(අංජුල මහික වීරරත්න)
”බි‍්‍රතාන්‍ය කිරීටයේ යටත් වැසියන් බවට බෙදී සිටි මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකිකයන් බවට පත් කළේ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා” යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පෙරේදා (22) වැනිදා පැවැසීය.
”සිංහලකම ගැන, දෙමළකම ගැන, මුස්ලිම්කම ගැන වෙන වෙනම ආඩම්බර වෙන අතර ශ්‍රී ලාංකිකයන් වීම ගැන පොදුවේ ආඩම්බර වන ආකාරය ඞී.එස්. ජාතියට ඉගැන්වූ බවද සිහිපත් කළ අග‍්‍රාමාත්‍යවරයා, ලබන වසරේ 70 වැනි නිදහස සමරන විට මීට වඩා ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කරන්නත්, ඊට අවශ්‍ය දේශපාලන විසඳුමදීමටත් බලාපොරොත්තු වන බව ද” කීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ඞී.එස්. සේනානායක 65 වැනි ගුණ සමරු උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගීවෙමිනි.
කොළඹ නිදහස් චතුරස‍්‍රයේ දී ගුණ සමරු උළෙල පැවැත්විණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක යන මහත්වරුන් ප‍්‍රමුඛ මැති ඇමතිවරුන් ඞී.එස්. සේනානායක පිළිරුවට මල් කළඹ තබා පුෂ්පෝපහාර දැක්වූහ.
කොළඹ මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා සහ කොළඹ මහනගර සභා විශේෂ කොමසාරිස් වී.කේ. අනුර යන මහත්වරු ප‍්‍රතිමාවට මල් මාලා පැලඳවූහ.
කොළඹ ඞී.එස්. සේනානායක විදුහලේ සිසුහු ඞී.එස්. ගුණ සමරු ගීතය ගායනා කළහ.
කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවැති ඞී.එස්. සේනානායක 65 වැනි ගුණ සමරු උත්සවය අමතමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
”ඞී.එස්. සේනානායක මැතිතුමන්ගේ ගුණ සමරු උත්සවය සංවිධානය කළ කතානායකතුමාට සහ සංවිධායක මඩුල්ලට මගේ ස්තූතිය පුද කරනවා. ජාතියේ පියාණන් වූ ඞී.එස්. සේනානායක මැතිතුමන්ගේ ජීවිතය කිසිවකුට අමතක කළ නොහැකියි.
එතුමාගේ ජීවිතය පිළිබඳව කතා කිරීම වැදගත් වනවා. එවැනි චරිතවලින් අප කවුරුන්ද යන්න වටහා ගත හැකියි. ඞී.එස්. සේනානායක මැතිතුමා රටට නිදහස ලබාදීමට ක‍්‍රියා කළා පමණක් නොව, රට එක්සේසත් කිරීමටත් ක‍්‍රියා කළා.
1815 වසරේ දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍ය පාලනයට නතු වුණා. වැඩවසම් රාජ්‍යයක්ව තිබූ උඩරට රාජ්‍යය ද සම්පූර්ණයෙන් නැති වී ගියා. එදා පටන් රටේ වැසියන් බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ කීකරු වැසියන් බවට පත් වුණා. කීකරු වැසියන් බවට පත්වුව ද මේ දූපතේ සිටි ජනතාවට පොදු අනන්‍යතාවක් තිබුණා.
එංගලන්තයේ වැසියන් ද එදා රජතුමාගේ හෝ රැජිණගේ හෝ කීකරු වැසියන් බවට පත් වුණා. ඒ හේතුවෙන් ඔවුන්ට ද ඒ අනන්‍යතාව සහ දේශපේ‍්‍රමීත්වය තිබුණා. ඒත් එදා බි‍්‍රතාන්‍ය කිරීටයේ පක්ෂපාතී වැසියන් ලෙස, සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියන් ලෙස වැඩ කටයුතු කළා.
