‘‘මතින් නිදහස් රටක්’’ මාතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්


 


 

''මතින් නිදහස් රටක්'' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

 
දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ රාජ්‍ය නිලධාරින් ඇගැයීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළදවීම, ක්‍රියාකාරී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04 ක් සදහා සහ ක්‍රියාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සදහා ඇගැයිම් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී  ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
 
එම අවස්ථාවේ ඡායාරූප ඉහතින් දැක්වේ .

(36698)