අළු ගසාදා නැගිටින ඉන්දියානු ආර්ථික යෝධයා


රටකින් රටකට

2008 මුම්බායි ප්‍රාණ ඇපකරු සිද්ධියට හසුවූ මුම්බායි ටාජ් පැලස් හෝටලයට ගිය ගමන

 

ටාජ් මහල් පැලස් හෝටලය මුහුදට පෙනෙන හැටි

2008 ත්‍රස්ත ප්‍රහාරය දා දුම් නගින ටාජ් හෝටලය

 

 

අරාබි මුුහුදේ ලා නිල් පැහැගත් මුහුදු ජලය මැදින් වේගවත් ගමනින් එන මගී ප්‍රවාහන යාත්‍රාව කෙමෙන් කෙමෙන් “ඉන්දියා ගේට්ටුව” වෙතට ළං වෙයි. අරාබි මුහුදෙන් ඉන්දියාවේ බටහිර වෙරළට ළං වන විට කුඩා තිත් ලෙස දිස්වූ ඉදිකිරීම්  ඒ වන විට අහස සිඹින මහ මැදුරු ලෙස විරාජමානව හිඳියි. සැතපුම්  ගණනක් පුරා එක දිගට පැතිරුණු මුම්බායි නගරයේ දකුණු කොටස පිහිටියේ මෙම බටහිර වෙරළේය. “​ගේට්වේ ඔප් ඉන්දියා” හෙවත් ඉන්දියාණු ගේට්ටුව ඒ අතරින් යෝධයකු සේ නැගී සිටියි. එහෙත් වඩාත් ආකර්ශණීයව දර්ශනය ඇත්තේ එම දැවැන්ත ස්මාරකයට මඳක් පසුබිමින් ඇති ටාජ් මහල් පැලස් හෝටලය පෙනෙන විටය. සියවස් ගණනකට පෙර ඉන්දියාව පාලනය කළ මහාරාජාවරුන්ගේ ආභාෂයලත් ටාජ්මහල් පැලස් හෝටලය ඈතට දිස්වන්නේ පැරණි රජ මාලිගාවක් මෙනි.  


ටාජ් මහල් පැලස් හෝටලය දින කීපයකට අපගේ නවාතැන විය. ඉන්දීය රජයේ ඇරයුමකට අනුව එරට සංචාරය කළ ලාංකීය මාධ්‍යවේදීන්ගේ ආරම්භක නවාතැන වූයේ මෙම සුපිරි මනස්කාන්ත හෝටලයයි. මුම්බායි නගරයේ ඉහළම සංචාරක ආකර්ශනයක් සහ ඉහළම අයකිරීමක් කරන හෝටල් කිහිපයෙන් මෙය ද එකකි. බොහෝ සංචාරකයන් මෙය ප්‍රිය කරන්නේ වසර සියයකට එහා ගිය එහි පෞරාණික ගොඩනැගිලි අද ද මනා ලෙස පවත්වාගෙන යාමත් එයට එක්ව ඇති නවීන පහසුකම් ආදියත් නිසාය. කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ඇරියුමින් අප මුම්බායට ගොඩබැස්සේ ලංකාව හා ඉන්දියාව අතර කෙරෙන වෙළෙඳ ගනුදෙනු, දෙරට අතර මිත්‍රත්වය සහ ඉන්දියාව ලංකාවේ කරන අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව හැදෑරීම සඳහාය.  


මුම්බායේ වෙරළ තීරය අයත් වෙන්නේ අරාබි මුහුදු තීරයටය. ටාජ් හෝටලය ළඟ වෙළඳ අතීත නාවිකයන්ගේ ගොඩබෑසීම් තොටුපොළකි. මුම්බායේ පිහිටීම අනුව මෙම වෙරළ අශ්වලාඩමක් වැනිය. ප්‍රධාන ගොඩබිමෙන් මුහුදට නෙරාගිය අත්තක් වැනි කොටස මුම්බායි නැමැති මහා වෙළෙඳ නගරය තනයි. එහි සිට පැය එකහමාරක් පමණ මුහුදු ගමනකින් පසු යා යුතු “එලිෆන්ටා කේව්ස්” යුනෙස්කෝ සංරක්ෂණ ස්ථානය නරඹා ආපසු එද්දී මා සිතේ ඇඳී ගියේ ගේට්වේ ඔෆ් ඉන්දියා මහ ​ ආරුක්කුව සහ ටාජ් හෝටලය මුහුදේ සිට බලන විට කොතරම් සුන්දර දර්ශනයක් මවන්නේ ද යන්නයි.


