එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ආචාර්ය බන්දුල ගුණවර්ධන
පොහොට්ටුවේ අවුල ඉවරද? බලය ගන්න තිබෙන අලුත් සැලසුම කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්රශ්නය:- ඔබ නම් කෙළින්ම කිව්වා මහින්ද රාජපක්ෂට බැරි නම් ගෝ්ඨාභය රාජපක්ෂ තමයි සුදුස්සා කියලා?
පිළිතුර:- එහි ඌණ පූරණයක් තියෙනවා. මම ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව වෙච්ච අඩුපාඩු හදාගෙන ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ජනාධිපති අපේක්ෂකයෝ රාජපක්ෂ පවුලෙන් හා පිටතින් පස් දෙනෙක් ඉන්නවා කියලයි.
ප්රශ්නය:- ඒ පස් දෙනා කවුද?
පිළිතුර:- නෑ, නෑ, පස්දෙනා කිව්වම නම් ගොඩක් එනවනේ. ඒ පස් දෙනා අතරින් මෙවර එන ජනාධිපතිවරණයට ජාතික නිදහස් අරගලයේ ජීවමාන සාක්ෂිකරු ලෙස ඉඳලා වැඩ කරලා පෙන්වපු වැඩ කරන්න පුළුවන්.... ඒ සඳහා දැක්මක් තියෙන නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඒනිසා මහින්ද මහත්තයා එන්නේ නැත්නම් ඒ වෙනුවට විකල්පය ලෙස අපේ ගම් මට්ටමේ ඉන්න බිම් මට්ටමේ ඉන්න ජනතාවගේ එකම බලාපොරොත්තුව ගෝ්ඨාභය රාජපක්ෂයි.
ප්රශ්නය:- නමුත් මන්ත්‍රී කුමාර වෙල්ගම නම් කියන්නේ ‘අපට ඕනෑ ප්රජාතන්ත්රවාදී නායකයෙක්’ කියලයි.
පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කවදාවත් ආණ්ඩු කරලා නෑනේ එතුමා ප්රජාතන්ත්රවාදී නායකයෙක් ද නැද්ද කියලා බලන්න.
ප්රශ්නය:-ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්?
පිළිතුර:- ඒ වුණාට ආණ්ඩු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපේ රජය තරම් ප්රජාතන්ත්රවාදී ලෙස ආණ්ඩු කරපු රජයක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
ප්රශ්නය:- ඔබ එහෙම කිව්වත් සුදුවෑන්, රතුපස්වල සිද්ධිය ආදියෙන් ඒ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය පෙනුණා කියලයි ආණ්ඩුව කියන්නේ?
පිළිතුර:- බොහෝ දේවල් මනස්ගාත. බොරු චෝදනා. තව සමහර ඒවා ඕනෑකමින්ම ඇති කරපු දේවල්. දැන් බලන්න තිස් අවුරුදු කුරිරු යුද්ධය නිම කළාට පස්සේ අපි පරදින බව හොඳටම දැනගෙනත් උතුරෙත් නැගෙනහිරත් පළාත් සභා ඡන්දය තිබ්බා. ඡන්දය තිබ්බේ විග්නේෂ්වරන්ලාට බලය යන බව හොඳටම දැනගෙන. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්රජාතන්ත්රවාදයෙ ස්වභාවය තමයි ඡන්දය ඉල්ලන්න කලින් ඡන්ද පැවැත්වීමයි. නිරෝගී ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන ලක්ෂණය තමයි මැතිවරණ නියමිත කාලයට පැවැත්වීම. ඒ ප්රජාතන්ත්රවාදයෙන් මිනිසුන්ට නිදහසේ අදහස් කියන්න පුළුවන්. අපි පසුබෑමක් තියෙන බව දැනගෙනම ඌව පළාත් සභා මැතිවරණය තිබ්බා. ඉතින් ආණ්ඩු බලය තිබියදීත් පරදින්න හෝ දිනන්න නියමිත දිනයට කලින් ඡන්ද තිබ්බා. එහෙම ආණ්ඩුවක් තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. ඒ ආණ්ඩුව ප්රජාතන්ත්ර විරෝධී ලෙස ක්‍රියා කළාය, දෙමළ සංහාරයක් කළා කියලා ජිනීවාවල මිසක් වෙන මහ පොළොවේ ඉන්න මිනිහෙකුට කියන්න පුළුවන් කමක් නෑ.