එදා පහතරට සිංහල ජනතාව වෙනුවෙන් මහමුදලිතුමාත්, වාසලමුදලිවරුත් සිටියා. උඩරට සිංහල ජනතාව වෙනුවෙන් මහාදිකාරම්, දෙවනි අදිකාරම්, දිසාවේවරුන් සිටියා. දෙමළ ජනතාව වෙනුවෙන් අදිකාරම්වරුන් සහ මුල්ලියර්වරුන් සිටියා.
එදා අප පළමුව සටන් කළේ අභ්‍යන්තර පාලන බලය ගැනීමටයි. ඒ අනුව සර්වජන ඡුන්ද බලය ගත්තා. සර්වජන ඡුන්ද බලය ගත් අවස්ථාවේදී, පක්ෂය කැබිනට් ක‍්‍රමය නැති බව ඞී.එස්. සේනානායක මැතිතුමාට වැටහුණා. අප තේරීපත් වෙන්නේ පුද්ගලභාවය පදනම් කර ගනිමිනුයි. ඒ අනුව රටක් නිදහස්වීමට හෝ නිදහස ආරක්ෂා කර ගැනීමට හෝ හැකි වන්නේ නැහැ. දෙවැනි ලෝක යුද සමයේ ශ්‍රී ලංකාව නිදහස කරා අවතීරණය වෙමින් පවතින විට ඞී.එස්. සේනානායක මැතිතුමා අපට පොදු අනන්‍යතාවක් ලබා ගැනීම සඳහා කටයුතු කළා. ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවයි.
ශ්‍රී ලාංකිකයන් ලෙස කී පමණින් තමන්ගේ සිංහලකම නැති කරන්න යැයි පැවසුවේ නැහැ. ඒ පිළිබඳව ආඩම්බර විය යුතු බව පැවසුවා. එමෙන්ම ද්‍රවිඩකම, මුස්ලිම්කම නැති කරන්න කීවේ නැහැ. ඒ පිළිබඳව ආඩම්බර වෙන්නැයි එතුමා පැවසුවා.
සිංහල වුවත්, ද්‍රවිඩ වුවත්, මුස්ලිම් වුවත්, බර්ගර් වුවත් අප සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස කීමට හැකි විය යුතු බව එතුමා කියා සිටියා. එදා ඞී.එස්. සේනානායක මැතිතුමා කැපවී ක‍්‍රියා කළේ ඒ අනන්‍යතාව ඇති කිරීමටයි.
එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන අවස්ථාවේදී ඞී.එස්. සේනානායක මැතිතුමා පැවසුවේ නිදහස ලබනවා වගේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආරම්භ කරන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි. ඒ වගකීම ඉටු කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස අප බැඳී සිටිනවා.
එතුමා ජාතික ගීතයේ එන ”එක මවකගෙ දරු කැල” යන අදහසින් යුතුව කටයුතු කළා. ජාතික ධජයට දෙමළ, මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාව ඇතුළත් කිරීමට පියවර ගැනුණා. ඊට සියලූ දෙනාටම පොදු සංඥා ඇතුළත් කරමින් රට පාලනය කිරීමට පියවර ගත්තා.
ඞී.එස්. සේනානායක මැතිතුමාගේ අභාවයෙන් පසු වැඩිකල් නොගොස් රට ජාතිවාදයට, ආගම්වාදයට බෙදුණා. එයින් ගොඩ ඒමට අපට අවුරුදු 30-40ක් ගත වුණා.
1947 වර්ෂයේ එතුමා බෙදුම්වාදය නතර කළේ සිංහල, දෙමළ, මුස්ලිම් යන බේදයකින් තොරවයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් රට එක්සේසත් කළා.
ථෙරවාදී බුද්ධාගම, සිංහල සංස්කෘතිය, ඉතිහාසය පිළිබඳව අප ආඩම්බර විය යුතුයි. ඉන්දියාවේ ද්‍රවිඩ ජාතීන්ට වඩා වෙනස් සංස්කෘතියක් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්ට තිබෙනවා. ඒ පිළිබඳව ද ආඩම්බර විය යුතුයි.
