යුද සමයේ සැඟවුණු කතා
එල්ටීටිඊ ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධයේ එක්තරා තීරණාත්මක අවධියක් ලෙස විසිඑක්වෙනි සියවසේ ආරම්භය එනම් දෙදාහ වසර දැක්විය හැකිය. ඒ කාලය වන විට එල්ටීටීඊය විවිධ අවස්ථාවල සාම සාකච්ඡා, සටන් විරාම ආදියට එකඟත්වය පළ කරමින් කටයුතු කර රහසිගතව තමන්ගේ බලය තහවුරු කරගත්තේය. රජයේ ආරක්ෂක අංශ මෙය නොදැන සිටියා නොවේ. ඒ නිසා ඔවුන්ද මේ සටන් විරාමය කොයි වෙලාවක හෝ අවසන්ව සතුරා පහර දිය හැකිය යන පූර්ව නිගමනයේ සිට ඊට සූදානම් විය. කෙසේ නමුත් දෙදාහ වසරේ මුල්වකවානුව මෙරට රජයේ හමුදාවට එතරම් සුභදායී කාලයක් නොවීය.
එල්ටීටීඊය දිගින් දිගටම පහර එල්ල කරන්නට විය. එහි තීරණාත්මක ප්‍රහාරය එල්ල වූයේ එම වසරේ අප්‍රේල් මාසයේදී අලිංමකඩ කඳවුරටය. මුලින්ම එයට ආරක්ෂාවට පැවති කුඩා කඳවුරුවලට පහරදී විනාශ කළ එල්ලටීටීඊය පසුව ප්‍රධාන කඳවුරට පහර දෙන්නට පටන් ගත්තේය. අලිමංකඩ ආසන්නයේ අයියකච්චිහි පැවති ජල ළිං තුන හමුදාවට ජලය සැපයීමේදී වැදගත් තැනක් ගත්තේය. එල්ටීටීඊය මෙම ළිං තමන් සතු කරගැනීමටද උත්සාහ කළේය. ඒ ඒවා අත්පත්කර ගැනීමෙන් හමුදාවට තිබූ ජල සැපයුම කඩාකප්පල් කිරීමටය. කෙසේ වෙතත් එල්ටීටීඊයට අත්පත් කරගැනීමට හැකි වූයේ ජල ළිං වලින් එකක් පමණි. එම ළිඳද අත්පත් කරගන්නා අතරතුරම රජයේ ඉහළින්ම උපදෙස් ලැබුණේ දැන් පසුබැස යාම වඩාත් සුදුසු බවටය. එයට හමුදාවේ ඇතැම් නායකයන් අකමැති වුවද එසේ කරන්නට ඔවුන්ට සිදුවිය. ඒ පසුබැසීම් ගැන ඉව වැටුණු එල්ටීටීඊයේ සටන්කාමීත්වය තවත් වැඩි විය. ඔවුන් එකදිගට අලිමංකඩ කඳවුරට පහර දුන්නාය. ඉහළින් ආ අණ අනුව රජයේ හමුදාව අලිමංකඩ අත්හැරියේය. ඒ තමන්ට ගෙන යා හැකි ආයුධ පමණක් රැගෙන ඉතිරි ඒවා විනාශ කර දමමිනි. කෙසේ නමුත් මෙම පසුබැසීම් මැද එල්ටීටීඊය හමුදාව සතුව පැවති කාලතුවක්කු දෙකක් අත්පත්කරගත්හ.
අපි මල්ටිබැරල් ගන්න කතා කරගෙන තිබුණේ චෙක් ජනරජයේ සමාගමකින්. ලන්ඩන් හරහා තමයි යන්න ඕනැ. ඒකට වීසා බලපත්‍ර ගන්න ඕනැ. සෙනසුරාදා නිසා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඇරලත් නැහැ. නමුත් ඉහළ මැදිහත්වීම් හරහා ඒ කාර්යාලය විවෘත කරවාගෙන වීසා ගත්තා. චෙක් ජාතික සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වුණේ කුමාර් රාජපක්ෂයි. මම ඔහුත් මුණගැසුණා. කුමාර් රාජපක්ෂ මහත්මයාත් මා සමග චෙක් බලා යන්න පිටත්වුණා. ඔහුගෙන් ලැබුණ සහයෝගය මේ වෙලාවේ මතක් කරන්නම ඕනෑ. ඒ වගේම මාත් සමග වෙඩි ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකුත් ගියා.
