ලෝකයේ ලොකු ම මිරිදිය විල ලෙස සැලකෙන්නේ සයිබීරියාවේ බයිකල් විලය. පසුගිය දා රුසියාව සහ ඒ අවට රටවල විද්‍යාඥ කණ්ඩායමක්, මේ වනවිට අයිස්වලින් මිදී ඇති බයිකල් විලට ගියේ අපූරු පර්යේෂණයක් සඳහාය. සුවිශේෂී ආකාරයේ දුරේක්ෂයක් එසේත් නැතිනම් දුරදක්නයක් මෙම විද්‍යාඥයන් නිර්මාණය කර තිබේ.
සාමාන්‍යයෙන් දුරේක්ෂ භාවිතයට ගැනෙන්නේ අහස නිරීක්ෂණයටය. තරු ග්‍රහලෝක ආදිය දැක ගැනීමටය. ඒත් මේ දුරේක්ෂය, පෙනුමින් සහ හැඩයෙන් සාමාන්‍ය දුරේක්ෂයක් මෙන් නොවෙයි. මෙය ප්‍රමාණයෙන් විශාලය. අඩි 4,300ක් (මීටර 1310 ක්) දිය යට පරීක්ෂා කිරීමට නිපදවන ලද්දකි. විද්‍යාඥයන් කැණීමක් කර බයිකල් විල් පතුලට මෙම දුරේක්ෂය යැවීම සිදු කළේ අපූරු දෙයක් ගවේෂණණය කිරීමේ අරමුණින්ය. මේ අපූරු දේ න්‍යුට්රීනෝ ය. විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබෙන ලොව පවතින කුඩාම අංශුව න්‍යුට්රීනෝ ය.
මේ න්‍යුට්රිනෝ දුරේක්ෂය 2015 සිට මේ දක්වා තනනු ලැබූවකි. ඝන අඩි 17,657ක් ප්‍රමාණයක් ආවරණය වන මේ දුරේක්ෂය තුළ වීදුරු ගෝලයක්, මළ නොබැඳෙන වානේ මොඩියුල රාශියක් හා සමඟ බැඳුණු රැහැන් පද්ධතියක් ද ඇතුළත්ය.
මුලින් සිතා සිටියේ කුඩා ම අංශුව ‘අණුව’ කියාය. කෙසේ නමුත් ඊටත් වඩා කුඩා එකක් ඇතැයි විද්‍යාවට අනාවරණය වෙද්දී, එය පරමාණු (පරම+අණුව) යනුවෙන් නම් කෙරුණි. ඒත් අද වනවිට, වෙන් කොට ගත හැකි, ඊටත් කුඩා අංශුවක් ඇති බව හෙළි වී තිබෙන හෙයින්, ඊට පරමාණු යනුවෙන් කිව නොහැකිය. එය උපපරමාණුක අංශුවකි. ‘න්‍යුට්රෝන’ හා ‘ප්‍රෝටෝන’ එවැනි උපපරමාණු අංශුය. ඊටත් වඩා කුඩා අංශුව (ස්කන්ධය ශූන්‍යයට ආසන්න) ‘න්‍යුට්රෝන’ යන නමින් නම් කර තිබේ.
න්‍යුට්රීනෝ විද්යුත් ආරෝපණයක් නිකුත් කරන්නේ නැත. එයට ඇත්තේ ශූන්‍යයට ආසන්න ඉතා කුඩා ස්කන්ධයක් නිසා හඳුනාගැනීම අපහසුය. විශ්වය පුරා වැඩියෙන් ම පැතිර ඇති ද්‍රවයක් ලෙස මේ අංශු හැඳින්විය හැකිය. රුසියාවේ, චෙක් ජනරජයේ, ජර්මනියේ, පෝලන්තයේ සහ ස්ලොවේකියාවේ විද්‍යාඥයන් අත්වැල් බැඳ ගනිමින්, න්‍යුට්රීනෝ දැක ගැනීම සඳහා විශේෂ අන්වීක්ෂ දුරදක්නයක් තැනුවේ ඒ නිසාය. මෙම න්‍යුට්රීනෝ දුරේක්ෂය නම් කර ඇත්තේ ‘බයිකල් ජීවීඩී නිරීක්ෂකයා’ කියාය.
