ජනතා විමුක්ති පෙරමුෙණ් හිටපු මන්ත්‍රී
සමන්ත විද්‍යාරත්නයි
මේ පාලකයෝ හිතනවානම් දැන් වැඩේ හරි අරගලයත් ඉවරයි මිනිස්සු පෝලිම්වලටත් හුරුවෙලා සද්ද නැතුව ඉදිවී කියල ඒක තමයි ඒ අයගේ විනාශයේ මුල. පළවෙනි රැල්ලට මහින්ද රාජපක්ෂගේ අගමැතිකම ගහගෙන ගියා වගේ ඊළඟ රැල්ලට ගෝඨාභය, රනිල් දෙන්නගේ පුටුත් ගහගෙන යනවා.
අපිට පෙළහර පාන්න බෑ. හැබැයි අපි හොරකම් කරන්නේ නැතුව ගසා කන්නේ නැතුව බොරු වියදම් කරන්නේ නැතුව කොමිස් ගහන්නේ නැතුව හරි මූල්‍ය පාලනයක් එක්ක වැඩ කළොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්.
රටේ ආර්ථික සහ දේශපාලන අර්බුද සහ ඊට විසඳුම් පැහැදිලි කරමින් මේ අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නයි.
දවසින් දවස රටේ අර්බුද උග්‍ර වෙනවා. රටම එක තැන නැවතුණොත් මොකද වෙන්නේ මෙහෙම ගිහින්?
රට එක තැන නැවතීමට වඩා නරක තත්ත්වය තමයි රට ආපස්සට යාම. මේ මතුවෙලා තියෙන ප්‍රශ්න රට අවුරුදු දහයක් පහළොවක් ආපස්සට ඇදලා දාලා. මේකට වගකියන්න ඕනෑ මේ රාජපක්ෂ පාලනය. මේක පේනවට වඩා ඉතාමත් බරපතළයි. අවුරුදු හැත්තෑ ගණනක් රට පාලනය කරපු නිල්, කොළ පාලකයෝ රට ගෙනාපු තැන තමයි මේ. අද වෙද්දී රට තියෙන්නේ අසීරුතම අඩියක. ආර්ථික අර්බුදය වගේම දේශපාලන අර්බුදයටත් මේ ආණ්ඩුවට විසඳුමක් නෑ. මේ ගොල්ලේ දන්නේ ප්‍රශ්න දිග්ගස්සන්න මිසක් විසඳන්න නෙවෙයි.
අද වෙද්දී රටේ මිනිස්සු තුන්වේල කන්න බැරි තත්ත්වයට පත්වෙලා ඉන්නේ. හැමෝම ඉන්නේ මොකක් හරි පෝලිමක. හැබැයි ආණ්ඩුවට ඒව ගැන වගේ වගක් නෑ. තෙල් බිංදුවට නැති වුණාම තමයි ඊළඟ තෙල් ටික ගේන්න ඕනෑ කියලා ඇමැතිට මතක් වෙන්නේ. ඇමැතිලත් ජනාධිපති වගේම කයිවාරුකාරයෝ. ගොවිතැන විනාස කරපු ජනාධිපති අද රට සාගතයකට ඇදලා දාලා. රටින් හාල් ඇටයක් ගෙන්නේ නෑ කියලා පම්පෝරි ගහපු හිටපු කෘෂිකර්ම ඇමැති ආගිය අතක් නෑ. අද වෙද්දී රටේ අධ්‍යාපනය කඩාගෙන වැටිලා. කරන්න ඕන මොකක්ද කියලා කාටවත් අදහසක් නෑ. අධ්‍යාපන ඇමැති මේ කඩා වැටීමට වග කියනවද මොනවා හරි කිය කිය කාලය කා දමනවා. ඇරෙන්න විසඳුමක් හොයන්නේ නෑ. කොරෝනා නිසා අතපසු වුණු අධ්‍යාපනය අද මේ ප්‍රශ්න නිසා තවත් උග්‍ර අතට ගිහින්. මේ ප්‍රමාදය අවුරුදු කීපයකට දරුවන්ට බලපාවී. ඒකේ වගක් මේ ගෝඨාභය රාජපක්ෂ හරි අධ්‍යාපන ඇමැතිල හරි ගන්නවද තාමත් මේ අයට තමන් රටට කරපු විනාසය ගැන හැඟීමක් නෑ. තවත් බලයට කෑදරකමින් පුටුව බදාගෙන ඉන්නවා. රට එක තැන නවතිනව වගේ නෙවෙයි මේ පාලකයෝ රට ආපස්සට ඇදල දාන එක. දැන් පෙළ ගැහෙන්නේ ඕන මේ පාලකයින් රොත්තම එළවලා නව පාලනයක් ඇති කරලා රට ගොඩගන්න පුළුවන් බලවේගයක් එක්ක. තව දුරටත් මේ පාලකයින්ට මේ රට අගාධයට ඇදල දාන්න ඉඩ දෙන්න බෑ.
