රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සම මාධ්‍ය ප්‍රකාශක
කෙහෙළිය රඹුක්වැල්ල
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝඨාභය ජනාධිපතිවරණයේ උණුසුම දිනෙන් දින ඉහළ යයි. ඒ උණුසුම මැදම විවිධ කට කතා ද වේගයෙන් පැතිර යයි. මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි වෙන්න කියලා පොහොට්ටුවට ආරාධනා කළා?
පිළිතුර:- නෑ ආරාධනාවක් තිබ්බේ නෑ.
ප්‍රශ්නය:- නමුත් පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ සහභාගිවෙලා තිබුණා?
පිළිතුර:- ඒ පක්ෂවලට ආරාධනා කරන්න ඇති. හැබැයි අපිට ආරාධනා කළේ නෑ. ජී.එල්. පීරිස් මහත්තයාට දුරකථනයෙන් කතා කරලා කියලා ආරංචි වුණා. එච්චරයි.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා තිබුණා එජාපය නොවන අනෙක් පක්ෂවලට ආරාධනා කරනවා කියලා.
පිළිතුර:- කාට ආරාධනා කළා ද දන්නේ නෑ. මට නම් ආරාධනා කළේ නෑ.
ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි එ් සම්මේලනයේදී කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් 2020 දී හදනවා කියලා?
පිළිතුර:- ඒක එතුමම තේරුම් කරලා දෙයි කොහොමද හදන්නේ කියලා. එතුමගෙ හිතේ මොකක් හරි ප්ලෑන් එකක් ඇතිනේ.
ප්‍රශ්නය:- ‘තීන්දුව හරි අතට’ කියලයි ඔවුන් සම්මේලනය පැවැත්වූවේ. ඒ කියන්නේ තීන්දුව හරි අතට අරන් නෑ?
පිළිතුර:- ඒක තේමාවක්නේ. තේමාවක් කිව්වාට පෑනක් කඩදාසියක් ගත්තම ඕනෑම කෙනෙකුට ලියන්න පුළුවන්නේ. තේමාව යථාර්ථයක් කරගන්න එකනේ අභියෝගය.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලෙන්ම ඔබලාට උදව් කළ යුතුයි කියලා ඔබලා හිතනවා?
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ වාමාංශික බල කඳවුර. ඒ වාමාංශික බල කඳවුර අපට දොරවල් වහපු නිසා ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොගිය නිසා ඒ බල කඳවුර සිරිකොතේ හෙවණැල්ලට යටවෙච්ච නිසා අලුත් දේශපාලන ගමනකට දොරවල් විවෘත වුණා. ඒ ගමනත් වාමාංශික ගමනක්. මේ මොහොත වන විට ඔවුන්ම ඒ සෙවණැල්ල ශාපයක් කියලා තියෙනවා. ඒ නිසා ඒ අයට අලුතෙන් ඇතිවෙච්ච ප්‍රවණතාවත් එක්ක අලුත් වෙන්න වෙනවා. බලය පෙන්විය යුත්තේ ජනතා පරමාධිපත්‍යය තුළින්. බලය පෙන්වන්න පුළුවන් අපට ආසන්නම මැතිවරණය අරගෙන.
ප්‍රශ්නය:- ආසන්නම මැතිවරණය පළාත් පාලන මැතිවරණයයි. නමුත් මේ තියන්න යන්නේ ජනාධිපතිවරණය?