ඉංදියාවේ මාහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවර වන්නේ මුම්බායි නුවරය. පැරණි කාලයේ මෙම නගරය හැඳින්වුණේ බොම්බාය යනුවෙනි. මෙම නගරයේ ජනග්‍රහණය 2011 ජනසංගණයේ දී සටහන් වුණේ ලක්ෂ 124ක් ලෙසය. ඉන්දියාවේ ජනප්‍රියම නගරය ලෙසද සැලකේ. මුම්බාය පුරාණ නැව් තොටකි. 1995 වසරේ මුම්බාය ලෙස නම වෙනස් කරන  තුරුම මෙම නගරය හැඳින්වුණේ බොම්බාය (බොම්බේ) ලෙසය.  


ඉංදියාවේ බටහිර වෙරළේ පිහිටි මුම්බාය වරාය ශතවර්ෂ ගණනාවක් තිස්සේ නාවික යාත්‍රා සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවේය.  


දැනට ඉන්දියාවේ සිටින බිලියනපතියන් සහ මිලියනපතියන් ගණනාවකගේ නිවාස ඇත්තේද මුම්බායේය.  


අන්තර්ජාලයෙන් මුම්බායි වෙත පිවිසෙන අයකුට මුම්බායි ගේට් ආරුක්කුව සහ එයට පසුබිම්ව ඇති ටාජ් මහල් පැලස් සුඛෝපභෝගී හෝටලය දැකගත හැකිය. ටාජ්මහල් පැලස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාලිගාවකි. 1903 දී එදා බොම්බේ නමින් හැඳින් වුණු වරාය නගරයේ විදේශීය සංචාරකයන් සඳහා විවෘත වුණු මෙම හෝටලය වරාය පසුබිම්කරගත් ප්‍රථම මහා ගොඩනැගිල්ල ලෙස ද ඉතිහාස පොතට එක් වී තිබේ. මුම්බායි නගරයේ දැනට ඇති දැවැන්ත ගොඩනැගිලි ඉදිවුණේ “ටාජ් මහල් පැලස්” ඉදිකිරීමෙන් පසුවය.  


“ගේට්වේ” මහා දොරටුව පිහිටි තැන බොම්බාය වරායේ දියකඩනය ලෙස ජැටියක් තනා ඇත්තේ මහාරාෂ්ට්‍ර පළාතේ මහාරාජා වූ චත්‍රපති සිවාජි මහරාජ්ගේ නියමයෙනි. ඉන්පසු එය ධීවරයන්ගේ නවාතැනක් බවට පත් වූ අතර බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව යටත් වූ පසු එරට ආණ්ඩුකාරයා ඇතුළු ඉංග්‍රීසි ප්‍රභූවරුන් ගොඩබැස්සේ මෙම බිම් තීරුවටය. 1903 දී ටාජ් මහල් හෝටලයද මෙහි ගොඩනැගුණු පසු ඉහළ පෙළේ සංචාරක ආකර්ෂණයක් මෙම ස්ථානයට හිමි විය. දැනට ඇති මහා ආරුක්කුව ඉංග්‍රීසින් විසින් ඉදිකර විවෘත කරනු ලැබ ඇත්තේ 1924 වසරේදීය. 2008 වසරේදී මේ ස්ථානයත් ඒ අසලම ඇති ටාජ් හෝටලයක් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් හෙල්ලුම් කා ගියේය. එය මුම්බායේත් ඉන්දියාවේත් ජනයා පමණක් නොව ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනයා තිගැස්සීමට පත්කළ සිදුවීමක් විය.  


