(සුජිත් හේවාජුලිගේ )
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
විමල් වීරවංශ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තිබෙනවා නම් ඒවා අපි මේ වෙලාවේ යොදා ගන්න ඕන. මෙවැනි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට නොගන්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහන්න තමයි තියෙන්නේ.