පිරමීඩයේ පරමාණු නිපදවූවාද?


වසර දහස් ගණනක් තිස්සේ මැදපෙරදිගට සහ අපරදිගට මහත් වාසනාවක් වූයේ මහා පිරමීඩයයි. පරිපූර්ණ ශුද්ධ වූ ජ්‍යාමිතියෙන් පෝෂණය වූ පිරමීඩයක් නරඹන මිනිසාගේ මනසෙහිත්, එමෙන්ම පරිසරයෙහිත් පවතින ඍනාත්මක බව බැහැර කිරීමේ බලය පිරමීඩයක පවතින්නේ යැයි පැරැන්නෝ විශ්වාස කළහ.  


පිරමීඩය පිළිබඳව නොයෙකුත් මත ඇත. ඇතැමුත් පවසන්නේ පාරාවෝ අධිරාජ්‍යයන්ගේ සොහොන් ගෙවල් පිරමීඩ බවය. ඒ බව සනාථ කිරීමට පිරමීඩ තුළ පවතින ‘මමි’ නමැති නොදිරා ගිය මිනී උදාහරණ ලෙස දක්වති. එහෙත් වර්තමානයේ බොහෝ විද්‍යාඥයින් සිදුකරන ලද පර්​ෙ‌ය්ෂණයන් අනුව හෙළිවන්නේ පිරමීඩ යනු ඊට එහා ගිය ජ්‍යාමිතික විද්‍යාත්මක පදනමක් ඇති ඉදිකිරීමක් බවයි. මේ පිළිබඳව තවමත් ඔවුන් ස්ථිර නිගමනයකට එළැඹ නැත. මේ අදහස පවසන්නේ පිරමීඩ පිළිබඳව විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණයක වසර 33ක් නියැළුණු ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයකු වන පෙඩ්රික් ෆැබ්ලෝ මහතාය.  