පිළිතුර:- එහෙම කියන්න පුළුවන්. නොයෙකුත් කතන්දර කියන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා එතැනදී ජනතාව තීන්දු ගත්තේ ඒ මැතිවරණය ජාතික මැතිවරණයක අර්ථයෙන්. ඒ මැතිවරණයේ ප්‍රතිඵලයනේ අපට තියෙන ආසන්නම මිනුම් දණ්ඩ. අලුත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඡන්ද ලක්ෂ 50 ක් ගත්තා. ඒ දේශපාලන ගමන අලුත් කීවත් බණ්ඩාරනායක මැතිතුමා එදා නිර්මාණය කරපු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු හා මැද පිළිවෙත මෙන්ම වාමාංශික ව්‍යාපාරය එකට එකතු කිරීමක් තමයි එදා වුණේ. ඒ ඒකරාශි කිරීම 2015 දී බිඳ දැම්මා. සිරිමාවෝ මැතිනිය රැකගෙන ආපු ඒ බලවේගය එදා සිරිකොතට පාවා දුන්නා. ඒ ප්‍රගතිශීලී කඳවුරේ පරම හතුරාට ඒ උරුමය පාවා දුන්නා. දැන් ඒ අය හිතනවා නම් ඒක ශාපයක් කියලා දැන් ඒ අයටත් තියෙනවා අවකාශයක් අලුත් ගමනට එකතු වෙන්න. ඒ යුතුකම, වගකීම ඔවුන්ට තියෙනවා.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් අතර යන සාකච්ඡාවල ප්‍රගතිය කොහොමද?
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡා පදනම් විය යුත්තේ ආසන්නම මැතිවරණයේදී ලැබුණු ජනතාවගේ ප්‍රතිචාරය සැලකිල්ලට අරගෙනනේ. ඒ නිසා අපි ඒ ස්ථාවරයේ ඉඳගෙන වාමාංශික කඳවුර එකට එක තැබිය යුතුයි කියලයි මම කියන්නේ.
ප්‍රශ්නය:- ඒ සාකච්ඡා යන අතරතුරදී එස්.බී. දිසානායකට හා ඩිලාන් පෙරේරාට උත්සවශ්‍රීයෙන් පොහොට්ටුවේ සාමාජිකත්වය දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඒක හැඳින්වූවේ ‘බඳින්න හිටපු මනාලිය පැහැරගෙන ගිහින් දූෂණය කිරීමක්’ විදියටයි.
පිළිතුර:- ඒකට හොඳ උත්තරයක් අපේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා දුන්නා. තමන්ගේ මනමාලිව උස්සගෙන යනකම් බලාගෙන ඉදීම මොනතරම් දුර්වලකමක්ද? එහෙම ඒ අයට බලාගෙන ඉන්න වාතාවරණයක් හැදිලා තියෙනවා. ඒ නිසාම ඔවුන්ට බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා තාම ළදරුවෙක්නේ. ඒත් යමක් කියනකොට හොඳට හිතලා බලලා කියන්න ඕනෑ.
ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කියලා තිබුණා ‘අපට හැම ඡන්දයක්ම වැදගත්. ඒ නිසා ඒ සෑම ඡන්දයක් ගැනම හිතලා කටයුතු කළ යුතුයි.’ කියලා.
පිළිතුර:- ඒ ස්ථාවරයේම තමයි මාත් ඉන්නේ. ඒ නිසානේ මම කියන්නේ වාමාංශික කඳවුර ඒකරාශි විය යුතුයි කියලා. නමුත් ඔවුන්ගේ යටි අරමුණ වෙතින් කවුරුහරි ජයග්‍රහණය කරවීම නම් ඒක ජනතාවට දැනෙමින් තියෙනවා. ඉතින් එහෙම එකකට ජනතාවගේ ආශිර්වාදය හිමි වෙන්නේ නෑ. 2015 ජනවාරි 8 වැනිදා සිරිකොතට ගිහින් සිරිකොත වැලඳ ගත්තා. හැබැයි දැන් ඒක ශාපයක් වුණා කියලා කියනවා. හැබැයි ඒ ශාපය වෙනත් ක්‍රමයකින් ඒ ශාපයට අනුබල දෙනවා නම් ඒ වැඩපිළිවෙළට වක්‍රව සහයෝගය දෙනවා නම් එහෙම දෙයකට ජනතාව ආශිර්වාද කරන්නේ නෑ.
ප්‍රශ්නය:- ජනාධිපති අපේක්ෂකත්වය දැනට ගෝඨාභය රාජපක්ෂට දුන්නාට නාම යෝජනා බාර දෙනකොට ඒ නම වෙනස් වෙනවා කියලා ලොකු රාවයක් යනවා?