ප්රශ්නය:- එහෙනම් මොකක්ද මේ වෙල්ගම විරෝධය?
පිළිතුර:- මෙහෙමනේ... අද්‍යතන දේශපාලඥයෝ දෙන්නෙක් එකට හමුවුණාම බදා ගන්නවා. බඩ ඉඹිනවා. හැබැයි ගෙදර ගියාම තමයි දන්නේ බුරිය කාලා කියලා.
ප්රශ්නය:-ඔබ මගේ ප්රශ්නය මග හැරියා?
පිළිතුර:- මෙහෙමයි. ඇත්තටම වෙල්ගම මන්ත්‍රීතුමා එහෙම කීම මට හිතාගන්න බෑ. එතුමා සම්පූර්ණයෙන්ම වැරදියි පමණක් නොව එය නිවැරදි කරලා දෙමළ ජනතාවගෙන් සමාවත් ගත යුතුයි.
ප්රශ්නය:- ඇයි ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:- ඒකට හේතුව තමයි අපිට රටට විරුද්ධව තියෙන ප්‍රධාන අන්තර්ජාතික චෝදනාව උතුරේ හා නැගෙනහිර යුද්ධයේ දී අපි මිනිස් ඝාතන කළා කියලනේ. ඒක සම්පූර්ණ සාවද්‍ය ඩයස්පෝරා මතයක්නේ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කවදාවත් දෙමළ ජනතාවට විරුද්ධව යුද්ධයක් කළේ නැහැ. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු මිනිසුන්ට රුදුරු කුරිරු ත්‍රස්තවාදයකින් පීඩාවට පත්වෙලා බියෙන් හා සැකයකින් තොරව ගෙයක් ඇතුළෙවත් ජීවත්වෙන්න බැරි වාතාවරණයක් තිබුණා. මිනිසුන්ට අභය දානය දීමේ පින්කමයි කළේ මානුෂික මෙහෙයුමක් කරලා. ඒ වෙනුවෙන් ඒ ජාතික ව්‍යායාමයට ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කළ මිනිසුන් දස දහස් ගණනක් අදත් සතුටු වෙන්නේ ඒ කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස රටට නිදහස ලැබීම ගැනයි. ඒනිසා කවුරුවත් අපේ ආණ්ඩු කාලේ මිනිස්සු මරන්න ප්රජාතන්ත්රවාදය විනාශ කරන්න වැඩ කරපු කිසිවෙකුත් ආණ්ඩුව තුළ හෝ ඒ රාජ්‍ය තන්ත්රය ක්‍රියාත්මක කරන නිලධාරින් අතර හිටියා කියල විශ්වාස කරන්නේ නෑ. ඒ නිසයි අපි කියන්නේ රණවිරු දඩයම වැරදියි. රණ විරුවන් මිනීමැරුම් චෝදනා යටතේ හිරගෙට දාන එකත් දඬුවම් නියම කරන එකත් රණවිරුවන්ට වන්දි ගෙවන්න කියලා නියම කරන එකත් රණවිරුවන්ට වන්දි ගෙවන්න කියලා එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ පවුල්වලට රජයේ මුදලින් වන්දි ලබා දෙන්නත් කරන ක්‍රියා පිළිවෙත අපි බලවත් ලෙස හෙළා දකිනවා.
ප්රශ්නය:-මහනුවර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ඉන්න සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ ඉදිරිපිටම කිව්වා වෙල්ගම කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක් කියලා?
