සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු
මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් විය. රටේ දේශපාලනය යළිත් උණුසුම් වෙමින් තිබේ. මේ ඒ දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- තවදුරටත් ඔබත් සජීත් ප්‍රේමදාස ඇතුළු පිරිසත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ නොවෙයි?
පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාවයි. පක්ෂයක තනි තීරණයකට පක්ෂයක ඒකාධිපතිත්වයට පක්ෂයේ සාමාජිකයකුගේ තනතුරු අහිමි කිරීමේ හැකියාවක් නෑ.
ප්‍රශ්නය:- ඕනෑම පක්ෂයක විනයක් තියෙනවා. ඔබලා වෙනත් පක්ෂයකින් නාමයෝජනා දීලා.
පිළිතුර:- මෙහෙමයි. සමගි ජන බලවේගය හැටියට අපි එහෙම නාම යෝජනා දෙන්න පෙර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මේ රටේ ජනතාව අපෙන් ඉල්ලූ දෙයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය 1994 ඉඳන් කිසිම දවසක ජනාධිපතිවරණයක් ජයග්‍රහණ කරන්න බැරි නායකත්වයක් එක්ක ආවේ. ඒ ගමනේදී එක්සත් ජාතික පක්ෂය වෙනත් මගකට පිරිසිදු පක්ෂයක් හැටියට යා යුතුයි. මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු අරන් දුන්නත් මේ ආණ්ඩු හරි විදියට ආරක්ෂා කර නොගැනීම තුළ පාක්ෂිකයාට ඇතිවෙච්චි කලකිරීමට හේතුවක් වෙච්ච නායකත්වය ගැන කණ්ඩායමක් ගැන එක්සත් ජාතික පාක්ෂිකයා කනස්සල්ල පළ කළා. අපි පක්ෂයක් හදලා නැහැ. අපට සිදු වුණ එකම දේ නැවත වතාවක් ඒකාධිපතිත්වය, කල්ලිවාදය සහ ආණ්ඩුව සමග නොයෙකුත් ඩීල් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇති වෙච්ච කලකිරීම තුළ හා කොන්ද කෙළින් තියාගෙන තීන්දුවක් ගන්න කියලා බහුතරය ඉල්ලු නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පක්ෂයක් නොවෙයි බලවේගයක් අපි නිර්මාණය කළා.
මිනිසුන්ට ඡන්දයක් කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද? තමන්ගේ රැකියාව ගැන විශ්වාසයක් තියෙනවාද? ගෙදර කුලිය ගෙවාගන්න බෑ. වතුර බිල, ලයිට් බිල ගෙවන්න බෑ. එහෙම පරිසරයක ඡන්දයක් ගැන කතා කිරීම හරිම හිරිකිතයි.
ප්‍රශ්නය:- කොහොම වුණත් ඔබලාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා තියෙනවා. ඒ ගැන ඔබ මුකුත් කිව්වේ නැහැ.
පිළිතුර:- පක්ෂවල සාමාජිකත්වය තහනම් කිරීම් අපි දකිනවා. සියලු දෙනා හිනාවුණු වෙලාවක මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩු බලයක් නැතිව වෙනත් පක්ෂයක් හදලා ආණ්ඩුවක් ගත්තා. ඒ නිසා සියල්ල තීරණය වෙන්නේ ජනතාවගේ අතේ. අපේ පාක්ෂිකයා ඉල්ලු දේ අපි ගෙනත් තියනෙවා. පිරිසිදු එක්සත් ජාතික පක්ෂයක් නිර්මාණය කිරීමේ පළමු අඩිතාලම අපි දාලා තියෙනවා.
ප්‍රශ්නය:- ඔබලා මේ කොපි කරමින් යන්නේ මහින්ද රාජපක්ෂව. මහින්ද රාජපක්ෂ ගිය ගමන සජිත් ප්‍රේමදාසට යන්න පුළුවන් කියල ඔබ හිතනවද?