ඔහුගේ පර්​ෙ‌ය්ෂණ අනුව හා වෙනත් අයගේ පර්​ෙ‌ය්ෂණ අනුව ලොව පුදුම හතෙන් එකක් වන මහා පිරමීඩයේ කිසිදු මමියක් තිබී නැත. එපමණක් නොවේ, එහි ඇති අනෙකුත් පරිවාර පිරමීඩවල ද මමි තිබී නැත. මේ මහා පිරමීඩ ඉදිකිරීම පිළිබඳව උගතුන් මෙන්ම පර්​ෙ‌ය්ෂකයෝ විවිධ මත පළ කරති. ඒවා පහත සඳහන් පරිදි පළවන අදහස්ය. එනම් මරණින් මතු ශේෂවන අති සියුම් භාවයන්ගේ චාරිකාවනට උපකාරි වන විද්‍යාත්මක තාරකා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස, මානසික උපකරණයක් ලෙස ආධ්‍යාත්මීය පර්​ෙ‌ය්ෂණාගාරයක් ලෙස, අතීතයත් අනාගතයත් ගබඩා කරන ස්ථානයක් ලෙස, නිධන් ගබඩාවක් ලෙස, ඉතා සූක්‍ෂම ගුවන් යානා වැනි එකල ඔවුන් සතුව තිබූ යානාවලට බලය සැපැයීමට සැකසූ බලාගාරයක් ලෙස, රාජකීය මැදුරක් ලෙස, දිව්‍ය ලෝකයට යන තෙක් නැවතී සිටීමට තැනූ නවාතැනක් ලෙස, විශ්වය හා සන්නිවේදනය කිරීමට තැනූ මධ්‍යස්ථානයක් ලෙස වැනි කාරණා සඳහා මෙම පිරමීඩ භාවිත කරන්නට ඇතැයි ඔවුන්ගේ පර්​ෙ‌ය්ෂණ ඔස්සේ ආ හැකි නිගමන සලකා මත ප්‍රකාශ කරති. එහෙත් මෙයින් නිවැරැදි මතය හෝ මත කුමක්දැයි තවමත් නොදනී. පීරමීඩය ලොවට ඉතිරි කර ඇත්තේ මහා කුතුහලයකි. වර්තමාන මිනිසාට පිරමීඩයේ ඇති බලය පිළිබඳව දැනගන්නට ලැබුණේ මීට සියවසකට පමණ පෙර යැයි පැවැසුවහොත් එය නිවැරැදිය. වසර 1930 දී අහම්බෙන් පිරමීඩයට ඇතුළු වූ ප්‍රංශ ජාතිකයකු වන එම්. බෝවිස් නමැත්තා නිසාය.  
පිරමීඩය තුළට පිවිසි ඔහුට ඔහුගේ නෙතට අසු වූ විවිධ දර්ශන ඔහුට අදහාගත නොහැකි විය. ඔහු එම දර්ශන එසේ පෙනෙන්නට හේතුන් සොයා බලන්නට විය. අවසානයේ ඔහුට වැටහුණේ පීරමීඩයේ තිබෙන ජ්‍යාමිතික හැඩතල හේතුවෙන් මේවා මෙසේ වන්නට ඇති බවය. අනතුරුව ඔහු අනාගතයේ මේ පිළිබඳව සොයා බැලිය යුතු නිගමනය කළ යුතු කරුණු රැසක් සිත්හි සනිටුහන් කරගෙන ආපසු ප්‍රංශයට පැමිණියේය. ඔහු ආපසු තම රටට පැමිණ පිරමීඩයේ ඇති ජ්‍යාමිතික හැඩතල අනුව ඔහු පිරමීඩයක ආකෘතියක් තැනීය. ඒ සඳහා ඔහු පිරමීඩයේ ත්‍රිකෝණ හැඩයත් පිරමීඩයේ ඇළ කෝණයේ ප්‍රමාණයත් ඇසුරු කරගත්තේය. ඒ අනුව ත්‍රිකෝණ හතර සාදා පිරමීඩාකාරව සකසාගෙන මහා පිරමීඩය දිශාගත වී තිබූ දිශාවට තම පිරමීඩය දිශාගත කොට සිය පර්​ෙ‌ය්ෂණ කටයුතු මෙහෙයවන ලදී. එදා ඔහු විසින් මහා පිරමීඩයට පිවිසි අවස්ථාවේ දුටු බළල් කුණක් නරක් නොවී තිබීම පිළිබඳ කරුණ ප්‍රථමයෙන් පර්​ෙ‌ය්ෂණයට භාජනය කරන ලදී. ඒ අනුව ඔහු තමන් විසින් නිර්මාණය කරන ලද පිරමීඩය තුළ බළල් කුණක් තබා පර්​ෙ‌ය්ෂණය ආරම්භ කළේය. සති ගණනක් ගිය ද එම බළල් කුණ නරක් නොවී ඒ අයුරින්ම තිබුණි. කිසිදු දුගඳක් එහි නොවුණ අතර කුණ තිබුණ පරිද්දෙන්ම තිබුණි. ඉන් පසු ඔහු පිසූ ආහාර පිළිබඳ පර්​ෙ‌ය්ෂණ සිදුකළ අතර ඒවා ද නරක් නොවී තබාගත හැකි බව හෙළි විය. මෙම පර්​ෙ‌ය්ෂණ තුළින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත් ඔහු තමාට ඇති වූ සිතුවිල්ලක් අනුව රැවුල බෑමට භාවිත කළ බ්ලේඩ් තලයක් ඔහු තැනූ පිරමීඩය තුළ තබන ලදී. එමගින් ඔහුට නිරීක්‍ෂණය කළ හැකි වූයේ ඔහු තැනූ පිරමීඩය තුළ බ්ලේඩ් තලයක් තැබූ කල එය නැවත මුවහත් වන බවය. මේ ආකාරයෙන් ඔහු බොහෝ පර්​ෙ‌ය්ෂණ කළ ද ඒවායේ ප්‍රතිඵල ලෝකයේ නොයෙකුත් විද්‍යා ආයතනවලට දුන්නත් එම ආයතන ඒවා කිසිවක් වැදගත් කොට සැලකුවේ නැත.  


එහෙත් මෙම තත්ත්වයෙන් පසුව විද්‍යාඥයන් නව මානයකින් යුතුව පිරමීඩ පිළිබඳව පර්​ෙ‌ය්ෂණ ආරම්භ කළ අතර ඔවුන් සොයාගත් කරුණු අනුව යම් නිගමනයකට ඒමට ඔවුන්ට හැකි විය. එනම් අතීතයේදී මෙම මහා පිරමීඩ තුළ පරමාණු නිපදවන්නට ඇති බවය.  