පිළිතුර:- ඒ ප්‍රකාශය අනුව ඔවුන්ගේ සිතිවිලි සාධාරණයි කියලයි මම හිතන්නේ.
ප්රශ්නය:-මේ ප්රශ්නය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ යම් සාකච්ඡාවක් වුණා ද?
පිළිතුර:- තාම නෑ. දැන් අපි වෙල්ගම මැතිතුමා මුණ ගැහිලා එතුමාගේ ප්‍රකාශයෙ හරය හා ඇයි එහෙම ප්‍රකාශයක් කරන්න වුණේ කියන එක පිළිබඳව පක්ෂ නායකත්වය විසින් හා අනෙකුත් අපේ පක්ෂ නායකයන් විසින් විමසීම අත්‍යවශ්‍ය වෙනවා. එය එසේම වෙයි.
ප්රශ්නය:- කෝ භාරකාර ආණ්ඩුව? ආගිය අතක් නෑනේ?
පිළිතුර:- භාරකාර ආණ්ඩුවක් හදන එක නොවෙයි. පක්ෂයක් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය කිව්වේ මේ ආණ්ඩුව හෙට ගෙදර යවන්න පුළුවන් නම් ඒ සඳහා උපාය උපක්‍රම ඕනෑම එකක් පාවිච්චි කරලා ලැබෙන පළමු අවස්ථාවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මේ වැඩපිළිවෙළ පරාජය කළ යුතුයි කියලයි. යූඑන්පී පිළිවෙත පරාජය කළ යුතුයි කියලයි.
ප්රශ්නය:-ජනාධිපතිවරණයට තව අවුරුද්දයි?
පිළිතුර:- එච්චර බලන් ඉන්න බෑ. ඒකට හේතුව තමයි රටේ විරෝධතා නොසලකා රට ෆෙඩරල්කරණයට ලක් කරන, ජාතියෙ පැවැත්මට ඉතා අහිතකර ව්‍යවස්ථාවක් හොර රහසේ සම්මත කරගන්න හදනවා. මුළු රටම විරුද්ධ වෙද්දී සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරලා ඊට අතිරේකව තායිලන්ත, චීන, පාකිස්ථානය සහ බංගලාදේශය යනාදී වශයෙන් සියලු නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරලා ලංකාවට සියලුම කෘෂිකාර්මික, කාර්මික සියලු භාණ්ඩ සේවා බුද්ධිමය දේපොළ විද්‍යුත් වාණිජ මේ සියල්ල වක්කඩ කැඩුවා සේ ගෙන්නන්න හදන උපාය පරාජය කළ යුතුයි. අනික් කාරණය උසුලාගත නොහැකි ණය කන්දක් ලබා ගැනීම සඳහා රට ඇතුළෙන් මහ බැංකුවට කියලා ණය ගන්න බරිව පැන්ඩා බොන් හරහා චීනයෙන් ණය ගන්න හදන උත්සාහයක් තියෙනවා. ඒක මිලියන 500 ක්. ඊට අමතරව මහ පොළව ඇතුළු උපනූපන් ජාතීන්ට හිමිවිය යුතු ජාතික සම්පත් කුණු කොල්ලයට ගජ මිතුරන් හා දෙමළ ඩයස්පෝරාව අතර බෙදා ගැනීමට උත්සාහ කිරීම පරාජය කළ යුතුයි. අසාමාන්‍ය ලෙස මේ රටේ ස්වජාතිකයන්ට දැවැන්ත මිල පීඩනයක් ගෙන එනවාට අමතරව බදු දඩයමක් හරහා ඒ ජනයා ඔත්පළ කරනවා. මේ තත්ත්වයන්ගෙන් රට බේරා ගන්න නම් කුමන උපායක් පාවිච්චි කරලා හරි කාත් එක්ක හරි එකතුවෙලා එක්සත් ජාතික පක්ෂය පරාජය කළ යුතුයි.
ප්රශ්නය:- එ් භාරකාර ආණ්ඩු ව්‍යාපෘතිය නතර වුණේ ඇයි එකපාරටම?