බයිකල් විලේ ගැඹුරු ගැඹුරට යවා, මෙම න්‍යුට්රිනෝ දුරේක්ෂය මගින්, න්‍යුට්රිනෝ අංශු පිළිබඳ අධ්‍යයනය කිරීමෙන්, විශ්වයේ සම්භවයේ ආරම්භය පිළිබඳවත් කෘෂ්ණ පදාර්ථ හා කෘෂ්ණ ශක්ති ප්‍රභවයන් පිළිබඳවත් අවබෝධයක් ලැබිය හැකිවෙතැයි පර්යේෂකයන්ගේ අදහස වී තිබේ.
2015 සිට තනනු ලැබූ මෙම දුරේක්ෂය, පළමුවරට නිරීක්ෂණය සඳහා යොදා ගනු ලැබුවේ පසුගිය 13 වැනි සෙනසුරාදා දිනයේය. බයිකල් විල අද්දර සිට, සැතැපුම් එක හමාරක් ඇතුළට වන්න, මිදුණු දිය මත චතුරස්රාකාර කට්ටයක් කපා, අයිස් තට්ටුව ඉවත් කොට, ඒ තුළින් මේ න්‍යුට්රීනෝ දුරේක්ෂය ඉතා පරිස්සමෙන් දිය යටට යැවීම සිදු කෙරුණි. මෙම දුරේක්ෂය, උතුරු අර්ධ ගෝලයේ ඇති විශාලතම න්‍යුට්රීනෝ දුරේක්ෂය ලෙස ද සැලකෙයි.
‘මේ බයිකල් විල තමයි එකම තැන මේ වගේ න්‍යුට්රීනෝ දුරේක්ෂයක් සවිකළ හැකි. විශේෂයෙන් ම ඒ එහි ගැඹුර නිසයි’ මේ ව්‍යාපෘතියේ එක් පර්යේෂකයකු වන ආචාර්ය බෙයා ෂොයිබිනෝෆ් පවසයි. බයිකල් කියන්නේ මිරිදිය විලක් වීමත් එහි පැහැදිලි ජලය පැවතීමත් අනෙක් හේතූන් වෙනවා.’ ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. මෙම න්‍යුට්රිනෝ දුරේක්ෂ ව්‍යාපෘතිය හරහා අධිබලශක්ති විශ්ව න්‍යුට්රිනෝ ගලා එන ප්‍රභවයන් පිළිබඳව අධ්‍යයනයක් සිදුවෙයි. බයිකල් විල මාස දෙකක් හිමෙන් වැසී, විල අයිස්වලින් මිදී තිබීම මෙම පර්යේෂණයට ඉතා සුදුසු යැයි ද පැවැසෙයි
මෙම දුරේක්ෂය සංයුක්ත එකක් බැවින්, එහි අධිශක්ති න්‍යුට්රිනෝ වෙන වෙනම නිරීක්ෂණය කළ හැකි කොටස් රැසක් එහි තිබේ. මේ නිසා මුළු දුරේක්ෂය නැවත සැකසීමක් නොකර වෙන වෙනම කොටස් එක් කර පුළුල් නිරීක්ෂණයක් කළ හැකිය.
න්‍යුට්රිනෝ කුඩා අංශු පදාර්ථ සමග ප්‍රතික්‍රියා නොකරන නිසා හඳුනා ගැනීම ඉතාමත් අසීරුය. එසේ අසීරු වන්නේ, සාමාන්‍ය පදාර්ථ සමඟ ප්‍රතික්‍රියා නොකර, ආලෝකයේ වේගයෙන් මෙම න්‍යුට්රිනෝ අංශු ගමන් කරන නිසා යැයි පැවැසෙයි. න්‍යුට්රිනෝ හඳුනා ගැනීමට ස්වභාවයෙන් ම නිසසල ගැඹුරු තැනක් අවශ්‍ය වෙයි. බයිකල් විල වගේ ම දක්ෂිණ ධ්‍රැවය, මධ්‍යධරණී මුහුද ද එවැනි තැන් ලෙස විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. ඍජු රේඛා ඔස්සේ, පෘථිවිය වෙත එන අතිවිශාල න්‍යුට්රිනෝ කදම්බයන් අතරින් මෙන්ම, සෑම තත්පරයක් තුළම පසුකර යන ට්‍රිලියන 100කටත් වඩා න්‍යුට්රිනෝ අතරින් ද දිනකට න්‍යුට්රිනෝ 30 ක් පමණ මේ නිරීක්ෂක දුරේක්ෂය මගින් හඳුනාගනු ඇතැයි විශ්වාස කෙරේ.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි