පෙනෙන නොපෙනෙන ලෝකය
අප දන්නා සාමාන්‍ය අන්දමට නම් කාලය අතීතයේ සිට වර්තමානය හරහා අනාගතයට ගලායයි. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් වර්තමානයේ සිට අනාගතයට හෝ අතීතයට ගමන් කිරීම සාමාන්‍යයෙන් සලකන්නේ කළ නොහැකි දෙයක් ලෙසටය. නමුත් ටිබටය, භාරතය වැනි සමහර රටවල සිත දියුණුකරගත් පුද්ගලයින් කාලය හරහා අතීතය මෙන්ම අනාගතයට ගමන් කිරීමේ විස්මිත කතා වරින්වර අසන්නට ලැබේ.
කෙසේ වුවත් වර්තමානය හරහා ගමන් කිරීමට මිනිසුන් තුළ ඇති සුවිශේෂ ළැදියාව නිසාම එලෙස ගමන් කළ හැකි කාල වාහන (Time Machine) විද්‍යෘ ප්‍රබන්ධ තුළින් මිනිසුන්ගේ එම ආශාව එක් අතකින් සංසිදවීමට කටයුතු යෙදුණි.
නමුත් ඒ සියල්ලෙන් බැහැරව අතීතයට ගමන් කළ පුද්ගලයන් පිළිබඳව සමහර අද්භූත කතා වරින්වර වාර්තා නොවන්නේ නොවේ. එවැනි විස්මයජනක කතාවක් 1973 දී එංගලන්තයේ ග්‍රේට්යාර්චූනී ප්‍රදේශයෙන් වාර්තාවුණි. එම ප්‍රදේශයට යාබද ගම්මානයක ජීවත්වූ ස්කූරල් ටෙන්ගේ එකම විනෝදාංශය වූයේ පැරණි කාසි එකතු කිරීමය. ඔහු එංගලන්තයේ පැරණි කාසි මෙන්ම ලෝකයේ විවිධ රටවල සියවස් ගණන් පැරණි කාසි තම හිතවතුන්ගේ මාර්ගයෙන් ගෙන්වා ඒවා එක්රැස් කළේය. ඒවා නිකුත් කළ එක් එක් වර්ෂය හා රට අනුව නම් කළ ප්ලාස්ටික් පෙට්ටිවල තැන්පත් කළේය. ඒවා වරින් වර බලා විනෝදවීම, ඔහුගේ සතුට විය. සමහර විටක ඔහු මෙම පැරණි කාසි නැරඹීම සඳහා තමන්ගේ සමීප හිතවතුන් ද සහභාගිකරවා ගත්තේය.
‘‘ඇයි ස්කූරල් මෙතරම් වටිනා දුර්ලභ කාසි ඔබ පමණක් බලලා සංතෝස වෙන්නේ? අනික් අයටත් නරඹලා සංතෝසවෙන්න අවස්ථාවක් දෙන්නකො’’ ඔහුගේ මිතුරන් නිතරම ඔහුට පැවැසූ දෙයක් විය.
- දින පහකට පෙර තිබූ අඳුරු පැහැති වෙළෙඳසලට යළි ගොඩ වූ විට එහි තිබුණේ අලුත්ම ගොඩනැගිල්ලක්.
‘‘ඔව්. එහෙම අදහසකුත් තියෙනවා. නමුත් ඒකත් එක්තරා පිළිවෙළකට වෙන්න එපායැ’’ ස්කූරල්ගේ පිළිතුර විය.
ඒ අතරම ස්කූරල් පැරණි කාසි ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට විය. පැරණි කාසි විනිවිද පෙනෙන ප්ලාස්ටික් කවරවල බහා ප්‍රදර්ශනය කිරීම සුදුසු යැයි සිතූ ඔහු එවැනි කාසි දැමිය හැකි කවර සොයමින් සමීප නගරවල ඇවිද්දේය.
