(හර්ෂණ තුෂාර සිල්වා)
පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියමින් යන බව සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (19) පැවැසීය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් වෙනම පක්ෂයක් පිහිටුවීම දක්වා මෙහෙයවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන දෙදෙනා යැයි ද හෙතෙම කීය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම ඒ බව පැවැසීය.
පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී තමන් තවමත් පක්ෂයේ සභාපති කියමින් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාව රැකගැනීමේ සටනක නිරත වී සිටින බව අමාත්‍ය දිසානායක මහතා එහිදී කීය.
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.
‘‘අද මධ්‍යම රාතී‍්‍රයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතනවා. එය ශ්‍රී ලංකාව ලද ගෞරවයක්. සැසිය අමතන්න ලැබීම ශ්‍රී ලංකාවට කරන විශේෂ සැලකිල්ලක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළ, සම්මුතිවාදී දේශපාලනය, ශ්‍රී ලංකාවේ තිරසර සමාජ ආර්ථික සංවර්ධනය, හරිත සංවර්ධනය කෙරෙහි කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා.
මහ සැසිය අතරවාරයේදී ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, බි‍්‍රතාන්‍යය, රුසියාව ආදී ලොව ප‍්‍රමුඛ පෙළේ රටවල නායකයන් සමඟ ද්විපාර්ශවීක සබඳතා පැවැත්වීමට සූදානමින් සිටිනවා. ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, එක්සත් ජනපදය, යුරෝපය මෙන්ම ඉන්දියාවත් අපට එරෙහිව අවි අමෝරාගෙන සිටියා. එදා අපට එරෙහිව යෝජනාවක් ගෙනාවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී අදාළ යෝජනාවට මුහුණ දීමේ වගකීම බාර දුන්නේ අපේ ආණ්ඩුවේද අමාත්‍යවරයකු වන මහින්ද සමරසිංහ මහතාටයි. අපි එම යෝජනාව පරාජයට පත් කළා.
දෙවැනි වතාවටත් අපට එරෙහිව යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනාවක් එල්ල වුණා. අපි එම යෝජනාව පරාජයට පත්වුණා. එම අවස්ථාවේදීත් ඉන්දියාව මෙන්ම කලාපයේ රටවල් අපට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළා.
ඉන් අනතුරුව ජනවාරි 23 අපට එරෙහිව කොමිසමක් පත් කරලා කොමිසමේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එවකට පක්ෂ නායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට තීරණය කළා.
සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ සහ පක්ෂ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආදි පක්ෂයේ විවිධ කණ්ඩායම් හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවදානම ගැන එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට කරුණු කීවා. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවේදී විකල්පයක් තිබුණේ නැහැ. මැතිවරණයක් නොතියා මානව හිමිකම් කොමිසමට ගියා නම් අපට එරෙහිව තහංචි වැටෙන්න තිබුණා. වාර්තාව ඉදිරිපත් වෙලා වාර්තාව සම්මත වෙන්න තිබුණා. අපට එකවර ආර්ථික සම්බාධක පනවන්න බැහැ. එහෙත් අපට යුරෝපීය ආර්ථික තහනමක් පැනවෙන්න ඉඩ තිබුණා.
එහෙම වුණානම් අපේ තේ අපනයනවලින් සියයට 40කට වෙළෙඳපොළක් හොයාගන්න වෙන්න ඉඩ තිබුණා. අපේ ඇඟලූම්වලින් සියයට සියයක් යන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයට. කුළු බඩු ආදී බොහෝ දේ යන්නේ යුරෝපයට. එදා එහෙම තහනමක් පැනවුණා නම් අපි ලොකු ආර්ථික අවුලකට වැටෙන්න තිබුණා. තෙල් ටික පවා නැතිවෙන්න තිබුණා.