පිළිතුර:- එක එක ජාති කියනවනේ. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයා වශයෙන් හඳුන්වා දුන් උත්සවය දවසේ උදේ කිව්වෙත් ප්‍රකාශයට පත් කරන්නේ වෙන කෙනෙකුගේ නමක් කියලයි. මෙහෙම කියන්නේ තමන්ට තියෙන බැරිකම නිසයි. තමන් තුළ තියෙන බිය නිසා එහෙම කියවෙනවා. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. ශ්‍රී ලංකා එකේ ජ්‍යෙෂ්ඨම උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහත්තයාගේ කතාවට තමයි ඒ සම්මේලනයේදී වැඩිම ප්‍රතිචාර ලැබුණේ. එතුමා මොකද කිව්වේ? එක්සත් ජාතික පක්ෂය හැර හා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වන කණ්ඩායම් හැර වෙනත් ඕනෑම කෙනෙක් එක්ක අපි එකතුවෙලා රජයක් පිහිටුවන්න සූදානම් කියලයි. සම්මේලනයේදී කිව්වේ වෙන තැනකදී නෙවෙයි. එතුමා තමයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා. එතුමා ඉන්නේ ඒ ස්ථාවරයෙයි. අපි යා යුත්තේ එවැනි අවබෝධයකින් මිස ඔය විවිධ කට කතා එක්ක නොවෙයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. මේ වෙනකොට යහපාලන ආණ්ඩුවේ අය ගිහින් තහඩු බෙදනවා. සිමෙන්ති බෙදනවා. වැසිකිළි හදලා දෙනවා. පුදුමාකාර අනුකම්පාවක් දක්වන්නේ. මේ රටේ මිනිස්සු ඒ ගැන හොඳට දන්නවා.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා එකේ සම්මේලනයත් සාර්ථකයි.
පිළිතුර:- ඔබතුමා හිතනවා නම් පන්දාහක් කියන්නේ ලොකු ජන බලයක් කියලා ඒකට මට කරන්න දෙයක් නෑ. මොකද එතැනට දාන්න පුළුවන් පන්දාහයි. ඒක ජනබලයක් කියලා හිතනවා නම් අපේ ජන බලයත් එක්ක සංසන්දනය කරන කොට අපි ඉන්නේ ඊට ගොඩාක් දුරින්.
ප්‍රශ්නය:- පොහොට්ටුවට තියෙන එක චෝදනාවක් තමයි ඔබලා අධි තක්සේරුවෙන් ඉන්නේ කියලා?
පිළිතුර:- අපි අධි තක්සේරුවක නෑ. අපි ඉන්නේ නිසි තක්සේරුවක. ජනතාවගේ ප්‍රතිචාරය අපි මැනලා තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියන්නේ කලින් කලට නිසි වෙලාවට මැතිවරණ පැවැත්වීම. 2018 තමයි ආසන්නම මැතිවරණය. මේ රටේ ජනතාව 2018 පෙබරවාරි 10 වැනිදා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළා. එතැන ප්‍රතිඵලය මොකක්ද? ඒ ප්‍රතිඵලය මත ඉඳගෙන අපි තීන්දු තීරණ ගන්නවා. එතකොට ඒක අධිතක්සේරුවක් නම් ජනතාව තමයි ඒ පදනම අපට හදලා දුන්නෙ. ‘මෙන්න මේකයි නුඹලාගේ දේශපාලන පදනම’ කියලා. ජනතාව අපට තැනක් හදලා දුන්නා. ඒක අධි තක්සේරුවක් කියලා කවුරුහරි කියනවා නම් ඒක දේශපාලන කුහකකම.
ප්‍රශ්නය:- ජනාධිපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළොත් මහජන නියෝජිතයන් පැත්තකට දාලා ඔහු මිලිටරි ජුන්ටාවක් අටවා ගන්නා බවට අනාවැකි පළ කරන අයත් ඉන්නවා?
