විසල් දඹුල්ලේ ජලනල හැමදාම කැඩිලා


කාංචන කුමාර ආරියදාස

විසල්  දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන  ජල නල පද්ධතිය දිනපතාම කැඩී යාම නිසා  ජලය විශාල ප්‍රමාණයක්   අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

අද දිනයේදී ද එලෙස ජනලයක් කැඩී යෑමෙන් ජලය අපතේ ගිය අතර කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ජලාශ හන්දිය ප්‍රදේශයේදී  අඩි තිහක පමණ විශාල ජල කඳක් ඉහළට ගොස් ප්‍රධාන පාර ද අවහිර කරමින් පැයක පමණ කාලයක් ගලා යන්නට විය.  ජලකඳත් සමග  ගල් කැබලි ද උඩට ගොස් වාහන වලට පවා පතිත විය .මේ හේතුව නිසා වාහන ගන්මනා ගමනයට පවා බාධා එල්ලවිය .

මේ නිසා ප්‍රදේශයේ ජල ලාභීහුද දැඩි අපහසුතාවට පත්ව සිටිති.

‘ විසල්  දඹුල්ල‘ සංවර්ධන ව්‍යාපෘතිය මීට මාස කිහිපයකට පෙර  ජල සම්පාදන  අමාත්‍ය රවුෆ් හකීම් මහතගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.