ගාන්ධි පරපුරේ බල කදවුර බ්ද දැමූ ටෙලි තරුව


Hot World

ඉන්දීය  නිළියන්ගේ දේශපාලනය

 

 

දකුණු ආසියා කලාපය තුළ කාන්තාවක් දේශපාලනයේ නිරතවීම  සමාජයේ විවිධ කතාබහට ලක් වූවත් , දැන් දැන් එය සාමන්‍යකරණයට ලක් වෙමින් තිබේ.ලංකාවේ මෙන්ම ඉන්දියාවේ තත්ත්වයද එසේමය.කලින් කලට සුප්‍රසිද්ධ , මෙන්ම සාමාන්‍ය සමාජයෙන් පැවත එන කතුන් දේශපාලනයෙන් ඉදිරියට ගොස් සිටින්නේ මහා දේශපාලන බලවතුන් ද පරාද කරමිනි.මෙම ලිපි මාලාව ලියැවෙන්නේ එලෙස දේශපානය තුළ ඉදිරියට ආ අල්ලපු රටේ සුප්‍රසිද්ධ  තාරකාවියන් ගැනය.


මහගෙදර 'තුල්සි’ ලෙස  ලංකාවේ ජනාදරයට පත් වූ එහෙත් ස්මිත්‍රී ඉරානි( විවාහයට පෙර මල්හෝත්‍රා)  අද ලියැවෙන කතා නායිකාවගේ  නමයි. ‘කියොන්කී  සාස් භි කභී බහූ ති’ යන ඉන්දීයාවේ දීර්ඝතම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ  පවුලක ලේළියක  ගේ භූමිකාව රගපාමින් ඉන්දීයාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක වූ ඇය වර්තමානයේ  භාරතීය ජනතා පක්ෂ පාලක රජයේ රෙදිපිළි, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නීය.


ඇය ජනාදරය දිනා ගත්තේ භාරත දේශයේ පමණක් නොවෙයි. ශ්‍රී ලංකාවේ රසිකයන් අතර ද ඇය ආදරණීය චරිතයක් වූවාය. 2000 වසරේ සිට 2008 වසර දක්වා කොටස් 1,800 කට වැඩි කොටසක එම නාට්‍යයේ රඟපා ජන හදවත් හි ලැගුම් ගත් ස්මිත්‍රී කලාවේ ආලෝකයෙන් දේශපාලනය තෝරා ගෙන ඇත්තේ කලක සිටය. ඇය දේශපාලන පොර පිටියට පිවිස තිබෙන්නේ භාරතීය ජනතා පාක්ෂිකාවක ලෙසය.


ඒ වාගේම ඇය දේශපාලන පොර පිටියේ තරග වැදුනේ එසේ මෙසේ ආසනයකට නොවේය.. උත්තර ප්‍රදේශයේ අමෛයිති ප්‍රදේශය ඇගේ සටන් බිමයි. එය ඉන්දිරා ගාන්ධි . රජීව් ගාන්ධි, සෝනියා ගාන්ධි , රාහුල් ගාන්ධි ඇතුළු  ගාන්ධි දේශපාලන පරපුරේ ජය භූමියකි. හිටපු අගමැති රජීව් ගාන්ධිගේ බල ප්‍රදේශය වූයේ ද අමෙයිතිය. 2009 වසරේදී පැවති ඉන්දීය මහමැතිවරණයේදී රාහුල් ගාන්ධි  ඡන්ද සියයට හැත්තෑවකට වැඩි ප්‍රතිශතයක් ලබා බලයට පත් වූ අතර භාරතීය ජනතා පක්ෂයට ලබා ගත හැකි වූයේ ඡන්ද සියයට දහයට අඩු ප්‍රමාණයකි.


නමුත් පසුගිය වසරේ පවැති ඉන්දීය මහමැතිවරනයෙන් ස්මිත්‍රී ඉරානි විජයග්‍රහණය කළේ ගාන්ධි පරපුරට පරපුරේ නමද අමතක කරමිනි. තවමත් අමෙයිති නොදියුණු පෙදෙසක් ලෙසින් පැවතීම ගාන්ධි පරපුර ලැජ්ජාවට පත් කරන කරුණක් බව අයිරානි මෑතකදී ප්‍රකාශ කළාය.