මැතිවරණය පවත්වා ඉන්දියාවේ සහාය ලබාගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය වුණා. ඉන්දියාවෙන් අපට අවස්ථා කිහිපයක් ලැබුණා. එක් අවස්ථාවකදී මගේ හරහා ඉන්දියාවෙන් යෝජනාවක් ආවා. ඊළඟ ආණ්ඩුකාරවරු දෙදෙනා ලෙස හමුදා නිලධාරීන් වෙනුවට සිවිල් නිලධාරීන් පත් කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් පොලිස් බලතල සම්බන්ධයෙන් කොමිසමක් පවත්වා නැවත සලකා බැලීම සහ උතුරේ පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි යනුවෙන් ඉන්දියාවෙන් යෝජනා තුනක් ඉදිරිපත් වුණා. අපි එයත් ප‍්‍රතික්ෂේප කළා. අපට ඒ අවස්ථාවත් මඟ හැරුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය වුණේ එය වුවත්, ඔහු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා.
ජනාධිපතිවරණයෙන් අපේ පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයගත්තා. ඔහු ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කර පක්ෂ දෙකේම සහාය ලබාගෙන එක්සත් ජාතීන් හමුවට ගියා. යෝජනාව ඉවත් කරගන්න, චෝදනා සම්බන්ධයෙන් දේශීය වශයෙන් කටයුතු කරන්න ඉඩ දෙන්නැයි කියා සිටියා. එය ජාත්‍යන්තරය පිළිගත්තා. ජාත්‍යන්තරය අප සමඟ නැවත මිතුරු වුණා.
පසුගිය මහ මැතිවරණය වනවිට අපේ පක්ෂය එකතු කරගැනීමට හැකියාව ලැබුණත් පැහැදිලිව කොටස් දෙකක් තිබුණා.
මහින්ද රාජපක්ෂ පිල සහ මෛති‍්‍ර පිල වශයෙන් කණ්ඩායම් දෙකක් නිර්මාණය වුණා. එම බෙදීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හිටපු ජනාධිපතිවරයා සමඟ හිටගත්තා. ඡන්ද ප‍්‍රතිඵලවලින් එය පැහැදිලිව පෙනුණා. එහෙත් පසුව පක්ෂය නැවත එකතුවෙන බව පේනවා.
තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළ රාජ්‍ය නායකයා පක්ෂයෙන් එළියට ගිහින් වෙනම කණ්ඩායමක් නිර්මාණය කරද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහා අභියෝගයකට මුහුණ දෙන්න වුණා.
වත්මන් ජනාධිපති, පක්ෂ නායක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂය බාරදෙන්න තීරණය කළේ හිටපු ජනාධිපති හිටපු පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බව සිහිපත් කළ යුතුයි. ඔහු එම තීරණය ගෙන තිබුණේ තනියමයි.
එහෙත් පක්ෂය ඊට පෙර වෙනත් තීරණයක් ගෙන තිබුණා. දුමින්ද දිසානායක, එම්.කේ.ඞී.එස් ගුණවර්ධන, රාජිත සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ආදි සියලූ දෙනා පක්ෂයෙන් ඉවත් කරන්න තීරණයක් ගෙන තිබුණා. ඒ අවස්ථාවේදී පක්ෂයේ අනුශාසක වුණු මහින්ද රාජපක්ෂ පක්ෂ සභාපති කරන්න පක්ෂය විසින් තීන්දුවක් ගෙන තිබුණා. එහෙත් එම තීන්දුව නැවත වෙනස් කළා. මධ්‍යම කාරක සභාව රැස්වෙලා ඔවුන්ට නැවත පක්ෂ සාමාජිකත්වය දුන්නා. මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාව පරිදි මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිකම දුන්නා.
ඉන් අනතුරුව පැවැති පළමු පක්ෂ සම්මේලනය පොලොන්නරුවේ දී පැවැත්වුණා. ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගි වුණා. ඉන් අනතුරුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය යටතේ අපේ පක්ෂයේ පිරිසක් විපක්ෂයේ අසුන් ගත්තා. ඉන් අනතුරුව ඒ පිරිස වෙනම පක්ෂයක් දක්වා දුරදිග ගියා. ඒ තත්ත්වය ඇති කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතායි.
