පෙනෙන නොපෙනෙන ලෝකය
මහනාග දේවාලය
අවසන් හුස්ම පොඳ වා තලයට මුසුවෙන මොහොතේ ඇතිවෙන පළිගැනීමේ වෛරී චේතනාවන් කොපමණ බලවත් ද? යත් ඔහු හෝ ඇය මළවුන් අතරට ගොස් ඒවා තමන් හැදු වැඩු මව්පියන් පවා විනාශ කිරීම දක්වා දුර දිග යන්නේ කිසිවෙකු නොසිතන නොපතන අයුරිනි.
එවැනි පළිගැනීමේ චේතනාවෝ තම මව්පියන් සහ එකම සහෝදරිය වසර ගණනාවක් පුරා පීඩාවෙන් පීඩාවට පත් කර ඔවුන් මහ මඟට ඇද දැමීමට තරම් පුංචි දරුවෙකුගේ ආත්ම කුරිරු වීමට තරම් සිතුවිලි පහළවීම ද අපට නම් අදහා ගත නොහැකිය.
භූත ලෝකයේ කතා අතර ඔබ අප අසා ඇති කතාවලට වඩා මේ කතාව වෙනස් වන්නේ මවුපියන් දරුවෙකු ගැන නොසලකා හැරීම නිසා කුඩා දරුවෙකු තුළ ඇති වූ පළිගැනීමේ වෛරි චේතනාවක් නිසාවෙනි.
රෝහල් ගතව සිටින තමන් බැලීමට රෝහලට ඒම පසෙක තබා තම නිෙවස ඉදිකිරීමේ කටයුත්තට මුල් තැනක් දී මව්පියන් කටයුතු කිරීම නිසා මෙම චේතනාව පහළ වූ බව හසලක වරාගොල්ල මහා නාග දේවාලයේ දී දේවගැති අරඹගේ ජයවර්ධන කපු මහතා ඉදිරියේදී පැවති ශාන්ති කර්මයක දී දරුවකුගේ භූත ආත්මයක් විසින් කළ පාපොච්චාරණයකින් හෙළි විය.
ඔහුට අපි තරිඳු යැයි කියමු. දුම්බර කඳුවළල්ල වටකොට පහත් බිමක පිහිටි ගම්මානයක විසූ පවුලක දෙවෙනි දරුවා ලෙසින් තරිඳු මෙලොව එළිය ලැබීය. පවුලේ වැඩිමලා වන්නේ දියණියකි. ඇයට සදලිකා යැයි කියමු. සදලිකා තරිඳුට වඩා වසර 4කින් පමණ වැඩිමහල්ය.
දරු දෙන්නා ගමේ පාසලේ අධ්‍යාපනය ලැබූ අතර තරිඳු 4 වසරේ ඉගෙන ගන්නා විට අක්කා 8 වසරේ අධ්‍යාපනය ලැබීය. සිව් දෙනෙකුගෙන් යුතු මේ පවුලේ ගෘහ මූලිකයා වූ තරිඳුගේ පියා එදිනෙදා කුලියෙන් සිය පවුල නඩත්තු කළේය. පුංචි නිෙවසක දිවි ගෙවූ මේ පවුලේ දරුවන් දිනෙන් දින උස් මහත් වෙන්නට ගත්තෙන් පියාට අවශ්‍ය වූවේ එදිනෙදා කුලි වැඩෙන් ඉතිරි කර ගත් මුදල් වැය කර දරුවන්ට හොඳ නිවහනක් ඉදිකර දී සුන්දර අනාගතයක් සලසා දීමටය.
ඒ අපේක්ෂා පෙර දැරි කරගෙන ඔහු ගමේ පෙදරේරුවෙකු සහභාගි කරවාගෙන නිෙවස ඉදිකිරීමේ කාර්යය ආරම්භ කළේය. මෙම ඉදිකිරීම් ඉක්මනින් නිම කර අහවර කොට පෙරළා තම රැකියාවේ නිරතවීමට ද ඔහුට අවශ්‍ය විය. ඒ නිසාම අනෙක් කටයුතු පසෙකලා දිවා රෑ නොබලා නිෙවස ඉදිකිරීමේ කාර්යයේ නිරත විය.