මේ අතර ග්‍රේට් යාචුන් නගරයේ පාළු පාරක් දිගේ ඇවිදගෙන යන විට එයට පෙර දැක නොතිබුණ සාප්පුවක් දක්නට ලැබුණි. සාප්පුවෙහි වූ බාහිර ස්වරූපය ද ඔහුගේ සිතේ කිසියම් කුතුහලයක් ජනිත කළේය.
සාප්පුවෙහි අභ්‍යයන්තරයේ වූයේ ද අමුතුම ගුප්ත බවකි. සාප්පුව පුරාම පැතිර තිබූ අඳුරු ස්වභාවය එම ගුප්ත බව වැඩි කළේය. කළුවට හුරු දුඹුරු තෙල්වල දුර්ගන්ධ ඔහුගේ නැහැ පුඩු අතරින් මොළය පසාරු කරගෙන ගියේය.
මේ සියල්ලෙන් මොහොතක් තුෂ්ණිම්භූත වූ ඔහු එහි සිටි මහත සිරුරකින් සහ රන් පැහැගැන්වුණ රවුම් මුහුණකින් යුක්තව සිටි තරුණ කාන්තාවක අසලට ගියේය.
‘ඔබට මොනවද ඕනෙ?’ ඇය මඳ සිනහවක් පාමින් ස්කූරල්ගෙන් විමසුවාය.
තමන්ට අවශ්‍ය ප්ලාස්ටික් කවර පිළිබඳව ඔහු ඇයට විස්තර කළේය.
‘‘ඔව් ඒවා අප ළඟ තියෙනවා. කොපමණ අවශ්‍ය ද?’’ ඇය දූවිලි බැඳී ගිය පෙට්ටියක් ඉවතට ගෙන කවුන්ටරය මත තැබුවාය. එය ඔහු සෙවූ ආකාරයේ විශාල ප්ලාස්ටික් කවර විශාල ප්‍රමාණයක් තිබුණි.
‘‘මොනවට ද ඔබලා මේවා පාවිච්චි කරන්නේ’’ ඔහු ඇයගෙන් විමසීය.
‘‘ලොකු මෝරුන් අල්ලන බිලී කොකු බහාලන්නයි අපි මේ කවර පාවිච්චි කරන්නේ.’’ ඇය කීවාය.
ඔහු එම ප්ලාස්ටික් කවර තුන් සියයක්ම මිලදී ගත්තේය. දින පහක්ම පමණ ඉක්මගියේය.
ඔහු රැගෙන ආ ප්ලාස්ටික් කවර ප්‍රමාණය ඔහුගේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවිණ.
එබැවින් ඔහු අර පාර දිගේ සාප්පුව සොයා පියවර මැන්නේය. සාප්පුවෙහි බාහිර ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් විය. සුදට හුරු අළු පැහැයකින් එම බාහිර බිත්ති වර්ණාලේපිත වී තිබුණි.
ඔහු සාප්පුවට ඇතුළු විය.
සාප්පුවෙහි අභ්‍යන්තර ස්වභාවය ද සම්පූර්ණයෙන් වෙනස් විය. ලී කවුන්ටර වෙනුවට තිබුණේ වීදුරු කවුන්ටරය. තරුණ වෙළෙඳ සේවිකාව වෙනුවට සිටියේ මැදවියේ වෙළෙඳ සේවිකාවකි.
‘‘මෝර බිලි කොකු දාන ප්ලාස්ටික් කවර ටිකක් ගන්න පුළුවන් ද?’’ ඔහු ඇයගෙන් විමසීය.
ඔහුගේ ප්‍රශ්නයට ඇය දුන් පිළිතුර ඔහුගේ ඇස් නළල කෙළවරටම රැගෙන යෑමට සමත්විය.
‘‘ඒවා හැදිල්ල නතර කළේ පළමුවන ලෝක යුද්ධයටත් ඉස්සරනේ.’’ ඇය කීවාය.
