එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක
ඩලස් අලහප්පෙරුම
අධිකරණ තීන්දුවෙන් පසු රටේ හා දේශපාලන ලෝකයේ සිදුවිය හැක්කේ කුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා සමග කළ සාකච්ඡාවකි.
• ප්‍රශ්නය:- අධිකරණයේ තීන්දුව ගැන?
පිළිතුර:- තීන්දුව ගෞරවයෙන් පිළිගන්නවා. මේ පාර්ලිමේන්තුව මේ විදියටම තියේවි. වසර හතර හමාරක් යනතුරු විසුරුවන්න බැහැනේ.
• ප්‍රශ්නය:- එජාපය යෝජනා කරන ජනාධිපතිවරණය විසඳුමක් නොවෙයිද?
පිළිතුර:- අවුරුදු හතරහමාරක් යන තුරු මේ පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි නම් කවුරු ජනපති වුණත් මේ කුණු වෙච්ච, ඕජස් ගලන පාර්ලිමේන්තුවත් එක්ක 2020 මාර්තු 3 වැනිදා වෙනකම් ඒ කියන්නේ තව මාස 13 ක් යන්න වෙනවා. ඒක ප්‍රායෝගික නෑ. ඒකායන විසඳුම මහ මැතිවරණය පමණයි මට තේරෙන විදියට.
• ප්‍රශ්නය:- ඔබ අප සමඟ කළ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී කිව්වේ ‘රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දැන් ඉන්නේ පිදුරංගල කන්දේ නිරුවතින්’ කියලයි. ඔබට තවම පේන්නේ ඒ විදියටම ද?
පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් දැන් පිදුරංගල කන්දේ නැති බව මං පිළිගන්නවා. එතුමා දැන් ඉන්නේ නන්දිකඩාල් කළපුවෙයි. හැබැයි ඒ පරණ ඉරියව්වෙන්මයි.
• ප්‍රශ්නය:- ඔක්තෝබර් 26 වැනි දා වෙනකොට පිදුරුතලාගල මුදුනේ හිටපු මහින්ද දැන් මුල්කිරිගලට පල්ලම් බැහැලා?
පිළිතුර:- මහින්ද රාජපක්ෂ ජීවිතයෙ කවදාවත් ගිරිමුදුන් වාසස්ථාන ලෙස තෝරා ගත්ත කෙනෙක් නොවෙයි. එතුමා තැනිතලාවලට වෙල්යායන්ට ප්‍රිය කරපු නායකයෙක්. කඳුවල සිටි මිනිස්සු එතුමා හොයාගෙන තැනිතලාවලට ආවා. ඒකයි ඇත්ත.
• ප්‍රශ්නය:- පසුගිය බදාදා රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරලා පාර්ලිමේන්තුවේදී ඡන්ද 117 ක් ලැබුණා. ඔබ පිළිගන්නවාද ඔහුට තමයි බහුතරය තියෙන්නේ. ඔහු තමයි අගමැති කියලා?
පිළිතුර:- විසුරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තුවක, රැස්වීම හා ඡන්ද විමසීම අශීලාචාර හා අනීතික බව පළමුව කිව යුතුයි.
• ප්‍රශ්නය:- නමුත් ඒ 117 දෙනා තමන්ගේ නමින් ඡන්දය ප්‍රකාශ කළානේ?
පිළිතුර:- ඒක ඇත්ත. අපි කොන්දේසි විරහිතව ඔය කියන බහුතරය පිළිගන්නවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ කොටස්කාරයන් වශයෙන් යූඑන්පියත් එක්කම එකම කණ්ඩායමක ඉන්නවා නම් මගේ ප්‍රශ්නය එක විට ආණ්ඩුවයි විපක්ෂයයි නියෝජනය කළ හැකි ද කියන එකයි. ලෝකයේ මොන පාර්ලිමේන්තුවේ ද එහෙම වෙලා තියෙන්නේ? අපි පනස් හතර දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය හැටියට විපක්ෂ නායක ධුරයට ඉල්ලුවාම කථානායකවරයා අපිට කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ 54 දෙනාට වඩා දෙමළ සන්ධානයෙ 16 දෙනා ලොකු වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපි ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ඇවිත් ඉන්න නිසා බවයි. එහෙම නම් කථානායකතුමාගේ ඒ නියෝගය දැන් ක්‍රියාත්මක විය යුතුයි. ආණ්ඩුව එක්ක යහන්ගත වෙන ගමන් විපක්්ෂයෙ දරුවන්ට උප්පැන්න සහතික දෙන්න කිසිවකුට ඉඩ නොදිය යුතුයි. මම මේ බලාගෙන ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙ ශුද්ධවන්තයන් ලෙස පහුගිය සති කිහිපයෙ විලාප තියපු අයගෙන් මේ ගැන ‘කීන්’ කියලා ශබ්දයක් නැත්ෙත් ඇයි කියලයි.