4 වසරේ ඉගෙන ගනු ලැබු පුංචි තරිඳු පාසලේදී හදිසියේ රෝගාතුර විය. තරිඳුගේ නිෙවසට පණිවුඩයක් යැව් ගුරුවරු උණ රෝගයෙන් පෙළුණු තරිඳු පෙරවරු 10.30 ට පමණ නගරයේ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට පියවර ගත්හ. පාසල් නිල ඇඳුම පිටින්ම තරිඳු රෝහල් ගත විය. දහවල් 12ට රෝගින් බලන වේලාව පැමිණ තිබිණි. වාට්ටුවේ නේවාසිකව සිටින අනෙක් රෝගීන් බැලීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අයුරු තරිඳුට දැක ගත හැකි විය. රෝහල් ගතව සිටින තරිඳු ද දෑස් දල්වාගෙන බලා සිටියේ තමන් බැලීමට අම්මා, තාත්තා හෝ තම එකම අක්කා ඇතුළු පවුලේ අය, ගමේ අය පාසලේ මිතුරන් තමන් බලන්නට එනවා ඇතැයි ද රෝහලේ දී අඳින්නට අවශ්‍ය ඇඳුම් අරගෙන දහවලට කන්නට මොනවා හරි අරගෙන දැන් එයි දැන් එයි කියා සිතමිනි. එහෙත් පුංචි තරිඳුගේ අපේක්ෂා සුන්විය.
තරිඳුගේ උණ රෝගය උත්සන්න වී තිබුණු හෙයින් ඔහුට වැඩිදුර ප්‍රතිකාර සඳහා වෛද්‍යවරු තරිඳු උසස් රෝහලකට මාරු කර යැවීමට දහවල් 12.15ට පමණ කටයුතු කරන ලදි.
එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින විටදී එදින සවස අත්තම්මා පමණක් පුංචි තරිඳු බැලීමට පැමිණියාය. එහිදි ඔහු අත්තාම්මා ගෙන් විමසුවේ “අත්තම්මේ කෝ අම්මා, තාත්තා, අක්කා, මගේ යහළුවෝ මාව බලන්න ආවේ නැත්තේ ඇයි” කියාය. “මයේ පුතේ ඒ ගොල්ලෝ අලුතෙන් හදන ගෙදර වැඩ. හෙට උදේ අම්මා හරි තාත්තා හරි මයේ පුතා බලන්න එයි” කියා ඇය පැවසුවාය.
“අනේ අත්තම්මේ මගේ අසනීපෙට වඩා ඒ අයට ගෙදර හදන එක ලොකු වෙලා ද? අත්තම්මේ” යැයි විමසන විට අත්තම්මාගේ දෙනෙතේ එතෙක් සැඟවී තිබු කඳුළු බිඳු ඇයටත් නොදැනීම තරිඳුගේ දෑත මතට වැටුණි. ඇයට ඇයගේ හැඬීම නතර කර ගැනීමට ද නොහැකි විය.
ලෙඩ ඇඳේ කෙඳිරි ගාමින් සිටියත් තරිඳු තම දයාබර අත්තම්මාගේ හැඬුම නතර කිරීමට විවිධ දේ පවසමින් අත්තම්මා සනසන්ට කතා කියන්නට විය.
ඒ වෙන විටත් පුංචි තරිඳු වටා වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය ඒක රාශිවී දරුවා සුවපත් කරන්නට විවිධ කටයුතු කරමින් සිටියහ. මේ අතර තරිඳු මරුවා සමඟ සටනක යෙදී සිටින බව අත්තම්මාටත් නොදැනුණා නොවේ. ගතවූයේ තවත් සුළු මෙහොතකි. මරුවාගේ හෝරාව පැමිණ ඇත. අත්තම්මාගේ අත අල්ලාගෙන සිටින ගමන්ම “අත්තම්මේ මම යනවා. මම ගිය බව අම්මාටත් තාත්තාටත් මයේ අක්කාටත් කියන්න. අත්තම්මේ ඔයාට බුදු සරණයි.” කියනවාත් සමඟම එතෙක් දොඩමළුව සිටි පුංචි තරිඳු නැවත ඇස් නොඅරින්නම දැස පියා ගත්තේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ එම ස්ථානයේ සිටි සැමගේ නෙතු අගට ද කඳුළු බිංදුවක් එකතු කරමිනි.