පිළිතුර:- අපි මේ ක්‍රියාන්විතයට යොමු වෙන්නේ යුද්ධ දෙකකින් මේ රට නිදහස් කර ගැනීමටයි. එක යුද්ධයක් තමයි ඒකාධිපති පවුල් පාලනයෙන් රට මුදා ගැනීම. අනික් යුද්ධය තමයි ඒකාධිපති පක්ෂ නායකත්වයකින් මේ රටේ පැරැණිතම පක්ෂය මුදා ගැනීමයි. මේ යුද්ධ දෙකම අපි කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ යුද්ධ දෙකම මහින්ද සුළඟට වඩා ජනතාවගේ සුළඟක් බලවේගයක් බවට පත්වෙලා පරිණත දක්ෂ තරුණ දේශපාලන නායකත්වයක් ඉදිරියට ගෙන ඒමේ ගමනයි අපි ආරම්භ කරලා තියෙන්නේ.
ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයේ නායකයෝම කියනවා මහින්ද රාජපක්ෂ රටේ පොරක්. සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ කොපි කරන්න ගිහින් දේශපාලනිකව අනාථ වෙනවා කියලා.
පිළිතුර:- දේශපාලන අනාථයො එහෙම කියනවා ඇති. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායමක් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බහිනකොට හැමෝම කිව්වේ මහින්ද රාජපක්ෂ ඉවරයි කියලයි. අපි යන්නේ ඒ පාරේ නොවෙයි. ලෝකයේ දේශපාලනය තරුණයන්ට විවර වෙමින් තිබෙන්නේ. මාධ්‍ය මාෆියාව ඩීල් මාෆියාව මේ සියල්ල එක්ක අපට තරග කිරීමේ අභියෝගයක් තියෙනවා. නමුත් විපක්ෂයේ ඉන්න අපේ මන්ත්‍රීවරු අසූවකට වැඩි පිරිසක් එකට එකතු වුණ ජව සම්පන්න නායකත්වයක් අපට තියෙනවා. ඒක මාධ්‍යයට නොපෙනෙන්න පුළුවන්. විපක්ෂයේම සමහරුන්ට ඒක නොපෙනෙන්න පුළුවන්. නමුත් ජනතාව විශ්වාසය තබා තිබෙන්නේ කුමන නායකයා කෙරෙහිද කියන එක යථා කාලයේදී අපි අනිවාර්යයෙන්ම ඔප්පු කරලා පෙන්වනවා.
ප්‍රශ්නය:- ඔබේ නායක සජිත් ප්‍රේමදාස වරක් පාවිච්චි කරලා බලපු නායකයෙක්. ඔහු ගෝඨාභය රාජපක්ෂට පරාජය වෙන්නේ ලක්ෂ 16කින්. ගෝඨාභය කියන්නේ පළාත් පාලන ආයතනයකවත් හිටපු කෙනෙක් නොවෙයි.
පිළිතුර:- අපි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් මේ රටේ අර්බුද නිර්මාණ කරමින් ඒ හරහා ආණ්ඩුවක් ගන්න කණ්ඩායමකට ඒ අර්බුද ඔවුන්ගේ ඔළුව උඩටම වැටෙනවා. ඒක දැන් අපේ ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙන්නේ. පසුගිය මාස හය තුළ අපි දැක්කේ ලීක්වාන්යූ කෙනෙක් නොවෙයි. යුද්ධයක් අවසන් කළා කියලා එතුමා ලකුණු දා ගත්තට යථාර්ථය ඊට වඩා හුඟාක් වෙනස් කියන එක සමාජයට දැන් පෙනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒවගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජය කරන්න අභ්‍යන්තරයෙන් කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා කියන එක දැන් අපේ ඇස් ඉදිරිපිටම පේන්න තියෙනවා.
ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාස හම්බන්තොටින් පරාද වෙන්නෙත් කවුරුහරි කකුලෙන් ඇදපු නිසාද?
