ඉතිහාසය
සිතුවම් අන්තර්ජාලයෙනි
ඉතිහාසය වනාහි අතීත ක්‍රියාකාරකම් රාශියක් සාරාංශ කොට වර්තමානිකයාට ඉදිරිපත් කරන තාර්කික මෙන්ම විචාරශීලී විමර්ශනයකි. එය අතීතය දෙස බැලීමේ කැඩපතකි. වර්තමානය සැකසෙන්නේ අතීත ක්‍රියාකාරකම් සමුදායක ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමාන සිදුවීම් හරිහැටි තේරුම් ගැනීමට එය මහඟු පිටුවහලකි. අනාගතය නිර්මාණය වන්නේ වර්තමාන සිදුවීම් සහ ක්‍රියාකරකම්වල ස්වරූපය මතය. අතීතය සහ වර්තමානය නිවැරදි ලෙස තේරුම් ගැනීමෙන් අනාගත ඉරණම කෙසේ සිදුවිය හැකිද? යන්න පිළිබඳව යම් චිත්‍රයක් මවාගැනීමට හැකියාව ලැබේ. අතීතයේ සිදු වූ යම් සිදුවීමක් නැවත නැවත ඉදිරියේදී සිදුවීම පිළිබඳ සම්භාවිතාව වැඩිය. එය ඓතිහාසික සත්‍යයකි.
සිංහල රජ පෙළපත විනාශ කොට සම්භහප්පෙරුමාල්ලා සහ වීර පරාක්‍රමබාහුලා රාජ්‍ය බලය පැහැර ගැනීමත් සමග සිංහල ජාතික බලවේග එයට විරුද්ධව කැරලි ගැසීය. පරංගියා මෙරටට පැමිණියේ මෙවැනි අස්ථාවර දේශපාලන තත්ත්වයක් මෙරට තුළ සැකසෙමින් තිබියදීය. පරංගි නැව් කීපයක් කොළඹ වරායට පැමිණියේ අහම්බෙනි. ඒ වන විට මුස්ලිම් වෙළෙන්දෝ සිය නැව්වලට කුරුඳු පටවමින් සිටියෝය. මුස්ලිම්වරු සිය නැව්වල කාලතුවක්කු ප්‍රහාර පරංගි නැව්වලට එල්ල කළහ. එහෙත් ක්‍රියාකාරී වූ පරංගි බතරොයිවල හඬින් මුසල්මානුවෝ නිහඬ වූහ.
මෙම කාලය වන විට පරංගියා අසල්වැසි ඉන්දියාව තුළ පැල පැදියම් වී හමාරය. එහි ගෝවේ වියුරේගේ මඟ පෙන්වීම යටතේ පරංගි පිරිස් මෙරටට ගොඩබටුයේ කෝට්ටේ රජු සමඟ සාකච්ඡා කොට තමන්ටද මෙරට කුරුඳු වෙෙළඳාමට අවසර ලබා ගැනීමටය. පරංගි දූත පිරිස කෝට්ටේ රජ වාසලට පය තබන්ම දක්නට ලැබුණේ අද මෙන්ම එදා ද අපේ රජවරු ගත කරන සැප පහසු ජීවිතය සහ ඔවුන් පරිහරණය කරන අසීමිත ධන සම්පත් ප්‍රමාණයයි. අද මෙන් එදා වෙඩි නොවදින මෝටර් රථ නොතිබුණද සුදු ඇතුන්, සුදු අසුන්, අසුන් බැඳි කරත්ත සහ විවිධ වෛවාරණ දෝළා මෙන්ම අලංකාර මාළිගය එහි තුළ තිබූ ඇත් දළ, කෞතුක භාණ්ඩ, රන් බඳුන් පමණක් නොව රජතුමා පරිහරණය කරන බුලත් තට්ටුව, ගිරය, කිල්ලෝටය පමණක් නොව රාජකීය රන්මය පඩික්කමද දැකීමෙන් පරංගියා තුළ ඇතිවූයේ අන් සැප පිළිබඳ ඊර්ෂ්‍යාව පමණක් නොව දැසි ධන තෘෂ්ණාවය.
වෙළෙදාමට අවසර ගත් පරංගියා කොළඹ වරාය ආශ්‍රිතව ගබඩා, බළකොටුවක් මෙන්ම පල්ලියක්ද ඉදිකර ගත්හ.
සකල කලාවල්ල හෙවත් සැක්‍රායුද හෙවත් චක්‍රායුධ හත්වන විජයබාහු ලෙස කෝට්ටේ රාජ්‍යත්වයට පත්විය. රාජාවලිය සහ ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසකරුද පවසන්නේ මෙම රජුගේ පුතුන් තිදෙනා විසින් රජු මරා රාජධානිය තුනට බෙදාගෙන රාජ්‍යත්වයට පත් වූ බවය. මෙය ‘විජයබා කොල්ලය’ නමින් හැඳින් වේ.
