සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
ලෝකයේ ආයුධ ව්‍යාපාරයට පසු ඖෂධ ව්‍යාපාරයනේ බලවත්. අපටත් ඒකෙන් ගැලවීමක් නෑ. මේක නැති කරන්න කාටවත් පුළුවන් කියලා මම හිතන්නේ නෑ. මේක අවම කරගන්න තමයි අපට උත්සාහ කරන්න වෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධ දෙදින විවාදය මෙම මස 6 – 7 දිනවල පැවැත්වීමට නියමිතය. කුමක් වෙයිද? මේ ඒ සම්බන්ධයෙන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.
?ප්‍රශ්නය:- ලබන 6 සහ 7 දිනවල ඉදිරිපත් කරන විශ්වාසභංගයට මුහුණ දෙන්න සූදානම් ද?
පිළිතුර:- අපි ඉතින් මුල ඉඳලම කිව්වනේ පුළුවන් තරම් ඉක්මනට ඕක ගේන්න කියලා. සම්ප්‍රදායක් හැටියට විශ්වාසභංග යෝජනාවක් ගෙනාවම ඒකට ප්‍රමුඛත්වය දිය යුතුයි. නමුත් ඒක වුණේ නෑ.
?කවුද එහෙම කළේ?
පිළිතුර:- විපක්ෂයනේ. අපි පක්ෂ නායක රැස්වීමේ දී බොහොම පැහැදිළිවම ඉල්ලා සිටියා මේක ඉක්මනින් ගේන්න කියලා. නමුත් කල් මර මර ඉඳලා දැන් ගෙනල්ලා තියෙනවා.
?බයක් නැද්ද?
පිළිතුර:- ඒ මොකටද? මම බොහොම සතුටු වෙනවා සෞඛ්‍ය ගැන මෙහෙම සාකච්ඡාවක් ඇති වෙනවට.
?පර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන නිසානේ භය නැතිව ඉන්නේ?
පිළිතුර:- ඒක දේශපාලන හේතුවක්නේ. නමුත් ඊට වැඩිය මේකේ තියෙනවනේ සමාජයීය හේතුවකුත්.
මෙතැන දී මට චෝදනා හතරක් එල්ල කරලා තියෙනවනේ. ඒ චෝදනා හතරම ඉතාමත් ද්වේෂ සහගත ලෙසයි ඉදිරිපත් කරලා තියෙන්නේ. කරුණු පිළිබඳව අධ්‍යයනයක් නැතිව ඒ ඒ වෙලාවට කාට කාට හරි හිතිච්ච ඒවා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම ඒ කරුණු හතරටයි උත්තර දෙන්න තියෙන්නේ. දවස් තුනක් නොවෙයි පැය දෙකක් තිබ්බා නම් මට හොඳටම ඇත.
නමුත් සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය අනුව එයා ඉතින් හැමදාම උදේට පැය දෙකක් ගන්නවනේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඒක කොහොම ගළපා ගන්නවද කියන්න මම දන්නේ නෑ. මට ඔය ප්‍රශ්න හතරට හොඳට උත්තර දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එහි තිබෙන යම් යම් සාවද්‍ය තත්ත්වයන් නිවැරැදි කරන්න මේක හොඳ අවස්ථාවක්. රට ඉදිරියේ කෑගහගෙන බෙරිහන් දීගෙන කියන කරුණුවලට සැබෑ ලෙස උත්තර දෙන්නත් යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරැදි කරගන්නත් ඒවාට පසුබිම වූ තත්ත්වයන් සාකච්ඡා කිරීමටත් මේක හොඳ අවස්ථාවක්.
?ලෙඩෙක් වී මරණයට හේතුවක් වන තරමට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය පිරිහිලා ?
පිළිතුර:- මතක තියාගන්න ඉතිහාසයේ පළමු වතාවට බංකොළොත් රටක් බවට මේ රට ප්‍රකාශයට පත් කළා. 2020 – 2022මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක්, අභියෝගයක් නිර්මාණය වුණා. ඒ සමගම අපේ රටට විදේශ විනිමය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවුණා.