“ටාජ් මහල් පැලැස් හෝටලය” 1903 වසරේදී ආරම්භ කළේ ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික ජැම්ෂෙට්ජි ටාටා විසිනි. හෝටලය ආරම්භයේම එයට වටිනා කියන උපාංග ගෙන ආවේ යුරෝපා රටවලිනි. ජර්මනියෙන් ගෙන ආ එලිවේටර් (​සෝපාන) ඇමරිකාවෙන් ගෙන ආ විදුලි පංකා තුර්කි සහ බ්‍රිතාන්‍ය නානකාමර කට්ටල 1903 වැනි කාලයේ නවීන හෝටල් උපාංග ලෙස සැලකීනි.  ටාජ්මහල් ටවර් නමැති උසැති ගොඩනැගිල්ල හෝටලය සඳහා එක් වූයේ 1973 දීය.  


මුම්බායිහි “කොලබා” නාගරික සීමාවේ (කුලබා ලෙස ද හැඳින්වේ.) පිහිටි ටාජ් හෝටලය විශේෂයෙන් යුරෝපා සංචාරකයන් අතර වඩාත් ජනප්‍රියය. කාමර 560කින් යුතු හෝටලය එහි මුහුදු බඩ පිහිටීම නිසා නිරතුරුවම සංචාරකයන්ගෙන් පිරී පවතී. 2008 නොවැම්බර් 26 වැනිදා ඉස්ලාමීය ත්‍රස්තවාදීහු දස දෙනෙක් මෙම මනස්කාන්ත සමුද්‍ර පරිසරයට කඩාවැදුණහ. ​වේගවත් ප්‍රහාරයකින් හෝටල් පරිශ්‍රයට කඩාවැදුණු ඔවුහු ඒ වන විට එහි රැඳී සිටි සංචාරකයන් තමන්ගේ ප්‍රාණ අැපයට ගත්හ. හෝටලයට පිරිසක් කඩාවදිද්දී තවත් පිරිසක් නගරයේ ප්‍රධාන දුම්රිය පොළ වූ චත්‍රපති සිවාජි මහාරාජ් ටර්මිනස් දුම්රිය පොළඳ ඔබරෝයි  ප්‍රයිඩන්ට් හෝටලය, ලියෝපෝල්ඩ් අවන්හල, කැමා රෝහල ආදියට ද මෙලෙසම කඩා වැදුණහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ එම ස්ථානවලට පැමිණ සිටි විදේශිකයන්ය.  

 

“ටාජ් මහල් පැලැස් හෝටලය” 1903 වසරේදී ආරම්භ කළේ ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික ජැම්ෂෙට්ජි ටාටා විසිනි. හෝටලය ආරම්භයේම එයට වටිනා කියන උපාංග ගෙන ආවේ යුරෝපා රටවලිනි. ජර්මනියෙන් ගෙන ආ එලිවේටර් (විදුලි සෝපාන) ඇ​ෙමරිකාවෙන් ගෙන ආ විදුලි පංකා තුර්කි සහ බ්‍රිතාන්‍ය නානකාමර කට්ටල 1903 වැනි කාලයේ නවීන හෝටල් උපාංග ලෙස සැලකිනි.  ටාජ්මහල් නමැති දැවැන්ත කුලුනු හෝටලය සඳහා එක් වූයේ 1973 දීය. 


මුම්බායිහි “කොළඹ” නාගරික සීමාවේ (කුලඩා ලෙස ද හැඳින්වේ.) පිහිටි ටාජ් හෝටලය විශේෂයෙන් යුරෝපා සංචාරකයන් අතර වඩාත් ජනප්‍රියය. කාමර 560කින් යුතු හෝටලයේ එහි මුහුදු බඩ පිහිටීම නිසා නිරතුරුවම සංචාරකයන්ගෙන් පිරී පවතී. 2008 නොවැම්බර් 26 වැනිදා ඉස්ලාමීය ත්‍රස්තවාදීහු දස දෙනෙක් මෙම මනස්කාන්ත සමුද්‍ර පරිසරයට කඩාවැදුණහ. ​වේගවත් ප්‍රහාරයකින් හෝටල් පරිශ්‍රයට කඩාවැදුණු ඔවුහු ඒ වන විට එහි රැඳී සිටි සංචාරකයන් තමන්තේ ප්‍රාණ අැපයට ගත්හ. හෝටලයට පිරිසක් කඩාවදිද්දී තවත් පිරිසක් නගරයේ ප්‍රධාන දුම්රිය පොළ වූ චනුපති සිවාජි මහාරාජ් ටර්මිනස් දුම්රිය පොළඳ ඔබරෝයි  ප්‍රයිඩන්ට් හෝටලය, ලියෝපෝල්ඩ් අවන්හල, කැමා රෝහල ආදියට ද මෙලෙසම කඩා වැදුණහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ එම ස්ථානවලට පැමිණ සිටි විදේශිකයන්ය.  