එමෙන්ම හින්දු ආගම පිළිබඳව ද ආඩම්බර විය යුතුයි. මුස්ලිම්, ක‍්‍රිස්තියානි, බර්ගර් ජාතීන්ගේ අනන්‍යතාව පිළිබඳව ද ආඩම්බර විය යුතුයි. අවසානයේ අප සියලූ දෙනා ආඩම්බර වන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙනුයි.
ඞී.එස්. සේනානායක මැතිතුමා අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වූ අවස්ථාවේ දී විපක්ෂයේ සිටියේ සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයයි. එදා ඒ අය පවා ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිගත්තා. එදා තිබුණේ අද පවතින දේශපාලන වාතාවරණයට වඩා වෙනස් වාතාවරණයකුයි. විවිධ දේශපාලන කණ්ඩායම් සිටිය ද එදා ජාතිවාදය ඇති වූයේ නැහැ. යම් අවස්ථාවල දී ඉතා අමාරුවෙන් වුවද, ශ්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂා කරගෙන ඉදිරියට ගියා.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක කර ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාව තවත් ඉදිරියට ගෙනයාමටයි. දේශපාලන විසඳුමකට පැමිණ ලබන වසරේ 70 වැනි නිදහස් සැමරුම සමරන අවස්ථාවේදී මීටත් වඩා ඉහළින් ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීමට අප කටයුතු කළ යුතු යයි” ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
ඞී.එස්. සේනානායක ගුණ සමරු පදනමේ සභාපති කතානායක කරු ජයසූරිය මහතා,
”ඞී.එස් චරිතය ඉතා ඈත දුටු ජනතා නායකයෙකි. ගමේ මිනිසුන් සමඟ ගැමි ගතිය ආරක්ෂා කළ දුර්ලභ නායකයෙක්. 1946ට පෙර මෙරට ජාතීන් බෙදී ජීවත් වුණා. අවසානයේ මේ සියලූම කොටස් සමගි කොට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීමට හැකි වුණා.
අප පාර්ලිමේන්තුවේ 70 වැනි වසර සමරනවා. විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. නමුත් කෙසේ හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළා.
ඞී.එස්. ජාතික සමගිය, ලාංකික අනන්‍යතාව ගැන ඉතා ඉහළින් අගය කළා. පසුගිය වසරවල සිදුවූ කනගාටුදායක කරුණු නැවත නොවීමට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර අලූත් දැක්මකින් ඉදිරියට යායුතුයි. ඞී.එස්. දැක්ම වූයෙත් එයයි. ඞී.එස්. කියූ අනාවැකි අද සත්‍ය වෙමින් තිබෙනවා.
නිදහස ලබා ගැනීම සඳහා ඞී.එස්. විවිධ කැපකිරීම් කළා. ඒ නිසා ඔහු කිසිම දිනෙක අමතක කළ යුතු චරිතයක් නොවේ. ජාතියේ පියා සමරන විට ලොව සෑම රටක්ම විශේෂත්වයක් දක්වනවා. සියලූම මහජන නියෝජිතයන් ඞී.එස්. චරිතයෙන් පාඩම් උගෙන ගත යුතුව තිබෙනවා.”
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ,
”රටට නිදහස ලබාගැනීමට මූලිකත්වය ගත් නායකයන් අතර ඞී.එස්. සේනානායක මහතා ඉදිරියෙන්ම හිටියා. 1924 වසරේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන් මන්ත‍්‍රී ධුරයට පත් ඞී.එස්. උතුරු නැගෙනහිර ඇතුළු වනගත ප‍්‍රදේශ දියුණු කර ගොවිජනපද පිහිටුවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළා. එතුමාගේ ප‍්‍රතිමාව දකින විටම ඔහු කොතරම් ප‍්‍රතාපවත් චරිතයක් දැයි බාල පරපුරට අවබෝධ කරගත හැකියි. ඞී.එස්. සේනානායක මහතා දේශමාන්‍ය පමණක් හදවත් දිනාගත් වීර පුරුෂයෙකි. ඔහුගේ නිරහංකාර බව මා අත්දැක තිබෙනවා.
