ගිරිතලේ යුද හමුදා කඳවුරෙන් සෙබළ සෙබළියෝ 255 ක් විසිර යති


(ඡායාරූප - කේ.ජී.කරුණාරත්න)

ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් පාසලේ දී මුලික විනයාරක්ෂක පාඨමාලාව හැදෑරූ සෙබළුන් 165 දෙනෙකු සෙබලියන් 90 දෙනෙකු විසිර යාමේ උත්සවයක් අද (12) පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂාධිපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සේවා බළකායේ බලකාධිපති බ්‍රිගේඩියර් ගාමිණි සිරිසේන මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

අතිශූර සෙබළාට හිමි ශුරතාව ආධුනික සෙබළ ජේ.එම්.බී.ප්‍රියනාත් ද සෙබළිය ඩබ්ලිව්.ඩී.ජි.එස්.එම්.ආරියරත්න විසින් හිමි කර ගනු ලැබීය.