“මුළු රටේම සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් බලය බෙදාහැරීමේ වැඩසටහනක් සකස් කරමින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව”ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
“උතුරේ පැවති යුද්ධය හේතුවෙන් ගැටලු ගණනාවක් පැනනැගුණ ද බහුතරයක් ගැටලු විසඳන්න දැනටමත් පියවර ගෙන ඇති අතර, ඒ අනුව ඉඩම් යළි පවරාදීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කොමිසම් පත්කර අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම හරහා ඉතිරි ගැටලු සියල්ලම විසඳීමට කටයුතු කර ඇතැයි” ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වවුනියාව නගර සභා සංස්කෘතික ශාලාවේ පැවැති ව්‍යාපාරික, තරුණ හමුවේදී සහ මන්නාරම තාරාපුරම්හි පැවැති ජනහමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“යාපනයට යන අවස්ථාවේ මෙතැනට පැමිණ තරුණයින් හා ව්‍යාපාරිකයින් හමුවන්න කියා රවි කරුණානායක, රාජිත සේනාරත්න මහත්වරුන් මගෙන් ඉල්ලා සිටියා. ගියසතියේ අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ ප්‍රදේශයට පැමිණ ප්‍රසිද්ධ රැස්වීමක දීර්ඝ වශයෙන් අපේ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් දැක්වූවා. ඊට පසුව එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළා. රටේ නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී බලය බෙදාහැරීම ගැන ගන්නා පියවර එහි ඇතුළත් වනවා. ඒකීය රාජ්‍යක් තුළ මීට පෙර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ, කුමාරතුංග මහත්මියගේ කාලයේ සහ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ නිකුත් කළ වාර්තා තුළින් සුදුසු කොටස් සාකච්ඡා කර ඇතුළු කරන බව එහි දැක්වෙනවා. හැමකෙනාම සහභාගී වී වැඩ කරමු.
විශේෂයෙන්ම වවුනියාව වැනි ප්‍රදේශයක හැම ජාතියම ජීවත් වෙනවා. අප බලන්නේ මුළු රටේම සිටින ශ්‍රී ලාංකේය අනන්‍යතාව ආරක්ෂා කර බලය බෙදාහැරීමේ වැඩ කටයුතු ගෙන යන්නයි.
යුද්ධය නිසා ප්‍රශ්න ගණනාවක් පැන නැගුණා. සමහර ඒවා විසඳන්න මා ක්‍රියා කළා. ඉතුරු ඒවාත් විසඳන්න ඕනෑ. විශේෂයෙන් ඉඩම් යළි බාර දීමත්, අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳත් සොයා බලන්න ඕනෑ.
අතුරුදහන්වූවන්ගේ පවුල්වල තිබෙන වේදනාව මා දන්නවා. ඒගැන සොයා බලන්න ස්වාධීන කොමිසම මා පත්කළා. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිට වූවා. දැනට ඒ අය තොරතුරු විභාග කරනවා.
වන්දි ගෙවීමට හානිපූර්ණ කාර්යාලය ඇති කළා. අද තිබෙන්නේ බියෙන් තොර සමාජයක්. නීතිය අනුව ක්‍රියා කරන සමාජයක්. ඒ තත්ත්වය ඔබ ආරක්ෂා කරගෙන යන්න ඕනෑ.
ඒ වාගේම කාන්තාවන් පිළිබඳව විශේෂයෙන් මතක තබා ගන්න ඕනෑ. කාන්තා මූලික පවුල්වලට උදව් - උපකාර කරන්න අලුත් වැඩසටහන් ක්‍රියාත්මකයි. යුද්ධයෙන් තුවාල වූ පිරිස පිළිබඳවත් අපගේ අවධානය යොමු වෙලා.
විශේෂයෙන් ප්‍රධාන ප්‍රශ්නය ලෙස මගෙන් ඇහුවේ උතුරු ප්‍රදේශයට කරන්නේ කුමක්ද කියලයි. උතුරු ප්‍රදේශය සංවර්ධනය කරන්නට මා කැපවෙලා සිටිනවා. එය ආරම්භ කර තිබෙන්නේ.
ලංකාව ඉහළ මධ්‍යම ආදායම් සහිත රට ලෙස සළකන්නට ඕනෑ. උතුරුත් - නැගෙනහිරත් මොනරාගලත් යුද්ධයට මැදිවූ නිසා ඒවා තව දියුණුවිය යුතු ප්‍රදේශ හැටියට සලකා ආධාර උපකාර කරන්නයි ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා.
දැන් උතුරට අප ශක්තිමත් ආර්ථිකයක් දී තිබෙනවා. පළමුවෙන්ම යටිතල පහසුකම් තවදුරටත් දියුණු කරගෙන යනවා. යුද්ධයෙන් විනාශ වූ යටිතල පහසුකම් හා නිවාස ද සාදා දෙන්න ඕනෑ.
වන්නියේ කෘෂිකර්මාන්තය නවීකරණය කර ධීවර කර්මාන්තයේ නවීකරණයක් අවශ්‍යයි. වැඩි වැඩියෙන් පොල් වගා කරන්න පහසුකම් දිය යුතුයි. වන්නියේ ඉඩම්හිමියන් මේවාට එකතු කර ගන්න අවශ්‍යයි.
කජු වගාව වැඩි කරන්න, වී නිෂ්පාදනය, සත්ව පාලනය දියුණු කරන්නත් කොළඹ වගේ ජනාකීර්ණ ප්‍රදේශවලට ආහාර දෙන්නට මේ නවීකරණය කළ යුතුයි. වන්නිය පමණක් නොව මුළු වියළි කලාපයෙන්ම රටට ආහාර දෙන්න හා විශේෂයෙන් විදේශ රටවලටත් යවන්න පුළුවනි.
