සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ආචාර්ය හර්ෂ ද සිල්වා
- පෝර්ට් සිටි එකට අදාළව ගිවිසුම් අත්සන් කරලා කොමිසම පත් කරලා ඉවරයි. ඒත් මොකක්වත් වෙලා නෑනේ. කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. ඔය ඉතාම හදිසියේ පනත පාස් කර ගත්තේ. ලොකු ආයෝජකයන් එනවා කියලනේ. කෝ නෑනේ. අර එල්ඕඑල්සී එක කරපු ආයෝජනය බිල්ඩිමක් ගහන්න කරපු ආයෝජනයක් විතරයි. ඒ හැරෙන්න කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැහැනේ.
රටේ උණූසුම් දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වුණ ගමන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා?
පිළිතුර:- එ් සමහර අය විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාටයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටයි ආර්ථිකය කර ගන්න බැරි වෙච්ච නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා අන්තිම තුරුම්පුව හැටියට ගෙනල්ලා තියෙනවා. ඔය ඔබ කියන මතය ගොඩනගන්නේ ඒ අයමයි. ජනතාව තුළ ඔය කියන විදියේ විශ්‍වාසයක් ඇති වෙලා නෑ.
ප්‍රශ්නය:- 2010-2015 ආර්ථික වර්ධන වේගයත් එක්ක බැලුවොත් බැසිල් වැඩකාරයෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි!
පිළිතුර:- 2009 යුද්ධය ඉවර වෙලා 2010 දී මුළු රටම ආර්ථිකයට එකතු වුණානේ. 2011-2012 අවුරුදු දෙක තුළ ආර්ථීකය වේගයෙන් වර්ධනය වුණා. ඒක ඕනෑම රටක යුද්ධයකින් පස්සේ සිද්ධ වෙන දෙයක්. යුද්ධය ඉවර වුණාම කෘෂිකර්මය වැඩි වුණා. සෑහෙන්න ඉදිකිරීම් කළා. වරායවල් පාරවල් ලොකු ණය අරගෙන හැදුවා. 2012 දී සියයට 9.1 ට ගිය ආර්ථික වර්ධනය 2013 දී සියයට 3.4ට කඩා වැටුණා. 2014 දී ඒක සියයට 4.9 යි. ඊට පස්සේ ඒක රිවයිස් කළා සියයට 5 ට 2015 ඉඳලා 2019 වෙනකම් ඔය ගණන්වලට තමයි ගියේ. යුද්ධය ඉවර වෙලා අවුරුදු දෙකක් ආර්ථිකය වර්ධනය වුණා පමණයි. ඊට පස්සේ ඒක සියයට 3.4 ට වැටුණා.
ප්‍රශ්නය:- ඔබ දකින විදියට එහෙම වුණේ?
පිළිතුර:- අර තිබුණු ආර්ථීක වර්ධනය කෘත්‍රිමව හැදිච්ච කෙටි කාලීන වර්ධනයක්. ඒ වර්ධනය ආවේ මූලික වශයෙන් ඉදි කිරීම් ක්ෂේත්‍රය හරහා. ඉදිකිරීම් කළේ සෑහෙන තරම් ණය අරගෙන. පාරවල්, වරායවල්, ස්ටේඩියම්, කුළුණු හැදුවා. ඒකත් එක්ක ආර්ථිකය කෘත්‍රිමව නැග්ගා. නමුත් ඊට පස්සේ ඒක නැති වුණා. අපට අවශ්‍ය වෙන්නේ ආර්ථිකය වර්ධනය කියන එක තිරසාරව සියයට 8 ට 9 ට තියෙන්න ඕනෑ. එහෙම නැතිව කෙටි කාලීනව තිබිලා වැඩක් නෑ. දැන් වෙලා තියෙන්නේ ආණ්‍ඩුව කවුද පුද්ගලයා කවුද කියන එක වැඩක් නෑ. බැසිල් රාජපක්ෂද, වෙන කෙනෙක්ද, හර්ෂ ද සිල්වා කියන එක නොවෙයි අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ ආර්ථික වැඩ පිළිවෙළ ඉස්සරහට ගෙන යන්නනම් විශාල ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා.
ප්‍රශ්නය:- මොනවද ඒ වෙන්න ඕන ආර්ථික ප්‍රතිසංස්කරණ.
