(නාලක සංජීව දහනායක,ඡායාරූප ගයාන් අමරසේකර)
දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය.
රාජ්‍ය සේවකයන් බියවැද්දීම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන බවත්, රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක් බවත් කී රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළදී රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කිරීමට ඉඩ දුන් බවත් සෑම විටම ඔවුන් ආරක්ෂා කළ බවත් සඳහන් කළේය.
බොරලැස්ගමුව, ගෝල්ඩන් රෝස් හෝටලයේ පෙරේදා (4) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙස්ද කීය.
සමහරු හිතාගෙන ඉන්නේ පොලීසියත් හිරගෙයත් තිබුණම රටක් පාලනය කළ හැකියි කියලයි. එහෙම රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා ඇමැතිගේ අනුමැතියක් නැතුව තීන්දු ගන්න අද රජයේ සේවකයන් බයයි. රාජ්‍ය සේවය බියවැද්දුවාම රට සංවර්ධනය වෙන එක එහෙමපිටින්ම නතර වෙනවා. මේ වන විට රජයේ සේවකයෝ දෙදහසකට වැඩි පිරිසකගෙන් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරල. රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක්. දේශපාලනඥයන් හිරේ ගියාට කමක් නැහැ.
රටේ වෙන දේවල් ගැන පාලකයන් දැනගෙන ඉන්න ඕන. ජනතාවට පොරොන්දු දීලා සමයංටයි, ලොක්කෙටයි එකතුවෙලත් ආණ්ඩුකරන්න පුළුවන්. රටේ වෙන සිදුවීම් පත්තරවලින් දැනගන්න පාලකයන් වැඩක් නැහැ. රාජ්‍ය සේවකයන් කරන දේවල් වැරදි දේවල් නොවෙයි. අපි එදා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න නිදහස දුන්නා. අපේ කාලේ අපි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළා.
මට මතකයි තරුණයන් හමුදාවට බෙදන්න අදිමදි කළ යුගයක් තිබුණා. ඒ නිසා රට රකින්න හමුදා සේවයට බැඳෙන්න කියලා මම තරුණයන්ට ආයාචනය කළා. ඒ අනුව යෝෂිත කිව්වා එයාටත් හමුදාවට බෙදන්න ඕන කියලා. රටවෙනුවෙන් හමුදාවට බැඳෙන්න කියලා රටේ දරුවන්ගෙන් ඉල්ලීම් කරල මට මගේ දරුවව ගෙදර තියාගෙන ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා මම යෝෂිතට හමුදාවට බෙදන්න ඉඩ දුන්නා. මැරෙන්න මොන සුදුසුකම් ද? ඒත් එදා සමහරු යෝෂිතගේ සුදුසුකම් ගැන ඇහුවා.
අපි එදා යුද්ධය මෙහෙයවද්දී මේ රටෙන් වගේම විදේශයන්ගෙනුත් නොයෙකුත් බලපෑම් ආවා. ඒත් අපි එදා ඒවාට මුහුණ දුන්නා. රට ලබාගත් ජයග‍්‍රහණ ආපසු හරවන්න දෙන්න බැහැ. රට කෑලිවලට කඩන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
දේශපාලනඥයන්ට විතරක් මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් වෙන්න ඕන. එවිට දියුණු රටක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා යැයි පැවසීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
අපේ රටේ උගත් බුද්ධිමත් සියලූම දෙනාම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන සියලූම දෙනා දේශපාලනයට සම්බන්ධ විය යුතු බව අපි විශ්වාසකරන්නේ නැහැ. පසුගිය වසර නවයේදී අපි යම් ප‍්‍රමාණයකට මේ දේවල් ක‍්‍රියාත්මක කළා. මගේ අමාත්‍යාංශය තුළ වැඩකිරීමේදී විද්වතුන්ගේ අදහස්වලට ඉඩ දුන්නා. ඒ නිසා රටේ විශාල වෙනසක් කරීමට අපිට හැකියාව ලැබුණා. විද්වතුන්ගේ අදහස්වලට ඉඩනොදෙනවා නම් අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ. මේ රටේ රාජ්‍ය අංශය නොදකින දේවල් පුද්ගලික අංශය දකිනවා. ඇවන්ගාඞ් ව්‍යාපාරය ආරම්භ වුණේ එහෙමයි. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟම විදේශ විනිමය විශාල වශයෙන් අපේ රටේ ඉතුරුවුණා. අද ඔවුන්ගෙනුත් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරනවා.