එහෙත් 'History of Ceilao'' ග්‍රන්ථයට අනුව බුවනෙකබාහු සහ මායාදුන්නේ යනු රයිගම රජ වූ ශ්‍රී රාජසිංහ රජුගේ පුතුන් දෙදෙනාය. විජයබා කොල්ලයට හවුල් වූ අනෙක් කුමාරයා සකලකලාවල්ල රජුගේ යකඩදෝළියකගේ පුතෙකි. පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කරන්නේ ඔහු වික්‍රමබාහු නම් කුමාරයකු බවය.
බුවනෙකබාහු කෝට්ෙට් රාජ්‍යත්වයට පත් වූ අතර ඔහුට පෘතුගීසීන්ගේ සහාය ලැබුණි. සීතාවක රාජ්‍යත්වයට පත් වූ මායාදුන්නේට සහාය දුන්නේ පැරණි මිතුරන් වූ මුස්ලිම්වරුන් විසිනි. සොහොයුරන් දෙදෙනා අතර දේශසීමා පුළුල් කර ගැනීම අරභයා ඇති වූ සටන්වලදී මායාදුන්නේ වඩක්කරයින් සහ මරක්කලයින්ගේ සහාය ලබාගත් ආකාරය රාජාවලිය කතුවරයා සඳහන් කර ඇත්තේ මෙසේය.
මායාදුන්නේ රජ බුවනෙකබාහුට විරුද්ධව යුද්ධ කිරීම සඳහා කෝලිකට්ටුවෙන් (කැලිකට්) මඩක්කරුන් ගෙන්නවා කුඩලි මරක්කලයින් ඇතුළුව නිලමක්කාරයින් දෙන්නාත් බොහෝ මඩක්කරුනුත් සීතාවකට ගෙන්වා ගත් බවයි.
රාජාවලිය සංස්. එ්.වී. සුරවීර පි-95)
පරංගි සහාය ලබාගත් බුවනෙකබාහු පැරණි සිංහලයින් විසින් ඉදිකරන ලද කැලණිය රජමැදුරේ පෘතුගීසි හමුදා පෙළපාළියක් නරඹමින් සිටියදී මරුමුවට පත්විය. ඔවුන් ප්‍රකාශ කළේ එය අත්වැරදීමකින් සිදු වූ මරණයක් බවයි. මායාදුන්නේ සිය රාජ්‍යත්වය රැකගත්තේ තමාට සහායට පැමිණි මරක්කල හමුදාවේ දෙදෙනාගේ හිස් කෝට්ටේ රජුට පිළිගැන්වීමෙනි. එ් අතර උඩරට ජයවීර රජුගේ එක් පුතෙකු අනෙක් බිසවගේ පුතා අතින් මරුමුවට පත්විය. රජකම අහිමි වූ ජයවීර පියරජු සිය බිසව, සේවක පිරිසද, ඔටුන්න මෙන්ම අයිරාවණ හස්තියාද රැගෙන සීතාවකට ගොස් මායාදුන්නේගේ රැකවරණ ලැබීය. පෝල් ඊ. පීරිස් මහතා සිය ‘ලංකාව හා පෘතුගීසි යුගය’ නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙවැන්නකි.
‘‘උඩරට විශාල වෙනස්කම් සිදු වී තිබිණ. වික්‍රමබාහු බිරියන් දෙදෙනකු විවාහ කරගෙන තිබිණ. සන්තාන දේවි නම් පළමු බිරිඳගෙන් ඔහුට දාව පුතෙකුද දියණියකද ලැබී තිබිණ. පුතා වූ කලී පෘතුගීසින් විසින් මහ අස්තාන නමින් හඳුන්වනු ලැබූ කරලියද්දේ බණ්ඩාරය. දියණිය යථා කාලයේදී ධර්මපාලට විවාහ කර දුන්නේය. ඔහුගේ දෙවැනි බිරිය වූයේ සම්පාල දේවිය. ඇයගේ කුසෙන් පුතකු ලැබුණු අතර ඒ පුතා කුමාරසිංහ අදහසින් නම් විය.
(පෝල් ඊ. පීරිස් ලංකාව හා පෘතුගීසි යුගය පි. 247)
මෙම ලේඛකයා තවදුරටත් සඳහන් කරන්නේ පල්කුඹුර සන්නස අනුව ජයවීර වූ කලී වික්‍රමබාහුගේ පුතා බව සනාථ වන බවය. වීදියේ බණ්ඩාර උඩරට කරලියද්දේ බණ්ඩාර රජු වෙතට පලාගිය අවස්ථාවේදී ඔහු උඩරටින් පළවා හරින ලෙස දන්වා ක්‍රි.ව. 1553 ඔක්තෝබර් මාසයේදී මායාදුන්නේ රජු විසින් පයින්ඩ පහක් යවන ලද්දේ ඔබ්බේරියේ රාලහාමි අත බව සීතාවක රාජසිංහ රාජ්ජ කාලය සඳහන් කරයි. ඔබ්බේරියේ රාළහාමි කීරවැල්ලේ රාලහාමින්ගේ පුතණුවන් කෙනෙකි. ‘ගජසිංහ කොඩිකාර මුදියන්සේගේ ජයවීර’ යනු ඔහුගේ පෞද්ගලික නමයි. මොහු කරලියද්දේ බණ්ඩාර රජුගේ මෑණියන්ගේ සහෝදරයෙකි. එනම් ඇවැස්ස මාමා විය.