පිළිතුර:- අපේ තියෙන මූලිකම ප්‍රශ්නය තමයි අපි ඉතුරු කරනවාට වඩා විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඒක තමයි අපේ තියෙන මූලික ගැටලුව. ඒක අපි දකින්නේ අපට අවශ්‍ය ආයෝජනය කරන්න තරම් ඉතිරි කිරීම් අපේ රටේ නෑ. අපට තියෙන්න එපායැ ප්‍රාග්ධනය. ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නම් ඇන්ජිම හදා ගන්න ඕනෑනේ. අපේ කර්මාන්ත දියුණු වෙන්න ඕනෑ. ඒවාට අවශ්‍ය මැෂින් ගෙන්වන්න ඕනෑ. ඒවට අවශ්‍ය ශ්‍රම බළකාය දැනුමෙන් සන්නද්ධ කරන්න ඕනෑ. මේ ඔක්කොටම ආයෝජන අවශ්‍ය වෙනවා. මේ ආයෝජන කරන්න අපි ළඟ ඉතිරි කිරීම් නෑ. ඉතිරි කිරීම් නෑ කියන්නේ පෞද්ගලිකවත් අපේ ඉතිරි කිරීම් නෑ, රජයක් හැටියටත් අපේ ඉතිරි කිරීම් නෑ. රජය ඉතිරි කරනවා කියන්නේ අයවැයේ අතිරික්තයක් පෙන්නුම් කරන්න ඕන. අපි දකිනවා ගොඩක් රටවල් වල දියුණු වෙච්ච රටවල්වල පොඩි හිඟයක් තියෙන්නේ. නැත්නම් අතිරික්තයක් තියෙන්නේ. සියයට 40 ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. දියුණු රටවල. අපේ රටේ තියෙන්නේ ඊට භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක්. එතකොට ඔය මූලික ප්‍රශ්නයත් එක්ක මතුවෙන අනික්
ප්‍රශ්නය තමයි වර්ධක ගිණුමේ හිඟයක් තියෙනවා කියලා. අපේ රටට අවශ්‍ය ඉතිරි කිරීම් මදි නිසා විදේශ ඉතුරුම් වර්ධන ගිණුමේ හිඟයක් හැටියට තියෙන්නේ. මිනිස්සු ඔය විදියට ඒක අර්ථකථනය කරන්නේ නෑ. එතකොට අපේ රට දියුණු වෙමින් පවතින රටක් නිසා ආයෝජන අවශ්‍ය නිසා අපේ රටේ ඉතිරි කිරීම් මදි නිසා විදේශ ඉතිරි කිරීම් අපි ලබා ගන්න නිසා ඒක තමයි ණය හැටියට කන්ද වගේ ගොඩ ගැහෙන්නේ. දේශීය ඉතිරි කිරීම් හරහා සිදු කරණ ආයෝජනවලින් අපට ඵලදායිතාවක් නැත්නම් ඒ ආයෝජන නාස්ති වෙනවානම් වැඩකට නැති දේකටනම් යොදවලා තියෙන්නේ අපි දේශීය ඉතිරි කිරීම් හරහා එහෙමත් නැත්නම් ණය හරහා අපි කරලා තියෙන වියදමෙන් ප්‍රයෝජනයක් නෑ. ඉතින් ඒ නිසා අපේ ගැටලුව නිරාකරණය කර ගන්නවා. වෙනුවට එන්න එන්නම ගැටලු අතරේ හිරවීමක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න ඕනෑ. ඔය මූලික ප්‍රශ්නය විසඳාගන්න ඕනෑ.
ප්‍රශ්නය:- පෝර්ට් සිටිය හරහා ඔය ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් දෙන්න ආණ්‍ඩුව සුදානමින් ඉන්නේ.
පිළිතුර:- පෝර්ට් සිටි එකට අදාළව ගිවිසුම් අත්සන් කරලා කොමිසම පත් කරලා ඉවරයි. ඒත් මොකක්වත් වෙලා නෑනේ. කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. ඔය ඉතාම හදිසියේ පනත පාස් කර ගත්තේ. ලොකු ආයෝජකයන් එනවා කියලනේ. කෝ නෑනේ. අර එල්ඕඑල්සී එක කරපු ආයෝජනය බිල්ඩිමක් ගහන්න කරපු ආයෝජනයක් විතරයි. ඒ හැරෙන්න කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැහැනේ.
ප්‍රශ්නය:- කොවිඩ් වසංගතය එයට බලපානවා ඇති.
පිළිතුර:- වසංගතය තියෙනවානම් මේගොල්ලෝ කියනවනේ ආර්ථිකය සියයට 4.3ට වර්ධනය වෙලා කියලා. එහෙම නම් වසංගතයෙන් මහ ලොකු බලපෑමක් වෙලා කියලා කියන්න බෑනේ. වසංගතයට මහ ලොකුවට වැදිලා තියෙනවා නම් ආර්ථිකය හිරවෙලා තියෙනවානම් කොහොමද 4.3 ක ආර්ථික වර්ධනයක් තියෙන්නේ. මෙතැන කවුරුවත් ඇත්ත කියන්නේ නෑනෙ. මෙතැන තර්ක කරන්න මට වෙනත් දත්ත නෑ. ආණ්‍ඩුව ඉදිරිපත් කරන දත්ත සියයට 4.3 යි නම් ආර්ථිකය වර්ධනය වෙනවා. කොරෝනා එකෙන් එහෙම නම් ආර්ථිකයට ලොකු බලපෑමක් වෙලා නෑනේ.