පිළිතුර:- නෑ, එය.... දේශපාලනික බොහෝ ක්‍රියා පිටතට පෙනෙනවා. ඊට පස්සේ ටික දවසක් නොපෙනී යනවා. නැවත පේන්න පටන් ගන්නවා. එහෙම අඛණ්ඩ ක්‍රියාවලියක් තියෙනවා.
ප්රශ්නය:-නෑ ඒක නොවෙයි මෙතැන වුණේ. බැසිල් රාජපක්ෂ විරුද්ධ වුණා?
පිළිතුර:- එහෙම වෙන්න බෑනේ. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නොවෙයිනේ. එතුමා පොහොට්ටුව පක්ෂයේ නිර්මාතෘවරයා. එතකොට අපි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව දැනගෙන. එතුමා එතකොටත් ජනාධිපති. අපි කිව්වේ බුලත් කොළය පිටින් රටවටාම ගොස් මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය කළේ ‘මාව අගමැති කරන්න’ කියලයි. ‘මම කැබිනෙට්ටුවක් හදලා රට ගෙනියන්නම්’ කියලා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දෙද්දී ඒ මැතිවරණයේ දී අපිට බලය දුන්නා නම් රටට මේ විනාශය වෙන්නේ නෑ. මහ බැංකුවේ මහ දවල් මහ මුදල් කොල්ලය වෙන්නේ නැහැනේ. ඊළඟට විදේශිකයෝ ලංකාවේ සුරැකුම්පත්වල ආයෝජනය කරලා තිබුණ මුදල් තොග වශයෙන් ආපහු අරගෙන යන්නේ නෑනේ. පෝට් සිටි, උමාඔය වැනි සංවර්ධන ව්‍යාපෘති නතර වෙන්නේ නැහැ. පාරවල් පාලම් ඇළවේලි හැදෙන එක නතර වෙන්නේ නැහැ. රට බෙදන ව්‍යවස්ථා එන්නේ නෑ. හැබැයි ජනාධිපති මෛත්‍රිපාල, අගමැති හා පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂට තිබුණා නම් මේ මහා ජාතික ව්‍යසනය වෙන්නේ නෑ. ඒ විපත වළක්වා ගන්න තමයි අපි ඡන්දය ඉල්ලුවේ.
ජනාධිපතිතුමා කවදාවත් දෙමළ ජනතාවට විරුද්ධව යුද්ධයක් කළේ නැහැ. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු මිනිසුන්ට රුදුරු කුරිරු ත්‍රස්තවාදයකින් පීඩාවට පත්වෙලා බියෙන් හා සැකයකින් තොරව ගෙයක් ඇතුළෙවත් ජීවත්වෙන්න බැරි වාතාවරණයක් තිබුණා. මිනිසුන්ට අභය දානය දීමේ පින්කමයි කළේ මානුෂික මෙහෙයුමක් කරලා. ඒ වෙනුවෙන් ඒ ජාතික ව්‍යායාමයට ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කළ මිනිසුන් දස දහස් ගණනක් අදත් සතුටු වෙන්නේ ඒ කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස රටට නිදහස ලැබීම ගැනයි.
ප්රශ්නය:- ජනාධිපති මෛත්‍රිව විශ්වාස කරන්න බැහැ කියලත් ඒකාබද්ධ විපක්ෂයේ කොටසක් කියනවා?
පිළිතුර:- මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන විශ්වාසය තියලා නොවෙයිනේ අපි පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලුවේ. එතුමා කිසිම වේදිකාවක අපි වෙනුවෙන් කතා කළේ නැහැනේ. බුලත් කොළය දිනවන්න ඡන්ද ව්‍යාපාරය යනකොට වචනයකින්වත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උදව් කළේ නැහැනේ. එතුමා ස්වාධීනවනේ හිටියේ. ඒ නිසා එතුමා ගැන විශ්වාසයක් තියාගෙන නොවෙයිනේ අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න බැලුවේ.