ස්මිරිති ඉරානි බීජේපී පක්ෂයේ ප්‍රබල කාන්තා නියෝජනයකි. දැනට 43 හැවිරිදි වියේ පසුවන ඇය දේශපාලනයට ආධුනිකයකු නොවෙයි. 2003 වසරේදී ඉන්දිය ටෙලි නිළියකගේ භූමිකාවෙන් ඇය දේශපාලනයට පිවිසියාය. එම වසරේදී භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වී ඇය  2004 පැවැති මැතිවරණයේදී පරාජය වුවත්, දේශපාලනය අත් හැරියේ නැත. 2014 දී ඇය සටන් වදින්නේ කොංග්‍රස් පක්ෂ ලේකම් රාහුල් ගාන්ධි සමඟයි. මෙතරම් දැවැන්තයකු සමඟ සටන් වදින්නට ඇයට පාර කැපුණේ කලාවේ ආලෝකයෙනි. .ඇය සමාජ සේවයට මුල පුරා ඇත්තේ ග්‍රාමීය දිලිඳු ජනතාවට ජලය සපයන ව්‍යාපෘතියකිනි.

 


1997 වසරේ ෆෙමිනා මිස් ඉන්ඩියා තරඟයේ ජයග්‍රාහිකාවක වීම නිසා ඇයට පුංචි තිරයට සම්බන්ධ වීමට වාසනාව ලැබුණි. ආතිෂ්, හම් හෙයින් කාල් ආජ් කාල් ඕර් කාල් ටෙලි නිර්මාණවලට පසු ඇයට ‘කූන්කි සාස් භි කභී බහූ ති’ හි රඟන්නට වරම් ලැබුණාය. ඇය සුපිරි තරුවක් වූයේ එහි රංගනය නිසයි. ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේදී පස් වරක් ජනප්‍රියම නිළිය වෙමින් ඇය වාර්තා පොතට එක් වූවාය. ඊට අමතරව ඉන්දියානු ටෙලි සම්මාන හතරක් ද, ස්ටාර් පරිවාර් සම්මාන අටක් ද ‘කූන්කි සාස් භි කභී බහු ති’ රංගනයට හිමි විය. දැන් ඇය අධ්‍යක්ෂිකාවක් ද වන්නීය.


ඉකුත් වසරේ පැවති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව වූ යේ ඉන්දීය රූපවාහිනී නිළියක වූ ඇය​ෙග්  වික්‍රමයක් නිසාය.ඇය නිසා අද වනවිට, ඉන්දීය දේශපාලනයේ මහා වෘක්ෂයක් වූ ගාන්ධි පරපුරටම යන-එන මං නැති වී තිබේ.


රාහුල් ගාන්ධි වැනි ඉන්දීය දේශපාලනයේ පතාක යෝධයෙකුට එදිරිව මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමද එතරම් පහසු නැත. එහෙත් තුල්සි පළමු වරට 2014 මැතිවරණයේදී රාහුල් ගාන්ධි හා සටනට පිවිස පරාජය වැළද ගැනීමට සිදුවූවාය. එදා වැඩි ඡන්ද එක්ලක්ෂ හත්දහස් නවසිය විසි තුනකින් (107,923) රාහුල් ගාන්ධි අමෙති අසුන ජයග්‍රහණය කළේය.


කෙසේ වෙතත් ඉන් අධෛර්යයට පත් නොවූ තුල්සි මෙවර ද ගාන්ධිට එරෙහිව මැතිරවණයට ඉදිරිපත් වූ අතර මෙවර ගාන්ධි පරපුරට අමතක නොවන පාඩමක් උගන්වමින් කොන්ග්‍රස් නායකයා පරාජයට පත් කලේ ගාන්ධි හා කරට කර සටන් දෙමිනි.එහිදී ඇය සියයට 49.7 ක ඡන්ද ප්‍රතිශතයක් හෙවත් ඡන්ද හාර ලක්ෂ හැට අට දහස් පන්සිය දාහතරක් ලබා ගනිද්දී රාහුල් ගාන්ධි ඡන්ද හාර ලක්ෂ දහ තුන්දහස් තුන්සිය හතරක් ලබා ගෙන පරාජයට පත් විණි.


1967 සිට මෑත කාලීන ඉතිහාසය පුරා අමෛති අසුන ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ හදවත බදුවිය.ඒ කාලවකවානුව තුළ එම අසුන කොංග්‍රස් පක්ෂයෙන් ගිලිහී ගියේ අවස්ථා දෙකකදී පමණකි.එනම් 1977 ,1998 දී පැවති මහමැතිවරණ වලදීය.1998 පසුව අමෛති අසුන සදහා ඉදිරිපත් වූ සෝනියා ගාන්ධි මෙන්ම රාහුල් ගාන්ධි ද ජයග්‍රහණය කළහ.