රුසියානු විකිරණ විද්‍යාඥයකු වන ඇලෙක්සැන්ඩර් ගොඩාඩ් විසින් තනවනු ලැබූ මීටර් 142ක් උසැති පිරමීඩයේ බලය අනාවරණය වූයේ ඊට බොහෝ කලකට පසුවය. එනම් රුසියානු මිලිටරි රේඩාර්වලට අතිදැවැන්ත ශක්ති තීරයක් අවකාශයේ පවතින බව අනාවරණය විය. ඒ පිළිබඳව කරනු ලැබූ පර්​ෙ‌ය්ෂණවලදී හෙළි වූයේ මෙම රුසියානු පිරමීඩයෙන් නිකුත් වන ශක්ති තීරයක් බවය. එම ශක්ති තීරය කොපමණ බලවත් ද යත් ඉහළ අහසේ පවතින ඕසෝන පටලය නැවත අලුත්වැඩියා කිරීමේ ශක්තියක් මෙම ශක්ති කදම්බය තුළ පවතින බවය. එම පිරමීඩය අවට ගහකොළ වැවෙන්නට පටන්ගෙන ඇති අතර එම ස්ථානය වර්තමානයේ සංචාරකයන් නිතර ඇදී එන ස්ථානයක් බවට පත්වී ඇත.  


මේ අන්දමින් බලන කල ගිසාහි ඉදිකර ඇති මහා පිරමීඩය කවුරුන් විසින් නිර්මාණය කළාදැයි සිතන්නට නොහැකි බව ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණ කරන පර්​ෙ‌ය්ෂකයෝ පවසති. එය මිනිසුන් විසින් ඉදිකරන ලද්දක් බව සැබෑවක් වුවත් මෙතරම් දැනුම් සම්භාරයක් ලැබුණේ කෙසේදැයි සිතාගත නොහැකි බව ඔවුහු පවසති.  
මෙම පිරමීඩ සකසා ඇති තාක්‍ෂණය පිළිබඳව පැහැදිලි කරන ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වන ඇලෙක්සි ඇන්ඩ්වල් මහතා පවසන්නේ, ඒසා විශාල මහා ගල් සම්භාරයක් ඉහළට ඔසවා නියමිත ආකාරයට තැන්පත් කර ඇති අතර එසේ කර ඇත්තේ විශ්වය නිර්මාණය වී ඇති ස්වර්ණමය අනුපාතය පිළිබඳ අවබෝධයක් එකල මෙය නිර්මාණය කළ අයට තිබූ නිසා බවයි. එසේම ශක්ති නිර්මාණය වන ප්‍රධාන දිශාවන් ද ග්‍රහ තාරකාවන්ගේ බලය නිරතුරුවම ලැබෙන අන්දමට පිරමීඩය ස්ථානගත කිරීමට ඔවුන් වග බලාගෙන ඇති බවය. එසේම පිරමීඩය ඉදිකිරීමට පෙර එය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය මිනුම් එනම් දිග, පළල, හැඩතල, උස, ශක්ති මට්ටම් ආදී තොරතුරු සපයාගෙන ඇත්තේ ද විශ්වයට අදාළ දත්තවලිනි.  