මේ ආණ්ඩුව පන්නන්න කියලා ඔබලා යෝජනා කළත් එක එක තත්ත්වයට මිනිස්සු හුරු වෙනවා වගේ නේද? පෝලිම්වල දවස් ගණන් ඉන්නවා. තෙල් නැති වුණාම බයිසිකල්වලින් යන්න හුරු වෙනවා. හාල් නැති වුණාම මඤ්ඤොක්කා වවන්න ගන්නවා. පුළුවන්ද පෙරළියක් කරන්න මේ විදියට?
මිනිස්සුගේ නැගිටීම උඩ තමයි මේ වෙනකම් වෙච්ච පෙරළි ඔක්කොම වෙලා තියෙන්නේ. තෙල් පෝලිම්වල මිනිස්සු ඉන්න හුරුවෙලා තියෙන්නේ වෙන කරන්නට දෙයක් නැති නිසා මිසක් ඒකට කැමැත්තෙන් නෙවෙයිනේ. හැබැයි ඒ මිනිස්සු ඉන්න පීඩාව සුළුපටු නෑ. මේ අය තව දුරටත් මේ පාලකයින් තමන්ගේ පාලකයින් කියලා පිළිගන්න සූදානම් නෑ. අද විශාල රැල්ලක් නිර්මාණය වෙමින් තියෙනවා. ගෝඨාභය වගේම අගමැති රනිල් වික්‍රමසිංහත් එකටම ගෙදර යවන්න. බිත්තියට හේත්තු වෙලා ඉඳපු රාජපක්ෂලට ඔක්සිජන් දෙන්න ආපු, ජන්දයෙන් මිනිස්සු එපා කියලා කියපු රනිල් අගමැති පුටුවට දාගත්තේ රට හදන්න නෙවෙයි. ගෝඨාභයට මොකක්ද තියෙන සදාචාරාත්මක අයිතිය මේ වගේ පුද්ගලයෙක් අගමැති කරන්න?
අරගල කියන්නේ එකම විදියට සරල රේඛීයව ගමන් කරන එකක් නෙවෙයි. ඒවයි වෙනස් වීම් තියෙනවා.
මේ පාලකයෝ හිතනවානම් දැන් වැඩේ හරි අරගලයත් ඉවරයි මිනිස්සු පෝලිම්වලටත් හුරුවෙලා සද්ද නැතුව ඉදිවී කියල ඒක තමයි ඒ අයගේ විනාශයේ මුල. පළවෙනි රැල්ලට මහින්ද රාජපක්ෂගේ අගමැතිකම ගහගෙන ගියා වගේ ඊළඟ රැල්ලට ගෝඨාභය, රනිල් දෙන්නගේ පුටුත් ගහගෙන යනවා. ජනතා අරගලයෙන් මොකක්ද වුණේ කියලා අහන අයට අපි මතක් කරල දෙනවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලයේ බිත්තියකට හේත්තු කරලා මොළ හතක් තියෙනවා කියලා ආපු බැසිල් රාජපක්ෂට හතේ හත වැදෙන්න විසිවුණේ. ලේකම්ලා කී දෙනෙකුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණාද? මහ බැංකු අධිපතිලට ගෙදර යන්න වුණා. රාජපක්ෂ දේශපාලන බලාධිකාරිය ඉරිතලා ගියේ මේ ජනතා නැගිටීම නිසා. එහෙම ඉද්දී තමයි ගෝඨාභය රාජපක්ෂ රනිල් අගමැති කරල රාජපක්ෂලට ආපහු හුස්ම පිම්බේ. රනිල්ගේ මේ කොන්ත්‍රාත් එක අලුත් දෙයක් නෙවෙයි. දැන් ඊළඟ ජනතා නැගිටීම මේ සියලු දෙනාට එරෙහිව එන්නේ. මේ තත්ත්වය පාලකයෝ එළවන්න මේ රටේ සියලු ප්‍රගතිශීලි ජනතාවට අපි ආරාධනා කරනවා පාරට බහිමු කියලා.