ප්‍රශ්නය:- ආණ්‍ඩුව තීරණය කරලා තියෙනවා. චීනයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක ණයක් ගන්න.
පිළිතුර:- මම නම් ඒක දන්නේ නෑ. හැබැයි ගැටලුව එතැන නොවෙයි තිබෙන්නේ. ගැටලුව තියෙන්නේ අපට මේ ගෙවන්න තියෙන ණය ගෙවන්න ක්‍රමයක් නෑ. මම මේ කතාව අද ඊයේ නොවෙයි කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වම මේවා ලොකුවට දානවා. මම මාස හයක් තිස්සේ මේ කතාව කියන්නේ. මං මුලින්ම ඔයත් එක්ක ඉරිදා ලංකාදීපයට කරපු ඉන්ටර්වීව් එකකදි තමයි කිව්වේ. ලංකාව විශාල ණය උගුලක හිර වෙලා ඉන්නවා. මේක ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ. ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා කෙටි කාලීනව හරි අපට හුස්ම ගන්න අවස්ථාවක් ඉල්ලා ගන්න කියලා. දැන් තියෙන ප්‍රශ්නය ඒකයි. අපේ තියෙන සංචිත වේගයෙන් අඩුවෙලා තියෙනවා. අපට ණය දෙන කෙනෙක් නෑ. ඉතින් මම දන්නෙ නෑ කොහෙන්ද මේ ණය ගන්නේ කියලා. නමුත් අපට මේ තියෙන ණය ටික ගෙවා ගන්න හැකියාවක් නැතිව ඉන්නේ. අද ඇත්ත කතාව තියෙන්නේ ඩොලර් නෑ. කිසිම බැංකුවකින් එල්සී එකක් විවෘත කරන්න බෑ. විශාල ලෙස ආර්ථීකය ක්ෂය වෙලා. එක පැත්තකින් ආණ්‍ඩුව ලෝන් දෙනවා. එතකොට මිනිස්සු ගෙවල් හදන්න පටන් ගන්නවා. ගෙවල් හදන්න පටන් ගන්නකොට යකඩ කූරේ ඉඳන් වැඩි වෙලා. මට ස්වාමීන් වහන්සේ නමක් කිව්වා උන්වහන්සේගේ දෙමාපියන්ගේ ගේ හදනකොට යකඩ කූරු ගන්න ගියාම අප්‍රේල් මාසයේ ඒක රුපියල් හත්සිය ගානක්. ගිය සතියට කලින් සතියේ ගියාම එම කූරම එක්දහස් දහයක් වෙලා. ගෙදර ගිහින් සල්ලි අරගෙන එනකොට ඒක එක්දහස් හැත්තෑවක් වෙලා. ටයිල් හාර සීයට තිබුණේ දැන් අටසීයක් වෙලා. මේ ගොල්ලන්ගේ ආර්ථීක ප්‍රතිපත්තිය පරස්පරයි. ඒ නිසා තමයි හිරවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේගොල්ලන් කියන්නේ බැසිල් මහත්තයා ඇවිල්ලා මේ පරස්පරය නැති කරයි කියලා. ඒකටද දන්නේ නෑ. එයාව ගෙනාවෙත්. නමුත් දැන්නම් තියෙන්නේ මහා අවුලක.
ප්‍රශ්නය:- කුඩා ව්‍යාපාර සංවර්ධනයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 3000 ක් දෙනවා කියලා ආණ්‍ඩුව කියනවා.