පිළිතුර:- ඒකට එන්න ඉස්සෙල්ලා. මම මේක කිව යුතුයි. අගෝස්තු 12 තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට නාමයෝජනා ලැබෙන්නේ. ඉතාම කෙටි කාලීන ඡන්ද ව්‍යාපාරයක් කරලා එතුමා ඡන්ද ලක්ෂ 55ක් ගත්තා. ඔබ කිව්වට ලක්ෂ 16ක පරතරයක් කියලා. සියයට 52යි සියයට 42යි ප්‍රතිශතයේ වෙනස. සියයට 5ක ප්‍රතිශතයක් එහාට මෙහාට වුණානම් තත්ත්වය බලන්න. එහෙම නම් දෙවැනි මනාපය ගනින්න වෙනවා. එහෙම දෙවැනි මනාපය ගනින්න ගියා නම් සජිත් ප්‍රේමදාස මහත්තයා අනිවාර්යයෙන්ම දිනනවා. කකුලෙන් ඇද්ද තැන කොතැනද කියලා තේරෙන්නේ එතකොටයි. මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ගෙනියන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට කාලයක් තිබුණේ නෑ. ඒවගේම අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයත් සමග තමයි මේ මැතිවරණ ව්‍යාපාරය මාධ්‍ය මෙහෙයුම තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විය යුතුයි කියන මතය හැදුණේ. ඒකට ගොඩාක් මාධ්‍ය එකතු වුණා. ඒකට ගොඩාක් මාධ්‍යවේදියෝ සම්බන්ධ වුණා. ඒ වගකීම යම් කිසි දවසක මාධ්‍යවේදීන්ට ගන්න වෙනවා.
ප්‍රශ්නය:- ඔබ සජිත්ගේ හම්බන්තොට පරාජය ගැන කිව්වේ නෑ.
පිළිතුර:- ඔව් හම්බන්තොට විතරක් නොවෙයි අපි විශ්වාස කරපු තවත් දිස්ත්‍රික්ක පරාද වුණා. ඒ ඔක්කෝටම හේතු වුණේ මැතිවරණ ව්‍යාපාරයට අපිට සාධාරණ කාලයක් නොවීම. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ නාමල් රාජපක්ෂගේ අඩවිය වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒවගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අඩවිය වෙන්නෙත් හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒ නිසා එවැනි දෙයක් සිදුවීම සාමාන්‍ය දෙයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් දේශපාලනය කරපු කෙනෙක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා නැති පාඩුව අද ඒ ජනතාවට දැනෙන්න පටන් අරගෙන තියෙනවා.
ප්‍රශ්නය:- ඔබ කිව්වා ගෝඨාභය රාජපක්ෂ අසාර්ථකයි කියලා. ඔප්පු වෙලා කියලා. නමුත් මේ ලෝක වසංගතය ඉදිරිපිට ඔහු නිවැරදිව පියවර ගත්තා කියලා දේශපාලන කුහකත්වයෙන් තොරව සියලු දෙනා පිළිගන්නවා.
පිළිතුර:- මම කොහොමටවත් ඒ කතාවට එකඟ වෙන්නේ නෑ. දේශපාලන න්‍යාය පත්‍රය මත කටයුතු කරන්න ගිහින් එතුමා අසාර්ථක වුණා. දේශපාලන න්‍යාය පත්‍රය වගේම විවිධ පුද්ගලයන් පාවිච්චි කරන්න ගිහින් එතුමා අසාර්ථක වුණා. මැතිවරණයට නාම යෝජනා බාර දෙනතුරු රට වැසීමට එතුමා කටයුතු කළේ නෑ. අපේ රටේ දේශගුණික තත්ත්වය අනුව අපේ රටට සැරට කොරෝනා හැදෙන්නේ නෑ. ඒක මේ අපේ කලාපයේම තියෙන තත්ත්වයක්.
ඒක ලෝකයම පිළිගන්නා මතයක්. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි. අප කළ යුත්තේ කුමක්ද? අප කොතැනටද යා යුත්තේ කියලා. යථාර්ථවාදීව බුද්ධිමත්ව විවෘතව කල්පනා කළොත් රටේ මේ තත්ත්වයට පත්වුණේ ආණ්ඩුවේ නොහැකියාව නිසයි. ඒ වගේම රජයේ නිලධාරින් අජිත් රෝහණ මහත්මයා වෙන්න පුළුවන්. අනිල් ජාසිංහ මහත්මයා ඒ වගේම හමුදාවේ මේ මේ කට්ටිය ඉස්සරහට දාගෙන ගියාට ඔවුන්ට තියෙන ගරුත්වය ජනාධිපතිතුමා නැති කරලා තියෙනවා. අපි දැක්කා තොණ්ඩමන් මැතිතුමාගේ අභාවයේදී ඒ මරණ ගෙදර හැසිරීම. ඒ හරහා අජිත් රෝහණ මහත්මයාගේ රෙද්ද අමු අමුවේ කඩලා දැම්මා.