 


ටාජ් හෝටලයේ සිටි විදේශීය සංචාරකයන් ප්‍රාණ ඇපයට ගෙන එකිනෙකා මරා දමමින් ඔවුහු හෝටලය අමු​සොහොනක් බවට පත් කළහ. ගේට්වේ ටවරය අසල ද වෙඩි තැබීම් කළහ. ප්‍රහාරය එල්ල කළේ “ලක්ෂාර් -ඊ ටොයිබා” නමැති පාකිස්තාන් කේන්ද්‍රකරගත් අන්තවාදී සංවිධානයකි. මෙම ප්‍රහාර නිසා මියගිය ගණන 168ක් ලෙස ද තුවාල ලද ගණන 300ක් ලෙස ද කියැවේ.  


ඉන්දීය කොමාන්ඩෝ බළකා සෙබළුන් ටාජ් හෝටලයේ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට දින තුනක් තිස්සේ අපමණ වෙහෙසක් ගත්තද ඒ වන විට 31 දෙනකුගේ ජීවිත ත්‍රස්තවාදීන්ට බිලිවී තිබිණි.  


ප්‍ර්‍රහාරයෙන් ගිනිගත් හෝටලය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කළේ 2008 දෙසැම්බරයේදීය. ඉන්පසු සංචාරකයන්ගේ බිය සැක දුරු කරමින් 2009 වසරේ මුම්බායේ සංචාරයක යෙදුණු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ටාජ් හෝටලයේ නවාතැන් ගත්තාය. 2010 වසරේ ඉන්දියාවේ සංචාරයකට ආ ඇමෙරිකා ජනපති බරැක් ඔබාමා එහි නවාතැන් ගත් අතර ඔහු කීවේ මෙම හෝටලය ඉන්දියාවේ සංකේතයක් ලෙස සලකන බවය.  


ප්‍රහාරයට එක් වූ ඉස්ලාමීය සටන්කාමීන් දස දෙනාගෙන් ජීවග්‍රහයෙන් අල්ලාගත්තේ එක් අයකු පමණි. නඩු විභාගයකින් පසු ඔහු එල්ලා මරා දමන ලදී.  

 


ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අද ගණන් ගැනෙන්නේ බිලියන පතියන් ලෙසය. ධනවත්ම පුද්ගලයන් ලැයිස්තු ගත කිරීමේදී ලෝකයේ 19 වැනි ධනපතියා ඉන්දියානුවෙකි. මුකේෂ් අම්බානි නමැති ​ෙම් මහා සල්ලිකාරයා ජීවත්වන්නේ මුම්බායේය. තට්ටු ගණනක් උසැති මහා මන්දිරයක් වන ඔහුගේ නිවස මුම්බායේ වීදි දිගේ යන එන මිනිසුන් එකිනෙකාට කොඳුරා කියන දැවැන්ත ඉංජිනේරුමය හාස්කමකි.