කෝට්ෙට් බුවනෙකබාහුගේ මරණයත් සමඟ රාජ්‍යත්වයට පත්වූයේ ධර්මපාල කුමරුය. ඔහු බාල වයස්කාරයකු නිසා වීදියේ බණ්ඩාර සේනාධිපතියා සැබැවින්ම කටයුතු සිදු කළේ රජු ලෙසටය. මේ අතර සීතාවක මායාදුන්නේ බොල්ලෑගලට පැමිණ තමා කෝට්ටේ රජු බවට පිළිගන්නා ලෙස එම පළාතේ ප්‍රභූවරුන්ගෙන් ඉල්ලීමක් කෙළ්ය. නමුත් ප්‍රභූවරු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා කෝට්ටේ රජුට විරුද්ධව සටන් වැදුණි. එහෙත් යුද පෙරමුණ කරා පැමිණි වීදිය බණ්ඩාරගේ සේනා ඔවුන් පරාජය කර පලවා හැරියහ.
කෝට්ටේ රාජධානියේ ශක්තිමත්ම පුද්ගලයා ලෙස සළකන ලද්දේ වීදිය බණ්ඩාරයන්ය. ඔහු ‘‘කෝට්ටේ ව්‍යාඝ්‍රයා’’ ලෙස හඳුන්වන ලදී. අනෙක් පාර්ශ්වය වූ සීතාවක මායාදුන්නේගේ සේනාධිපතියා ටිකිරි කුමරු රාජසිංහ විය. මායාදුන්නේගේ වැඩිමල් දරුවන් දෙදෙනා මියොගොස් සිටි අතර තුන්වැන්නා වූ සන්තාන බණ්ඩාර උපතින් බකල නිසා පසු කාලයේදී රාජ්‍යත්වයට පත් කරන ලද්දේ ටිකිරි කුමරු රාජසිංහයන්ය.
ඔහු මායාදුන්නේ රජුගේ අග්‍ර බිසෝ සුමනා දේවිය රජ වාසළ උන් පෙටියාගොඩ පන්නා මේ ස්ත්‍රී රාජ්ජ වන්නියාර් මුදියන්සේට දාව උපන් කුමරු ටිකිරි රජ්ජුරු බණ්ඩාර විය. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේය.
“මයාදුනු මහරජුද දැන සිටි පරිදි රාජසිංහ රජු සිය පුතණු කෙනෙකුන් නොවන බව වුවද රාජසිංහ රජුගේ සමර්ථකම් හේතුකොට ගෙන මහත් වූ ප්‍රමදයෙන් ඇති දැඩි කොට හදාවඩාගත් බව සැලකිය යුතුයි”
සියලු සටන්වලින් ජයගත් නිසා අලුත්නුවර සටනින් පසු මෙම කුමරු ‘රජවරු පරදවන සිංහයා’ යන අරුතින් රාජසිංහ බවට පත්විය.
කෝට්ටේ රාජධානිය සහ සීතාවක රාජධානිය අතර යුද ගිනි ඇවිළී යද්දී ගැටුම් නිරාකරණය කිරීමට මැදිහත්කරුවකු ලෙස පෘතුගීසීන්ගේ විශාල හමුදාවක් මෙම දිවයිනට පැමිණි ආකාරය ‘ලංකාව හා පෘතුගීසි යුගය’ ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේය.
නිරාකරණය සඳහා ඔහු (ප්‍රතිරාජ ද නොරොඤ්ඤෝ) පැමිණියේ හිස් අතින්ම නොවේ. තුන්දහසක විසල් බල ඇණියක්ද සමඟය. තමන් විසින් ස්වේච්ඡාවෙන්ම මෙසේ පැමිණ සිටියේ තම මාමණ්ඩියගේ කුරිරුකමින් ළමා රජුට සිදුවන අසාධාරණ කම්වලින් ඔහු ආරක්ෂා කර ගැනීමටය. රටේ වැසියා මහත් කුතුහලයට පත්වූයේ නැව් හැත්තෑවකට අධික සංඛ්‍යාවක පැමිණි සොල්දාදුවෝ, කාල තුවක්කුද, කයිතුවක්කුද, එමෙන්ම විශාල ප්‍රමාණයක් ලන්ස, හෙල්ල, ගල් තොප්පි, වෙඩි බෙහෙත්, කාලතුවක්කු උණ්ඩ, දර්ශනීය ජගලත් තොප්පිද, වෙල්වට් රෙදි පෙරෙදිද, වර්ණ නවයකින් යුත් සිනිදු සේද රෙදි ද දුටු විටය. කෙසේ වුවද වැසියාගේ මෙම කුතුහලය භීතියක් බවට පත්වූයේ ප්‍රතිරාජයාගේම පුතුගේ ප්‍රධානත්වයෙන් පැමිණි පන්සියයක බට පිරිසක් අගනුවර කඳවුරු බැඳගෙන රජුගේ මාලිගාවේ සිටි සියලුම දෙනා අත්අඩංගුවට ගත් විටදීය. ඒ අතර මුදලිවරුන්ද සිටි අතර තත්ත්වය වඩාත් තීව්‍ර කරමින් නගරද්වාර්ය ඉදිරිපස මුරකාවල් යෙදුයේ නගරයෙන් කිසිවෙකුටත් පිටවීමට නොහැකි වන පරිදිය.