ප්‍රශ්නය:- එල්ලෙන්න වැල් නැතිව හිටපු විපක්ෂය තොණ්ඩමන්ගේ අවමඟුල් උත්සවයේ එල්ලුණා කියලයි කියන්නේ.
පිළිතුර:- අපිට නම් එල්ලෙන්න වැල් ඕනෑ තරම් තියෙනවා. මම හිතනවා මාධ්‍ය තමයි තීරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව එල්ලන්න ඕන තැන කොතැනද කියලා. ආණ්ඩුවට බොරු ප්‍රචාරය ලබා දෙන්නේ ආණ්ඩුව. නමුත් ජනතාව එතැන නෑ. ඔබතුමා ලීසිං එකක් අරන් තියෙනවා නම් මාස 6ක් යනතුරු ලීසිං එක ගන්නේ නෑ කියන ලියුම ඔබතුමාට ලැබිලා තියෙනවාද? ඒක ප්‍රශ්නයක් නොවෙයිද ඔබතුමාට. ඒ වගේම අපි තව ටිකක් කල්පනා කරලා බැලුවොත් එහෙම රුපියල් පන්දාහ දීමේදී කරපු දේශපාලනය. ඒක ගියෙත් බන්දුල ගුණවර්ධන සූරීන්ගේ රුපියල් 2500ක් මාසෙකට ඇති කියන න්‍යායයෙන්. රැකියා කී දෙනෙකුට මේ වෙනකොට අහිමි වෙලා තියෙනවාද? මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමා අවංකව ගවේෂණයක් කරනවා නම් සොයා ගන්න පුළුවන් රැකියා අහිමි වෙච්ච ගාන. මම ඊයේත් දැක්කා පුංචි කොම්පැණියක්. ඒකේ 170ක් සේවය කළා. ඒක දැන් 45ට බස්සලා තියෙනවා. රැකියා අහිමි වෙච්ච මිනිස්සු කොහේටද යන්නේ. සමගි ජන බලවේගය හැටියට අපි පිළිගන්නේ නෑ. මේ ආණ්ඩුව සාර්ථකයි කියලා. නමුත් ගෝඨාභය හොඳයි කියන මාධ්‍ය දර්ශන තමයි රටේ යන්නේ. නමුත් අද මේ වෙනකොට කොයිතරම් රැකියා අහිමිවෙලා තියෙනවද ආයතනවලට ණයක් දෙනවා කිව්වා ණය ගෙවන්න. එහෙම නැත්නම් පඩි ගෙවන්න. ඒවා ලැබිච්ච ආයතන ලංකාවේ කොච්චර තියෙනවද? අපි මේවා හොයනවා. අපි මේවා සොයාගෙන එදාට මාධ්‍යයට කරුණු කියනවා. එදාටවත් ඔප්පු වෙයි මෙයා ලීක්වාන්යු කෙනෙක් නොවෙයි කියලා.
ප්‍රශ්නය:- මේ ආණ්ඩුව සන්සන්දනය වෙන්නේ ඔබේ යහපාලන ආණ්ඩුව සමග. පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු ලැබිලත් කිසිම පියවරක් ගත්තේ නැති ආණ්ඩුවක්.