මහින්ද මහත්තයාට සුළුතර ආණ්ඩුවක් අකැපනම් රනිල් මහත්තයාට කැප වෙන්නේ කොහොමද කියන එකයි මම අහන්නේ?
• ප්‍රශ්නය:- ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ මතය. ඒකට අභියෝගයක් නෑ?
පිළිතුර:- පැහැදිලිවම ඔව්. නමුත් ඔය බහුතරයෙ සුජාත භාවයකුත් තිබිය යුතුයි.
• ප්‍රශ්නය:- ඔබේ පිළිතුර පැහැදිලි නෑ?
පිළිතුර:- මෙහෙමයි දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් සඳහා විපක්ෂය අතහැරලා ගිහිල්ලා එකතු වෙනවා නම් ඔය 117 පිළිගන්න අපි සූදානම්. අවශ්‍ය නම් ඒ විවාහයට ජය මංගල ගාථා කියන්නත් ළමයි ටිකක් හොයලා දෙන්න පුළුවන්. ඔය දෙමළ ජාතික සන්ධානය ඉන්නේ විපක්ෂයේ නම් රනිල් මහත්තයාගේ ඇත්තම ගණන 102 යි.
• ප්‍රශ්නය:- ඉතින් මහින්ද කඳවුරටත් බහුතරය නෑ?
පිළිතුර:- ඉතා පැහැදිලියි. ඒ නිසා තමයි අපි කියන්නේ මහ මැතිවරණයකට ගිහින් වහල් නොවන ආණ්ඩුවක් පිහිටුවන්න ජනතාවට අවස්ථාවක් දෙන්න කියලා.
• ප්‍රශ්නය:- ඔබ කියන්නේ පාර්ලිමේන්තුවේ 113 ක් නැත්නම් කාටවත්ම ආණ්ඩුවක් හදන්න බැහැ කියලද?
පිළිතුර:- නැහැ. නැහැ. ඔබ මෙග් තර්කය වැරදියටයි පිළිගත්තේ. මම අහන්නේ මහින්ද මහත්තයාට සුළුතර ආණ්ඩුවක් අකැප නම් රනිල් මහත්තයාට කැප වෙන්නේ කොහොමද කියලයි. අපි ඉතිහාසය බලමු. 1978 වර්තමාන ව්‍යවස්ථාව ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව අපේ රටේ මැතිවරණ 7 ක් තියලා තියෙනවා. ආණ්ඩු 8 ක් හදලා තියෙනවා. මෙයින් 1988 හා 2010 මැතිවරණවල දී විතරයි 113 ට වැඩි ආසන එක පක්ෂයකට අරගෙන ආණ්ඩු හැදුවේ. අනෙක් මැතිවරණ පහෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය ගත්ෙත් සුළුතරයේ ආණ්ඩු. 1994 චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව 104 යි. 2001 දී නැවත එතුමියගේ ආණ්ඩුවට 107 යි. 2002 දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට 105 යි. 2015 ජනවාරි 9 දා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට 44 යි. ඕක තමයි අපේ රටේ සුළුතර ආණ්ඩු ඉතිහාසය.
• ප්‍රශ්නය:- මේ පාර වගේ ඔය ඉතිහාසය තුළ එක අවස්ථාවක් හෝ නැහැ නේද විධායකය හෝ ව්‍යවස්ථාදායකය එකඟ නොවුණු?