ධීවර කර්මාන්තය නවීකරණය කර අලුත් ධීවර වරායන් ඇතිකරන්න ඕනෑ. නවීකරණය කෘෂිකර්මාන්තයට හා ධීවර කර්මාන්තයට ද හඳුන්වා දිය යුතුයි. විශේෂයෙන් ශීතාගාර පහසුකම් පෞද්ගලික අංශයෙන් දිය යුතු වෙනවා. අස්වැන්නේ හානිය අඩුකරන්න පුළුවන් වැඩසටහන්වලට මුදල් ආධාර දෙන්න අවශ්‍යයි. මට ඕනෑ ඔබේ ආදායම් වැඩි කරන්න.
යාපනයෙත්, උතුරෙත් අලුත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. සංචාරක ආර්ථිකය ඇති කරනවා.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළා. ගුවන්යානා එහාට පැමිණෙන විට සංචාරකයින් මෙහාටත් එනවා. යාපනයේ විශාල හෝටල් දියුණු කරනවා.
මන්නාරම හා පුනරීන්වලත් විශේෂ සංචාරක කලාප දෙකක් ඇති කරන්න ඕනෑ. ඒ වගේම වඩමාරච්චිවලටත් තව සංචාරක කලාපයක් ඇතිකරන්න අවශ්‍යයි.
නැගෙනහිර නිලාවැලි ප්‍රදේශයේත් තව සංචාරක ව්‍යාපාර ඇති කළ යුතුයි. එහෙම සංචාරක ව්‍යාපාර ආරම්භ කළ පසු වවුනියාවෙත් සංචාරක ව්‍යාපාරය ඉබේම දියුණු වෙනවා. වාණිජ කටයුතුවලටත්, සංචාරක කටයුතුවලටත් මෙය කේන්ද්‍රස්ථානයක් වෙනවා.
අනුරාධපුරයෙන් එන කණ්ඩායම් ඒ-නවය ඔස්සේත් යාපනයට යන කණ්ඩායම් ත්‍රිකුණාමලය-වවුනියාව, මන්නාරමටත් එනවා. එවිට වව්නියාව කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. මා බලාපොරොත්තු වන්නේ මේවාට අදාළ කර්මාන්තද ඇති කරන්නයි.
දැන් වවුනියාව මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා. ඒ වගේම මැදවච්චිය, වවුනියාව, මාන්කුලම හා මන්නාරම ප්‍රදේශයේ අවශ්‍ය හොඳ කාර්මික පාසල් හා තාක්ෂණික විද්‍යාගාර ඇති කරනවා. අධ්‍යාපන විද්‍යා පීඨයද තිබෙනවා. එහෙම නම් මේ පළාත අධ්‍යාපන මධ්‍යස්ථාන බවට ද පත් වෙලා. එතැනින් ඒ දියුණුව කරමු.
විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ගැන පුහුණුව ඔබට දෙනවා. මේ ප්‍රදේශය ආශ්‍රිතව බිම් රැකියා ඇති කළ යුතුයි. රැකියා ආදායම් මාර්ග අඩුවීම ප්‍රදේශයේ තරුණ පිරිසගේ විශාල ප්‍රශ්නයයි. ඒ නිසා විශාල සංවර්ධනය මේ ප්‍රදේශයේ ඇති කරනවා.
ත්‍රිකුණාමලය දියුණු කිරීමෙන්ද රැකියා උත්පාදනය කෙරෙනවා. කොළඹ වාගේ ප්‍රදේශවල හා අනෙක් තැන්වල පිරිස් වෙතද ඒ රැකියා ගන්න පුළුවනි. ඒ මට්ටමට අප කටයුතු කළ යුතුයි.
සජිත් ප්‍රේමදාස මහතා විශේෂයෙන් කතා කර ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබට දුන්නා. අනික් කටයුත්ත සෞඛ්‍ය දියුණු කිරීමයි. දැනටමත් අපේ රාජිත සේනාරත්න අමාත්‍යතුමා මේවා දියුණු කරලා. එතුමා සමඟ වවුනියාව රෝහලටත්, කිලිනොච්චි රෝහලටත් මා පැමිණියා. ඒවායේ හොඳ පහසුකම් තිබෙනවා.
ඒ-9 මාර්ග ඔස්සේ යාපනය- කිලිනොච්චි- වවුනියාව ඒ වාගේම අනුරාධපුරයේ හොඳ සෞඛ්‍ය සේවාවක් තිබෙනවා. මන්නාරමෙත් මා එය දියුණු කරනවා. එය තවත් දියුණු කරන්න ඕනෑ. සංචාරක ව්‍යාපාර තිබෙනවා නම් හොඳ සෞඛ්‍ය සේවයක් අවශ්‍යයි. ජනතාවටත් එය අවශ්‍යයි. මෙවැනි වැඩසටහන් සහිතව අප උතුරට ආවා.
ජනතාව දෙමළ වුවත්, මුස්ලිම් වුවත් සිංහල වුවත් අනෙක් ප්‍රදේශ වාගේම දියුණු වෙන්න අයිතිය තිබෙනවා. ගම්පෙරළිය, ළඟම පාසල හොඳම පාසල, රන් මාවත් වැනි ව්‍යාපෘති මා ඔබට දුන්නා. විශේෂයෙන්ම ඔබගේ වැව් පිළිසකර කර ආරක්ෂා කරමින් ජලය ද දෙනවා. ඒ කෘෂිකර්මාන්තය වෙනුවෙනුයි.
අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, රවී කරුණානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.
වැඩසටහන සඳහා වන්නි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සංවිධායිකා ඩයනා ගමගේ මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.