අඩක් ඉදිකර තිබු නිෙවසට රැගෙන ආ තරිඳුගේ දේහය දින දෙකකින් පසු ගමේ පොදු සුසාන භූමියේ දී මිහිදන් කෙරුණේ ගම්වාසීන්ගේ සහභාගිත්වයෙනි.
කතාව පටන් ගන්නේ එතැනිණ. ගතවූයේ දින කීපයකි. හදිසියේම තරිඳුගේ අක්කා සඳලිකා රෝගාතුර විය. ඒ වෙන විට සඳලිකා 13 හැවිරිදි වියේ පසු වූ පාසල් ශිෂ්‍යාවකි. සඳලිකාගේ රෝගයට දේශීය හා බටහිර වෙද හෙදකම්වලින් අඩුවක් නොවුණි. ගමේ දී බලි තොවිල් ශාන්ති කර්ම කළත් රෝගය සුව නොවන බව පෙනුණි. විටින් විට වැළදෙන එම රෝගය වැළදුණු සෑම විටකදීම ඇය මල්ලිගේ කට හඬින් විවිධ ආකාරයේ කතා කිරීම අපූරු සිදුවීමක් වී තිබිණි.
පැවැති ශාන්තිකර්ම හමුවේ සඳලිකා මල්ලිගේ කට හඩින් පවසා ඇත්තේ “මම අක්කාගේ ඇඟට ඇවිත් සිටිනවා. අක්කාට ගෙදර ඉදිරිපිට දේවාලයක් හදා ගන්න කියන්න. මම ගමේ අයට සාස්තර කියන්නම්. එතකොට සල්ලි ලැබිලා ගෙදර ඉතිරි වැඩ ටික හදා ගන්න තාත්තාට සල්ලි හම්බවෙයි.” කියාය.
සඳලිකා නැවත රෝගි වූ සෑම විටම එම අවස්ථාවේ ඇය අසල සිටින ගමේ හෝ පවුලේ අයට සාස්තර කියන්න පටන් ගන්නා ලදි. මැයගෙන් සාස්තර අහන්නට ගමේ අය නිතර නිෙවසට එන්නට පටන්ගත් අතර නිවසේ ඉඩ ප්‍රමාණවත් නොවු නිසා තරිඳු කී පරිදි පුංචි දේවාලයක් නිෙවස ඉදිරිපිට ඉදිකර එම ස්ථානයේ සඳලිකාට සාස්තර කියන්ට ඉඩකඩ සලසා දීමට පියා කටයුතු කළේය. ඒ වෙනවිට සඳලිකාගේ පාසල් ගමන ද නතර වී තිබිණි.
සඳලිකාට ගැමියන්ට සාස්තර කියන්නට ලැබුණේ ද ටික කාලයකි. පළිගැනීමේ චේතනාවෙන් අක්කාට උදව් උපකාර කළ තරිඳුගේ භූත ආත්මය එතැන් පටන් සාස්තර බලන්නට එන අයට සත්‍ය නොකියා අසත්‍ය ප්‍රකාශ කරන්නට විය. එම අසත්‍ය ප්‍රකාශ නිසා ගැමියෝ සඳලිකාට විවිධ චෝදනා කරමින් දේවාලයට පැමිණිම ප්‍රතික්ෂේප කළහ.
