කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත ඇමැති
වෛද්‍ය රමේෂ් පතිරණ
පසුගිය වසර පහක කාලය තුළ මැති ඇමැතිවරුන් කිසි කෙනෙකුට වාහන ගෙන්වලා නෑ. ඒ ගණනත් ඉවත් කළොත් මැති ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩල සමඟ ඔවුන්ගේ වේතන ඇතුළු සියලු දේට වැයවන මුදල රුපියල් බිලියන 2 ක් 3 ක් අතර මුදලක්.
රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ කළ සාකච්ඡාවකි.
?රට කොතැනටද යමින් තිබෙන්නේ? මේ යන ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර:- වසර දෙක හමාරක් තිස්සේ බිඳවැටුණ ආර්ථිකයෙන් අපේ රටේ ජනතාව ගොඩක් පීඩාවට පත්වුණා. ගෝලීය තත්ත්වයක් වුණත් එහි බලපෑම අපේ රටට වැඩිපුර දැනුණා. අපේ වියදම් අඩු කිරීමේ කටයුතු නිසා යම් මට්ටමකට ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අවශ්‍යයි. අන්තර්කාලීන වශයෙන් ජනතාවට ලබා දිය හැකි සහන ලබා දෙමින් ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ ක්‍රියාවලියයි මේ සිද්ධ වෙන්නේ. මීට පෙරත් මෙවැනි අර්බුදවලට රට මුහුණ දීලා තියෙනවා. මේ තත්ත්වයෙන් ඉතාම ඉක්මනින් නැගී සිටීමට අපට හැකිවේවි කියලා විශ්වාස කරනවා.
?ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ අයිඑම්එෆ් ණය අනුමානයි කියලයි. මොකක්ද ඒකේ අලුත්ම තත්ත්වය?
පිළිතුර:- මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදීත් චීනය සමඟ ද්විපාර්ශ්වික එකඟතාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡා කළා. ඉතින් අපි හිතනවා. අපට මෙතැන තියෙන අවාසිදායක කාරණය තමයි චීනය මේ වෙනුවෙන් එකඟතාව පළ නොකිරීම. ඒ හැරෙන්න අනෙකුත් බහුවිධ ආයතන එකඟතාව පළ කරලා තියෙනවා. යුරෝපය ඇතුළු රටවල් අපි ගත්ත ණය වෙනුවෙන් සහන දෙන්න එකඟතාව පළ කරලා තියෙනවා. චීනය සහ ඉන්දියාව තමයි තාම එකඟතාව පළ කරල නැත්තේ. හැබැයි ඉන්දීය විදේශ ඇමැති ජයෂංකර් මැතිතුමා බොහොම පැහැදිළිව කිව්වා ‘ඉන්දියාව ඒ වෙනුවෙන් සහනය ලබා දෙන්න කැපවී සිටින බව’. කිසියම් කාලයක් චීනය ගන්නවා එකඟතාවකට ඒමට. අපි විශ්වාස කරනවා අපේ දිගුකාලීන මිත්‍රයෙක් හැටියට චීනය මේ කටයුත්තට උදව් කරයි කියලා. එහෙම වුණොත් අපිට ජනවාරි මාසයේදී අධ්‍යක්ෂ මණ්ඩලයෙ අනුමැතිය ලබාගන්න පුළුවන් වේවි.
ඇත්තටම 77 න් පස්සේ විවෘත ආර්ථිකයක් තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ සම්බන්ධයෙන් මට ඒ ගැන යම් විවේචනයක් තියෙනවා. මේ රටේ කර්මාන්ත දියුණු කරන්නේ නැතිව කර්මාන්ත සම්බන්ධයෙන් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකර මේ රට දියුණු කරන්න බෑ. විවෘත වෙළෙඳෙපාළ ආර්ථිකයක් ඇතුළේ අඩු මිලට නිෂ්පාදනය කරන බඩු භාණ්ඩ මේ රටේ සුලභ කළොත් දේශීය කර්මාන්තකරුවා නගා සිටුවන්න පුළුවන්.
?ඔබ කිව්වා වියදම් අඩු කරලා තියෙන්නේ කියලා. නමුත් ආරංචි වෙන්නේ කැබිනට් එක තව ලොකු කරන්න යනවා කියලයි?