අනුර දිසානායක ප්‍රකාශ කරල තිබුණා අගමැතිකමයි ආණ්ඩුවයි දෙන්න, මාස කීපයකින් වැඩේ ගොඩ දාලා දෙන්නම් කියලා. ඔබලා කොහොමද ඒ මැජික් එක කරන්නේ?
අපිට පෙළහර පාන්න බෑ. හැබැයි අපි හොරකම් කරන්නේ නැතුව ගසා කන්නේ නැතුව බොරු වියදම් කරන්නේ නැතුව කොමිස් ගහන්නේ නැතුව හරි මූල්‍ය පාලනයක් එක්ක වැඩ කළොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්. දැන් අපි මේ රෝග රාශියක් තියෙන ලෙඩෙක් තමයි සනීප කරන්න ඉල්ලන්නේ. හැබැයි එතනදී ප්‍රමුඛතාවය දෙන්න ඕන ලෙඩවලට තමයි මූලික අවධානය යොමුකරන්නේ. මුලින්ම මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් වටපිටාවක් රටේ ඇති කරන්න ඕනෑ. දැන් මේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ ආහාර වේල නැති කරලා තවත් මොනවද නැතිවෙන්න තියෙන්නේ. ජීවත් වෙන්න තියෙන අන්තිම බලාපොරොත්තුවත් මේ පාලකයෝ උදුරගෙන ඉවරයි. ඉතින් තවදුරටත් මේ පාලනයෙන් රට ඉදිරියට ගෙනියයි කියලා හිතන්න පුළුවන්ද?
මේ අර්බුදය අස්සේ අපිට දෙන්න අපි කරල පෙන්නන්නම් කියන එක ඇතුළේ තියෙන්නේ තම තමන්ගේ පක්ෂ දේශපාලන න්‍යාය පත්‍ර කියලා සමහරු චෝදනා කරනවා. ජේ.වී.පී. එකත් මේ කරන්නේ අර්බුදය දේශපාලන වාසියකට හරවගන්න කියල කියන එක ගැන මොකද කියන්නේ?
අපි කාලයක් මේ පොළොවේ දේශපාලන කරපු පක්ෂයක්. අපිට දේශපාලන අරමුණක් තියෙනවා. ඒ වෙනුවෙන් අපේ පක්ෂය වැඩකරනවා. හැබැයි අර්බුද මතින් දේශපාලන අරමුණු සපුරා ගැනීම අපේ ක්‍රමය නෙවෙයි. ඒක අනිත් අයට අදාළ ඇති, එ්ත් අපිට ඒක අදාළ නෑ. අපි මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකම එතන දීම රට ගැන හිතල කටයුතු කරපු පක්ෂයක්. අපි වගේ කැප කිරීම් කරන්න පුළුවන් දේශපාලන පක්ෂයක් වෙන නෑ. අපි ඒක භාවිතාවෙන් ඔප්පු කරල ඉවරයි. අවුරුදු හැත්ත ගණන් නිල් කොළ කඳවුරුවලට බලය දීපු මිනිස්සු දිනලා තියෙන්නේ මොනවද? අපිට ඔය වගේ අභූත චෝදනා එල්ල කරන ඒ අය පත්කරගත්තු පාලකයින්ගෙන් හොඳ රටක් උරුම කරගෙනද ඉන්නේ. එහෙම කරගන්න ඒ අය සමත් වුණා නම් අද මිනිස්සු තුන්වේල කන්න නැති තැනට වැටුණේ කොහොමද? මේක ජනතාව බුද්ධිමත්ව තීන්දු ගන්න ඕනැ අවස්ථාවක්. ජීවත් වීමේ අයිතිය පවා අහෝසි වෙන මොහොතක ජනතාව කළ යුත්තේ කුමක්ද කියලා නිවැරදිව හිතන්න ඕනැ. මේ තමයි ඒකට අවස්ථාව.
සාකච්ඡාව
ප්‍රියන්ත කොඩිප්පිලි