අපේ රටේ තිබෙන නීති රීති අනුව තීරණ ගත්තත් නොගත්තත් හිරේ යනවා. මේ වගේ රාජ්‍ය තන්ත‍්‍රයක් තුළ රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. නිලධාරීන්ට තීරණ ගැනීමේ ශක්තිය දිය යුතුයි. විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ දැනුම ලබාගත්තේ නැත්නම් කවදාවත් අපිට නිර්මාණශීලී ගමනක් යන්න බැහැ. අද නිලධාරීන් තීරණ ගන්න බයයි. තීරණ ගන්න පුද්ගලයන්ට එරෙහිව විවිධ බාධාවන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ කාලේ මට හිතුණා දියත උයනේ මාර්ගවල ත‍්‍රීඞී චිත‍්‍ර අඳින්න ඕන කියලා. ඒ වැඬේ කරන්න නිලධාරීන් මට තරුණයකු හොයල දුන්නා. අපි තීන්ත අරන් දුන්නා. ඔහු ගාස්තු අයකිරීමකින් තොරව ඉතාම හොඳට මට ඒ වැඬේ කරලා දුන්නා. ඒ තරුණයාගෙන් පවා එෆ්.සී.අයි.ඞී. ය ප‍්‍රශ්න කරලා.
යමක් කිරීමේදී තමන් කරන වැඬේ ඉහළ ප‍්‍රමිතියෙන් කරන්නත් ඕන. විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේදී නිලධාරීන්ට නිර්මාණශීලීව වැඩ කරන්න ඉඩ දෙන්න ඕන. අලූතෙන් හිතන්න දෙන්න ඕන. නීති රීතිවලින් ඔවුන්ව බැඳ තැබීම සුදුසු නැහැ. හොඳම උදාහරණය තමයි ෂැංග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අයෝජකයන් ඉල්ලා සිටියේ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියයි. නමුත් ඒ භූමිය ලබාදීම මට ප‍්‍රශ්නයක් වුණා. යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකරන්න වසර ගණනාවකට පෙර ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා සැලසුමක් හදල තිබුණත් මුදල් නොමැති කමින් වසර ගණනාවක් ඒ ව්‍යාපෘතිය නතරවෙලා තිබුණා. ෂැංග‍්‍රිලා ව්‍යාපෘතියෙන් ලැබුණ මුදල් යොදවා අකුරේගොඩ ප‍්‍රදේශයේ යුද හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කළා. මේ වැඩ ටික කරන්න අපිට ගතවුණේ හරියටම සතියයි. ඒ නිසා ආයෝජනයට ඉතාම සුදුසු රට ලංකාව බව ෂැංග‍්‍රිලා ව්‍යාපාරයේ සභාපතිවරයා නිතරම කිව්වා.
යුද්ධයේදී රණවිරුවන්ගේ ඉදිරි ගමන නවත්වන්න නොයෙකුත් බාධකයන් ඉදිකර තිබුණා. ඒ කාලෙදි නිතරම අහන්න ලැබුණේ අගලක් හා බැම්මක් කියන වචන දෙකයි. මේ බාධක කඩාගෙන තමයි රණවිරුවන් ඉදිරියට ගමන් කළේ. තමන් තුවාල වෙන බව හෝ තමන් මැරෙන බව ඒ බාධක කඩාගෙන ඉදිරියට යන සෙබළා දන්නවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ රට යහපත් මාර්ගයකට ගෙන ඒමට ඔහු තමන්ගේ ජීවිතය පූජා කළා. යුද්ධයෙන් අතපය අහිමිවූ සෙබළුන් තවමත් මේ සමාජයේ ජීවත් වෙනවා.
අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන විද්වතුන්ට එකට එකතු වෙලා තමන්ගේ අදහස් බෙදා හදාගන්න තිබෙන අවස්ථා අඩුයි. අපි වියත්මඟ සංවිධානය බිහි කළේ ජීවත් වීමට සුදුසු රටක් සකස් කිරීමටයි. ඉදිරියේ බිහිවන රජයක තනතුරු ගන්න බලාපොරොත්තුවක් නැතැයිද පැවසීය.
විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවසීය.
අපිට උදේ ඉඳන් ? වෙනකම් ඇහෙන්නේ සංහිඳියාව කියන වචනයයි. අද මේ වචනය ගැන කතා කරන නායකයන්ට වඩා අපි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ රටේ විසිහත් වසරක් දරුණු යුද්ධයක් තිබුණා. අපි නිවැරැදි නායකත්වයක් යටතේ මේ යුද්ධය අවසන් කළා. ඒකට දැන් අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. අපි සටන්බිමේ ගහ ගත්තා. සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුළු මේ රටේ ජනතාව නිරන්තරයෙන්ම අපිට ආශීර්වාද කළා. මේ ජයග‍්‍රහණය ඒ සියල්ලන්ටම අයිතියි.