පිළිතුර:- මම ඒ සම්බන්ධයෙන් නිශ්චිතව දන්නේ නෑ. හැබැයි පසුගිය වසර පහක කාලය තුළ මැති ඇමැතිවරුන් කිසි කෙනෙකුට වාහන ගෙන්වලා නෑ. ඒ ගණනත් ඉවත් කළොත් මැති ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩල සමඟ ඔවුන්ගේ වේතන ඇතුළු සියලු දේට වැයවන මුදල රුපියල් බිලියන 2 ක් 3 ක් අතර මුදලක්. ඒක රාජ්‍ය වියදමත් එක්ක ගත්තට පස්සේ ඉතා සුළු කොටසක් බව ඉතා පැහැදිලි කාරණයක්.
?රාජ්‍ය ඇමැතිවරුන් ඇමැති වැටුප ගන්නේ නෑ කිව්වට ඉන්ධන දීමනා ඇතුළු අනෙකුත් දීමනා හරහා අතිවිශාල මුදලක් හිමිකර ගන්නවා?
පිළිතුර:- වාහනවලට ඉන්ධන ලබාදෙනවා. ඒක අසත්‍යයක් නොවෙයි. වැටුප නොගන්නා කාරණය ගත්තොත් ඇමැතිවරුන්ගේ වැටුප රාජ්‍ය ඇමැතිවරුන් ගත්තේ නෑ. නමුත් ඉන්ධන ලබාදීමේ කාරණය සත්‍යයක්.
?වෙනස්වන අමාත්‍යාංශ අතර ඔබ හොබවපු අමාත්‍යාංශ දෙකත් තියෙන බව කියැවෙනවා. මොනවද ඒ ගැන තියෙන ආරංචි?
පිළිතුර:- ඇත්තටම මට ඒ පිළිබඳව වාර්තා වෙලා නෑ. ඉතාම අභියෝගාත්මක කාලයක ලැබුණු වගකීම් මම ඉතාම ඉහළින් හා හොඳින් ඉෂ්ට සිද්ධ කළා කියලා මම විශ්වාස කරනවා. පොහොර අර්බුදය නිසා වැවිලි කර්මාන්තය විශාල අභියෝගයට ලක්වුණා. නමුත් ඔබට කිවයුතු කාරණය තමයි මේ අර්බුද මැද ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් වාර්තා කළා. 2021 වසරේදී ඩොලර් බිලියන 3.8 ක් වාර්තා කළා. මේ අවුරුද්දේදි ඩොලර් බිලියන 3 ත් 4ත් අතර ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල හතරවැනි කාර්තුවේදී ආර්ථික අපගමනයක් තියෙන මොහොතේදී තේ, පොල්, රබර් ඇතුළු අපේ වැවිලිවලට ලෝක වෙළෙඳපොළේ ඉල්ලුම අඩුවෙලා තියෙනවා. ඒක අපේ වරදක් නොවෙයි. ලෝකයේ ආර්ථික අපගමනයක් තියෙන නිසයි එහෙම වුණේ. ඒ හැරෙන්නට නිෂ්පාදනයේදී යම් අඩුවීමක් තිබුණාට පොල්වලදී අපිට ඓතිහාසිකව ඵලදාව ලැබුණේ ගිය අවුරුද්දේදි. පොල් ගෙඩි බිලියන 3.3 ක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. කුරුඳු නිෂ්පාදනයත් වැඩිවෙලා තියෙනවා. රබර් වලිනුත් ඓතිහාසික මුදලක් අපට ලැබුණා. ඒ තත්ත්වය මේ අවුරුද්දේදිත් අඛණ්ඩව ඉදිරියට යනවා. නමුත් ලෝකයෙන් ලැබෙන ඇණවුම් අඩුවීම් නිසා යම් පමණක මන්දගාමීත්වයක් අවසන් කාර්තුවේදී වාර්තා වෙලා තියෙනවා. නමුත් ප්‍රතිලාභ ජනතාවට හොඳට ලැබෙනවා. හොඳම උදාහරණය තමයි 2019 වසරේදී සාමාන්‍යයෙන් පහතරට තේ දලු කිලෝවකට තිබුණ මිල දලු කිලෝවකට රුපියල් 85 ක් 90 ක් අතර. එය ලංකා ඉතිහාසයේ වැඩිම වාර්තාගත මිල වන රුපියල් 350 ත් ඉක්මවා ගියා. ඇත්තටම දැන් රුපියල් 250 ක් 300 ක් අතර මුදලක රැඳිලා තියෙනවා. රජයට සම්බන්ධ කලුබෝවිටියන තේ සමාගම තේ දලු කිලෝවකට රුපියල් 435 ක මුදලක් ලබා දුන්නා. ඒක සියයට 350 ක 400 ක වැඩිවීමක්. දලු හිමියන්ට ඒ වාසිය සෘජුව ලැබුණා. අනෙකුත් වැවිලි කර්මාන්තකරුවන්ටත් ඉතාම හොඳ ආදායමක් ලැබුණා.