මා සාමණේර අවධියේ කොත් පැලඳවීමේ උත්සවයකට සහභාගී වුණා. එය සංවිධානය කළේ සර් ජෝන් කොතලාවල මහතායි. භික්ෂූන් වහන්සේලා අතර පසුපසින්ම වැඩම කළේ මමයි. මගේ පසුපසින් උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ඞී.එස්. සේනානායක මහතා පැමිණියා. මට එතුමාගේ මුහුණ බලන්න ආසාවක් ඇති වුණා. මං අමාරුවෙන් ඔළුව උස්සා එතුමාගේ මූණ බැලූවා. ඒ වෙලාවේ එතුමා හිනාවෙලා ‘මොකද පොඩි හාමුදුරුවනේ’ කියලා ආදරෙන් මගෙන් ඇසුවා.
ඞී.එස්. සේනානායක මහතා මෙරට නිකායාන්තර සමගිය ඇති කිරීම සඳහාද මහත් පරිශ‍්‍රමක් දැරුවා.
කැලෑබද ප‍්‍රදේශවලට ගොස් ගොවි ජනපද පිහිටුවන්නට ඔහු කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකියි. ඒ ගම්වලට එදා නම් පවා තිබුණේ නැහැ. නම් දැම්මෙත් ඞී.එස්. සේනානායක මහතායි. ඒ නම් දැම්මේ පොත පත බලා, ශබ්දකෝෂ බලා නොවේ.
මේ ගමට කියන නම මොකක්ද කියලා සේනානායක මහත්තයා මිනිසුන්ගෙන් අහනවා. නමක් නෑ හමුදුරුවනේ කියලා මිනිස්සු කියනවා. ඞී.එස්. ඒ අවට බලනවා. කැඞී නටබුන් වූ බුදු පිළිම යායයක් ඔහුට පෙනෙනවා. ඒ ගමට බුද්ධයාය කියන නම තියනවා.
තවත් ගමකට ගිහින් මිනිසුන්ගෙන් ගමේ නම අහනවා. නමක් නැති බව ජනතාව කියනවා. අසලින් ගලන දිය පාරක් දැක එහි නම අහනවා. ‘ඔය දියපාර තමයි ගමට තියන එකම පින’ ගැමි ජනතාව කියනවා. එහෙනම් ගමට ‘පින් පාර’ නම දමමු. ඞී.එස්. තීරණය කරනවා.
කැඩුණු පන්සල්වලින් පිරුණු ගමකට පන්සල් ගොඩැල්ල යන නම තියපු හැටි අප අසා තිබෙනවා.
ඞී.එස්. සේනානායක මහතාට කුඩා කල සිට පුදුම ශක්තියක් තිබූ බව අප අසා තිබෙනවා. පාසල් ගොස් එන අතර දුවන දුම්රියෙන් බිමට පනින බවට එදා ගැමියන් කියනවා. අගමැති වූ පසුවත් මසකට වරක්වත් මීරිගම ගොස් ගැමියන්ට සුරුට්ටු මිටි ආදිය තෑගි කළ බව අසා තිබෙනවා.
එතුමා ගත කළේ චාම් අල්පේච්ඡ ජීවිතයක්. කවර තනතුරක් දැරුවද හදවත උණුවන පුද්ගලයෙක්. රට යටත්විජිතයෙන් මුදාගත් අයුරින් ම දුප්පත්කමින්ද ගලවා ගත යුතුය යන අදහස එතුමාට තිබුණා” යැයි කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ පැවැසූහ.
ඞී.එස්. සේනානායක ගුණ සමරු පදනමේ ලේකම් ඉන්ද්‍ර දිසානායක මහතා පිළිගැනීමේ කතාව කළේය.