පිළිතුරු:- ඔව්. දැන් බලන්න 2004 දී ශ්‍රී ලංකා - ජවිපෙ සන්ධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබුණේ 105 යි. ඒ විදියට සුළුතර ආණ්ඩුව හදලා කථානායක තෝරන පළමු දවසෙම පරදිනවා. ආණ්ඩුවේ අපේක්ෂක ඩිව් ගුණසේකර පරදවලා විපක්ෂයේ වි.ජ.මු. ලොකු බණ්ඩාර දිනනවා. ලොකු බණ්ඩාර කථානායක කිව්වද ‘මම විධායකයේ තීරණ පිළිගන්න බැහැ.’ ආණ්ඩුවට බහුතරය නැහැ’ කියලා. 2015 ජනවාරි 9 වැනිදා මන්ත්‍රීවරුන් 44 ක් හිටපු පක්ෂය අගමැති පත්කරන කොට කථානායක චමල් රාජපක්ෂ කිව්වද මට ඒක පිළිගන්න බැහැ කියලා. කොළ පාට ආණ්ඩු - නිල්පාට කථානායක, නිල් පාට ආණ්ඩු- කොළ පාට කථානායක ඉඳපු අවස්ථා තිබුණත් ඒ කිසිම අවස්ථාවක ගැටුම් ඇතිකර ගත්තේ නැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකළ යුතු නිසා. රට අස්ථාවර නොකළ යුතු නිසා.
• ප්‍රශ්නය:- ඔය ඔබ කියන්ෙන් මොනම හේතුවක් නිසාවත් අගමැතිකම අත්හරින්න මහින්ද රාජපක්ෂ සූදානම් නැහැ කියන එක?
පිළිතුර:- අපෝ නැහැ. මහින්ද මහත්තයාට ඔය තනතුරු නාම ලොකු දේවල් නොවෙයි. උම්මග්ග ජාතකයේ යක්ෂණිය දරුවව අදින කොට අම්මා දරුවව අතහැරියේ ඇයි? දරුවාගේ අයිතිය උරුමය පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවෙයි. දරුවට අනතුරක් වෙයි කියන බයට. හුණුවටයේ කතාවේදිත් එහෙමයි. ගෲෂා මයිකල් කුමාරයව අතහරින්නේ ආදරය නිසා. මහින්ද මහත්තයා භාර ගත්තෙත් මෛත්‍රි මහත්තයා භාර දුන්නෙත් දරුවට තියෙන ආදරය නිසා. ඒ නිසා මේ කඹ ඇදීමෙන් දරුවට අනතුරක් හානියක් වෙන්න ඉඩ තියෙනවා නම් ආදරේට දරුවා අතහරින්න මහින්ද මහත්තයා කිසිවිටෙක පැකිළෙන්නේ නැහැ. උම්මග්ග ජාතකයේ යක්ෂණිය වගේ හෝ හුණුවටයේ කතාව නාට්‍යයේ නටාලියා බිසව වගේ මහින්ද මහත්තයා හැසිරෙන්නේ නැති බව මට ඒකාන්ත වශයෙන්ම ස්ථීරයි.
• ප්‍රශ්නය:- ඔබ ඔබේ භාෂාවෙන් කොහොම කීවත් එජාපයත් - සාධාරණ සමාජයක් සඳහා පෙළ ගැසී සිටින බව කියන බලවේගත් කියන්නේ මෛත්‍රී - මහින්ද හවුලෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරාගත යුතු බවයි?
පිළිතුර:- ඇත්තටම ඔවුන් පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශුද්ධවන්තයන් ඔවුන් බවයි. ඇත්තටම එ්ක එහෙමද? 2015 ජනවාරි 9 වැනිදා රාත්‍රියේ 126 ක් මන්ත්‍රීවරුන් සමග හිටපු සන්ධානයෙ අගමැති දි.මු. ජයරත්න ඉවත් කරලා ඒ වෙනුවට මන්ත්‍රීවරුන් 44 ක් පමණක් හිටපු රනිල් වික්‍රමසිංහ අගමැති විදියට පත් කරන කොට මේ අය කොහේද හිටියේ? පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙක හමාරකින් කල් දාන කොට මේ අය කොහේද හිටියේ? පළාත් සභා මැතිවරණ අවුරුදු ගණන් කල් දාලා මේ ගොල්ලෝ කොහේද ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ 54 දෙනාට විපක්ෂ නායක කම නොදී 16 ක් ඉන්න දෙමළ ජාතික සන්ධානයට දෙන කොට මේ ගොල්ලෝ කොහේද හිටියේ. ශුද්ධ වූ කුරාණයේ පාඨ හඬ නගා කියමින් මිනිසුන්ෙග් බෙලි කපා ඝාතනය කරන අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන්ට පමණයි මොවුන්ෙග් ප්‍රකාශ සමාන කරන්න පුළුවන් වෙන්නේ.
• ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ 225 ට අත්සන් කළත් මම රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ කියලා ජනාධිපති මෛත්‍රි කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත්?