ප්රශ්නය:-ඉතින් එදා උදව් නොකළ ජනාධිපති මෛත්‍රී අද උදව් කරයි ද?
පිළිතුර:- එහෙම නොකරපු කෙනාට අලුතෙන් කරන්න දෙයකුත් නෑනේ. ආණ්ඩුක්ර්රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව මූලික ප්‍රතිපත්ති ගැන තීන්දු තීරණ ගැනීමේ වැඩි හැකියාවක් බලයක් අගමැතිවරයාට තියෙනවා. දැන් අද ඇතිවෙලා තියෙන ප්‍රශ්නයත් අගමැතිවරයා ගෙන යන රටට අහිතකර වැඩපිළිවෙළ වෙනස් කරන්න ජනාධිපතිවරයාට බෑනේ. සරල උදාහරණයක් කිව්වොත් ජනාධිපතිවරයා කියනවා රුපියල මස්ත බාල්දු වෙන එක නතර කරගන්න නම් පිටරටින් බඩු ගෙන්වන එක නතර කරන්න ඕන කියලා. හැබැයි අගමැතිතුමයි මලික් සමරවික්‍රම ඇමැතිතුමයි අච්චු ගහලා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට නව වෙළෙඳ ප්‍රතිපත්තිය. ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා.
ප්රශ්නය:-ඒකේ මොකද්ද තියෙන්නේ?
පිළිතුර:- ඒකේ තිබෙන්නේ ආනයනයනට සීමා කිරීම බාධා කිරීම අපනයන මත පටවන බද්දක් කියලා හිතනවා කියලයි. ඒනිසා මූලික ප්‍රතිපත්තිය අච්චු ගහලා දීලා තියෙන රජයෙ නව වෙළෙඳ ප්‍රතිපත්තිය වක්කඩ කැඩුවා වගේ ලෝකයේ තියෙන සියලුම භාණ්ඩ රට ඇතුළට නිදහසේ ගලා එ්මට සැලැස්වීමයි. ඒ නිසා මම ඇහුවා සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා 2069/2 අංකය යටතේ. මෙම ගැසට් එකට අනුව භාණ්ඩ වර්ග හාරදහසකට අධික ප්‍රමාණයක් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. ඉතින් අඩුගානේ කියන්න එපැයි ඒක ක්‍රියාත්මක ද නැද්ද කියලා. එක්කෝ ජනාධිපතිතුමා කියන්න ඕනෑ. එහෙම නැත්නම් අගමැතිතුමා කියන්න ඕනෑ. නැත්නම් මලික් සමරවික්‍රම ඇමැතිතුමා කියන්න ඕනෑ. ගැසට් එක තියෙනවා. එතකොට රේගු අධ්යක්ෂ ජනරාල් කියන්න ඕනෑ මේ ගැසට් එක ක්‍රියාත්මක කරනව ද නැද්ද කියලා. මේ බොරුවක්නේ කරන්නේ.
ප්රශ්නය:-රටේ නිර්මාණය වී තිබෙන මේ ආර්ථික අර්බුදයට ඔබ සතුව තිබෙන විසඳුම කුමක්ද?
පිළිතුර:- මේ ආර්ථික අර්බුදයට තියෙන එකම උත්තරය නව රජයට සමස්ත මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය, ණය ක්‍රමය ඇතුළු ආර්ථිකය ගොඩගැනීමේ ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් විශ්වාසනීය භාවයක් ඇති කිරීමයි. මේ විශ්වාසනීයත්වය ඇති නොවන තාක් කල් අලුත් බලගතු විශ්වාසයක් ඇති නොවන තාක් කල් මේ රටේ ව්යවසායකයොවත්, දේශීය නිෂ්පාදකයෝවත් විදේශීය ආයෝජකයෝවත් ජාතික වැඩසටහනකට එකතු වෙන්නේ නෑ. එහෙම එකතු කරගන්නේ නැති තාල් කල් වෙන සුරංගනා ලෝකවල තියෙන පැලැස්තර විසඳුම් හරියන්නෙත් නෑ. පාසල් ශිෂ්‍යයන් පාසල් තුළත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල තුළත්, ගොවීන් ගොවිපොළ තුළත්, කම්කරුවන් වැඩපොළ තුළත් වැඩි වැඩියෙන් වැඩකරන සංස්කෘතියක් තුළින් පමණයි රටේ මේ තියෙන රුපියලේ ප්රශ්නය හරි ජීවන වියදමේ ප්රශ්නය හරි දුප්පත්කමේ ප්රශ්නය හරි විසඳා ගන්න තියෙන එකම මාර්ගය. ඉන් එහා මාර්ගයක් නෑ.