හමුදාව සතු කාලතුවක්කු තමන් සතු කරගත් එල්ටීටීඊ ත්‍රස්තවාදීහු ඒවා යොදාගෙන නැවත හමුදාවටම පහර එල්ල කරන්නට වූහ. මේ නිසා දිගින් දිගටම රජයේ හමුදාව පේදුරුතුඩුව දක්වා පසු බසින්නට විය. එහෙත් ඒ වන විට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිව සිටි ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ වහාම යාපනයට ගොස් හමුදාවන්ගේ මානසික ශක්තිය යළි ඉස්මතු - කරමින් අණ දුන්නේ පසුබැසීම වහා නවත්වන ලෙසටය. ‘දැන් පහර දෙන්න පටන් ගනිල්ලා’ යැයි ඔහු සියලු දෙනාට අණ දුන්නේය.
එහෙත් එල්ටීටීඊ බලය බිඳ දැමීමට ප්‍රමාණවත් ආයුධ ශ්‍රී ලංකා රජය සතු නොවීය. එල්ටීටීඊය එල්ලකරන ලද කාලතුවක්කු හා මෝටාර්වලට උත්තර දීමට නම් ‘මල්ටි බැරල් රොකට් ලෝන්චර්’ අවශ්‍ය විය. මේ හදිසියේ කොහෙන්ද ඒවා ලබාගන්නේ? ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් විවිධ රටවල් සමග සාකච්ඡා කළ අතර හදිසි අවශ්‍යතාව සඳහා පාකිස්ථානු රජය ඒ අවස්ථාවේදී ඔවුන් භාවිතා කරමින් තිබූ මල්ටි බැරල් දෙකක් මෙරටට ලබාදුන්නේය. එය ඒ කාලය අනුව පාකිස්ථාන රජය ශ්‍රී ලංකා රජයට දැක්වූ විශාල සහයෝගයකි.
එම මල්ටි බැරල් යොදා ගනිමින් තරමක් දුරට එල්ටීටීඊය පාලනය කළ හැකි වුවත් එම මල්ටි බැරල් යොදාගෙන පහර දිය හැක්කේ උපරිම ලෙස කිලෝමීටර් අටක පමණ දුරකට පමණක් වීම නිසා එල්ටීටීඊ කාලතුවක්කු ප්‍රහාරවලට එය ප්‍රමාණවත් උත්තරයක් නොවීය. ඊට වඩා ශක්තිමත් හා ඊට වඩා දුර විදිය හැකි රොකට් ලෝන්චර් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය චෙක් ජනරජයත් සමගින් සාකච්ඡා කළේ ඉන් අනතුරුවය. එම මල්ටි බැරල් ලංකාවට ගෙන ඒමට දායක වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සනත් කරුණාරත්නයන් සමග අපි අද කතා කරමු. එදා ඔහු බ්‍රිගේඩියර්වරයෙකි. මේ ඔහුගේ අත්දැකීමය.
මම දෙදාහ වසරේ පෙබරවාරියේදී සේවය කළේ පේදුරුතුඩුවේ පන්සිය විසිහතර වෙනි බලසේනාවෙයි. ඒ කාලේ මම යුද හමුදා මූලස්ථානයෙන් යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබුවා. ඒ කාලේ වන්නි බල ප්‍රදේශය තුළත් යාපනය අර්ධද්වීපය තුළත් ඉතා දරුණු ලෙස සටන් ඇවිලී යමින් තිබූ කාලයක්. සමහර ස්ථානවලින් අපිට යම් දුරකට පසුබසින්න සිදුව තිබුණා. ඒ කාලේ මම එන්අයිබීඑම් එකේ කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරන්න යොමු වුණා. සෙනසුරාදා ඉරිදා තමයි ඒ පාඨමාලාව තිබුණේ. ජූනි මාසේ දවසක මම ඒ පාඨමාලාව හදාරමින් සිටියදී යුද හමුදාපති ජෙනරල් ශ්‍රී ලාල් වීරසූරියගෙන් පණිවුඩයක් ලැබුණා වහාම ඇවිත් හමුෙවන්න කියලා. මම ගියා. හමුදාපතිතුමා බොහොම කනස්සලෙන් තමයි හිටියේ.
‘අපි මල්ටිබැරල් රොකට් ලෝන්චර්ස් ගන්න ඕඩර් කළා. අපි ඒවා බලන්නත් යන්නයි හිටියේ. නමුත් දැන් ඒ සමාගමෙන් අපිට කතා කරන්නෙත් නැහැ. කිසිම පණිවුඩයක් ඇත්තෙත් නැහැ. ඔයා දන්නවානේ උතුරේ තිබෙන තත්ත්වය. මේකට මුහුණ දෙන්න මල්ටි බැරල් නැතුව බැහැ. ඒ නිසා ඔයා දැන් එහේ යන්න ඕනැ. ගිහින් මේ ලෝන්චර්ස් ටිකයි රොකට් උණ්ඩ ටිකයි අරන් එන්න’ කියලා හමුදාපතිතුමා මට කිව්වා.
‘සර් මම යන්න ඕනැ ලබන සතියේ කවදාද?’
‘ලබන සතියේ? මොන ලබන සතියක්ද ඔයා අදම යන්න ඕනැ.’
එතුමා මට අණකළා හැකි ඉක්මනට යන්න කියලා. ඒකෙන් කියවුණේ අපි මුහුණ දීලා තිබුණ තත්ත්වයේ බරපතළකමයි. මම ඒක වටහාගත්තා. මම එතුමා හමුවෙන්න ගියේ සෙනසුරාදා දවසක. එතකොට වෙලාව උදේ දහයයි තිහට විතර ඇති. එදාම යන්න අපි කරගත යුතු වැඩ රැසක් තිබුණා.
අපි මල්ටිබැරල් ගන්න කතා කරගෙන තිබුණේ චෙක් ජනරජයේ සමාගමකින්. ලන්ඩන් හරහා තමයි යන්න ඕනැ. ඒකට වීසා බලපත්‍ර ගන්න ඕනැ. සෙනසුරාදා නිසා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඇරලත් නැහැ. නමුත් ඉහළ මැදිහත්වීම් හරහා ඒ කාර්යාලය විවෘත කරවාගෙන වීසා ගත්තා. චෙක් ජාතික සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වුණේ කුමාර් රාජපක්ෂයි. මම ඔහුත් මුණගැසුණා. කුමාර් රාජපක්ෂ මහත්මයාත් මා සමග චෙක් බලා යන්න පිටත්වුණා. ඔහුගෙන් ලැබුණ සහයෝගය මේ වෙලාවේ මතක් කරන්නම ඕනෑ. ඒ වගේම මාත් සමග වෙඩි ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකුත් ගියා.
පහුවදා උදේ නවයට විතර අපි මෙහෙන් පිටත් වුණා. කොහොම හරි අපි එහාට ගියේ ඒ රටේ වෙලාවෙන් හවස හතරට විතර. එදාම රාත්‍රියේ අපිට සාකච්ඡාවක් සූදානම් කරගෙන තිබුණා. රොකට් ලෝන්චර්ස් තිබුණේ එක තැනක. ඒවාට අවශ්‍ය රොකට් පතොරම් තිබුණේ තවත් තැනක. මේවා ගෙනියන්න තිබුණේ පෝලන්තයේ තිබුණ වරාය හරහා. නැත්නම් ගුවන්තොටුපොළ හරහා ගුවන් මගින්. ලංකා රජයත් සමග කතා කළාම වඩාත් වේගවත්ම ක්‍රමය නිසා ගුවන් යානා මගින් ගෙන එන්න කියලා උපදෙස් ලැබුණා. අපි ඔස්ට්‍රාවා කියන නගරයට ගිහින් රොකට් පරීක්ෂා කර බැලුවා. ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතු නැහැ. භාවිතයට සුදුසු මට්ටමේ තිබෙනවා කියලා අපේ වෙඩි ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ නිලධාරියා කිව්වා. පහුවදා ලංකාවෙන් විදුලි හා ඉංජිනේරු බළකායේ නිලධාරියෙක් ආවා. ඔහු ලෝන්චර්ස් සියල්ල පරීක්ෂා කර බැලුවා. ඒ අතරේ මම මේවා ගෙනයන්න සුදුසු සහ එකඟතාව දක්වන ගුවන් යානයක් ලබාගන්න අවශ්‍ය කටයුතු කළා. අපිට මේ වැඩේට එකඟත්වය දැක්වූයේ අසර්බයිජානු ගුවන් සමාගමක්.