පිළිතුර:- ඔබම උදාහරණ සපයනවා. ඔව්. ජනාධිපතිවරයා එහෙම කියනකොට මේ ශුද්ධවන්තයන්ට බරපතළ ලෙස කේන්ති ගියා. නමුත් 2018 අගෝස්තු මහ මැතිවරණයේදී ‘මහින්ද දිනුවත් මම අගමැතිකම දෙන්නේ නැහැ.’ කියලා ජනාධිපතිවරයා කියන කොට ඒ අයට ඒක ඇහුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ උදාන වාක්‍යයක් ලෙසයි. මේ අසාධාරණ විදියට හිතන සාධාරණ සමාජයක් ද? එහෙම නැත්නම් අයි.එස්.අයි.එස්. සිංහල පිටපත ද?
• ප්‍රශ්නය:- මේ අර්බුදය අපේ රටේ මෑත ඉතිහාසයේ සිදුවූ බරපතළම ව්‍යවස්ථා අර්බුදය බව ඔබ පිළිගන්නවද?
පිළිතුර:- ඒක පැහැදිලියි. ඒකෙ තර්කයක් නැහැ.
• ප්‍රශ්නය:- අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රියි?
පිළිතුර:- ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 වෙනිදා සිකුරාදා රාත්‍රී අනුගමනය කළේ 2015 ජනවාරි 9 වැනිදා අඟහරුවාදා අනුගමනය කළ ක්‍රියා පිළිවෙතමයි. එදා ප්‍රජාතන්ත්‍රවාදී නම් මෙදාත් ප්‍රජාතන්ත්‍රවාදියි. එදා ප්‍රජාතන්ත්‍ර විරෝධි නම් මෙදාත් ප්‍රජාතන්ත්‍ර විරෝධියි. එදා ව්‍යවස්ථානුකූල නම් මෙදාත් ව්‍යවස්ථානුකූලයි. මොකක්ද තියෙන වෙනස?
විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණය කියන බල කේන්ද්‍ර තුනටම මේ ප්‍රශ්නය විසඳන්න බෑ
• ප්‍රශ්නය:- එහෙම නම් කොහොමද මේ අර්බුදය හැදුණේ?
පිළිතුර:- මේ අර්බුදය හැදුණේ නොවැම්බර් 15 වැනිදා කථානායක විධායකය ප්‍රතික්ෂේප කිරීම නිසයි. ඒ වගේම කණගාටුවෙන් වුණත් කිව යුතුයි ඇතැම් අධිකරණ තීන්දු නිසා එය වඩාත් සංකීර්ණ වුණා කියලා.
• ප්‍රශ්නය:- ඔබ කියන්නේ මේ අර්බුදයේ නිමැවුම්කරු කථානායක කරු ජයසූරිය බව ද ?
පිළිතුර:- නැහැ. ඔහු අර්බුදයේ පිපුරුම්කරුවා පමණයි. නිමැවුම්කරු ලෙස බෞතිෂ්ම කළ යුත්ෙත් වෛරී ආකල්පයෙන් හා අවිධිමත් ලෙස ගෙනාපු 19 වැනි සංශෝධනයයි. ඒ අතරම රාජ්‍යයට වින කරන විදේශ බලවේගත් ඉන්නවා.
• ප්‍රශ්නය:- ඔබත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක්. ඔබ පිළිගන්නවා බරපතළ ව්‍යවස්ථාමය අර්බුදයක් තියෙනවා කියලා මේ ප්‍රශ්න විසදීමට මැදිහත් වෙන්න ඔබටත් වගකීමක් තියෙනවා?
පිළිතුර:- ව්‍යවස්ථාදායකය වගකීමෙන් මෙන්ම පුරවැසි වගකීමෙන් ද මම බැඳිලා ඉන්නේ. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා විධායකය විසින්. විධායකයෙ අක්‍රිය කරලා අධිකරණය විසින්. විධායකය ප්‍රතික්ෂේප කරලා ව්‍යවස්ථාදායකය විසින්. ඒ වගේම ව්‍යවස්ථාදායකය ප්‍රතික්ෂේප කරලා විධායකය විසින්. මේක ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක දක්නට නොලැබුණ සංකීර්ණ තත්ත්වයක්. අර්බුදය විසින් අර්බුදයේ පැටව් බිහි කරලා.