යුද්ධය පටන් ගත්ත කාලේ හමුදාවට බොහෝ පරාජයන් අත් වුණා. මම ජයග‍්‍රාහී යුද හමුදාව වගේම ඒ පරාජිත හමුදාවත් නියෝජනය කළා. නමුත් මේ රටේ ක‍්‍රියාත්මක වූ සිවුවන ඊළාම් යුද්ධය තමයි රටේ මහා පෙරළියක් කළේ. අපිට පතුරමේ සිට මිසයිලය දක්වා සියලූම දේවල් ලැබුණා. සෙබළුන්ගේ චිත්ත ශක්තිය වැඩි කළා. මාවිල්ආරු සිට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් අවසන් කරන තුරු යුද්ධයට ලැබුණ නායකත්වය ගැන මට කියන්න වචන නැහැ. ළ`ගදී එක නායකයෙක් කියලා තිබුණා එයා යුද්ධයෙන් සියයට අසූවක් ඉවර කළා කියලා. නමුත් ඒ කාලේදි හමුදාවට සියයට අසූවකට වඩා වැඩි දේවල් නැති වුණා.
යුද්ධයේදී රණවිරුවන් කළ කැපකිරීම අනන්තයි අප‍්‍රමාණයි. අප ලැබූ අපහාස හා උපහාසත් ඒ වගේමයි. යුද්ධය පැවැති අවසන් අවුරුදු දෙකයි මාස දහයක කාලයේදී නිලධාරීන් හා සෙබළුන් 5900ක් මිය ගියා. අවසන් වසර තුනේදී සෙබළුන් හා නිලධාරීන් 2900ක් තුවාල ලැබුවා. ඉන් 1000ක් පමණ බරපතළ තුවාල ලැබුවා. පොඞ්ඩක් හිතන්න වයස අවුරුදු 18දී යුද හමුදාවට බැඳුණ තරුණයෙක් අවුරුදු 20 දී අබාධිත තත්ත්වයට පත් වුණොත් ඉතිරි මුළු ජීවිත කාලයම ඔහු ඉන්නේ ඇඳක් උඩ. ඒ දරුවාව දකින වාරයක් වාරයක් පාසා ඔහුගේ දෙමාපියන් මැරි මැරී උපදිනවා. එහෙම කැප කිරීමක් කරල ලබාගත් ජයක් මේක.
2009 මැයි 19 වැනිදා උදේ 10.30 ට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් හා ඔහුගේ ත‍්‍රස්තවාදී සඟයන් මෙලොවින් තුරන් කිරීමත් සමඟම ත‍්‍රස්තවාදය මේ භූමියෙන් සියයට සියයක්ම තුරන් කරලා දැම්මා. අපි ත‍්‍රස්තවාදීන් 6000ක් අත්අඩංගුවට ගත්තා. තවත් ත‍්‍රස්තවාදීන් හයදහසක් සිවිල් වැසියන් අතර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා. මට මතක විදියට ත‍්‍රස්තවාදීන් 12,200ක් පුනරුත්ථාපනය කළා. ඔවුන් අද සිවිල් සමාජයේ අනෙකුත් සිවිල් වැසියන් සමඟ උරෙනුර ගැටෙමින් ජීවත් වෙනවා. ප‍්‍රභාකරන් මරාදාපු දවසේ ඉඳලා මේ රටේ බෝම්බ පිපුරුණේ නැහැ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා වාර්තා වුණේ නැහැ. පාතාලය හා එක එක්කෙනාගේ හෙංචයියන් තමයි බෝම්බ පිපිරුවේ, තුවක්කු පත්තු කළේ.
මම අත්දැකීම් සහිත නිලධාරියෙක්. බුද්ධි අංශය තමයි හමුදාවක විශාලතම සම්පත. අද බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා. දැන් රට යන තත්ත්වය එතරම් සුබ නැහැ. 2010 වසරේ සිට 2014 වසර දක්වා මහාවීර දිනයට පහනක් පත්තු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. රට බෙදන්න ක‍්‍රියාකළ ත‍්‍රස්තවාදීන් මහා වීරයන් වෙන්නේ කොහොමද?. නමුත් කියන්න කනගාටුයි 51 වැනි සේනාංකය ඉදිරිපිට මහාවීර දිනය සමරනකොට ඒ නිලධාරීන් ඔහේ බලාගෙන හිටියා. සාම්පූර් නාවික හමුදා කඳවුරේදී නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට බැණ වැදුණා. ඒ නාවික හමුදා නිලධාරියා එතැනදී කටයුතු කළේ සංහිඳියාව අනුවයි.
