රඹකැන් ඔයේ වැලි ජාවාරමෙන් තුරුලතා විනාශ වීමේ අවදානමක්


(ප්‍රසන්න පත්මසිරි)

 

බිබිල නිල්ගල ඖෂධීය රක්ෂිත වනය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදුකරන අනවසර වැලි ජාවාරම නිසා වනයේ ගස් වැල් විනාශ වී යෑමේ අවදානමක් තිබෙන බව රතුගල ආදිවාසි නායක සුදාවන්නිල ඇත්තෝ කියති.

පසුගිය වසර කිහිපයේ දී රතුගල ගම්මානය මැදින් ගලා යන ඔයේ වැලි කැනීමට බලපත්‍ර කිහිපයක් රජයෙන් ලබාදී තිබුණත් ජාවාරම් කරුවන් රක්ෂිතයේ වැලි කැනීමෙන් වනයට දැඩි හානි සිදුව තිබේ.

අනවසරින් වැලි කැනීම නිසා අඩි 8-10 ක් ගැඹුරු වී තිබෙන ඔයට දෙපස තිබෙන කුඹුක්,ගම්මලු,බුරුත වැනි වටිනා ගස් පෙරැළී ඇති බවත් ඔය ගැඹුරුවීමෙන් වනයේ තිබු ජල උල්පත් සියල්ල සිදී ගොස් වනාන්තරයම වියළී තිබෙන බවද ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තෝ කියයි.