• ප්‍රශ්නය:- මේක විසඳිය යුත්තේ කොහොමද? මේකට උත්තරයක් අවශ්‍යයි?
පිළිතුර:- මෙග් පෞද්ගලික මතය නම් මේ බල කේන්ද්‍ර ත්‍රිත්වයටම මෙය විසඳිය නොහැකි බවයි. ඒ කියන්ෙන විධායකය, ව්‍යවස්ථාදායකත්වය, අධිකරණය කියන බල කේන්ද්‍ර තුනටම මෙය විසඳිය නොහැකියි.
• ප්‍රශ්නය:- ඔබ කරන්නේ බරපතළ ප්‍රකාශයක්?
පිළිතුර:- මම ඒක කියන්ෙන් බරපතළකම හොඳට තේරුම් අරගෙන ඉතාම වගකීමෙන්. දැන් බලන්න නොවැම්බර් 14 වැනිදා සිට අදට දින 29 ක් ගතවෙලා. මේ දවස් 29 තුළ ඉහත ආයතන තුණ මාද ඇතුළත්ව කළේ ප්‍රශ්නය සංකීර්ණ කරලා දඩාවතේ යැවීමයි. මේ ආයතන තුනම හැසිරීමෙන් ඔප්පු කළේ භාවිතයෙන් ඔප්පු කළේ ප්‍රශ්නය සංකීර්ණ කිරීමේ ක්‍රමවේදයයි. ඒ හරහා තමන්ට මෙය විසඳීමට අසමත් බව ඔප්පු කළා නොවෙයිද?
• ප්‍රශ්නය:- ප්‍රශ්නය විසඳන්න මගක් නැහැ කියලා කියන්ෙන ඉතිරිවෙන්නේ අරාජිකත්වය පමණයි?
පිළිතුර:- මේ ප්‍රශ්නය විසඳිය හැකි එකම මග මහ ජනතාවට ඡන්දදායකයාට මෙය භාර දීමයි. මේ රටේ ඡන්ද දායකයෝ ලක්ෂ 157 ක් ඉන්නවා. විධායකයේ එක්කෙනයි ව්‍යවස්ථාදායකයේ මාද ඇතුළත්ව 225 යි. මුළු අධිකරණ පන්තියේම ඉන්නේ 335 යි. එතකොට මේ සුපිරි බල ත්‍රිත්වයේම ඉන්නේ 561 යි. මේ 561 දෙනාට ලක්ෂ 157 බලවත් නැද්ද? අනික මේ රටේ ඉතිහාසයේ පැවැති මැතිවරණ 15 න් 5 ක්ම අඩුවයසින් මැතිවරණයට ගිය නොමේරු ආණ්ඩු බව මතක තියාගන්න. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ අර 561 දෙනාට වඩා මම බලවත් කියලා. මම මහෝ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ හෘද සාක්ෂිය විධායකයට උඩින් තියන්න. ඔබේ හෘද සාක්ෂිය දියවන්නාවේ සෙංකෝලයට ඉහළින් තියන්න. ඔබේ හෘද සාක්ෂිය දෑස් බැඳි කන්‍යාවියකගේ තරාදියට ඉහළින් තියන්න කියලයි.
• ප්‍රශ්නය:- අධිකරණ තීන්දුව ගැන විවිධ මතවාද ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුළේ? මේ ගැන ඔබේ අදහස?
පිළිතුර:- මේ සම්බන්ධයෙන් මට පෞද්ගලික මතයක් තියෙනවා. එය කීමත් එය පළකිරීමත් අප දෙපාර්ශ්යෙම නොකරන වැඩ. කෙසේ වෙතත් අධිකරණයෙ විශ්වාසනීයත්වය පළුදු කිරීමෙන් විය හැකි සමාජ දෙදරීම සමාජ මාධ්‍ය තේරුම් ගත යුතුයි. නොවැම්බර් 13 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගයට පසුව නඩු විභාගය සඳහා දින 21 ක් තරම් දිගු කාලයක් ගතවීමත්, එකී කාලය තුළ පාර්ලිමේන්තුව හා කතානායකවරයා විසින් අධිකරණයට යොමුව තිබූ ප්‍රශ්නයට අදාළ අන්තර්ගතය වෙනස්වන සේ විකෘත වන සේ තීන්දු ගැනීමත් කියන කාරණා නොවුණා නම් මේ ප්‍රශ්නකාරී සමාජ සාකච්ඡාව ගොඩනැගීමට ඉඩ තිබූ බවයි මගේ පෞද්ගලික අදහස? මම එහෙම කියන්නේ අධිකරණයට ඇති ගෞරවය පෙරදැරි කරගෙනයි. ඒ වගේම අගමැති හා ඇමැති මණ්ඩලය අත්හිටුවමින් අභියාචනය ලබා දුන් නියෝගයෙනුත් සමාජය තිගැස්සුණා. මොකද මේක අපිට ආගන්තුක අත්දැකීමක්. ඉතිහාසයේ පළමු අවස්ථාවටනේ එහෙම දෙයක් වෙන්නේ? ඉතින් තිගැස්සුණු සමාජය විවිධ අර්ථ නිරූපණවලට ආවා.