මේවා අපි ඉක්මන් භාවිතයට ගන්න නම් පලාලි ගුවන් තොටුපොළටයි ගෙන යා යුත්තේ. එය අන්තර්ජාතික ගුවන් තොටුපොළක් නොවන නිසා ඒ සම්බන්ධයෙන් විස්තර ලබාගෙන ඒ ගුවන් සමාගමට දුන්නා. මොකද මේ ගෙන යන ගුවන් යානය එහි ගොඩබැස්විය හැකිද යන්න පරීක්ෂා කළ යුතුයි. තොරතුරු ලබාදුන් පසු ඔවුන් එය පරීක්ෂා කර බලා එහි යන්න එකඟ වුණා. අපි ඒ ගුවන් යානයෙන් මල්ටිබැරල් දෙකක් හා රොකට් හාරසීයක් පිටත් කළා. අපි සතුටින් හිටියා පැය දොළහක් වැනි කාලයකදී ඒක පලාලි ගුවන්තොටුපොළට ළඟාවෙයි කියලා.
අපි හිතපු විදිහට ගුවන් යානය ගිහින් තිබුණේ නැහැ. මට දිගින් දිගටම දුරකතන ඇමතුම් එනවා. පස්සේ හොයා බලනකොට අසර්බයිජානයේ ගුවන්තොටුපොළකට බස්සවාගෙන තිබුණා. එතනින් මේකේ ගිනි අවි තිබෙන නිසා පිටත් වෙන්න දීලා තිබුණේ නැහැ. ඊට පස්සේ තවත් ලෝන්චර්ස් දෙකක් හා රොකට් තුන්සීයක් එක්ක දෙවැනි ගුවන් යානය පිටත් කළා. ඒකත් ලංකාවට ගියේ නැහැ. දැන් තත්ත්වය හොඳටම බරපතළයි. යුද හමුදාපතිතුමා සෑහෙන පීඩාවකින් කතා කරනවා මොකද කරන්නේ මේවා එවන්නේ නැද්ද කියලා. බලනකොට ඒ ගුවන්යානය ඉරාන ගුවන් සීමාවෙන් යද්දී බස්සවාගෙන තිබුණා. ඔවුන්ගේ ගුවන් සීමාව උල්ලංඝනය කළා කියලා. අපි වැඩේ අත්ඇරියේ නැහැ. තුන්වැනි යානයත් පිටත් කළා.
එල්ටීටීඊ බලය බිඳ දැමීමට ප්‍රමාණවත් ආයුධ ශ්‍රී ලංකා රජය සතු නොවීය. එල්ටීටීඊය එල්ලකරන ලද කාලතුවක්කු හා මෝටාර්වලට උත්තර දීමට නම් ‘මල්ටි බැරල් රොකට් ලෝන්චර්’ අවශ්‍ය විය. මේ හදිසියේ කොහෙන්ද ඒවා ලබාගන්නේ? ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් විවිධ රටවල් සමග සාකච්ඡා කළ අතර හදිසි අවශ්‍යතාව සඳහා පාකිස්ථානු රජය ඒ අවස්ථාවේදී ඔවුන් භාවිතා කරමින් තිබූ මල්ටි බැරල් දෙකක් මෙරටට ලබාදුන්නේය. එය ඒ කාලය අනුව පාකිස්ථාන රජය ශ්‍රී ලංකා රජයට දැක්වූ විශාල සහයෝගයකි.
තුන්වැනි යානය පටවද්දී පණිවුඩය ආවා දැන් පලාලිවලට මේක බස්සවන්න බැහැ, එල්ටීටීඊය ඒ අවට මෝටාර් ප්‍රහාර එල්ල කරනවා කියලා. ඒ නිසා අපිට සිදුවුණා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට බස්සවන්න. එතනින් කොළඹ වරායට අරන් ගිහින් එතනින් පළාලිවලට අරන් ගිහින් මේවා භාවිතා කරන්න ගත්තා. පසුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යොදාගනිමින් අර අතරමග නැවතුණ ආයුධ ටිකත් ගෙන්වා ගත්තා.