සියයට 85 ක් පමණ අපි පිටරටින් බේත් ගේන්නේ. සියයට 15 ක් පමණයි අපි මෙහෙ නිෂ්පාදනය කරන්නේ. ඒක වැඩි කරගන්න අපි සාධනීය උත්සාහයක ඉන්නේ.
ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්නෙත් පිටරටින්. ඒ වගේ ප්‍රශ්න අපට තියෙනවා. සමස්තයක් හැටියට ගත්තාම ඉතිහාසයේ අපි දන්නා ලොකුම ආර්ථික, දේශපාලනික සාමාජික ව්‍යසනයටනේ අපි මුහුණ දීලා ඉන්නේ. සෞඛ්‍ය තියෙන්නෙත් මේ අර්බුද පොකුර ඇතුළෙමයි. මේක බරපතළ පීඩනයක් සහිත අවස්ථාවක්.
?සෞඛ්‍ය ඇමති හැටියට නොවෙයි සාමාන්‍ය පුරවැසියෙක් හැටියට හෘදය සාක්ෂියෙන් මට උත්තරයක් දෙන්න. මේ මොහොතේ මේ රටේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසය භංග වෙලා කියලා ඔබ හිතන්නේ නැද්ද ?
පිළිතුර:- නෑ. විශ්වාසය භංග කරන්න උත්සාහයක් තියෙනවා. ඒකට ඉතින් විපක්ෂයට දොස් කියලත් වැඩක් නෑ. මොකද විපක්ෂයට අනාගතයක් පේන්න නෑ. කොහේ හරි පරඬලාවක එල්ලෙන්න බලනවා. ඒකට තමයි ජනතාවගේ දෛනික ජීවිතය කඩාකප්පල් කරන එක.
අස්වැසුම කඩාකප්පල් කරන්න දඟලපු දැඟලිල්ල දැක්කනේ. ඊට පස්සේ ඉඩෝරය අල්ලාගෙන ආට්පිෂන් අමුඩ ගස්සලා ගොවියන් කොළඹට ගේන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒකත් වැරදුණාම සෞඛ්‍ය ක්ෂේත්‍රය අල්ලා ගත්තා. බලනවා මළ කඳක් අල්ලගෙන ඒකෙන් වාසියක් ගන්න.
ඔබ අහපු ප්‍රශ්නයට යළි මට දෙන්න තියෙන උත්තරය තමයි විශ්වාසය භංග වෙලා නෑ. නමුත් එහෙම තත්ත්වයක් ඇතිකරන්න උත්සාහ කරනවා.
?ඒත් ඇමෙක්සික්ලෝව් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් මේ වන විට රෝගීන් හතර දෙනෙකු මිය ගිහින්. ඊට අමතරව විවිධ අාසාත්මිකතා නිසා රෝගීන් හය දෙනෙකු මිය ගිහින් තියෙනවා.
පිළිතුර:- මේ ගැන හොයන්න මේ රටේ ඉන්න විශේෂඥම කණ්ඩායම පත් කළා. මහාචාර්ය ජීවන්දර මහතා තමයි මේකේ ප්‍රධානියා. මේ පරීක්ෂණය ජාත්‍යන්තර මට්ටමින් අපි කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකුත් ඉන්නවා. මේක අපි සොයා බැලිය යුතු දෙයක්. ඇමෙරිකාවේ සඟරා බැලුවා මම. සියයට 0.6, 2 ක් ඒ වැක්ෂින් එකෙන් නියත වශයෙන්ම ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ පත්‍රිකාවක් සජිත් ප්‍රේමදාසටත් යවන්න ඕනා එතකොට තේරෙයි.
?මේ වැක්ෂින් සාම්පල ඕස්ට්‍රේලියාවට යවලා කියලා වාර්තා වුණා ?