අක්කර 13ක ප්‍රමාණයක පිරමීඩ භූමිය පවතී. පිරමීඩයක උස මීටර් 147.8කි. එය සමාන වන්නේ පෘථිවියේ සිට හිරු දක්වා ඇති දුර ප්‍රමාණය වන කිලෝමීටර් මිලියන 149.5ක් වන ප්‍රමාණයෙන් බිලියනයකින් පංගු ප්‍රමාණයකි. එහි නිරවද්‍යතාවය 99.9%ක්ය. ඊළඟ පුදුමය වන්නේ මෙම පිරමීඩයේ උසය. මෙම පිරමීඩයේ උස තීරණය කිරීමට උපයෝගි කරගත් තවත් දත්තයක් වී ඇත්තේ මුළු පොළෝ තලයේම පවත්නා උස් මිටි තැන් අවම මුහුදු මට්ටමේ සිට ගණනය කර එහි සාමාන්‍ය උස ප්‍රමාණය වන අඩි 455 සැලකිල්ලට ගනිමිනි. පිරමීඩයේ උස ද අඩි 455කි. පිරමීඩයේ සියලු පැතිවල ඇලය පතුලේ සිට අංශක 51°, 51°, 14° වේ. කෝණාකාරව එය ඉහළට විහිදෙන විට පතුලත පරිමිතිය උසට ඇති අනුපාතය 314759කි. එය ජය 1 නමින් හඳුන්වයි. ඒ අනුව එය ඇතුළත් ස්වර්ණමය අනුපාතය නිර්මාණය වේ. පිරමීඩ ගණනය කිරීම සඳහා යොදා ගැනුණ මිමි ක්‍රමය සඳහා ද විශ්වයට අදාළ මිමි භාවිත කර ඇත. පිරමීඩයේ මිනුම් ගණනය කරන ඒකකය වන්නේ පිරමීඩ කියුබටය 25ය. එය පෘථිවි විෂ්කම්භයෙන් අර්ධයක් වන කි.මී. 6357න් බිලියන 10 පංගුවකි. එනම්, මිමි 635.66කි. පිරමීඩයේ එක් පැත්තක දිග අඟල් 9131කි. එය පිරමීඩ කියුබටය වන 25න් බෙදූ කල ලැබෙනුයේ 365.24කි. මෙය සමාන වන්නේ වසරකට ඇති දින ගණනටය. පිරමීඩයේ බර ටොන් 530,000කි.
මෙම දත්ත හා නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳ සුපරික්‍ෂාකාරීව බැලීමේදී මෙම පිරමීඩය ආවාට ගියාට නිර්මාණය වූවක් නොවන බව ද විද්‍යාඥයෝ පවසති. 

 
මෙසේ බලන කල පිරමීඩයේ බලයත්, එහි ගැබ්ව ඇති රහස් හෙළිදරව් කරගැනීමට වෙහෙසෙන විද්‍යාඥයන්ට ඒවා සොයා ගැනීමට ඔවුන්ගේ ජීවිත කාලයත් මදිවන බව නිසැකය.  


වර්තමානයේ මෙන් අතිදැවැන්ත යන්ත්‍ර සූත්‍ර නොතිබුණු එම යුගයේ මෙම නිර්මාණ කෙසේ ඉදිකරන්නට ඇත්දැයි යන්න අද ලෝකයටම ගැටලුවකි.  


මෙම පිරමීඩය මිශ්‍රිත ගල් විශේෂවලින් නිර්මාණය කර ඇත. එම ගල් ඒ අවට හා ඊට බොහෝ දුරකින්වත් සොයාගත නොහැකි බව පර්​ෙ‌ය්ෂකයෝ පවසති. මෙය ඉදිකිරීමට යොදාගෙන ඇති ගල්වල බර ටොන් 2 සිට ටොන් 70 දක්වා බරය. මෙම ගල් කෙසේ කුමන ආකාරයකින් ප්‍රවාහනය කරන්නට ඇත්දැයි අදත් ගැටලුවකි. එසේම සම්මත මිමි අනුව තැන්පත් කිරීම ඊටත් වඩා විශ්මයකි. එමෙන්ම ටොන් 600ක් බරැති රත් පැහැ ග්‍රැනයිට් පළකයක් රජ කුටියේ තැන්පත් කළේ කෙසේ දැයි ඊටත් වඩා ගැටලුවකි. මේ මහා පිරමීඩයට යොදා ඇති ගල් ප්‍රමාණය ලක්‍ෂ 26කි. මෙම පිරමීඩයේ බලය පවතින්නේ හැඩතලවලය. එනම් ත්‍රිකෝණයේත්, එම ත්‍රිකෝණ ඇල කෝණයේත් බව විද්‍යාඥයෝ පවසති.

 

 

බ්‍රිටිෂ් එක්ස්ප්‍රස් සඟරාව ඇසුරෙනි.
කොත්මලේ රංජිත් සිසිර කුමාර සූරියආරච්චි