ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකමි ටිල්වින් සිල්වා
කරළියට පැමිණ තිබෙන බටලන්ද පිළිබඳ මාතෘකාව ගැන මේ ප්‍රශ්න කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙනි.
Q ආපහු කරළියට ආපු බටලන්ද ගැන මොකක්ද අදහස...?
අපිට මේ වගේ දේවල් වලට වෙලාවක් තෝරන්න බෑනේ.මේ ප්රශ්නය ආපහු කරළියට ඇවිත් තියෙනවා.ඒක නිසා ආණ්ඩුවක් විදිහටත් පක්ෂයක් විදිහටත් අපි හිතනවා මේ ප්රශ්නය සම්බන්ධයෙන් නීතියෙන් කරන්න ඕනැ දේවල් කළ යුතුයි කියලා.අපේ රටේ, ලේවලින් වැහිච්ච ඉතිහාසයක් තියෙනවා.ඝාතන රැසක් සිදුවෙච්ච ඉතිහාසයක් තියෙනවා.ප්රජාතන්ත්රවාදය අකුළපු යුගයක් තිබුණා.ඒ කාලේ බටලන්ද විතරක් නෙවෙයි තිබුණේ, රට පුරාම වද කඳවුරු ගොඩක් තිබුණා.සමහර පක්ෂ තහනම් කිරීම් සිද්ධ වුණා.ඒ වගේ අපරාධ රැසක් සිදුවෙච්ච ඉතිහාසයක් අපේ රටේ තියෙනවා.මේ සියල්ල ගැන පරීක්ෂණ කළ යුතුයි.මේ ආණ්ඩුව ඇවිල්ල තවම මාස ගණනක් විතරයි.මාසෙන් දෙකෙන් ඔක්කොම දේවල් කරන්න බෑ. දැන් බටලන්ද ගැන මාතෘකාව කරළියට ඇවිත් තියෙන නිසා ඒ ගැන නීතිමය පියවර ගන්න එක හොඳයි කියල අපි හිතනවා
Q සමහරු අහනවා, අල්ජසීරා එකෙන් බටලන්න ගැන අදිනකන් මේ ආණ්ඩුවට ඒක ගැන මතක් වුණේ නැද්ද කියලා.දැන් ඒක දඩිබිඩි ගාලා පාර්ලිමේන්තුවේ ටේබල් කරලා පියවර ගන්නකම් මේ ආණ්ඩුවට ඒ ගැන ඇත්තටම අමතක වෙලාද තිබුණේ...?
එහෙම නෑ.අපි මීට කලිනුත් කිව්වා මේ රටේ වෙච්ච සමූහ ඝාතන, අපරාධ, වංචා දූෂණ ගැන පරීක්ෂණ කළ යුතුයි කියලා.අපිට ඒ දේ කරන්න නම් අපේ ආණ්ඩුවක් පිහිටුවලා රට ස්ථාවර කරලා මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න ටික විසඳලා ඉන්න ඕනැ.ඊට පස්සේ තමයි මේ වගේ ප්‍රශ්න වලට අත තියන්න වෙන්නේ.අයවැය කතාව තාම ඉවර නෑ.මූලික වශයෙන් කරන්න තියෙන වැඩ තව ගොඩක් තියෙනවා.ඒ ඔක්කොම අතරේ මේවා ගැනත් අපි නොසලකා හරින්නේ නෑ.දැන්
බටලන්ද ගැන ප්රශ්නය මතුවෙච්ච නිසා, ඒ මතු වෙච්ච ප්රශ්නය ආපහු යට ගහන්න ඕනැ නැති නිසා අපි ඒ ගැන දැන් සාකච්ඡාව පටන් අරන් තියෙන්නේ. ඉදිරියේදී ආණ්ඩුවක් විදිහට, පිළිවෙළකට, කලබලයක් නැතුව ඉතුරු විමර්ශන ටිකත් සිද්ධ කරනවා. බටලන්ද විතරක් නෙවෙයි, පහුගිය කාලෙ විමර්ශනය කරන්න තිබුණු තවත් සිද්ධි තියෙනවා.ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය වගේ ඒවා ගැනත් හොයන්න ඕනැ.මාධ්‍යවේදීන් ඝාතනය කරපුව, මාධ්‍ය ආයතන වලට ගිනි තියපු, බෝම්බ ගහපුවා ගැනත් හොයන්න ඕනැ.මේවා දවසින් දෙකෙන් දඩිබිඩියට හොයලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා සංකීර්ණ දේවල්. කාලයක් තිස්සේ ඇදි ඇදි ආපු ප්‍රශ්න.සමහර ඒවා තොරතුරු විකෘති කරපු දේවල්.මේව හරි පිළිවෙළට විමර්ශනය කරන්න ඕනැ.මේ ආණ්ඩුව ඒ ටික කරයි.ඒක නිසා ඒ ගැන කවුරුත් අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනැ නෑ.
