සිතුම් චතුරංග - කිලිනොච්චිය සිට
මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබා දිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිලිනොච්චියේදී අද (18) පැවසීය.
ලෝක ළමා ප්‍රඥප්තියට අනුව ලෝකයේ සෑම රටක්ම දරුවන්ගේ සෞඛ්‍ය , අධ්‍යාපනය , ආරක්ෂාව හා සුරක්ෂිත භාවය පිළිබඳ කටයුතු කරන්නාසේම රජය ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ බව කීය.
ළමුන්ගේ ආරක්ෂාව සලසන ආයතන වලදී ළමුන්ට කරදර විඳීමට සිදුවනවා නම් දරුවන් ගැන කියන්නට තිබෙන්නේ දෙවියන් පමණද කියා විමසූ ජනාධිපතිවරයා රටේ සෑම කෙනෙක්ම දෙවියන් මෙන් දරුවන් රැක බලාගත යුතු බවද සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
වැඩසටහනට සමගාමීව උතුරේ තොරාගත් ළමා නිවාස හා රැදවුම් මධ්‍යස්ථාන නවීකරණය කිරීම සඳහාත් ආබාධිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් 25ක් සඳහා මුල්‍ය ප්‍රධානය සිදුකළ අතර ප්‍රදේශයේ වකුගඩු රෝගී අවධානමෙන් සිටින දරුවන් මුදාගැනීමට පවුල් 1000ක් සඳහා ගෘහස්ථ ජලපෙරණ ලබාදීමද සිදුකෙරිණ.
යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක වල යුද හමුදා භාවිතා කළ ඉඩම් අක්කර 120.89 නැවත ජනතාව වෙත පැවරීම සඳහා එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.
මම ඉතාමත් සතුටුවනවා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට ඔබ සමඟ එක්වන්න ලැබීම පිළිබඳව බොහෝ අවස්ථාවල උත්සවවලදී ජනාධිපතිවරයා කතාකරන්නේ වැඩසටහන අවසානයේ නමුත් අද රැස්වීමේ විශේෂත්වය ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි.
එයට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි දරුවන් රකිමු ජාතික වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන්නේ මම නිසා මා මුලින්ම කතාකරන්න හිතුවා. මේ දරුවන් රකිමු වැඩසටහනේ ප්‍රධාන වගකීම උසුලන්නේ මම නිසා මා ප්‍රථමයෙන් කතාකිරීමට සිතුවා.
අපි මේ දරුවන් කියලා කියන්නේ කවුද? මෙම ස්ථානයේ මමත් , ආණ්ඩුකාරතුමා , මහඇමති තුමා ඇතුළු මැති ඇමතිවරු සිටිනවා එහෙත් අපේ අම්මලා තාත්තලා අපට කියන්නේ දරුවො කියලා තමයි. එහෙම බැලුවොත් අප සැමදෙනාම දරුවො. නමුත් මේ දරුවන් රකිමු මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් පිළිබඳ හඳුන්වන වයස අවුරුදු දාහතෙන් පහළ සෑම කෙනෙකුම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම්කර තිබෙන බව ඔබ දන්නවාද?. ලෝක ළමාදිනයේදී ලෝකයේ සියලු රටවල් දරුවන් වෙනුවෙන් සෑම කෙනෙකුගේම අවධානය යොමුකරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි මේ දරුවන් රකිමු කියන වැඩසටහන ආරම්භ කිරීමට කලින් මේ රටේ රජය විසින් ඒ වගේම විවිද අංශ ආයතන මේ දරුවන් පිළිබඳ ව්‍යාපෘති , වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රධන වශයෙන්ම අරමුණු කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීමට අවශ්‍යයි.