එහෙත් ඒ අයට අදටත් බයක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා තවමත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම කාටවත් දුන්නේ නැහැ කියනවා. ඒ දේවල් කියන අතර පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් තියනවා. පක්ෂයේ සභාපතිකම මහින්ද රාජපක්ෂ මහතාට දිය යුතුයි කියලා ඔවුන්ම නඩුවක් දාලා තියෙනවා. ඔය දේවල් කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාව රැකගැනීමේ සටනක නිරතවෙනවා.
සිරිමාවෝ මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක, මෛති‍්‍රපාල සේනානායක, පක්ෂයේ උපනායක ස්ටැන්ලි තිලකරත්න, පක්ෂයේ මහලේකම් ඇතුළු බහුතරයක් පක්ෂයෙන් ගියා. ඔවුන්ට මොකද වුණේ? ඔවුන් විසිරිලා ගියා. ඉන් වසර පහකට පසු මැතිනියගේ දියණිය ඇතුළු කණ්ඩායමක් පක්ෂයෙන් ගියා. අවසානයේ මොකද වුණේ. මහජන පක්ෂයට මොකද වුණේ. අතීත අත්දැකීම් තිබෙනවා. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය අයට මොකද වුණේ? ඒවා දියවෙලා යනවා.
අද පක්ෂයේ තියෙන්නේ එකපිලයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිලයි. ඒ බව පසුගියදා පැවැත්වුණ පක්ෂ සම්මේලනයෙන් හොඳින් අනාවරණය වුණා. අප මෙවර පක්ෂ සම්මේලනයට වියදම් කළ මුදල සහ පැමිණි සංඛ්‍යාවෙන් එය හොඳින් පෙනී යනවා. අපි මෙවර වියදම් කළේ පසුගිය අවස්ථාවලට වඩා අඩු මුදලක්. එහෙත් වෙනදාටත් වඩා පාක්ෂිකයන් පිරිසක් මෙවර සම්මේලනයට සහභාගි වුණා. සම්මේලනය අවසන් වන තුරු විශාල පිරිසක් සිටියා. විශාල පිරිසක් ජනාධිපතිවරයාගේ කතාවට සවන් දුන්නා. සාර්ථකම පක්ෂ සම්මේලනය ලෙස මෙවර සම්මේලනය පෙන්වා දෙන්න පුළුවන්.
නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද කතාවක් යනවා. ආඥාදායක, පරාජිත වියරුව, ඒකාධිපතිත්වය ආදි විදියට ඒ ගැන කතා කරලා තිබුණා. විනය කි‍්‍රයාමාර්ග ගන්නේ නැද්ද කියලා මාධ්‍ය වගේම මිනිස්සු අහනවා. එවැනි පියවරක් ගත්තා. අපි අදටත් උත්සාහ කරන්නේ ඔහු තියාගන්න. නියෝජ්‍ය අමාත්‍යවරයා පසු දිනම ජනාධිපතිවරයා හමුවුණා. සුහද සාකච්ඡාවක් පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකට කටයුතු කරන්න බැහැ කියන අය තමයි එවැනි චෝදනා කරන්නේ. එහෙත් එහෙම දෙයක් නැහැ. අපි පක්ෂය ශක්තිමත් කරන්න සෑම විටම කටයුතු කරනවා.
මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම්වරුන්ගේ ඡන්ද අඩුවුණා. එය කවදාවත් වුණ දෙයක් නොවෙයි. එම ජනාධිපතිවරණයේ දී සියයට 40ක තිබූ ඡන්ද සියයට 15ක් දක්වා අඩු වුණා. මුස්ලිම් ජාතිකයන් සාමාන්‍යයෙන් ඡන්දය භාවිත කරන්නේ සියයට 60ක් වගේ. එහෙත් එම ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය සියයට 80ත් 90ත් දක්වා වැඩි වුණා. මුස්ලිම් ඡන්ද අඩුවුණේ අපි විහින් කරගත්තු දේවල් නිසා.