Q දැන් සමහරු කියනවා 88/89 කාලෙ ජේ.වී.පී.එකෙන් කරපු ඝාතන ගැනත් මේ වගේම හොයන්න ඕනැ කියලා.කලබලයට පාර්ලිමේන්තුවේ සභාගත කළාට, බටලන්ද ජේ.වී. පී. එකට බැක්ෆයර් වෙයි කියලා හිතෙන්නේ නැද්ද...?
ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා.අපිට එරෙහිව මර්දනයත් ආවා.අපිත් ප්‍රතික්‍රියා දැක්වූවා.මේ සියලු දේ ගැන බටලන්ද කොමිෂන් වාර්තාවේ පැහැදිලිවම තියෙනවා.ඒ කොමිසම අපි දාපු එකකුත් නෙවෙයි.දැන් දඬුවම් කරන්න ඕනැ වින්දිතයන්ට නෙවෙයි.අපරාධකරුවන්ට.ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ, ජේ.ආර්ලගෙ, ප්‍රේමදාසලගෙ,රනිල් වික්‍රමසිංහලගෙ පීඩනයට මර්දනයට හසුවෙච්ච පක්ෂයක්.එක්තරා වෙලාවක ඒ පීඩනයට සහ මර්දනයට එරෙහිව අපිට අවි අතට ගන්න සිද්ධ වුණා.ඒ පසුබිම ඇතුළේ අපි අනුමත කරන්නේ නැති දේවලුත් තියෙනවා.අපි ඒක මීට කලිනුත් රටට කියලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය පටන් ගත්ත භීෂණය තමයි දිගටම ආවේ.එදා ඒ භීෂණයට සෘජුවම වගකිවයුතු පිරිස් අදත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා.සමහරු ජීවතුන් අතර නෑ.ඒ කොහොම වුණත් පරීක්ෂණයක් පවත්වන එකෙන් අපිට කිසි ප්‍රශ්නයක් නෑ.අපි කරලා තියෙන්නේ ප්‍රතික්‍රියා දක්වන එක පමණයි.ආත්ම ආරක්ෂාවට පෙරළා පහරදීමක් වුණොත් අධිකරණය පවා ඒක පිළිගන්නවා.
Q බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරුවට පස්සේ රනිල් වික්‍රමසිංහ ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කෙරුවා.ඒකෙදි ඔහු කියනවා, මේකෙන් ඔහුට කිසිම චෝදනාවක් නෑ. ඒ වගේම ඔහු මේක පිළිගන්නෙත් නෑ කියලා...
රනිල් වික්‍රමසිංහ දැන් වැඩේ මගාරින්න වගේ හදන්නේ.මුලින්ම අල්ජසීරා එකෙන් බටලන්ද ගැන අහද්දි, රනිල් දැන් ඔය කියන කතාව නෙවෙයි කිව්වේ.එතෙන්දි කිව්වේ මේක පාර්ලිමේන්තුවේ සභාගත කරලා නෑ කියලා.දැන් අපි ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරාම ඔහු කියනවා මේකට එයා සම්බන්ධ නෑ, මේකේ වැඩිපුර තියෙන්නේ ජේ.වී.පී. එක ගැන කියලා.ඒ වගේම කියනවා, වාර්තාවය ප්‍රතික්ෂේප කරනවලු.එතනම රනිල්ගේ කතාව පරස්පරයි.එයා ගැන මේකේ මොකුත්ම නැත්නම් එයා මොකටද මේක ප්‍රතික්ෂේප කරන්නෙ.බටලන්ද කොමිෂන් වාර්තාවට අනුවම තියෙනවා රනිල් වික්‍රමසිංහ මේකට සම්බන්ධයි කියලා.මේ ගැන නඩු විභාගයක් ගියොත් සාක්ෂි දෙන්න විශාල පිරිසක් දැන් සූදානමින් ඉන්නවා.ඒක නිසා දැන් රනිල්ට ගැලවීමක් නෑ.ඒක නිසා තමයි රනිල් දැන් මොනවා හරි කියලා ඇඟ බේරගෙන මේකෙන් ලිස්සල යන්න හදන්නේ.දැන් පිරිසක් කියනවා මොකටද ඔය පරණ දේවල් ඇදලා අරගන්නෙ කියලා.තව පිරිසක් කියනවා රනිල් වික්‍රමසිංහට මේකෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ, මේකත් ඔහේ ඇදි ඇදී යයි කියල.මේ කතා වුණත් පරස්පරයි.සමහරු කියනවා අපි රනිල්ගෙන් පළිගන්න හදනවා කියලා. තව සමහරු කියනවා අපි රනිල්ව බේරන්න හදනවා කියලා.නමුත් කරන්න හදන්නේ පරීක්ෂණය හරහා ඇත්ත රටට හෙළි කරන්න.ආණ්ඩුව නීතියට අනුව කරන්න පුළුවන් හැමදේම කරනවා.
Q 88/89 කාලෙ බටලන්ද කියන්නේ එක සිද්ධියක් විතරයි. අමතරව රට පුරාම නොයෙකුත් තැන්වල වධකාගාර තිබුණා.ඔබලව මර්දනය කරන්න ඝාතක කල්ලි බිහි වුණා.බටලන්දට ලඝු නොවී මේ සමස්තය ගැනම පරීක්ෂණ කරන්න අදහසක් නැද්ද...