ප්රශ්නය:- ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?
පිළිතුර:- ඒක කරන්න බැහැ. 2015, 2016, 2017, 2018 කියන අවුරුදුවල දී සියලු මිනිසුන්ගේ සියලු ප්‍රාර්ථනා සියල්ල බිඳ වැටිලා තියෙන තත්ත්වය තුළ. ඔබ මාධ්‍යවේදියෙක් ලෙස මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ගෙන් ඇහුවොත් ඔබේ කලදවස හොඳ ද කියලා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා කරුවකුගෙන් ඇහුවොත් මහා පරිමාණ ව්‍යාපාරිකයකුගෙන් ඇහුවොත් ඔබ තෘප්තිමක් ද කියලා. එහෙමත් නැත්නම් කුලියක් මලියක් කරගෙන ජීවත්වෙන මිනිසකුගෙන්, ස්වයංරැකියාවක් කරන මිනිසකුගෙන් ඇහුවොත් මහින්ද මහත්තයාගේ යුගයට වඩා හොඳ ද නරක ද කියලා ඔවුන් හැමෝම කියන්නේ ‘රට ඉවරයි, අපි ඉවරයි.’ කියලා.
ප්රශ්නය:- ඔය ප්රශ්නය නිර්මාණය වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයවල පොලිය හා වාරිකය 2018 අවුරුද්දේ ගෙවන්න සිදුවුණ නිසයි?
පිළිතුර:- සම්පූර්ණ අසත්‍යයක්. ඔය අසත්‍ය නිසා තමයි ආණ්ඩුව ගත්ත දවසේ ඉඳන් අගමැතිතුමයි එක්සත් ජාතික පක්ෂයයි කිව්වා මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති හැටියට රට කාලා විනාශ කරලා ඉවර කරලා තියෙන්නේ කියලා.
ප්රශ්නය:- ඒක බොරුවක් ද?
පිළිතුර:- නැත්නම්. රට විනාශ කරපු ව්‍යාපෘති හැටියට ඔවුන් පෙන්නුවේ හම්බන්තොට වරායට ඇමෙරිකන් ඩොලර් මිලියන 1100 යි, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඇමෙරිකන් ඩොලර් මිලියන 900 යි. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගය ඇමෙරිකන් ඩොලර් මිලියන 740 යි. කටුනායක අධිවේගී මාර්ගය ඇමෙරිකන් ඩොලර් මිලියන 385 යි. මාතර කොළඹ අධිවේගී මාර්ගය ඇමෙරිකන් ඩොලර් මිලියන 152 යි. මත්තල ගුවන් තොටුපළ ඇමෙරිකන් ඩොලර් මිලියන 240 යි. උතුර හා නැගෙනහිර මාර්ග සංවර්ධනය ඇමෙරිකන් ඩොලර් මිලියන 700 යි. මේ සියල්ලටම අතිරේකව එයාර් ලංකා සමාගම මිහින් ලංකා සමාගම, අකුරුගොඩ ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණය, මේ ව්‍යාපෘති සියල්ලටම ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක් වියදම් කරලා නෑ. ඕනෑම ආර්ථික ඔස්තාර් කෙනෙකු කියන්න වෙන ගාණක් තියෙනවද කියලා. ඔය ඔක්කොම ඇමෙරිකන් ඩොලර් බිලියන 5ට අඩුයි. ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ආසාමන්‍ය ලෙස පහත වැටීමෙන් ලැබුණු වාසිය නිසා මේ අවුරුදු තුනට මහින්ද රාජපක්ෂ යුගයට වඩා ඉතුරුවුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 යි. එක්සත් ජාතික පක්ෂයෙ ඕනෑම ඔස්තාර් කෙනෙකුට කියන්න කියන්න අර ඔක්කොම වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 5ට වැඩියි කියලා. ඒ වගේම තෙල් ගෙන්නන්න ගිය ගාන මහින්ද රාජපක්ෂ යුගයට වඩා ඉතුරුවෙච්ච ගාන ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 යි නොවෙයි කියලා පුළුවන් නම් පෙන්නන්න.