සිලාවතුර නාවුක හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනව කියන ප‍්‍රවෘත්තිය තමයි මම මගේ ජීවිතයේදී අහපු අමිහිරිම ප‍්‍රවෘත්තිය. එමෙන්ම අබාධිත සෙබළුන්ට කොළඹදී පහර දීම තමයි මම දැකපු හිරිකිතම දර්ශනය. අපි නිල ඇඳුම් ඇඳපු සොල්දාදුවෝ. තවමත් ඒ නිල ඇඳුමේ උණුසුම අපිට දැනෙනවා. මේව දකින කොට අපිට හරි කළකිරීමක් දැනෙනවා. අපි හදවතින් හඬාවැටෙනව.
ඊනියා සංහි`දියාවක් හදලා රට බෙදන්න සූදානම් වන විට ඒකට එරෙහිව නැඟී සිටීම අපේ යුතුකමක්. ඒක නූපන් පරපුරට අපි කරන ලොකුම මෙහෙවරක්. අපි ලබාගත් ජයග‍්‍රහණය පාවාදෙනවා නම් අපේ නම් දේශද්‍රෝහී ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් කරන්න ඕන. ඒ නිසා බලය බෙදීමෙන් රටට හානියක් වෙනවා නම් අපි නැඟී සිටිය යුතුයි. අද වන විට ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ ජීවත්වෙලා හිටිය නම් උන්වහන්සේත් අද ජාතිවාදී ලැයිස්තුවට ඇතුළත් වනවා යැයි පැවසීය.
ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.
වෙනස්වන ලෝකයේ අද වනවිට ලංකාව ස්ථානගතවී තිබෙන්නේ කොතැනද?. ලංකාව අසාර්ථක රාජ්‍යයක් බව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළා. මගේ ජීවිත කාලයේදී නම් ලංකාව එවැනි අවනම්බුවක් විඳ නැහැ. ලංකාවට ලෝකයේ ගෞරවනීය ස්ථාන හිමිවූ යුග තුනක් තිබුණා. පළමු යුගය තමයි 1956 සිට 1979 දක්වා වූ කාලය. දෙවැනි යුගය තමයි චන්ද්‍රිකා මැතිනිය යටතේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී ජාතික අවශ්‍යතාවන් අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගයයි.
ලංකාවට ලෝකයේ නම්බුකාර තත්ත්වයක් ස්ථාවරව පවත්වාගෙන යන්නේ කෙසේද. ලංකාව කුඩා දුපතක්. මේ භූගෝලීය පිහිටීම නිසාම අපේ දෛවය හුදු දේශීය සාධකවලින් නිර්මාණය වූවක් නොවෙයි. ජාතික හා ජාත්‍යන්තරය කියන සම්බන්ධතා අතර තිබෙන්නේ ඉතාම සියුම් පටලයක්. ජාත්‍යන්තරයට ජාතික වශයෙන් පිළිතුරු දෙන්න බැහැ. අපේ ජාතික අවශ්‍යතාවන්වලට ලෝකය යටකරන්න දෙන්න බැහැ. ලෝකයට අපිව යටකරන්න දෙන්නත් බැහැ.
මේ සමාජය ප‍්‍රබුද්ධ යැයි කියා සිතන පුද්ගලයන්ගේ දේශපේ‍්‍රමයක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර දැනුමට පිටුපාල, දුපත් මානසිකත්වයෙන් ඉන්නේ. අපි මේක වෙනස් කරන්න ඕන. මේ දේශපේ‍්‍රමය දියුණු දේශපේ‍්‍රමයක් වෙන්න ඕන. අපේ සංස්කෘතිය ලෝක සංස්කෘතියේ කොටසක් කරගන්න ඕන. අපේ ජාතිකත්වය ජාත්‍යන්තරයට පහදා දෙන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමය කියන්නේ. එහෙම ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමීන් ලංකාවේ ඉඳලා තියෙන බවද පැවසීය.
ආචාර්ය නාලක ගොඩහේවා, අරූන් තම්බි මුත්තු, නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ ශ්‍රීමාල් විජේසේකර, වෛද්‍ය සීතා අරඹේපොළ, ප‍්‍රවීණ කලාකරු සුදත් රෝහණ යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහත්වරුද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගම ධම්මරංසි හිමිවරුද කලාකරුවන් ඇතුළු වෘත්තිකයෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.