පිළිතුර:- මේ චෝදනා ගත්තොත් ගහන්න පුළුවන් සේරම ගැහිලි ගෝඨාභය මහත්තයාට ගහනවා. සමහරු ගෝඨා-භයක් ගැනත් කියනවා. ඒ කියන්නේ ගෝඨාභය කියන සාධකය මේ රටේ ජනතාවගේ ඉල්ලුම. මේ රටේ ජනතාව ලී ක්වාන් යූ එක්ක තමයි ගෝඨාභය සමාන කරන්නේ. ඒකෙන් කියැවෙන්නේ ස්ථාවර පාලනයක්. ජාත්‍යන්තරයේ අයුතු බලපෑම්වලට හිස නොනමන නායකයෙක්. ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන පාලකයෙක්. ජාතික ආරක්ෂාව කියන එකේ වැදගත්කම බලන්න. ලෝකයේ දියුණුයි කියන සියලුම රටවල් අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරන්නේ ජාතික ආරක්ෂාවට. දැන් රනිල් වික්‍රමසිංහ නිතරම කියනවානේ විදේශ ආයෝජකයෝ ගේන්න ඕනෑ. අපනයන ආදායම වැඩි කරන්න ඕනෑ කියලා. නමුත් රටක ප්‍රධාන කරුණු දෙකක්නේ වැදගත් වෙන්නේ. එකක් තමයි ජාතික ආරක්ෂාව. අනික් එක තමයි දේශපාලන ස්ථාවරත්වය. ඔය කරුණු දෙක නැත්නම් රටක් ඉදිරියට යන්නෙම නැහැනේ. දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් කවුද ඒ රටත් එක්ක ගනුදෙනු කරන්නේ? ඒ නිසා ගෝඨාභයට එරෙහිව ගෙනෙන මේ චෝදනාවල පසුබිම තමයි ඇත්තටම ජනතාව තුළ ගෝඨාභයට තියෙන විශ්වාසය හා ආදරය. ඒක විවිධ විදියට ජනතාවට දැනෙනවනේ. ගෝඨාභය ආවොත් රට වෙනස් වෙයි. රටේ විනයක් ඇතිවෙයි. නීතියේ ආධිපත්‍ය රැකෙයි. එහෙම කියන ගමන් නිකම් කියලා බලනවා ඔහු ප්‍රජාතන්ත්‍රවාදය රකීද? කියලා.
ප්‍රශ්නය:- ඇත්තටම මම ඔබෙන් ඒ ප්‍රශ්නය ඇහුවොත්?
පිළිතුර:- තනි පුද්ගලයකුට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න පුළුවන්ද? ඔහු මේ රටේ පාලනයේ සුක්කානම හසුරුවන්නා. හැබැයි රට කියන්නේ සුක්කානම විතරක් නොවෙයි. දැන් බලන්න ජනතාව ආදරය කරන ජනතාවට ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි අපේ රටේ ඊළඟ අගමැති.
ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රිත් කිව්වා මීළඟට බලවත් වන්නේ ජනාධිපති ධුරය නොවෙයි අගමැති ධුරයයි කියලා?
පිළිතුර:- ජනාධිපතිවරයා විතරක් නොවෙයි හුඟාක් දෙනෙක් ඔය කතාවම කියනවා. එහෙම වැඩක් නැති තනතුරක් කියලා එහෙම කියන ගමන් ගෝඨාභය ආවොත් මහා මිලිටරි පාලනයක් ගෙන යාවි කියලා කියනවා. ඔය කරන්නේ ගහන්න තියෙන සියලු තුරුම්පු ගැසීමේ ව්‍යාපාරයනේ.
ප්‍රශ්නය:- ගෝඨාභයට එරෙහිව නඟන චෝදනාවලට ඔබ ඍජු උත්තර දෙන්නේ නෑ?