පිළිතුර:- ඔව්. මේ වැක්ෂින් එක නිෂ්පාදනය කළේ දේශීය සමාගමක්. මේක ඉන්දියාවේ බාල බෙහෙතක් නොවෙයි. එහෙම කතාවකුත් තියෙනවනේ. ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරවයි මේවා ගෙන්වන්නේ කියලා.
?ඒ චෝදනාව බොරු නොවෙයිනේ?
පිළිතුර:- මට එහෙම එක අවස්ථාවක් පෙන්වන්න. මම විවාදයේ දී ඒ ගැන කතා කරන්නම්. ඒ කර්මාන්ත ශාලාව නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ 2017 වසරෙදී. එතකොට රාජිත සේනාරත්න මහතා තමයි සෞඛ්‍ය ඇමැති. ඒක හොඳ දෙයක්. ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ අපි මිලදී ගන්නවා කියන සහතිකය දීලා තියෙනවා. මිලියන 26 ක් ඔය වැක්ෂින් එක අපේ රෝහල්වලට ලබා දීලා තියෙනවා.
ඒ පහුගිය අවුරුදු හය ඇතුළත. කොළඹ ජාතික රෝහලට ජූනි මාසයේ 25 වැනිදා 21000 ක් ලබා දීලා තියෙනවා. ඒ විසිඑක්දාහෙන් කොළඹ ජාතික රෝහලේ රෝගියා මිය යනකොට දවස් විසිගානක් ගත වෙලා තිබුණේ. ඒ වෙනකොට වැක්ෂින් පන්දාහක් ඉතිරි වෙලා තියෙනවා. එහෙම බලනකොට වැක්ෂින් දහඅටදාහක් විතර පාවිච්චි කරලා තියෙනවා. දවසකට 600 ක් 500 ක් පාවිච්චි කරලා තියෙනවා. රෝගියා මියගිය වැක්ෂින් එක දහඅටදහස් එක වෙන්න පුළුවන්නේ. එතැනින් මම කතාව නතර කරනවා. විපක්ෂය නොයෙක් කතන්දර කියනවා. ඒ නිසාම ඒක භාවිතය තාවකාලිකව අත්හිටෙව්වා.
?ඖෂධය ලෙඩාට දීලා ලෙඩා මැරුණොත් ඖෂධය අයින් කරනවා. එහෙමද ප්‍රමිතිය මනින්නේ ?
පිළිතුර:- මේ වැක්ෂින් එක මිලියන 26 ක් පාවිච්චි කරලා තියෙනවනේ. ඖෂධයක ගුණාත්මක භාවය අඩුවීම අමුතු දෙයක් නොවේ. අවුරුදු 10 ක් ගත්තොත් ලංකාවේ 70 ක් 100 ක් විතර ප්‍රමිතිය අඩුවීම් වාර්තා වෙනවා. කොලිටි ෆ්ලෙරියල් එක ඒ අනුව සාමාන්‍ය දෙයක්. කිව්වනේ මිලියන 26 ක් ගෙනාවා කියලා. ඒ ඔක්කොම චෙක් කරන්න බෑනේ. ඒ නිසා ඒක බලන ක්‍රමවේදයක් තියෙනවා. මම මේවා විවාදයේ දී පැහැදිළි කරන්නම්.
?හදිසි මිලදී ගැනීම් හරහා කොමිස් ගහනවා ?
පිළිතුර:- එහෙමද? එහෙම එකක් තියෙනවා නම් මට කියන්න. මම වහාම පරීක්ෂණයක් කරනවා. මොකද හේතුව හදිසි මිලදී ගැනීම් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙනවාමයි. ඔය හදිසි මිලදී ගැනීම් කියන වචනය එච්චර හොඳ එකක් නොවෙයි. හදිසි මිලදී ගැනීම් හා සාමාන්‍ය මිලදී ගැනීම් අතර තිබෙන එකම වෙනස දින ගණන්වල විතරයි.