• ප්‍රශ්නය:- ඔබ මීට පෙර කිව්වා විදෙස් බලපෑම් ගැන? දැන් මොකද ඒ ගැන කියන්නේ?
පිළිතුර:- ඒක ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තු ගැලරියේ ඔල්වරසන් දුන් සුදු නෝනලා අරලියගහ මන්දිරයට ගිහිල්ලා වික්‍රමසිංහ මහත්තයයි සුමන්දිරම් මහත්මයාවයි සිපගන්න ඇති. අතට අත දෙන්න ඇති. නමුත් මුළු රටටම පේනවා ඔවුන්ෙග් අතට අත දෙන ඇඟිලි කරු අතර නිර්වස්ත්‍රව දුෂ්ඨකම.
• ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ජනාධිපති මෛත්‍රි කළ ප්‍රකාහය ගැන ඔබ මුකුත් කිව්වේ නැහැ?
පිළිතුර:- ඒක ව්‍යවස්ථානුකූල ප්‍රකාශයකට වඩා දේශපාලන ප්‍රකාශයක්. එතුමන් අවංකවම හිතන්නේ නැතිව ඇති දෙමළ ජාතික සන්ධානය මේ ආකාරයේ නිරුවත් සංග්‍රහයක් කරාවි කියලා.
• ප්‍රශ්නය:- ‘නිරුවත් සංග්‍රහයක්’? ඒ මොකක්ද?
පිළිතුර:- විපක්ෂ නායක කියන්නේ ලෝකයේ ඕනෑම රටක ඡායා අගමැතිවරයායි. නමුත් අපේ රටේ ඡායා අගමැති කියනවා මම නොවෙයි අරයයි අගමැති වෙන්න ඕනෑ’ කියලා. මොන ලජ්ජා නැති වැඩක්ද?
• ප්‍රශ්නය:- මීළඟ මැතිවරණය කුමක් වුවත් ඔබලා තරග කරන්නේ ශ්‍රීලනිප සමග සන්ධානයකින්?
පිළිතුර:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු බලවේග එකතු වීම වරදක්ද?
• ප්‍රශ්නය:- වරදක්ද නැද්ද කියන කාරණය නොවෙයි. එහෙම සාකච්ඡාවක් තියෙනවද?
පිළිතුර:- එහෙම අවබෝධයකින් කටයුතු කරනවා.
• ප්‍රශ්නය:- මොකක්ද සන්ධානයේ නම? ලාංඡනය?
පිළිතුර:- ඒවා ගැන හිතලාවත් නෑ. සන්ධානයක් ගොඩනැගීම හොඳයි. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ කියන්නේ පොහොට්ටුව. ඒ කියන්ෙන් මහින්ද රාජපක්ෂ කේන්ද්‍රීය පෙරමුණක් වුණොත් පමණයි ජනතා ආකර්ෂණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. පෙබරවාරි 10 ජනමතයයි එහි මධ්‍ය ලක්ෂ්‍යය විය යුත්තේ. මේවා මගේ පෞද්ගලික අදහස්. අපි කලබල නොවී අන්‍යොන්‍ය ගෞරවයෙන් මෛත්‍රි - මහින්ද එකිනෙකාගේ අනන්‍යතාවට ගරු කරමින් විශ්වාසයෙන් ඒ දිහා බලමු. ධනාත්මකව හිතමු. සුබ අනාගතයක් ගැන.
• ප්‍රශ්නය:- අලුත් පරිසරය තුළ මෛත්‍රි - මහින්ද සමගිය රැකේවිද?
පිළිතුර:- එය ආරක්ෂා කරගත යුතුයි. මම හිතන්නේ නායකයන් දෙදෙනා ඉහළම අවබෝධයෙන් ඉන්නේ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්