?ඔබ කියන්නේ ඒ නිසා අමාත්‍යාංශය වෙනස් වෙන්නේ නෑ කියලද?
පිළිතුර:- නෑ නෑ මම කිව්වේ මොන වගකීම පැවරුවත් හැකි උපරිමයෙන් කරන්න මට හැකියාව තියෙනවා කියලයි
දේශපාලන මතවාද විවිධ විදියට මේ කාලේ පළවෙනවා. අපිත් ඒවා ගැන සාකච්ඡා කරමින් කල්පනා කරමින් ඉන්නේ. නමුත් අවසන් වශයෙන් ගත් තීරණයක් නෑ. අපි මේ මොහොතේ බලන්න ඕනෑ රට දෙසයි. ඒ නිසයි ජනාධිපතිතුමා කිව්වේ පක්ෂ වෙනස්කම පසෙකලා රට වෙනුවෙන් එක්වෙමු කියලා. මේ මොහොතේ දේශපාලනය කරනවාට වඩා රටට ආර්ථික සමාජයීය නවෝදයක් ළඟා කර දිය යුතුයි. ඒ නිසා අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ ඒ ගැනයි.
?ඔබ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළත් ජනතාව ජීවත් වෙන්නේ නොමැරී මැරෙමින්. ජනතාව මේ ශාපයෙන් ගලවා ගන්නේ කවදද?
පිළිතුර:- 1977 න් පසු අපි දාපු විවෘත ආර්ථික රටාව තුළ අපට පෞද්ගලිකවත් රටටත් දරාගත නොහැකි පරිභෝජන රටාවකට යොමුවුණා. අතිශය බහුතරයක් පිටරටින් ගෙන්වන ඒවා තමයි කන්න පුරුදුවෙලා ඉන්නේ. අපිට ගේන සීනි, තිරිඟු පිටි, පිටි, ඩීසල් වාහන ඉලෙක්ට්‍රොනික උපකරණ, බෙහෙත් හේත්, පොහොර ඇතුළු මේ හැම දෙයක්ම පිටරටින් ගෙන්වන්නේ දීර්ඝ කාලයක් එහෙම එනකොට අපිට ඒවා කරන්න වුණේ විදේශ ණය අරගෙන. අපේ අපනයන ආදායම අපේ ආනයන වියදමෙන් බාගයකට ද අඩුවෙන් තිබුණේ. මේ තත්ත්වය කළමනාකරණය කරන්න බැරි බව දැනගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වූ වහාම දේශීය ආර්ථිකයක් වෙනුවෙන් අවශ්‍ය පදනම දැම්මේ. වාහන ගෙන්වීම නතර කළේ වගේම කහ ඉඟුරු පිටරටින් ගෙන්වීම නතර කරලා මේ රටේ වවන්න පුළුවන් දේවල් හරි වවන්න සූදානම් කළේ.
?නමුත් ඒ කාලයේදී තමයි මේ රටේ ගොවිතැන නැත්තටම නැති වුණේ?
පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒක පටන් ගත්තේ යහපත් හැඟීමෙන්. නමුත් කොවිඩ් වසංගතයත් එක්ක ඒක සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. ආර්ථික අර්බුදයත් සමග මේක බරපතළ ලෙස බිඳ වැටුණා. ඉතින් අපි දැනගත යුතු කාරණා. අදටත් අපේ ආර්ථීකය ඉදිරි වසරක කාලය තුළදී යහපත් වුණත් අපි අනවශ්‍ය දේට වියදම් කරන්න හොඳ නෑ. උදාහරණයක් හැටියට අපි වසරකට මිලියන 2 ක 3 ක වාහන පිටරටින් ගෙන්වලා තියෙනවා. අපේ රටට මොකටද මෙච්චර වාහන? මේ රටට එවැනි වාහන කන්දරාවක් අවශ්‍ය නෑනේ. හැබැයි මේ ආර්ථික අර්බුදය අමතක වුණාම අපි නැවතත් පරණ පුරුදු ජීවන රටාවන්ට යොමුවෙයි. එහෙම නැතිව අරපිරිමැස්මෙන් ජීවත්වීමට අවශ්‍යයි. පුද්ගලයන් හැටියටත් රට හැටියටත් එහෙම කළේ නැත්නම් අනාගතය අඳුරු වෙනවා. අපේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගෙන අපනයනය දිරිමත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙම නැත්නම් අපට ඉදිරි ගමනක් නෑ.
?සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා ජනාධිපති රනිල් කියනවා ‘පෙබරවාරි 4 ට කලින් විසඳුමක් දිය යුතුයි’ කියලා. මේ යන්නේ ෆෙඩරල් දෙන්න කියලා සමහරු කියනවා?
පිළිතුර:- එතුමා ජාතීන් අතර සමගිය හා සමානාත්මතාව සම්බන්ධ කාරණය ඉස්මතු කරන්නේ නිදහස් ශ්‍රී ලංකාව තුළ අපට බලපාන බරපතළම අභියෝගය වූ ජාතීන් අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය සමහන් කරන්නයි’ තිස්වසරක යුද්ධය වෙනුවෙන් ගෙවිය යුතු මිල ඉතා අධික වෙලා තියෙනවා. ඒකට විසඳුමක් දෙනවා කිව්වට සමානාත්මතාවය ඇති කරනවා කිව්වට ඒකෙන් ෆෙඩරල් එකක් ගැන කතා වෙන්නේ නෑ. ඒකට හේතුව දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. ඒක විශාල කාරණයක් ඒක ගැන කිසිම කතාවක් වෙලත් නෑ. අපට කළ හැකි කාරණය වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ උපරිම බලය බෙදීමක් කිරීම හා රටේ ආර්ථික සමාජ සමානාත්මතාවය ඇති කිරීමයි. 1977 න් පස්සේ මේ වාර්ගික අර්බුදය තියුණු වෙන්න උතුරේ තිබුණ ස්වයංපෝෂිත ආර්ථිකය බිඳ වැටීමත් හේතු වුණා. ජනතා විරෝධය එමගින් ඇතිවුණා. මේ සම්බන්ධයෙන් සංවාදයක් අවශ්‍යයි. සිංහල ජනතාව වගේම දෙමළ හා මුස්ලිම් ජනතාවත් සතුටෙන් ජීවත් වීමට අවශ්‍යයි. තමන් අනාරක්ෂිතයි කියන හැඟීමක් ඔවුන් තුළ තියෙනවා නම් ඒවා ඉවත් කළ යුතුයි. අපි 21 වැනි සියවසේ ජීවත්වන ජනතාවක් බව සියලු දෙනාම තේරුම් ගන්න අවශ්‍යයි.
?මොන උප්පරවැට්ටියක් දාලා හරි පළාත් පාලන ඡන්දය කල්දාගන්න ආණ්ඩුව උත්සාහ කරනවා කියලත් කියනවා?
පිළිතුර:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි එවැනි ඉල්ලීමක් කරලා නෑ. මැතිවරණයකට ඉදිරිපත් වීමටම සංවිධානය වී සිටිය යුතුයි කියන මතයේ පක්ෂයේ සියලු දෙනා ඉන්නවා. ඒ නිසා පක්ෂයක් හැටියට ඔය ඔබ කියපු තැන අපි නෑ. රටේ ආර්ථික තත්ත්වය ආරක්ෂක තත්ත්වය ගැන විවිධ මත පැවසෙනවා. නමුත් පක්ෂයක් හැටියට හෝ පෞද්ගලිකව අපි එතැන නෑ.
?පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් කියනවා ‘යූඑන්පියත් එක්ක සන්ධානගත වෙනවා’ කියලා?
පිළිතුර:- දේශපාලන මතවාද විවිධ විදියට මේ කාලේ පළවෙනවා. අපිත් ඒවා ගැන සාකච්ඡා කරමින් කල්පනා කරමින් ඉන්නේ. නමුත් අවසන් වශයෙන් ගත් තීරණයක් නෑ. අපි මේ මොහොතේ බලන්න ඕනෑ රට දෙසයි. ඒ නිසයි ජනාධිපතිතුමා කිව්වේ පක්ෂ වෙනස්කම පසෙකලා රට වෙනුවෙන් එක්වෙමු කියලා. මේ මොහොතේ දේශපාලනය කරනවාට වඩා රටට ආර්ථික සමාජයීය නවෝදයක් ළඟා කර දිය යුතුයි. ඒ නිසා අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ ඒ ගැනයි.