(පෝල් ඊ. පීරිස් - ලංකාව හා පෘතුගීසි යුගය පි. 215)
මෙම කතුවරයා පෘතුගීසීන්ගේ ෙල්ඛන ඇසුරින් තවදුරටත් සඳහන කරන්නේ පෘතුගීසි ප්‍රතිරාජයා පිරිවරා පැමිණි පෘතුගීසි සෙබළු මාළිගය තුළ ඇති සිංහල රජවරු විසින් රැස්කර තබන ලද ධන සම්භාරය හා වටිනා දෑ අත්අඩංගුවට ගැනීමයි. ඒවා ඇති තැන් දැන ගැනීමට මාළිගයේ නිලධාරීන් හට ඉතා කුරිරු වූ ද දුෂ්ට වූ ද වද හිංසා පමුණුවන ලදහ. ඒ අනුව මුතු මැණික්, රතුකැට, නිල්කැට, වෛරෝඩි, ගෘහස්ථ රන් බඳුන්, රන් ඉටිපන්දම් ආධාරක, කුසලාන, ෙබ්සම් ආදිය ද පැහැර ගන්නා ලදී.
මාළිගයේ වියපත් සේවකයින් විසින් කල්තියා සඟවා තබන ලද දේ හැර සෙසු සියල්ල පෘතුගීසින් අතට පත් විය. රජතුමාගේ රන් පඩික්කමද ඔවුන් විසින් අත්සන් කරගන්නා ලදී. පැහැරගත් කාසිවල අගය පගෝදි ලක්ෂයකි. කොල්ල කන ලද සෙසු භාණ්ඩවල අගය එමෙන් අට ගුණයක් විය.
සියල්ල අවසානයේ වීදියේ බණ්ඩාර සහ සෙම්බගප්පෙරුමාල් (තම්මිට බණ්ඩාර) සහ ප්‍රතිරාජයා අතර සාකච්ඡාවක් පවත්වන ලදුව සිය දැවැන්න පෘතුගීසි සේනාව යොදවා මායාදුන්නේ අල්ලා රජ කුමරුගේ දෙපා මුලට ගෙන්වා දීමට එකඟ විය. එහෙත් ඒ සඳහා පගෝදි 200,000ක මුදලක් ඉල්ලා සිටි ප්‍රතිරාජයා එයින් හරි අඩක් එම අවස්ථාවේදීම ගෙවිය යුතු බවට නියෝග කළේය. එහෙත් ධර්මපාල කුමරුට ගෙවිය හැකි වූයේ පගෝදි 80,000ක් පමණි. අනතුරුව පෘතුගීසි භටයින් තුන් දහසක්ද පමණ වූ සිංහල භට පිරිසක්ද සීතාවක බලා පිටත්විය.
මේ වන විට මායාදුන්නේ මුල්ලේරියා වැව අසළ විශාල බළකොටුවක් ඉඳිකර තිබූ අතර ඒ වටා මුර අට්ටාල මෙන්ම කාලතුවක්කුද සවිකර තිබුණි. දෙපිරිස අතර සිදු වූ සටන්වලින් දෙපිරිසටම විශාල ජීවිත හානි සිදුවිය. අවසානයේ මායාදුන්නේ සිය සීතාවක රාජධානිය වෙත පසු බැසීය. සතුරු හමුදා සීතාවකට ළඟාවත්ම මායා දුන්නේ සිය සේනාව සමඟ දැරණියගලට පලාගියේය.