දරුවන් අද බොහෝ ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා එය අප රටේ විතරක් නොවෙයි ලෝකයේ සියලුම රටවල් වල දරුවන්ට මුහුණදීමට සිදුවෙලා. නමුත් ආර්ථික වශයෙන් අඩු සංවර්ධනය අඩු දුප්පත් රටවලට මේ ප්‍රශ්න හුඟාක් වැඩියි. ඒ වගේම යුද්ධය පැවතුණු හා යුද්ධය පවතින රටවල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියානු රටවල් ගතහොත් දකුණු ආසියාතික රටවල දරුවන්ගේ ප්‍රශ්න හුගාක් වැඩියි.
දරුවන් බොහෝ වේලාවට මුලින්ම ප්‍රශ්න වලට මුල්වන ස්ථානය තමන්ගේ නිවසයි. දරුවන් හැදෙන්නේ දෙමාපියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ඔබ දන්නවා ගෙවල්වල විශේෂයෙන් පවුල් වල තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්වයන් ඇතිවෙනවා.
ඒ වගේම ඇතැම් වෙලාවට දෙමාපියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. සමහර අවබෝධයෙන් අඩු දෙමාපියෝ දරුවන්ට බොහෝ හිරිහැර කරනවා තමන් කියන දේවල් කරන්නේ නැහැ කියා. සමහර දෙමාපියෝ දරුවන්ට බරපතල ලෙස හිරිහැර කරනවා දඬුවම් කරනවා.
ඉතා කණගාටුවෙන් කිවයුතුයි ඔබ මාධ්‍ය තුල දකිනවා ඇතැම් වෙලාවට දරුවන් දෙමාපියන් අතින් අපචාරයට ලක්වන අවස්ථා. එවැනි දේවල් යහපත් සමාජයක , ශීලාචාර සමාජයක කිසිසේත් අපට අනුමත කරන්න බැහැ. ඒ නිසා මූලිකම දේ තමයි දරුවන් පීඩාවට , කරදරවලට , හිරිහැරවලට ලක්වන ප්‍රධාන ස්ථානය දරුවන් සිටින නිවස සහ දෙමාපියන් අතරේ සිදුවන බව මුලින්ම කිවයුතුය.
මෙහිදී මම කියන්නේ සෑම දෙමාපියකුම එහෙම නැහැ. දෙමාපියන්ට තිබෙන අවබෝධය , නූගත් කම , මත්ද්‍රව්‍ය , බොහෝ වෙලාවට එවැනි ප්‍රශ්න වලට මුල්වෙනවා. ඒ නිසා දරුවන්ට ආරක්ෂිත ප්‍රධාන ස්ථානය නිවස බවට පත්කිරීමට අප සෑම කෙනෙකුම කටයුතු කළයුතුයි. ඒ වගේම දෙමාපියන් ඇසුර වගේම දරුවන් පාසලට යවනවා අපි. පාසලට ගිය විට දරුවාට තිබෙන සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.
සමහර වේලාවට පාසලේදී දරුවන් ඒ දරුවන් අතර ඇතිවන ප්‍රශ්න වලදී ළමුන්ගේ යම්යම් ප්‍රශ්න හා ගැටුම් වලදී දරුවන් හිරිහැරවලට ලක්වෙනවා. ඒ වගේම කණගාටුවෙන්වුවත් කිවයුතුයි සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙන් දරුවන්ට නොයෙකුත් හිරිහැර කරදර සිදුවෙනවා.‘‘
යාපනය විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යාව පිළිබඳ අංශ ප්‍රධානී කේ කජවින්දන් මහතා සහ යාපනය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සත්‍යමූර්ති යන මහත්වරුන් විසින් ළමා අපයෝජන සම්බන්ධයෙන් හා ළමුන් පිළිබඳ අවධානය යොමු කරන්නේ කෙසේද යන්න දේශනයක් පැවැත්විය.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කාදර් මස්තාන් , අංගජන් රාමනාදන් , උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ , උතුරු පළාත් අමාත්‍යවරුන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා , පාසල් දරුදැරියන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් වැඩසටහන සඳහා සහභාගීවී සිටියහ.