ඒ වගේම දෙමළ ඡන්ද අපට අඩුවුණා. අපිට හැමදාම දෙමළ ඡන්ද වැඩියෙන් ලැබුණා. චන්ද්‍රිකා මැතිනියට පැහැදිලිවම දමිළ ඡන්ද ලැබුණා. යුද්ධය අවසන් වෙලාවත් අපට එතරම් ප‍්‍රමාණයක් ලැබුණේ නැහැ. යුද්ධයෙන් පසු අපිට දෙමළ ඡුන්දවලින් සියයට 34ක් ලැබුණා. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී එය සියයට 15ක් දක්වා අඩුවුණා.
එදා චමල් රාජපක්ෂ වගේ චෝදනා නැති කෙනෙක් ගේන්න අපට වුවමනා වුණා. එහෙත් එය කරගන්න බැරි වුණා. අන්තිමේදී 58 ලක්ෂයක ඡුන්ද ප‍්‍රමාණය 48 ලක්ෂයෙනුත් පහළට ඇවිත් ලක්ෂ 47ක් දක්වා අඩුවුණා. අද කෙසේ වෙතත් වැඩි ගොඩ ඉන්නේ මෛති‍්‍ර පිලේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිලේ. මේ වෙද්දි අපේ සියලූ අපේක්ෂකයන් තෝරාගෙන ඉවරයි. චෝදනා තිබෙන පිරිස් ඉවත් කිරීමට අපි කටයුතු කළා. අපිට අලූත් අපේක්ෂකයන් රැුසක් ඉන්නවා. එහෙම වුණත් අපි අන්තිම මොහොත වෙනකන් බලන්නේ අපෙන් ගිය අය නැවත ගෙන්වා ගන්න.
මැතිවරණයේ දී ජනාධිපතිවරයා එක් පැත්තකටත් අගමැතිවරයා එක පැත්තකටත් නායකත්වය දෙනවා. එය ගැටලූවක් නෙවෙයි. මැතිවරණයේදී අපේ සන්ධානය ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනේ. අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා.
පසුගිය දිනයකදීත් දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසුණා. සරලව කිව්වොත්, මනාප ඡුන්ද ක‍්‍රමයක් නැහැ. ඉදිරියේදී තිබෙන්නේ කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වෙන මැතිවරණයක්.
හැබැයි ප‍්‍රාදේශීය සභා, නගර සභාවලට තේරෙන අයගෙන් සියයට 60ක් කොට්ඨාසවලින් තරග කරලා ජයග‍්‍රහණය කළ යුතුයි. එහිදී ඒ ඒ පක්ෂවලට ලැබෙන ඡන්ද අනුව තමයි මන්තී‍්‍ර ආසන බෙදන්නේ. මේ නිසා බොහෝ කලාතුරකින් කොට්ඨාස 20ක් දිනලා තියෙද්දි මන්තී‍්‍ර ආසන වෙන් කරද්දි මන්තී‍්‍ර ආසන 19ක් ලැබෙන්න පුළුවන්. එහෙත් 20ටම මන්තී‍්‍ර ආසන දෙනවා. එක් කෙනෙක් අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ සහ පුංචි පක්ෂවලට කොට්ඨාස දිනන්න බැරිවෙයි.
එහෙත් බෙදනකොට ඔවුන්ටත් මන්තී‍්‍ර ආසන ලැබෙනවා. හැමෝටම නියෝජනයක් ලැබෙනවා. ලැබෙන ඡන්ද අනුපාතය අනුව හැමෝටම මන්තී‍්‍ර ආසන ලැබෙනවා. ඒ ක‍්‍රමවේදයම පළාත් සහාවලට සහ මහ මැතිවරණවලට යොදවන්න තමයි අපේ බලාපොරොත්තුව.
දුෂණ - කොට්ඨාසවලට මන්තී‍්‍රවරයෙක් නැතිවීම, ආදරය දිනාගත්තු පිරිස්වලට අවස්ථාවක් නැතිවීම, මුදල්වලට යටත්වීම ආදී ප‍්‍රශ්න රැසක් නිරාකරණය කරගන්න කොට්ඨාස ක‍්‍රමයෙන් අපට අවස්ථාව ලැබෙනවා. පළාත් සභා සහ මහ මැතිවරණත් එම ක‍්‍රමයට පැවැත්වීමට අපි කටයුතු කරනවා.