පිළිතුර:- මම හිතනවා පාස්කු ප්‍රහාරය වැරදි තැනින් අල්ලා ගත්තේ කියලා. මාධ්‍යවේදීන් තවම කියලා නෑ පාස්කු ප්‍රහාරකයන් අල්ලන්න කියලා ආපු ආණ්ඩුව මාස 7ක් ගිහින් තියෙනවා කිසිම දෙයක් කරලා නෑ. බොරු චෝදනා කරමින් දේශපාලන මඩ ගැසීම් කරමින් ඉන්නවා මිසක් කිසි කෙනෙක් අල්ලලා නැහැනේ. එයා දක්ෂයෙක් කියලනේ මාධ්‍ය කියන්නේ. අපි කුහක විපක්ෂයක් නොවෙයි. අපි මේ කොරෝනා එකෙන් දේශපාලන වාසි ගන්න ගියේ නෑ.
පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇමැතිවරිය කිව්වා අප්‍රේල් 19 වැනිදා වෙනකොට ඔක්කොම හරි කියලා. හමුදා නිලධාරීන් කිව්වා 19 වැනිදාට සුබ ආරංචියක් දෙනවා කියලා. ඒ වගේ විහිළු සැපයීම තමයි මේ අය කළේ. එදා පාස්කු ප්‍රහාරයේදී මේ අය කළේ දේශපාලන මඩගැසීම්. රට තුළ ඒ වෙනකොට ත්‍රස්තවාදී ප්‍රහාරයක් බොහෝ ක්ෂණිකව එල්ල වෙන්න පුළුවන්. තොරතුරු ප්‍රමාද වෙන්න පුළුවන්. තියෙන තොරතුරු අඩුපාඩු සහිතව වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මැතිවරණ පරාජයක් දක්වාම ඒක ඇදිලා ගියේ. ඒ පාඩම අපි ඉගෙන ගෙන තියෙනවා. කොහොම වුණත් ඒ අප්‍රේල් ඉඳලා මේ අප්‍රේල් එකට එනකොට මුළු රටම වැහිලා. ඒත් අපි ඒකෙන් දේශපාලන වාසි ගන්න ගියේ නෑ. අපි ආණ්ඩුවට උදව් කරන්න සූදානම් වුණා. කොන්දේසි විරහිතව සහයෝගයක් දෙන්නම් කිව්වා. මිනිසුන්ට හුස්ම ගන්න ඉඩ දිය යුතුයි. ඔයත් දැනුත් මාස්ක් එකක් දාගෙන ඉන්නේ. සෑහෙන ආමාරුයි හුස්ම ගන්න. එහෙම තියෙන රටක කොහොමද ඡන්දයක් තියන්නේ? අපි දැක්කා ඇමෙරිකාවේ වෙච්ච සිදුවීමේදී ඒ අහිංසකයා අන්තිමට මොකද කියන්නේ මට හුස්ම ගන්න ඉඩ දෙන්න කියලයි. නමුත් ඒ මනුස්සයා මරණයට පත්වුණා. අද විනයක් තියෙන රටක් ලෙස පිළිගැනීමක් තිබුණ රටක විශාල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මිනිස්සු ඉල්ලන්නේ හුස්ම ගන්න අවස්ථාව දෙන්න කියලයි. ඇමෙරිකාවේ මිනිස්සු ඉල්ලන්නෙත් හුස්ම ගන්න. ලංකාවේ මිනිස්සු ඉල්ලන්නෙත් හුස්ම ගන්න. ලෝකයේම මිනිස්සු ඉල්ලන්නෙත් හුස්ම ගන්න. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලන්නේ ඡන්දෙ දෙන්න කියලා. මේකයි වෙනස. අපි විශ්වාස කරනවා ලෝකයට හුස්ම ගන්න ඉල්ලනකොට රාජපක්ෂලා ඡන්දෙ ඉල්ලනවා. මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. බලයට තියෙන කෑදරකමේ අලුත් ප්‍රතිමූර්තිය බවට රාජපක්ෂලා පත් වෙලා තියෙනවා.
- අපි මේ ක්‍රියාන්විතයට යොමු වෙන්නේ යුද්ධ දෙකකින් මේ රට නිදහස් කර ගැනීමටයි. එක යුද්ධයක් තමයි ඒකාධිපති පවුල් පාලනයෙන් රට මුදා ගැනීම. අනික් යුද්ධය තමයි ඒකාධිපති පක්ෂ නායකත්වයකින් මේ රටේ පැරැණිතම පක්ෂය මුදා ගැනීම.
