මහනුවර සිරිය විඳින්න නව බස් සේවාවක්


(චමිල් රූපසිංහ)

මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් ආවරණය වන පරිදි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විශේෂ බස් සේවාවක් අද(20) සිට ආරම්භ විය.

‍සෑම දිනකම පෙරවරු 8.30 ට මහනුවර නගරයෙන් ගමන් ආරම්භ කරන මෙම බස් රථයෙන් මහනුවර සිට පේරාදෙණිය උද්භිද උද්‍යානය දක්වා ඇති ඓතිහාසික වැදගත් කමකින් යුත් ස්ථාන වලට හා සාප්පු සංකීර්ණ වෙත ගමන් ගැනීමේ අවස්ථාව මගීන්ට ලැබේ.

නව ප්‍රවාහන සේවාව මධ්‍යම පළාත් සභාව, පළාත් සංචාරක දෙපාර්තමේන්තුව හා කලාපීය ආර්ථීක සහයෝගීතා ආයතනය ඇතුව ආයතන කිහිපයක මෙහෙයවීමෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා  මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු සහභාගී වූහ.