පෙට්‍රෝලියම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනත් ගෑස් කර්මාන්තයක් ඇමෙරිකා ඩොලර් බිලියන 40ක් ඔහුට වත්කම් උපයා දී ඇති ප්‍රධාන නිෂ්පාදන මාර්ගය වේ. ඉන්දියානු මෝටර් බයිසිකල් කර්මාන්තයේ දැවැන්තයකු වන ත්‍රස්ලි වාඩියා, ඛනිජ තෙල් ආශ්‍රිත කර්මාන්තයේ දැවැන්තයකු වන කුමාර් බිර්ලා, ඉන්දියානු රූපවාහිනී කේෂ්ත්‍රයේ පියා ලෙස සැලකෙන සුශාෂ් චන්ද්‍රා (ටෙන්ස්පෝට් සහ ස්ටාර් ටීවී) බජාජ් සහෝදරයෝ ආදී මහා ධනපතියන් ජීවත්වන්නේ ද මුම්බායේය. මහාරාෂ්ට්‍ර වාසීහු මෙම පුද්ගලයන් තම ප්‍රාන්තයට ආභරණ ලෙස සලකති.  


ලෝකයේ ධනපතියන් හා ධනවත් ව්‍යාපාර පිළිබඳ වර්ගීකරණය කරන ලෝ ප්‍රකට ​ෆෝබ්ස් සඟරාව ලෝකයේ හොඳම වාණිජ මධ්‍යස්ථාන දහය අතරට මුම්බාය නගරයද ඇතුළත් කරයි. බොම්බේ ස්ටොක් මාකට් (කොටස් වෙළෙඳ පොළ) ඉන්දියානු ආර්ථිකය හසුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයකි. ඉන්දියාවේ න්‍යෂ්ඨික බලශක්තියේ කේන්ද්‍රය ලෙස සැලකෙන බාබා න්‍යෂ්ඨක පර්යේෂණ මාධ්‍යස්ථානය, ඉන්දියානු න්‍යෂ්ඨික බල සංවර්ධන සංස්ථාව, ඉන්දියානු න්‍යෂ්ඨික බල ශක්ති කොමිසම ඇතුළු එරට න්‍යෂ්ඨික බල ශක්තියේ වැදගත් ස්ථාන රැසක්ද මුම්බාය කේන්ද්‍රකොටගෙන පිහිටා ඇත.  


මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය සහ මුම්බාය මෙට්‍රෝපොලිටන් ඒරියා ​ පදනම් කරගත් සංවර්ධන ව්‍යාපෘති රැසක් අද එරට ක්‍රියාත්මක වෙයි. වරාය, සහ වෙළෙඳ තීරය දිගට ඉදිව ඇති විදුලි බලාගාර සහ න්‍යෂ්ඨික බලාගාර එරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම සමස්ථ ඉන්දියාව පුරාම විදුලිය අවශ්‍යතා සපුරයි. මුම්බාය පදනම් කරගත් ඉන්දියානු එක්සිම් බැංකුව (ආනයන - අපනයන බැංකුව) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් සඳහා සහනදායි පොලියට මුල්‍ය ආධාර සපයයි. ඔවුන්ගේ පොලිය සියයට එකයි දශම හතකි. වෙනත් රටවල් ණය දීමේ දී අයකරන මුදලට වඩා එය ඉතා අඩු ​පොලියකි. එක්සිම් බැංකු ප්‍රධානීන් පැවසුවේ ඉදිරි කාලයේ ලංකාවේ තවත් ව්‍යාපෘති රැසකට සහන ණය ලබාදෙන බවය.  


ඉන්දියාව අද වේගවත් ආර්ථික වර්ධනයක් සමග ලොව පුරා නව ව්‍යවසාය ඇතිකරමින් යන රටකි. ගුජරාටය සහ මුම්බාය ආශ්‍රිත ඛනිජ තෙල් හා ගෑස්, ගුවන්තොටුපොළ පරිපාලනය, දුම්රිය සේවා ඔවුන්ගේ ධනය ලොව පුරා ආයෝජනය කර ප්‍රතිලාභ රටට ගෙන ඒමට සමත්ය. එම ආර්ථික සංවර්ධන ගමනේ දී තම සමීප අසල්වැසියා වූ ශ්‍රී ලංකාව කිසිදා අමතක නොකරන බවට ඉන්දිය රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් කී කතාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද ගුභදායි බලාපොරොත්තු ජනිත කරවයි.   

 

 


ප්‍රේමකීර්ති රණතුංග