සාමාන්‍යයෙන් මිලදී ගැනීමක් කරනකොට ඒකට ඇඩ් එකක් දාලා දවස් 45 ක් බලා ඉන්න ඕනෑ. හදිසි මිලදී ගැනීමක දවස් 4 ක් 5 ක් තියෙන්නේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී තාක්ෂණික ඇගයීමක් කරනවා. ඒක කරන්නේ ඒ සම්බන්ධ දැනුම තියෙන විශේෂඥ වෛද්‍යවරුන්. ඒ අය තමයි ඒක අනුමත කරන්නේ.
ඊට පස්සේ ඒ සමාගම ලියාපදිංචි ද කියලා බලනවා. ලියාපදිංචි නැත්නම් නැත්නම් ඔවුන්ට සහතිකයක් ගන්න පුළුවන් ආයතනයකින් සහතිකයක් ගන්න ඕනැ.
?සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බලවත් මාෆියා තියෙන බව කියනවා. සෞඛ්‍ය ඇමැති හැටියට ඔබ එහෙම එකක් තියෙනවා කියලා පිළිගන්නවද?
පිළිතුර:- මම නැහැයි කියන්නේ නෑ. මාෆියාවක් නොවෙයි යම්කිසි ආකාරයකට සැලසුම් සහගතව ඖෂධ සම්බන්ධ යම් සැපයුම්කරුවන්ගේ වැඩපිළිවෙළක් තියෙන බව අපට පේනවා. ලෝකයේ ආයුධ ව්‍යාපාරයට පසු ඖෂධ ව්‍යාපාරයනේ බලවත්. අපටත් ඒකෙන් ගැලවීමක් නෑ. මේක නැති කරන්න කාටවත් පුළුවන් කියලා මම හිතන්නේ නෑ. මේක අවම කරගන්න තමයි අපට උත්සාහ කරන්න වෙන්නේ.
?වෛද්‍යවරුන් රට හැර යාමත් බරපතළ ප්‍රශ්නයක්?
පිළිතුර:- ඔව්. මේ ආර්ථික අර්බුදය හමුවේ එහෙම තත්ත්වයක් තියෙනවා. මං හිතනවා සැප්තැම්බර් මාසෙන් පස්සේ ඒ තත්ත්වය නැතිවෙයි කියලා.
?ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් සජිත් මාලිමාවෙන් අනුර එන බව කියනවා. පොහොට්ටුවෙන් කවුද?
පිළිතුර:- මෙහෙමයි. දේශපාලනයේ දී දවසක් කියන්නෙත් සෑහෙන කාලයක්. මුහුද හත් ගව්වක් තිබිය දී අමුඩ ගහන්නේ නෑනේ. ඒ නිසා ඔබේ ප්‍රශ්නයට මම උත්තරයක් දුන්නා කියලා ඒක වරදකුත් නොවෙයි. උත්තරයක් නොදුන්නා කියලා වරදකුත් නෑ.
?ජනාධිපතිවරණයට දාන්න අපේක්ෂකයෙක් පොහොට්ටුවේ ඉන්නව ද?
පිළිතුර:- අපේක්ෂකයා වෙලාවට එයි.
?ජනාධිපති රනිල් ඉදිරිපත් වෙයි කියලත් කියනවා?
පිළිතුර:- මම දන්න විදියට එතුමා ඉදිරිපත් වෙයි.
?එහෙම වුණොත් ඔබේ ස්ථාවරය?
පිළිතුර:- ඒක දේශපාලනයනේ. කිරලා මැනලා බලන්න එපැයි. පොහොට්ටුවත් ප්‍රබල දේශපාලන පක්ෂයක්. එජාපය පහුගිය මැතිවරණයේ දී ආසන එකට වැටුණානේ. 70 – 77 ආණ්ඩු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 77 දී අටට වැටුණානේ. දේශපාලනයේ හැටි එහෙමයි. හැබැයි එහෙමයි කියලා කවුරුවත් දේශපාලනය අතහරින්නේ නෑනේ. දේශපාලනයේ දී තීන්දු ගන්න ඕනැ ඒ පවතින තත්ත්වයන්ට අනුවයි. අපි එතකන් ඉමු.
සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව
තෙන්නකෝන්