‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘


(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන්නේ සිලින්ඩරයට ඡන්දය ලබා දුන්නොත් පමණක් බවද සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දඹුල්ල ජන හමුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.