මේ වෙන විට සඳලිකාගේ වයස අවුරුදු 17කි. ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට ගෙවි ගිය කාලය තුළ විශාල මුදලකත් වැය කිරීමට සිදු වූ නිසා ඔවුන්ගේ අත මිට හීන විය. කන කර ආභරණ පවා උකස් කිරීමට ඔවුන්ට සිදුවිය. දියණියගේ රෝගයට ප්‍රතිකාර කිරීමට එහෙ මෙහේ යෑමට සිදුවීම නිසා ආදායම් උපයන මාර්ග පවා ඇහිරිණි. ඒ නිසා තරිඳුගේ පවුලේ අයට එදිනෙදා ජීවත් වීම පවා අසීරූ විය. නිවසේ සිහිනය ද පියාට සිහිනයක් පමණක් විය. ආරම්භ කර තිබු ඉදිකිරීම් අතර මඟ නැවතුණි. ඔවුන්ට අනුනට අත පාන තත්ත්වයට පත්වී තිබිණි.
දිනක් සඳලිකාගේ මව අවදිවී බලන විට සඳලිකා නිවසේ නැති බව දැනුණි. ඒ මොහොතේ සිට සඳලිකා සෙවිමේ කටයුත්ත පියාත් ඥාතීන්ටත් බාර විය. මව හැඬු කඳුලින් නිෙවසටම වි සිටියාය. ගමේ දන්නා කියන සෑම තැනකම සඳලිකා සෙව්වත් ඇය ගැන තොරතුරක් නොලැබුණි.
දින තුනකට පසු ලද පණිවුඩයකින් කියවුණේ ගමේ සිට කිලෝ මීටර් 50ක පමණ දුරින් පිහිටි මහියංගණ ප්‍රදේශයේ ගම්මානයක් අසල ඇති කැලෑවක සඳලිකා වැනි තරුණියක් සිටින බවකි. ඒ අනුව පියා තම ඥාතින් කීප දෙනෙකු සමඟ එම ඉසව්ව බලා ගියේය. තොරතුර හරියටම නිවැරදිය. එම ගම අසල ලඳු කලෑ පෙදෙසක ගල් තලාවක් මත සඳලිකා වාඩිවි සිටින අයුරු ඥාතීන්ට දැක ගත හැකිවිය.
ඔවුන් ඇය ළඟට ගොස් මෙතැනට ඇය කෙසේ ආවේදෝයි යන්න විමසුවත් තමන් නොදන්නා බව ඇය ප්‍රකාශ කර තිබේ. ඇය රැගෙන නිෙවස බලා එන අතරේ කිසියම් අවශ්‍යතාවකට හසලක නගරයේ වාහනය නතර කරන ලදි. එහිදී හමු වූ සඳලිකාගේ පියාගේ මිතුරෙකු ආගිය තොරතුරු විමසීමෙන් පසුව පැවසුවේ ලෙඩා රැගෙන නගරයට නුදුරින් පිහිටි සමන් දෙවිදුන්ගේ වැඩිමහල් සහෝදරිය වසන ප්‍රදේශයට අරක් ගත් සැමට සෙත සලසන මහ ලොකු දේව මෑණියන්ගේ අනුහස් ඇති වරාගොල්ල මහා නාග දේවාලයට යන ලෙසයි.
ඒ අහඹු පණිවුඩයෙන් පසු රෝගියා රැගෙන නාග දේවාලයට ගිය පසු දේවගැති අරඹගේ ජයවර්ධන කපු මහතා කරනු ලැබු ශාන්තිකර්මය ඉදිරියේ සඳලිකාගේ රෝගි කතාවත් එයට හේතුවත් මිය ගිය තරිඳුගේ භූත ආත්මය විසින් සැවොම ඉදිරියේ හඬමින් දොඬමින් පවසන්නට විය. අවසානයේ එම භූතාත්මය සඳලිකාගේ ශරීරයෙන් ඉවත් වීමටත් එතැන් පටන් මව්පියන්ටත් අක්කාටත් කරදර නොකරන බවටත් පොරොන්දු විය. එදින සිට කිසිවෙකුට කරදරයක් නොවු බව සඳහන් වේ.
සටහන සහ ඡායාරූප
හසලක රශ්මින්ද නිර්මාල්