ස්මිත්‍රි ඉරානී මල්හෝත‍්‍රා 1976 මාර්තු 23 වන දින ෂිබානි බාග්චි නම් බෙංගාල ජාතික මවකට හා අජේකුමාර් මල්හෝත‍්‍රා නම් පංජාබ් පියෙකුට දාව සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් සොයුරිය ලෙස උපත ලද්දාය. 2001 දී පාසි ජාතික ව්‍යාපාරිකයකු වූ සුබින් ඉරානි සමඟ විවාහ වූ ඇය ඔහුට දාව ලැබූ දෙදරුවනට අමතරව හිටපු රූ රැජනක වූ මෝනා සමඟ වූ සිය සැමියාගේ පළමු විවාහයෙන් ලද දියණිය වූ ෂැනෙලී ඉරානිට ද දෙවැනි මවක වූවාය.


ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යූතු භාරතීය ජනතා පක්ෂ රජයන් තුළ ඇය 2014 මැයි සිට 2016 ජූලි දක්වා මානව සම්පත් සංවර්ධන ඇමැති ධුරයද, 2017 ජූලි සිට 2018 මැයි දක්වා තොරතුරු හා ගුවන් විදුලි ඇමති ධුරයද 2018 ජූලි සිට 2019 මැයි දක්වා පේෂකර්මාන්ත අමාත්‍ය ධුරයද දැරුවාය.
මේ කාලය තුළ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාවකට ද ඇය ලක් වූවාය. 2004 මැතිවරණයට ඉදිරිපත්වීමේදී ඇයගේ දිවුරුම් පෙත්සමේ අධ්‍යාපන සුදුසුකම් ලෙස සඳහන් කොට තිබුණේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරිනියක බවය. එහෙත් 2011 වර්ෂයේ ගුජරාට් ප‍්‍රාන්තයෙන් රාජ්‍ය සභාවට හා 2014 දී උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයෙන් ලෝක් සභාවට නාමයෝජනා ඉදිරිපත් කිරීමේ දිවුරුම් පෙත්සමේදී ඇය අධ්‍යාපන සුදුසුකම් ලෙස ඉදිරිපත් කොට තිබුණේ දිල්ලි විශ්වවිද්‍යාලයේ විවෘත අධ්‍යයන අංශයේ වාණිජවේදී උපාධිය පළමු කොටස යනුවෙනි.2017 ගුජරාට් ප‍්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ලෝක් සභාවට ඇය ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමෙහි ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලෙස ඇය සඳහන් කොට තිබුණේ ‘වාණිජවේදී පළමු කොටස-තුන් අවුරුදු පූර්ණ පාඨමාලාව සම්පූර්ණ කොට නැත.’ යනුවෙනි.


අ‌ෙමෙති දිස්ත‍්‍රික්කය පරාජය වීමෙන් පසු රාහුල් ගාන්ධි, ස්මිත්‍රී වෙත පණිවිඩයක් යවමින් පවසා තිබුණේ, ‘අ‌ෙමෙති ජනතාව සතුටෙන් තැබීමටත් හා ඔවුන් ප‍්‍රවේශමෙන් හා ආදරයෙන් රැකබලාගන්නා ලෙසත්’ ය. ස්ම්රිතී ඉරානිගේ සමීපතම ආධාරකරුවෙකු, බරවුලියා ගමේ ප‍්‍රධානියා හා ප‍්‍රබල භාරතීය ජනතා පක්ෂ ක‍්‍රියාකාරිකයකු වූ සුරේන්ද්‍ර සිං මැතිවරණයෙහි අවසාන දින වූ ඉකුත් වසරේ මැයි 23 දිනට දින දෙකකට පසු කිසියම් පිරිසක් ඝාතනය කළේය.ඔහුගේ අවමගුලට ඒක්වූ ස්මිත්‍රී තම දේශපාලන මිතුරාගේ මෘතදේහය තම උරහිස මත තබා ගෙන යමින් ඔහුට ගෞරවය පුද කරන්නට අමතක නොකළාය.


උරහිසින් දරා ගෙන සොහොන් බිම කරා රැගෙන යාමට ද ඇය සහභාගි වූවාය .ඒහිදී රාහුල් ගාන්ධිගේ පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් , ‘මැයි 23 දා මට පණිවිඩයක් ලැබී තිබෙනවා අමෙති ජනතාව ආදරයෙන් හා ප‍්‍රවේශමෙන් රැකබලා ගන්නා ලෙස මම ඒ පණිවිඩ ඒවූ පුද්ගලයාට කියන්න කැමතියි , ඒ පණිවිඩය ශබ්ද නගමින් හා පැහැදිලිව ලැබී ඇති බව’ යනුවෙනි.එහි සැගවුණු තර්ජනය වූයේ ඇය ටෙලි තිරයේ මෙන්ම තවදුරටත්  නැන්දම්මාගේ ඒදිරිවාදිකම් ඉවසන්නියක නොවන බවය.

 

 

 

ඉන්දීය පුවත්සේවා ඇසුරෙනි....
තිළිණි ද සිල්වා