සීතාවක මාළිගයට පැමිණි පෘතුගීසීන් එහි ඇතැයි සිතූ වස්තු සෙවීය. එහෙත් කිසිවක් හමු නොවීය. පසුව මාළිගයට මෙන්ම නගරයද ගිනි තබා විනාශ කළහ. මාළිගයට මුහුණලා සීතාවක ගං ඉවුරේ ඉදිකර තිබූ බැරැණ්ඩි කෝවිල දෙසට පෘතුගීසීන්ගෙ ඇස් යොමුවිය. බැරැණ්ඩි කෝවිල යනු හෛරණ්ඩි කෝවිල යන්නයි. හෛරණ්ඩි යනු ශිව දෙවියන්ට යෙදෙන තවත් නමකි. මෙම දෙවොල ඉදි කිරීමට මිනිසුන් 20,000ක් වසර 20 තිස්සේ යොදවන ලද බව ‘ලංකාව හා පෘතුගීසි යුගය’ ග්‍රන්ථයේ සඳහන් වෙයි. පෘතුගීසින් දේවාලය කොල්ලකන ලද අතර, එහි තිබූ රන් හා රිදී පිළිම, රන්මය ඉටිපන්දන් ධාරකද, බේසම් සහ වෙනත් රන් භාණ්ඩද, මැණික් ඔබ්බවන ලද නොයෙක් භාණ්ඩද කොල්ල කන ලදුව ඒවා ප්‍රතිරාජයා යටතට පත්විය. දේවාලයේ පාදම් මුළුමනින්ම ගලවා ඒවායේ වස්තු සොයන ලදහ.
‘‘කෝට්ටයට පැමිණි පෘතුගීසිහු තමනට ඉතිරි වී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සුක වූහ. හව් හරණක් නැති වැසියනට භීෂණයට මුහුණ දීමටද, කාමුක සොල්දාදුවාගේ නොසන්සිඳෙන රාග ගින්නට ගොදුරු වීමට එහි තරුණ, බාල වැඩිහිටි සියලු කාන්තාවන්ට සිදුවිය. කන පැලඳි කඩුක්කම හෝ අත පැලඳි වළල්ල ලබා ගැනීමට මිනිසුන් මහමඟ මරා දැමීමට පෘතුගීසින්ට දෙවරක් සිතීමට කාලයක් නොවීය. කාන්තාවෝ කොපමණ නිමක් නොමැතිව දූෂණයට ලක්වූයේද යත් අවසානයේ හැකිතරම් දුරට මේ තිරිසනුන්ගේ ඇස නොගැසී සැඟවී සිටීමට ඔවුනට සිදුවිය. කෝපයෙන් දැවෙමින් සිටි වීදියේ බණ්ඩාරද ඔහුගේ ප්‍රධානීන් බොහෝ සංඛ්‍යාවක්ද නගරයෙන් පලා යාමට සමත් වූහ එහෙත් තම මුදලිවරුන් දෙදෙනකු සමග පලායාමට උත්සාහ කළ ළමා රජු අල්ලා ගනු ලැබ නැවත හිස් මාලිගයට ගෙනයනු ලැබීය.
(පෝල් ඊ. පීරිස් - ලංකාව හා පෘතුගීසි යුගය පි. 221)
පෘතුගීසි මංකොල්ලකාරයින් මෙරටින් පිටව යාමත් සමඟ වීදිය බණ්ඩාර නැවත ක්‍රියාත්මක විය.
වීදිය බණ්ඩාර බලය තම අතට ගත්තේය. කෝට්ටේ සිටි කර්මාන්තශාලා ප්‍රධානියා සහ ඔහුගේ සහායකයින් මරාදමන ලදී. ෆැන්සිස්කන් නිකාය සතු ගොඩනැගිලි කීපයක්ද, ප්‍රතිරාජයා රටින් පිට වී යාමට පෙර ගොඩනැඟූ ජයග්‍රහණයේ මව්තුමියගේ දේවස්ථානයද පොළොවට සමතලා කරන ලදී. සිංහලයන්ට කිතුනු දහම වැලඳ ගැනීම තහනම් කළ අතර බොහෝවිට කිතුනු පූජකවරු කැලේ සැඟවී ජීවත් වූහ. ප්‍රතිරාජයා මෙරටින් පිටව ගිය අතර දියෝගෝ ද මේලෝ මෙරට ප්‍රධානියා විය. ප්‍රතිරාජයා වීදියේ බණ්ඩාරට තමන් කෙරෙහි ද්වේශයෙන් කටයුතු නොකරන මෙන් ඉල්ලා ලිපියක් එවන ලදී.
(පෝල් ඊ. පීරිස් - ලංකාව හා පෘතුගීසි යුගය. පිටු 225-226)
ක්‍රි.ව. 1554 දී ගෝවේ ප්‍රතිරාජයා ලෙස පත් වූ පෙඩ්රෝ ද මස්කරඤ්ඤාස් පත්විය. ඔහු විසින් පෘතුගීසි භටයින් 500 ක්ද, ගොඩනැගිලි ද්‍රව්‍ය ද සමඟ දොන් ඩියුරේට් ඩෙකා මෙරටට එවන ලදී. ඒ අනුව කොළඹ පෘතුගීසි බලකොටුව ඉතා පුළුල් ලෙස ඉදිකරන ලදී. කොළඹ සිදාදිය ලෙස හැඳින් වූ එය තුළ පෘතුගීසි නිවාස 500 ක්ද, ස්වදේශිකයින් සඳහා නිවාසද, අලංකාර වීදි මෙන්ම නිකාය හතර සඳහා කන්‍යාරාම හතරක්ද, උද්‍යාන ආදිය ද ඉදිකරන ලදී.