ප්‍රශ්නය:- ඡන්දෙ එපා කියලා අධිකරණයට ගිය ලෝකයේ එකම විපක්ෂය බවට ඔබලා පත්වෙලා.
පිළිතුර:- මම ඔබෙන් මෙහෙම අහන්නම්. මාධ්‍යවේදීයෙක් විදියට ඔබට වැදගත් වෙන්නේ ඔබතුමාගේ දරුවන් හුස්ම ගන්න එකද? ඔබතුමා හුස්ම ගන්න එකද? ඡන්දෙ දාන එකද? මම අහන්නේ එච්චරයි.
ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය ඒක නොවෙයි. ඔබලා ඡන්දවලට විරුද්ධ ප්‍රතිඵලයට බය නිසාද?
පිළිතුර:- මේ වෙලාවේ අපට තියෙන ප්‍රශ්නය ඒක නොවෙයි. මේ රටේ ජනතාවට ජීවත් වෙන්න ඕනෑ. දරුවන්ට පාසල් යන්න ඕන. එහෙම බැරිව තිබියදී ඡන්දයකට යන්න පුළුවන්ද? ස්කෝලේ ඇරලා නැති රටක ඡන්දයක් ගැන අහන එකත් මහා විහිළුවක්. මාධ්‍ය තමයි මතය හදන්න ඕන මේ මොහොතේ ඡන්දයක් අවශ්‍ය නෑ කියලා. මිනිසුන්ට ඡන්දයක් කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද? තමන්ගේ රැකියාව ගැන විශ්වාසයක් තියෙනවාද? ගෙදර කුලිය ගෙවාගන්න බෑ. වතුර බිල්, ලයිට් බිල ගෙවන්න බෑ. එහෙම පරිසරයක ඡන්දයක් ගැන කතා කිරීම හරිම හිරිකිතයි. අපිට දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. ඕනෑම වෙලාවක අපි ඡන්දයකට සූදානම්. දැන් ඔබ ඉන්නේ සමගි ජන බලවේගයේ මූලස්ථානයේ. ඔබ දකිනවා කාර්යාලයේ සුදානම. අපේක්ෂකයෝ කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් සාකච්ඡා පවත්වනවා. අපි ළඟදීම විශාල වැඩමුළුවක් කරනවා. අපේ වැඩ පිළිවෙළ ගැන අපි කතා කරනවා. අපි කැමැති වෙන්නේ 225ම මැරිලා පලයන් කියන රටක අලුත් ආණ්ඩුවකට අලුත් ජනමතයක් ලැබිලා තියෙන රටක ඒ ආණ්ඩුවට සහයෝගය දීලා මිනිස්සු ටික රැකගෙන. ඊට පස්සේ අපි දේශපාලනය කරමු කියලයි අපි කියන්නේ.
ප්‍රශ්නය:- - රාජිත සේනාරත්න නිදහස් කරන්න කියලා උද්ඝෝෂණ කරන්න පුළුවන් නම් ඡන්ද ව්‍යාපාරයක් කරන්න බැරි ඇයි කියලත් ආණ්ඩුව අහනවා.
පිළිතුර:- උද්ඝෝෂණ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. කිහිප දෙනෙක් ඇවිල්ලා උද්ඝෝෂණයක් කරන්න පුළුවන්. ගෝල්ෆේස් එක පුරවලා උද්ඝෝෂණ කරන්නත් අපට පුළුවන්. ඒ ගොං තර්කවලට අපට දෙන්න තියෙන උත්තරය එච්චරයි. මීටරයක පරතරයක් තියාගෙන බෝඩ් එකක් අල්ලාගෙන විරෝධතාවක් කළාම මොකක්ද ප්‍රශ්නය. බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ තමයි රාජපක්ෂලාට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න වෙලා තියෙන්නේ.
ප්‍රශ්නය:- දැන් ඡන්දයට දින නියම වෙලා. කවුරු දිනයිද?