ඕවා ලැබෙන්න ටිකක් කල් ගියා. ඒ නිසා අපිට මුලින්ම භාවිතා කරන්න සිදුවුණේ මල්ටිබැරල් දෙකක් සහ රොකට් තුන්සීයක් විතරයි. රොකට් තුන්සීයක් කියන්නේ මේ පැවති යුද්ධයත් සමග ඉතාම සුලු ප්‍රමාණයක්. මොකද එක වරකට ඒ කියන්නේ තත්පර විසිදෙකකදී රොකට් විස්සක් විදිනවා. මේ රොකට් උණ්ඩයක් කිලෝමීටර් දෙකේ සිට දාහත දක්වා දුරකට විදින්න පුලුවන්. අපි යම් ඉලක්කයක් සැලසුම් කරලා එතනට මල්ටි බැරල් ප්‍රහාරයක් එල්ල කරනවා කියන්නේ එතන සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියන එකයි. ඒ නිසා අපිට ලැබුණ සීමිත සම්පත උපරිම ප්‍රයෝජනයක් වෙන ආකාරයට භාවිතා කළ යුතුව තිබුණා. ඒ සම්බන්ධයෙන් උතුරේ හමුදා ප්‍රධානීන් හා කාලතුවක්කු බළකාය දැනුවත් කරලා තමයි අපි ආයුධ භාර දුන්නේ.
ඔවුන් මේක නිසියාකාරව භාවිතා කළා. ඒ නිසා අපිට හැකි වුණා සතුරාගේ ඉලක්කය අඩාළ කරන්න. ඒ වගේම සතුරා විනාශ කරන්නත් අපිට හැකි වුණා. මල්ටි බැරල් නිසා එදා පැවතුණ යුද වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස්ම තැනකට ගෙනියන්න හැකි වුණා. එල්ටීටීඊය උතුරේ බලය අල්ලා ගනිමින් ඉදිරියට එමින් සිටියේ. එහෙත් අපිට හැකි වුණා එල්ටීටීඊයේ ඉදිරි ගමන වළක්වන්න. ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ කරන්න. ඒ වගේම ඇතැම් අවස්ථාවල ඔවුන් විශාල පිරිසක් එක්ව සිටින තැන්වලදී පහරදී විනාශ කරන්න. මෙවැනි ආයුධ භාවිතා කරද්දී අපි ගොඩක් හිතලා බලලා තමයි ඒක කරන්න ඕනෑ. විවිධ අණදෙන නිලධාරීන් විවිධාකාරයෙන් තමන්ගේ උපක්‍රම ඒ සඳහා යොදාගන්නවා. මම දෙදාස් හයේ මුහමලේ සටනේදී මේවා භාවිතා කළේ ඉතාමත් සූක්ෂම ආකාරයෙන් සතුරා එක තැනකට එකතු වෙන්න සලස්වා ඒ ස්ථානයට මේවායින් පහර දීමයි.
මේ රොකට් ලෝන්චර්ස් දානකොට හමුදාවේ අපිට හරි අශ්වාදයක්. ඒවා අග ගිනිපත්තු වෙමින් තමයි යන්නේ. එළිය විහිදවගෙන වරුසාවක් වගේ රොකට් යනකොට අමුතු ශක්තියක් අපිට ලැබෙනවා වගේ. ඒත් අනෙක් පැත්තේ ඉන්න හතුරා එයින් භීතියට පත් කරනවා. මේවා වැටෙන්නේ පොළොව දෙදරුම් කාගෙන. පළාතම වළවල් හෑරිලා විනාශ වෙනවා. සතුරාට මොනවත්ම හිතන්න කාලයක් ඉතිරිවෙන්නේ නැහැ. ලෝන්චරයෙන් පිටවෙලා තත්පර විසිදෙකක් ඇතුළත සතුරා වෙත ඒවා ළඟා වෙලා ඉවරයි. අපිට නැතිවුණ තැන් ආපහු ගන්න ඒ වෙලාවේ බැරි වුණත් සතුරාගේ ඉදිරි ගමන වළක්වන්න හැකි වීම ලොකු ජයග්‍රහණයක්. එහෙම නොවුණා නම් අපිට උතුර මුදාගන්න වෙනම යුද්ධයක් කරන්න සිදු වෙනවා. මේ ප්‍රහාරයෙන් පස්සේ අපිට අනෙක් ආයුධත් ලැබුණ නිසා තත්ත්වය පාලනය කරගන්න හැකි වුණා. ඇත්තටම රොකට් ලෝන්චර්ස් ගේන්න ගත්ත තීරණය අපේ යුද ජයග්‍රහණයට සෑහෙන යහපත් බලපෑමක් කළා.
මුදිතා දයානන්ද සහ
ඉන්දිකා රාමනායක