සත් ජාතීන්ගේ විවිධ අංශ සමග ශී‍්‍ර ලංකාව දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කරමින් සිටීම ඕස්ටේ‍්‍රලියාවේ අගය කිරීමට ලක්විය. සංහිදියාව ඇති කිරීමට ගෙන ඇති පියවර වලින් සිදුව ඇති ප‍්‍රගතිය ඕස්ටේ‍්‍රලියාව පිළිගන්නා නමුත් තවත් සිදුවිය යුතුව ඇති දේ බොහෝමයක් තිබෙන බවත්, එරට නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේය.
යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට කි‍්‍රයාකාරී සැළැස්මක් තිබිය යුතු බවටත්, එය කාලානුරූපීව, සැළසුම් සහගතව සිදුවන අයුරු එම සැළැස්මේ දැක්විය යුතු බවටත්, යෝජනාවලියෙන්ම නිර්දේශයක් ඉදිරිපත් විය යුතුව තිබෙන බව ස්විට්සර්ලන්තයේ අදහස විය.
යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රගති වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදීත්, සවිස්තර වාර්තාවක් 2019 මාර්තු පැවැත්වෙන 40 වැනි කවුන්සිල සැසිවාරයේදීත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරනු ඇතැයි, යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණද, ඒ වන තෙක් නොසිට කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනාවලියේ ප‍්‍රගතිය පිළිබද මුඛ්‍ය අදහස් දැක්වීමක් සිදුකිරීම සුදුසු බව කැනඩා නියෝජිතයාගේ අදහස විය. ඒ අනුව අදාළ සංශෝධන සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
නවසීලන්තය - 2014 යෝජනාවලියේ අන්තර්ගතය සමග නව යෝජනාවලිය අනුගත විය යුතුය.අංක 34 1 කෙටුපතෙහි ඇති නිර්දේශ පිළිගනිමු.
ජපානය - යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාව කැපවිය යුතුය.ප‍්‍රගතියක් දැකිය හැකි මුත් කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන දේ බොහෝය. මේ සදහා සම අනුග‍්‍රහකත්වය ලබාදීමට ජපානය සූදානම්ය.
යුරෝපා සංගමය - මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිගනිමු. වගවීමේ යාන්ත‍්‍රණයට අන්තර්ජාතික ප‍්‍රජාව නියෝජනය වන අංගයක් ඇතුළත් වීම ඉතාම වැදගත්ය. යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීමට ශී‍්‍ර ලංකාව එකගත්වය පළකර තිබීම ප‍්‍රශංසනීයය.
අයර්ලන්තය - සංහිදියාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද සෑහීමකට පත්විය නොහැකිය. සංහිදියා කි‍්‍රයාවලිය වඩා කඩිනම් කිරීමේ අවශ්‍යතාව ඇතුළත් වන පරිදි යෝජනාවලි කෙටුම්පත සංශෝධනය කරන මෙන් ඉල්ලමු.