පච දේශපාලනය රජ වෙලා


(අංජුල මහික වීරරත්න)

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ තරඟයට පොරොන්දු කඩ කළ පාලනයක් බවද ප්‍රේමදාස මහතා කීය. ආණ්ඩුව බොරුවෙන් රජ වී ජනතාව රැවටූ බව ලක්ෂ 220ට ම ඔප්පු වී ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකාර්මික බල ප්‍රදේශ වල වැඩ ආරම්භ වුවත් තවමත් පොහොර සහනාධාරය නොලැබී ඇති බව කී විපක්ෂ නායකවරයා වගා හානිය වෙනුවෙන් ආපදා හා වගා වන්දි පවා නොලැබුණු බව පැවසීය.

අලි මිනිස් ගැටුමින් විපතට පත් වූ ජනතාවගේ වගා, දේපල හා ජීවිත හානි වලට කිසිඳු විසදුමක් නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

පොළොන්නරුව ආසනයේ පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.