පිළිතුර:- මම ඔබට මෙහෙම කියන්නම්කෝ. එතුමා ආරක්ෂක ලේකම් විදියට ඉන්නකොට මම ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක. අපි දෙපාර්ශ්වය අතර බොහොම හොඳ සංයෝගයක් තිබුණා. ඒ නිසා මට පෞද්ගලිකව කියන්න පුළුවන් මට සහතිකයක් දෙන්න පුළුවන් ඉතාම පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඔහු ඉන්නේ. යුද්ධයක් මෙහෙයවන කොට, හමුදාව මෙහෙයවනකොට මිලිටරි පරිසරයක් තුළ වුණත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙසයි කටයුතු කළේ. යුද්ධයෙන් පසුව එතුමා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වුණා. ඒකෙදි එතුමා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළේ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින්ම දකින්න තිබුණේ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදයත් සමග මිනිසුන්ට රටේ ආර්ථික නිදහස අවශ්‍යයි. ඒ නිදහස ලබා දෙන්න එතුමා කටයුතු කළේ නැද්ද? කොළඹ නගරය ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණුවන සංචාරක ව්‍යාපාරයට ඉතාම හිතකාමී නගරය බවට පත් කළේ නැද්ද? ඒ නිසා ඔය නගන චෝදනා රටේ ජනතාව පිළිකුලෙන් බැහැර කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපට මීට වඩා කියන්න දෙයක් නැහැ.
ප්‍රශ්නය:- යුද අපරාධ චෝදනා අපේ රටට එල්ල කරලා තියෙනවා. ඒ චෝදනාවට ඍජුවම ඉලක්ක වෙන කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා කිරීම ප්‍රශ්නයක් නොවෙයිද?
පිළිතුර:- ජිනීවා වැඩපිළිවෙළට මේ යහපාලන ආණ්ඩුවව සීයට දෙසීයක්ම වග කියන්න ඕනෑ. 30/1 කියන චෝදනාව ඇමෙරිකාවත් එක්ක එකතුවෙලා සම අනුග්‍රහය දක්වලා ඉදිරිපත් කරල අපි යුද අපරාධ කරල තියෙනවා කියලා ලෝකය ඉදිරිපිට පිළිගත්තේ මේ ආණ්ඩුවේ ඒ කාලේ විදේශ ඇමැති මංගල සමරවීරයි. ඒ කරපු නින්දිත පාවාදීමට උත්තර දෙන්න අපට සිද්ධ වෙලා තියෙනවා.
ප්‍රශ්නය:- ඒ සම්බන්ධයෙන් පහුගිය කාලයෙ ඔබලා කළ මැදිහත්වීම් ප්‍රමාණවත් කියලා ඔබ හිතනවද?
පිළිතුර:- අපි ඒ පාවාදීමට එරෙහිව ලොකු සටනක් කළා. 30/1 යෝජනාව හරහා බොහොම පැහැදිලිව තිබුණ විදේශ විනිසුරුවන් ගෙන්වනවා කියලා. ඒ වගේම කොටින්ට, මිනීමරුවන්ට වන්දි ගෙවන වැඩපිළිවෙළක් තිබුණා. අපි පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු සටනක් කළා. මේ පාවාදීම්වල නිර්මාතෘවරු රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු මේ නිවට නඩයයි. එහෙම කරලා ඒ තත්ත්වය තුළ අපි යටත් වෙලා ඔළුව පාත් කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ස්වෛරි රාජ්‍යයක් හැටියට අපි ඒ පාවාදීමට එරෙහිව කරුණු කාරණා සහිතව නැගී සිටිනව ද කියලා අපි තීරණය කළ යුතුයි. ඒ නිසා මේ පාවාදීමට එරෙහිව නැගී සිටින්න ගෝඨාභයට වඩා හොඳ මනුස්සයෙක් තවත් කොයින්ද?
ප්‍රශ්නය:- ඔබට අනුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරු විය හැකිද?
පිළිතුර:- අපිට අයිතියක් නෑ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ගැන කතා කරන්න. හැබැයි අපි එක ඉල්ලීමක් කරනවා. තෝරලා, බේරලා, මිරිකලා, ෆිල්ටර් කරලා දෙන්න පුළුවන් හොඳම එකා අපට දෙන්න කරුණාකරලා. එච්චරයි අපි කියන්නේ?
ප්‍රශ්නය:- 2015 පෙරැළියට දායක වුණු බොහෝ සිවිල් සමාජ සංවිධානවල සහයෝගය ඇතිව ජවිපෙ අනුර කුමාරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා.