ක්‍රි.ව. 1555 දී ද මෙලෝ ඇතුළු දොළොස් දෙනකු කෝට්ටේ වෙත පැමිණ වීදියේ බණ්ඩාර සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට යැයි පවසා ඔහු අත්අඩංගුවට ගත්තේය. කොළඹ කොටුව වෙන ගෙන ගිය ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරුණි. ඒ අනුව පල්ලි විනාශ කිරීම, ගුදමේ ප්‍රධානියා මරාදැමීම සහ කිතු දහම ව්‍යාප්ත කිරීමට විරුද්ධවීම යන චෝදනා විභාග කිරීමට ගෝවේ ප්‍රතිරාජයා වෙත යැවීමට තීරණය විය. එතෙක් ඔහු කොටුවේ පොළව යට සිර කුටියක රඳවන ලදී. දම්වැල්වලින් අත පය වෙලා අඳුරු සිර කුටිය තුළ රැඳවූ ඔහු ද මේලෝගේ ප්‍රධානත්වයෙන් භටයින් 320 දෙනකු විසින් දිවා රෑ දෙකේදී මුර කරන ලදී.
වීදිය බණ්ඩාර මේ වන විට විවාහ වී සිටියේ මායාදුන්නේ රජුගේ දියණිය වූ සූරිය දේවි සමඟය. මුල් බිසව වූ සමුද්‍රා සල්පදෝරු මියගියේ ක්‍රි.ව 1554 දීය. වීදිය බණ්ඩාර සිරගත වූයේ ක්‍රි.ව. 1555 දී වූ අතර ඒ සමඟම සූරියදේවිය රයිගම වැසියන් සංවිධානය කර ජන බලයක් ගොඩනැගීය. අනතුරුව ස්වාමිපුරුෂයාගේ ගම වූ පල්ලාරු බලා පිටත්විය. මෙම පෙදෙසේ හයවැනි බුවනෙකබාහු කාලයේදී දකුණු ඉන්දීයාවෙන් මෙරටට ගෙන ආ විවිධ කුලවල මිනිසුන් පදිංචි කරවන ලද ගම්මාන පිහිටුවීය.
පල්ලාර් හෙවත් පල්ලවයන් පදිංචිව සිටි ගුයිලගම හෙවත් ගල්ගමුව ගිය ඇය එහි වැසියන් හමු වී දෝණාවක් කපා වීදිය බණ්ඩාර නිදහස් කරගත හැකිද යන්න සොයා බැලීය. පල්ලරු උමං කැපීමේ සමතුන් විය. පෝල් පීරිස් මහතා සඳහන් කරන්නේ කොළඹ කොටුවේ සිර මැදිරිය දක්වා උමගක් කපා වීදිය බණ්ඩාර නිදහස් කරගත් බවය. එහෙත් පෘතුගීසීන් සඳහන් කරන්නේ අල්ලස් දීම මගින් ඔහු නිදහස් කරගත් බවය.
සිය බිරිඳ පෘතුගීසි භටයින්ට අල්ලස් දී ඔවුන් මගින් සිර කුටිය විවෘත කරවා ගෙන එයට යාබදව පිහිටා තිබූ පූජකවරුන් සඳහා වෙන් වූ උද්‍යානයක් වෙත රහස් මගකින් රැගෙන ආ අතර ඒ අනුව ඔහු නිදහස් කරගති.
(Rebeiros History of Ceilao P-38)
වීදියේ බණ්ඩාර සිරගතව සිටියේ කෙටි දින ගණනක් පමණි. එම කාලය අනුව උමගක් කැපීම සිදු කළ නොහැක්කකි. අල්ලසට යට වූ ප්‍රධාන පුද්ගලයා ද ඩෙකා විය හැක. මන්ද යත් ඔවුන් ධන තෘෂ්ණාවෙන් පෙළෙන්නන් වීමය. සිරෙන් නිදහස් වූ වීදියේ බණ්ඩාර සිය රාජධානිය පැලෑඳ නුවර පිහිටුවා ගති. සිය පිරිස් සමග එකතු වී පෘතුගීසි පල්ලි, ගොඩනැගිලි විනාශ කළ අතර හමු වූ සෑම පෘතුගීසියකුම මරාදමන ලදී.
ගාලු වරායේ නැව් විනාශ කළ අතර පෘතුගීසීන්ට මෙරට වරායන් ක්‍රි.ව. 1556 දී අහිමි වූ බව පෘතුගීසින් සඳහන් කරයි. ක්‍රි.ව 1555 දී පෘතුගීසි භටයින් විශාල පිරිසක් සමඟ කපිතාන් අපොන්සෝ පෙරේරා මෙරටට එවන ලදී. එම වසරේ අගෝස්තු මාසයේදී මායාදුන්නේ සමඟ ගිවිසුමක් අත්සන් කොට වීදියේ බණ්ඩාරට විරුද්ධව සටන් ඇරඹීය.