වචනයකුදු නොදෙඩ් ස්කූරල් සාප්පුවෙන් එළියට බැස්සේය.
දින පහකට පෙර ඔහු දුටුවේ සිහිනයක් ද?
එය විය නොහැක.
ඔහු මිලදී ගත් ප්ලාස්ටික් කවර තවමත් ඔහුගේ නිවසේ විය.
එය සත්‍ය්‍යක් නම් එහි අනෙක් තේරුම දින පහකට පෙර ඔහු ශතවර්ෂ කීපයක් අතීතයට ගිය වගද?
ඈන් හස්ක් නම් නෝර්වීජියානු ආචාර්යවරියකට ද පුරාවිද්‍යා සමීක්ෂණයකදී මෙවැනිම විස්මිත අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.
ඇය එම අත්දැකීමට මුහුණ පෑවේ 1973 මැයි මස 29වන දිනය.
ක්‍රිස්තු පූර්ව 1800-1500 එනම් ලෝකඩ යුගයට අයත් යැයි සැලකෙන සොහොන් ගල් වර්ගයක් ඇය නිරීක්ෂණය කරමින් සිටියාය. එක් වරම ඇයගේ ඇස් නිලංකාර වී ගියේය. කෙටි යුද කබා සහිත පිරිසක් ඇය වටා සිටියහ. හැඩ පළු ගැසුණු ඔවුන්ගේ කෙස් පිට මැදට දක්වා දික් වී තිබුණි. සමහරුන්ගේ අතේ ගල් පතුරුවලින් සෑදූ ආයුධ තිබුණි.
එයින් එක් අයෙකු ඇයට යමක් පැවසීමට මුව විවර කරත්ම ඇයට පියවි සිහිය ලැබුණි. විනාඩි කීපයක කාලයක් ඇතුළත ඇය වර්තමානය පසුකර අතීත ලෝකයට පිවිස තිබුණි. සමහර පුද්ගලයන් අතීතයට හෝ අනාගතයට ගමන් කළායැයි වාර්තා කළ අත්දැකීම් ඔවුන් දුටු මනෝ විකාරයන් ද?
එසේ නැතිනම් කාල වාහනයන් (Time Machine) නිර්මාණය කළ හුදු විද්‍යා සාහිත්‍ය නිර්මාණයක් පමණක් ද?
නමුත් භෞතික විද්‍යාව සහ දර්ශනය අතර ඇති සබඳකම් පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමුකළ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඩේවිඩ් ඩේවිස් ඩෙවුට්ස් (David Deutlsxa) සහ මයිකල් ලොක්වුඩ් (Michacl Lock Wod) පවසන ලෙසට භෞතික විද්‍යා සංකල්ප අනුව නම් කාල යාන්ත්‍රනයට කිසිදු තහංචියක් නොනැගෙන බවය.
ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පිළිබඳ විශේෂ න්‍යාය (Special Theory of Relativity) තුළින් පුද්ගලයකු අනාගතයට පිවිසීම පිළිබඳව අපූරු සංකල්පයක් ගොඩනගයි.
ඒ අනුව ප්‍රමාණවත් ත්වරණයකින් අභ්‍යවකාශයහි සැරිසරණ පුද්ගලයකු වසර තුන හතරකින් පොළොවට පැමිණියහොත් පොළවෙහි වයස වසර දශක හතරකින් පහකින් ඉදිරියට ගොස් ඇති බව දක්නට ලැබෙනු ඇත.
එලෙස වසර තුන හතරක් අභ්‍යවකාශයෙහි සැරිසරා එන මිනිසා ආපසු පෘථිවියට පිවිසෙන්නේ අනාගතයටය.
ඔහු සම්බන්ධකම් පැවැත්වූ කිසිවෙකු සමහර විට එවිට පෘථිවිය මත නොසිටිනු ඇත.
පීටර් කැනියුට් පෙරේරා