ඉතාම අභියෝගාත්මක කාලයක ලැබුණු වගකීම් මම ඉතාම ඉහළින් හා හොඳින් ඉෂ්ට සිද්ධ කළා කියලා මම විශ්වාස කරනවා. පොහොර අර්බුදය නිසා වැවිලි කර්මාන්තය විශාල අභියෝගයට ලක්වුණා. නමුත් ඔබට කිවයුතු කාරණය තමයි මේ අර්බුද මැද ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් වාර්තා කළා. 2021 වසරේදී ඩොලර් බිලියන 3.8 ක් වාර්තා කළා. මේ අවුරුද්දේදි ඩොලර් බිලියන 3 ත් 4ත් අතර ලැබෙනවා.
?ජනාධිපති රනිල් ක්‍රියාත්මක කරන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්තිද? ඔහුගේ ප්‍රතිපත්තිද?
පිළිතුර:- ඇත්තටම 77 න් පස්සේ විවෘත ආර්ථිකයක් තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ සම්බන්ධයෙන් මට ඒ ගැන යම් විවේචනයක් තියෙනවා. මේ රටේ කර්මාන්ත දියුණු කරන්නේ නැතිව කර්මාන්ත සම්බන්ධයෙන් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකර මේ රට දියුණු කරන්න බෑ. විවෘත වෙළෙඳෙපාළ ආර්ථිකයක් ඇතුළේ අඩු මිලට නිෂ්පාදනය කරන බඩු භාණ්ඩ මේ රටේ සුලභ කළොත් දේශීය කර්මාන්තකරුවා නගා සිටුවන්න පුළුවන්.
?ඔබ කර්මාන්ත දියුණු කරන්න කතා කළාට පුත්තලමේ ඉල්මනයිට් නිධිය ඕස්ට්‍රේලියා සමාගමකට දෙන්න යනවා. ඒක තියෙන්නේ ඔබේ අමාත්‍යාංශය යටතේ?
පිළිතුර:- ඒක අසත්‍යයක්. ලංකාවේ ඛනිජ වැලි සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දෙන්නේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය. ඒක තියෙන්නේ පරිසර අමාත්‍යාංශය යටතේ. එහි තියෙනවා ලංකාවේ ඛනිජ ගවේෂණයට බලපත්‍රයක් ලබා දුන්නෙත් එම බලපත්‍රය ලබාගත් පුද්ගලයාව තමයි කැණීම් කරන්න අවසර දෙන්නේ කියල. එය ඛනිජ සම්පත් සියල්ලටම පොදු කාරණයක්. එතකොට ඔය ඔබ කියන සමාගමට ගවේෂණ බලපත්‍රයක් ලබාදීල තියෙනවා. ඔවුන් අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් සමාගමක්. ඔවුන් ලංකාවට ඇවිත් ආයෝජනයක් කළාට පස්සේ එහි ප්‍රතිලාභ ලබාගන්න සැරසෙනකොට ඒකට සම්බන්ධ කරුණු දෙකක් තියෙනවා. ඔවුන් නෛතික වශයෙන් ලංකාවේ රජයට බැඳිලා ඉන්නවා අදාළ පර්‌යේෂණ සමාගම ලබාගත් සමාගමට කැණීම් බලපත්‍රය ලබාදෙන්න. නමුත් ඒ බලපත්‍රය මෙතෙක් ලබා දීලා නෑ. දෙවැනි කාරණය තමයි එවැනි කැණීම් බලපත්‍රයක් ලබා දුන්නේ ඔවුන්ට අගය එකතු කිරීමේ ක්‍රමයක් රහිතව එම ඛනිජ වැලි රටින් අපනයනය කරන්න බෑ. මොකද හේතුව 2012 දී කැබිනට් තීන්දුවක් මගින් අගය එකතු නොකර ඛනිජ ද්‍රව්‍ය පිටරට යැවීම තහනම් කරලා තියෙනවා. ඒ නිසා දැනට එවැනි ලබා දීමක් කරලත් නෑ. එවැනි දෙයක් කරන්න නීතිමය අවකාශයක් රටේත් නෑ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්