සෙම්බහප්පෙරුමාල් හෙවත් තම්මිට බණ්ඩාර අත්අඩංගුවට ගෙන ගෝවේට යවන ලදී. එහිදී ආණ්ඩුකාර ෆැන්සිස්කෝ බරෙන්තෝ විසින් ඔහු සාදරයෙන් පිළිගෙන කිතු සමය ගන්වා ‘අන්තෝනියෝ බරෙන්තු’ ලෙස නම් තබා ක්‍රි.ව. 1555 දී මෙරටට එවන ලදී. පැලෑඳ නුවර අහිමි වූ වීදිය බණ්ඩාර කුරුණෑගල මුණ්ඩකොණ්ඩපොළ රජු බවට පත්විය. එහිදී ද පරාජය වූ ඔහු යාපනයට පළා ගිය අතර එහි සිදු වූ සටනකින් ඔහු මිය ගියේ ක්‍රි.ව. 1558 දීය.
වීදිය බණ්ඩාරගේ මරණයත් සමඟ කෝට්ටේ නුවර ධර්මපාල රජු කිතුසමය වැලඳගත් අතර අන්තෝනියෝ බරෙන්තු නම් (තම්මිට බණ්ඩාර) නව සේනාධිපතියා බවට පත්විය.
අලුත් ආගමක් වැලඳ ගැනීමේ උද්දාමය නිසා කැලණි ගඟ දෙගම්බඩ මුහුණට මුහුණලා තිබූ රජමහා විහාරයද, කිත්සිරිමෙවන් විහාරයද, එම විහාරස්ථාන සතු සියලුඹ කුඹුරුද, වතුපිටද එම පූජනීය ස්ථාන සඳහා ඉටුවිය යුතු රාජකාරිද යන සියල්ලම අඩුවක් නැතිව ධර්මපාල විසින් ෆැන්සිස්කන්වරුනට පවරා දුන්නේය. එපමණක් නොව දළදා මාලිගාවද, දිවයින තුළ තිබූ සියලුම විහාරස්ථානද, ඒවා සතු ඉඩකඩම්, කුඹුරු, වතුපිටිද සමඟ පවරා දුන්නේය. මේවායින් එන ආදායම් එම දේවගැතිවරුන් විසින් ලංකාවේ ආරම්භ කිරීමට සූදානම්ව සිටි සියලුම විද්‍යාලවල වියදම සඳහා කැප කෙරිණ.
රජු විසින් දෙනු ලැබූ සන්නසේ ක්ෂණික ප්‍රතිඵල වූයේ කැලණියේ සාන්ත ඇනා සහ දකුණු ඉවුරේ සාන්ත බර්තොලමියු යන දේවස්ථාන ඉදිවීමයි. සාන්ත ඇනා දේවස්ථානය ඉදි වූයේ බුවනෙකබාහු රජු ඝාතනය කළ පස් මහල්පාය ඉදි කර තිබූ ස්ථානයේය. මේ අතර දර්ශනීය දළදා මාළිගාව කඩා බිඳ දමා ඒ ස්ථානයේ ශුද්ධ වූ ගැලවුම්කාරයාණන්ගේ පල්ලිය (Church of Holy Savior) ඉදි කරන ලදී. මෙහි ඝණ්ටාරය අද ද කොළඹ කයිමන් ගේට්ටුවේ කුලුනු උඩ කොළඹ වැසියන්ට ගිනි විපත් අඟවමින් තවමත් නාද ෙව්.
(පෝල් ඊ පීරිස් - ලංගම පෘතුගීසි යුගය පිටු 263-264)
මෙම ලේඛකයා පවසන පරිදි ඉහවහා ගිය තෘෂ්ණාව නිසාද මෙම පෘතුගීසි මහත්වරුන් තමනට ඉමහත් ආදායමක් ගෙනදුන් ධන උල්පතක් වූ ගණිකා නිවාස සඳහා අහිංසක තරුණියන් බිලි බා ගන්නා අධමයින් බවට පත් වූ අතර ඔවුන්ගේ රාගාධික බව දෙවැනි වූයේ සෙසු සාමාන්‍ය ජනතාවට ඔවුන් විසින් පමුණුවනු ලැබූ කුරිරු ශාරීරික වධ හිංසාවලට පමණි.
රිබෙයිරෝ සඳහන් කරන පරිදි රජුගේ අනුමැතියකින් තොරව මෙරට තරුණ තරුණියන්ද ස්වාමිවරුන්ගෙන් පැහැරගත් වහලුන්ද වටිනා කෞතුක භාණ්ඩයන්ද මෙරට වරායවලින් නැව් පිටින් පෘතුගාලයට යවන ලදී. මොවුන් අතර දක්ෂ කැටයම්කරුවන් සහ විවිධ ශිල්පීහුද වූහ.