-ඇත්තටම අපිට ඔය සමස්තයම ගැන හොයන්න අදහසක් තියෙනවා. බටලන්ද ගැන විශේෂයෙන් හොයන්න උනන්දුවුණේ චන්ද්‍රිකා කුමාරතුංග වගේ අය.ඒගොල්ලෝ ඒවා දේශපාලන උවමනා වෙනුවෙන් කරපුවා කියලා දැන් පැහැදිලියි.මේවට සම්බන්ධ වෙලා ඉන්නෙත් ඒගොල්ලන්ගේම යාළුවෝ නිසා වැඩේ අතඇරලා දැම්මා.ඒකනේ බටලන්දට කොමිසමක් දාලා වාර්තාවක් එළියට දාලා, පස්සේ ඒක පැත්තකින් තියලා නිකං හිටියේ.ඒ වෙලාවේ චන්ද්‍රිකා බලයට එන්න ඒක උපයෝගී කරගත්තා මිසක් ඇත්ත උවමනාවකට කරපු දෙයක් නෙවෙයි.අපි එහෙම කරන්නේ නෑ. අපිට සමාජ වගකීමක් තියලා මේ සමස්ත සිද්ධිය ගැනම ඇත්ත හෙළිදරව් කරගන්න.එදා ඒ භීෂණ සමයේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට රට පුරා පුද්ගලික වධකාගාර පවා තිබුණා. අපි මේවා ගැන හොයන්න ඕනෑ.ඊටත් කලින් අපේ පක්ෂය මර්දනය කරපු එක ගැන පවා, ඊට පස්සේ ඔවුන් ඒ හරහා මර්දනය ක්‍රියාත්මක කරපු හැටි ගැන හොයන්න ඕෑ.ඉතිහාසයේ මේ කතා සියල්ල ලියවෙන්න ඕනෑ. වැරදි ගැන පරීක්ෂණ කෙරෙන්නත් ඕනෑ.මේ ගැන ඇත්ත හෙළිදරව් කර ගැනීමේ ලොකුම වුවමනාව තියෙන්නේ අපිට.අනිත් අය ඇත්ත හෙළිදරව් වෙනවට බයයි.
Q චන්ද්‍රිකා කුමාරතුංග මැදිහත්වෙලා ගෙනාපු බටලන්ද කොමිසම පස්සේ එයාම යට ගැහුවා කියලා ඔබ කියනවා. යි ඔබලා චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩුවක් කරපු කාලෙ තිබුණේ නැද්ද ඕක ආපහු උඩට ගන්න....
අපි චන්ද්‍රිකා එක්ක පරිවාසයකට ගියේ නිශ්චිත කාරණයක් වෙනුවෙන්. ඒ උතුරේ ප්රශ්නය වෙනුවෙන්.ඒත් ඒ පරිවාස ආණ්ඩුවට පවතින්න පුළුවන් වුණේ අවුරුද්දක් විතරයි.ඒක නිසා ඒ කාලේ අපිට ඔය හැමදේ ගැනම අවධානය යොමු කරන්න ඉඩක් තිබුණේ නෑ.ඒ ගැන රටම හොඳට දන්නවා.
Q බැරි වෙලාවත් මොන යම් හේතුවක් නිසා හෝ ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව අවි අතට ගත්තොත්, ඔබලා කරන්නේ එදා ජේ.ආර්ලා, ප්‍රේමදාසලා, රනිල් වික්‍රමසිංහල කෙරුවා වගේ ඒ පිරිස මර්දනය කරන එකද එහෙම නැත්නම් ඔවුන්ට මෙත් වඩන එකද....?
ඇත්තටම ඔය ප්‍රශ්නෙම මනෝරාජිකයිනේ. කවුරුවත් ආණ්ඩුවකට එරෙහිව අවි ඔසවන්නේ නෑ, වෙන විදිහකට තමන්ට තියෙන ප්‍රශ්න බේරුම් කරගන්න පුළුවන්නම්. කවුරුහරි ආණ්ඩුවකට එරෙහිව අවි අතටට ගන්නේ තමන්ට තියෙන සටන් මාර්ග සියල්ල අවහිර කෙරුවට පස්සේ.අපි එහෙම ආණ්ඩුවක් නෙවෙයි. ප්රජාතන්ත්රවාදයට ඉඩ දීපු ආණ්ඩුවක් එක්ක ඕනැ දෙයක් කතාබහ කරලා විසඳුමකට එන්න පුළුවන්.මේක ජනතාව හදපු ආණ්ඩුව. ඉතින් ජනතාවගේ ආණ්ඩුවකට එරෙහිව ජනතාව අවි අතට ගන්නේ නෑ.ඒක නිසා ඔය ප්රශ්නය මේ ආණ්ඩුව සම්බන්ධයෙන් වලංගු එකක් නෙවෙයි.
සාකච්ඡා කළේ -
ප්‍රියන්ත කොඩිප්පිලි