පිළිතුර:- මෙහෙමයි. මෙතැන තියෙන්නේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් ආර්ථික සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකාවෙන් නොයෙකුත් රටවල්වලින් සහනදායි ණය ලෙස හෝ ප්‍රදාන ලෙස ආණ්‍ඩුව ලබා ගන්නවා. ඒවා මේ අද ඊයේ වෙච්ච දේවල් නොවෙයි. දිගින් දිගටම වෙච්ච දේවල්. හැබැයි ඒ මුදල් දෙන්නේ වැඩපිළිවෙළකට, ඒ මුදල් දෙන්නේ මේ හිරවෙලා තියෙන ණය ගෙවන්න නොවෙයි. එම්.සී.සී. එක හරහා රට බෙදනවා කියලා ලොකු බොරුවක් ගහලා ඇමෙරිකාව එලවා ගත්තා. දැන් බලනකොට ඇමෙරිකන් කාරයා හැම තැනම ඉන්නවනේ. දැන් ඔය කියන කුඩා ව්‍යාපාර සංවර්ධනයට දෙනවා කියලා යුගදනව් පවර් ප්ලාන්ට් එකෙන් සියයට 40 ක් ඒගොල්ලන්ට විකුණනවා කියලා කතාවක් යනවා. තවත් එකක දැක්කා ඒගොල්ලෝ ඇවිත් එල්.එම්.ජී. ටර්මිනල් එකක් හදන්න යනවා කියලා. එතකොට ඇමෙරිකාවත් එක්ක ඒ තිබුණු සම්බන්ධය වෙනස් වෙලා තියෙන බවක් නම් පේනවා. හැබැයි ඔය එකක්වත් ඉදිරි සංවර්ධන කටයුතු වලට යොදා ගත්තට ණය ප්‍රශ්නයට විසඳුමක් නොවේ.
ප්‍රශ්නය:- කොරෝනාව යම්තම් පාලනය කරගෙන එනකොට ඔබලා ජනතාව රැස් කරවලා උද්ඝෝෂණ කරනවා. මේ කරන්නේ රටට හතුරු කමක් කියලා හිතෙන්නෙ නැද්ද?
පිළිතුර:- අපි ජනතාව ගෙන්වනවාට වඩා මිනිස්සු එකතු වෙලා ඉන්නවා. මිනිස්සු සජබයට ඉස්සරහින් ගිහින් තියෙනවා. අර කොරෝනා නීති සම්බන්ධයෙන් අපි වගකීමෙන් කටයුතු කරනවා. මිනිස්සු කියන්නේ අපට පොහොර නෑ. අපට ජීවත් වෙන්න සල්ලි නෑ. බඩු මිල අහස උසට ගිහින්. තමන්ගේ මත ඉදිරිපත් කරනකොට පොලිසියෙන් ගහනවා. හිරේ දානවා. නිරෝධායනය කරන්න කියලා කෑම්ප් වලට එක්කරගෙන යනවා. දරුවන්ට ඔන්ලයින් කරන්න ඩේටා නෑ. සිග්නල් නෑ. මුළු රටම ව්‍යාකූලත්වයට පත්වෙලා තියෙන්නේ. එතකොට විපක්ෂයක් හැටියට මොකක්ද අපේ වගකීම. අපේ වගකීම තමයි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න එක. සජබය එකතුවෙලා වැඩ කරනකොට මිනිස්සු අපටත් වඩා ඉස්සරහින් ගිහිල්ලා සටන් කරනවා.
ප්‍රශ්නය:- ඔබලා ඉදිරිපත් කරපු ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට මොකක් වෙයිද?
පිළිතුර:- ඒක බලමු. ඊට කලින් උදය ගම්මන්පිල මහත්තයාගේ විෂය වෙනස් වෙයි කියලා කතාවක් යනවා. එතුමා සම්බන්ධයෙන් මට ගරුත්වයක් තියෙනවා. එතුමා වැදගත් මනුෂ්‍යයෙක් කියලා මම විශ්වාස කරනවා. මෙතැන තියෙන්නේ දේශපාලන සටනක්. ප්‍රශ්නය තියෙන්නේ එතුමා කියන්නේ රාජපක්ෂ පවුල ගත්ත තීරණයක් ජනතාවට කියන්න එතුමා බාර ගත්තා කියලා. නමුත් අවසානෙදි රාජපක්ෂලාගෙන් එතුමාට ලැබිය යුතු ගෞරවය ලැබෙයිද කියලා කාටත් පෙනීගෙන යනවා. රාජපක්ෂ ඥාති කණ්‍ඩායම සියල්ලම අතට අරගෙන තියන බව අද වෙනකොට පේනවා. පත්තරේ උදේ තිබුණ බැසිල් රාජපක්ෂ මහත්මයා විමල් වීරවංශ මහත්තයාගේ ආයතනවලට කතා කරන්න කැඳවලා කියලා. නමුත් දවල් වෙනකොට අපට ආරංචි වෙනවා විමල් වීරවංශ මහත්තයා ඒ සාකච්ඡාවට සහභාගි වෙන්නේ නැතිව වෙන කොහේද ගිහින් කියලා. රාජපක්ෂ ඥාති කණ්‍ඩායම හා ආණ්‍ඩුවේ අනික් පිරිස අතර තියෙන සම්බන්ධය කොහොමද කියලා ඉදිරියේදී තේරෙයි.
සාකච්ඡා කළේ -
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්