පිළිතුර:- ජයග්‍රහණය ජනතාව අතේ තියෙන්නේ. අපට අවශ්‍ය ජනතාව ජයග්‍රහණය කරවන්නයි. ජනතාව ජයග්‍රහණය වෙන්නේ ඒකාධිපති පාලනයක් පවුල් පාලනයත් සහෝදර ජුන්ටාවක් ගෙදර යැවීමෙන්. ඒවගේම ජනතාව ජයග්‍රහණය වෙන්නේ බලවේගයක් ජයග්‍රහණය කළ යුතුයි. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි හිතනවා ජනතාව ඉතාම බුද්ධිමත් තීරණයක් ගනිවි කියලා.
ප්‍රශ්නය:- ඔබේම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකුගේ යැයි කියන වීඩියෝවක් සම්බන්ධයෙන් ඔබේ නමත් ගෑවිලා. මොකක්ද මේ ප්‍රශ්නය? ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ.
පිළිතුර:- මම විශ්වාස කරනවා සමහර දුම් ඇතිවෙන්න ගින්දර ඕනෑම වෙන්නේ නැහැ කියලා. පිටින් ඇවිත් ගිනි තියන්නත් පුළුවන්. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා ගැනයි ඔබ ඔය අහන්නේ. ඔහු මගේ සහෝදර මන්ත්‍රී කෙනෙක්. ඔබතුමාට ඕනෑ නම් කාවින්ද මන්ත්‍රීතුමා දැන් පල්ලෙහා ඉන්නවා. මම උඩට එක්කරගෙන ඇවිත් කරට අත දාගෙන පින්තුරයක් අරන් දෙන්නම්. හැබැයි ඒ පින්තුරය ඉරිදා ලංකාදීපයේ මුල් පිටුවේ දාන්න ඕනෑ. පුළුවන්ද එහෙම කරන්න? එහෙම කරන්න පුළුවන්නම් පල්ලෙහා ඉන්නවා. මං කියන්නම් “මල්ලි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා” කියලා පින්තූරය ගන්නවා හැබැයි ඔබතුමා ඉරිදා ලංකාදීපයේ මුල් පිටුවේ දාන්න ඕන.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලද?.
පිළිතුර:- ඉතින් ඒක තමයි මම කියන්නේ. පින්තූරයක් මම අරන් දෙන්නම් හැබැයි ඒක මුල් පිටුවේ දාලා දෙන්න ඕනෑ.
ප්‍රශ්නය:- පොලිසියෙන් ප්‍රශ්න කළා ජංගම දුරකතන පොලිස් බාරයට ගත්තා. එන්තරවාසි හුවමාරු වෙනවා. ප්‍රශ්නයක් නැත්නම් එහෙම වෙයිද?
පිළිතුර:- එන්තරවාසි යැව්වේ කාවින්දට නොවෙයිනේ. කාවින්දයි මාවයි යොමු කරලා තුට්ටු දෙකේ කොන්ත්‍රාත්කාරයෙක් ලංකාවේ ඉන්නවා. වල් සින්දු හදන. සමවිසි වීඩියෝ හදන. යූටියුබ් හරහා ඒවායින් වැඩිපුර ප්‍රයෝජනයක් ගන්න හදන. මන්ද මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කවුද කියලා මම කිවයුතු නෑ. මම ඔහුට කියන්නේ පිරිමියෙකුත් නොවන ගැහැනියකුත් නොවන කොල්ලෙකුත් නොවන කෙල්ලෙකුත් නොවන කෙනෙකි. ඒ වගේ කෙනෙකුට දාන්න ඕනෑ නම ඉදිරියේදී සමාජය දමයි. ලජ්ජාවට කරුණ රාජපක්ෂලා මෙවැනි මිනිහෙක්ව තියොගෙන කොන්ත්‍රාත් කිරීමයි. ඒ ආණ්ඩුවෙත් පිරිමිකමක් නැති ගැහැනිකමත් නැති කොල්ලෙකුත් නොවන කෙල්ලෙකුත් නොවන තත්ත්වය තමයි මේ වගේ මිනිස්සු එක්ක හැසිරීම තුළින් ඔප්පු වෙන්නේ කියලා මම කියනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්