ප්රශ්නය:- ඇමෙරිකාවේ උපජනාධිපති කෙනෙකුත් කිව්වා හම්බන්තොට වරායෙ ණය ගෙවා ගන්න බැරිවෙලා චීනය ඇවිල්ලා චීනය බලහත්කාරයෙන් වරාය ගත්තා කියලා?
පිළිතුර:- ඔව් එහෙම කිව්වා. ඊට අමතරව ඔහු කිව්වා හම්බන්තොට වරායේ චීන නාවික කඳවුරක් දානවා කියලත්. ඇමෙරිකානු උපජනාධිපතිවරයා මුළු ලෝකයටම එහෙම කිව්වා. මේක පට්ටපල් බොරුවක්නේ. ඒ ඇමෙරිකාවේ උපජනාධිපතිවරයා දන්නේ නෑ හම්බන්තොට වරාය විකුණලා ගත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4යි කියලා. 2019 වසරේදීත් තෙල් ගෙන්නන්න ගිය සල්ලි ඉතිරි වුණා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක්. එතකොට හම්බන්තොට වරායේ සියලුම ණය එක සැරේ 2019 දී ගෙවලා ඉවර කළාට පස්සෙත් ඉතිරි වෙනවා ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක්. ඒ නිස ඔය ණය පිළිබඳ කියන්නේ පට්ටපල් බොරු.
ප්රශ්නය:- එහෙම නම් ඔබ කියන්න හරියටම ගාන කීයද?
පිළිතුර:- මම කියන්නම්. මහින්ද රාජපක්ෂ යුගයෙ 2012, 2013, 2014 අවුරුදු තුනේ විදේශ ණය වාරික හා පොලියයි ඛනිජ තෙල් මිල ගෙවන්නයි ගත්ත මුළු වියදම ගත්තාම ඒ වියදමට වඩා ඒ සඳහා දරන වියදම 2015, 2016, 2017 කියන අවුරුදු තුනේදීම අඩුයි. රටේ විදේශ විනිමය වියදම් වෙන ප්‍රධාන ඒවා දෙකයි තියෙන්නේ. එකක් ණය හා වාරික ගෙවීම, දෙක ඛනිජ තෙල් මිල ගෙවීම. මේ දෙක සඳහා මහින්ද රාජපක්ෂ යුගයේදී ගෙවන්න තිබුණ ගාන මේ යුගයට වඩා වැඩියි. මොකද ඒ කාලේ ඛනිජ තෙල් අර්බුදයක් තිබුණා. මේ කාලේ තෙල් මිල අඩු වුණාම ඉතුරු වෙච්ච සල්ලිවලින් ඔක්කොම කරන්න තිබුණා.
ප්රශ්නය:-ඔබ කියන විදියට රෙට් ආර්ථිකය හදන්න ඔබලාගේ ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද?
පිළිතුර:- තව එක වෙසක් පෝයයිනේ?
ප්රශ්නය:-ඒ වෙනකම් පොහොට්ටුව තියෙයිද?
පිළිතුර:- සීගිරි ගල වගේම නොසැලී තියේවි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්