පිළිතුර:- ඔව්. මම දැක්කා. පළාත් පාලන මැතිවරණයේදීත් ඔය සිවිල් සංවිධානවල අය තමයි ජවිපෙ වේදිකාවේ වැඩියෙන්ම හිටියේ. හැබැයි ලක්ෂ පහයි-හයයිනේ. එච්චරයි.
ප්‍රශ්නය:- ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින තීන්දුයි. මොනවද තබා තිබෙන බලාපොරොත්තු?
පිළිතුර:- ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. මේ වෙනකොට යහපාලන ආණ්ඩුවේ අය ගිහින් තහඩු බෙදනවා. සිමෙන්ති බෙදනවා. වැසිකිළි හදලා දෙනවා. පුදුමාකාර අනුකම්පාවක් දක්වන්නේ. මේ රටේ මිනිස්සු ඒ ගැන හොඳට දන්නවා. අවුරුදු පහයි නම් තමන්ගේ කාලසීමාව අවුරුදු හතරක්ම ජනතාව නොමරා මරවලා බෙල්ල හිර කරලා නන්නත්තාර කරනවා. කොයි ප්‍රජාවද අද මේ රටේ සතුටෙන් ඉන්නේ? කෘෂිකර්මය ගන්න. පොහොර සහනාධාරය අපේ ආණ්ඩුව ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මොකක්ද වුණේ? රනිල් වික්‍රමසිංහ බලයට ඇවිත් අතිරික්ත වී මත්තල ගුවන් තොටුපොළේ ගිහින් දැම්මා. ආඩම්බරයෙන් පසුව කියනවා ‘මම පාකිස්ථානයේ අගමැතිට කතා කරලා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගෙනත් දෙනවා.’ කියලා. මොනතරම් විලිලැජ්ජා නැති වැඩක්ද? පළමු වතාවට තමන්ගේ ප්‍රධාන ආහාරයෙන් ස්වයංපෝෂිත වෙච්ච රටකට පිටරටින් ඒ ආහාරය ගේන්න වුණා. පළමු අයවැයේදී කිව්වා වීවලට රුපියල් 50 ක සහතික මිලක්, රබර්වලට රුපියල් 400 ක මිලක්. තේවලට රුපියල් 90 ක මිලක් ගොවි පුතෙක් රජ කරල ඉන්න වෙලාවේ පොහොර සහනාධාරය අඛණ්ඩවම දෙනවා කිව්වා. සමෘද්ධිය සීයට තුන්සියයකින් වැඩ කරනවා කිව්වා. නංගිලාට මල්ලිලාට පුංචි කාර් දෙනවා කිව්වා. ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා. ලක්ෂ 10 කට රස්සා දීලා මාස 60 න් අලුත් රටක් හදනවා කිව්වා. මෙහෙම එකක් පසුපස එකක් බොරු කියලා බලයට ආපු මේ අය හදපු රට මොකක්ද? අයිස්ක්‍රීම්වලට වස මිශ්‍ර කරලා දරුවන්ට කවලා ඒ දරුවන්වත් මරාගෙන මැරෙන රටක් තමයි හැදුවේ. ඒ නිසා ඉර හඳ ගෙනත් දෙනවා කිව්වත් ජනතාව නැවත රැවටෙන්නේ නෑ. ඇල්පිටියෙන් ඒක ඉතාම හොඳට පෙනේවි.
ප්‍රශ්නය:- ඇල්පිටිය මැතිවරණය ජනාධිපතිවරණයේ සාම්පල් එකක් වේවි කියලා තමයි විශ්වාස කරන්නේ?
පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. ඇල්පිටිය සාම්පල් එකක් තමයි. මේ අය කියනවනේ ගෝඨාභයට සුළු ජාතික ඡන්ද නෑ. සුමන්තිරන් අපට පොරොන්දු වෙලා තියෙනවා දෙමළ ඡන්ද මල්ල අපට ගෙනත් දෙනවා කියලා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඇල්පිටියෙ මුස්ලිම් ජනතාව ඉන්නවා. පල්ලි තුන හතරක් තියෙනවා. දෙමළ ජනතාව ඉන්නවා. දෙමළ ගම්මාන දෙක තුනක්ම තියෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්