මෙසේම පෘතුගීසින් විසින් දකුණු ඉන්දියාවේ වෙරළ බඩ තීරයෙන් කරාව කුලයේ මිනිසුන් 70,000ක් ගෙන්වා ලංකාවේ වෙරළ බඩ තීරයෙහි පදිංචි කරවන ලදී. සිය කැමැත්තෙන්ම කිතු දහම වැළඳගත් ඔවුන් ක්‍රමයෙන් සිංහල සමාජයට මිශ්‍ර විය. පෝල් ඊ. පීරිස් මහතා ඒ බව සඳහන් කරන්නේ මෙසේය.
‘‘මෙම ජන වර්ගය මෙහි පැමිණ පදිංචි වූයේ කොපමණ මෑතකදී ද යත් අර්ධ ද්වීපයෙන් එද්දී තමන් විසින් ගෙනෙන ලද දෑ ඔවුනට අමතක නොවී තිබිණ. තර්ස්ටන්ගේ පහත සඳහන් විස්තරයෙන් එය පැහැදිළි වේ. නයිපූනේ පට්ටනාවන් පටුන නැගෙනහිර වෙරළේ සිටින ධීවරයන් කරාවේ අය වේ. මේ අයට බහුල වශයෙන් භාවිත වන්නේ කරාව නැතහොත් මුහුදු බඩ මිනිසුන් වශයෙනි.
කරාවේ ජනයා පංති නමයකට බෙදා වෙන් කර තිබිණ. මෙයින් නියම කරාවේ ජනතාව පළමු කණ්ඩායම වශයෙන් හැඳින්විය. ඔවුන්ගේ යුද ප්‍රධානීන් වූ මුදලිවරුන් හා ආරච්චිවරුන් තෝරාගනු ලැබූයේ මොවුනතරිනි.
(පොල් ඊ පීරිස්. ලංකාව පෘතුගීසි යුගය, පිටු 256-257)
පෘතුගීසීහු යාපනයේ නරවරයා වූ චෙග රාජ චේගර් (සේකර්) පණ්ඩාර් සිහසුනෙන් ඉවත් කර යාපනය අල්ලා ගැනීමට තීරණය කළහ. ක්‍රි.ව 1560 සැප් 7 දා නැව් 92ක් ගෝවේ සිට ගමන් ආරම්භ කළ අතර කොචින්හිදී තවත් නැව් හතක් එයට එකතු විය. යාපනයට ළඟා වූ පෘතුගීසින් නගරය ගිනිබත් කරමින් දේපොල කොල්ල කමින් විශාල විනාශයක් කළහ. ඔවුන් විසින් කොල්ල කාගත් දේපොළ අතර වීදියේ බණ්ඩාර විසින් යාපනයට ගෙන යන ලද දන්ත ධාතුව ද විය. නල්ලූර් කෝවිල කොල්ල කෑමේදී එය පෘතුගීසින් අතට පත්විය. ප්‍රතිරාජයා විසින් මෙය ගෝවේට ගෙනයන ලදී.
ක්‍රි.ව 1561 වසරේදී ජේගු රටේ සිටි පෘතුගීසි වෙළෙන්දෙකුගෙන් මෙම දළදාව පිළිබඳ පුවත ජේගු රජතුමාට දැනගන්නට ලැබුණි. වෙළෙන්දා ගෙන්වා ගත් රජතුමා කෙසේ හෝ මෙම දළදාව තමාට ලබා ගැනීමට උදව් කරන ලෙස අයැද සිටියේය. ඒ සඳහා ඕනෑම වියදමක් දැරීමට රජතුමා සූදානම් බවද කෘසාදෝ 400000ක් ගෙවීමට රජු සූදානම් බවද දැන්වීය. එපමණක් නොව මෙය සිදු කළොත් පෘතුගීසින් සමඟ අඛණ්ඩ මිතු දමක් පවත්වා ගැනීමටත් දැනට මලක්කාවේ ඇති තම වරායෙන් අවශ්‍ය අවස්ථාවලදී උදව් කිරීමටද රජු කැමැත්ත පළ කළේය.
වෙළෙන්දාගේ මඟ පෙන්වීම යටතේ රජතුමා විසින් තානාධිපතිවරු පිරිසක් ගෝවේ ප්‍රතිරාජයා වෙත පිටත්කර හැරියේය. ප්‍රතිරාජයා මෙම පිරිස සාදරයෙන් පිළිගත් අතර නියෝජිත පිරිස අදාළ යෝජනාව ඉදිරිපත් කළහ. ප්‍රතිරාජයාගේ යුද මණ්ඩලයේ සාමාජිකයින් කියා සිටියේ මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි. එහෙත් ආර්ච් බිෂොප් සහ නායක දේවගැතිවරු මෙයට දැඩි විරෝධය පළ කරන ලදී. ඔවුන් කියා සිටියේ එසේ කිරීම තම දෙවියන් වහන්සේට කරන නිගාවක් බවයි.
අවසානයේදී යුද අධිකරණයේ තීරණය පරිදි ප්‍රතිරාජයා භාණ්ඩාගාරයෙන් කරඬුව ගෙන්වා ගෙන එය තුළ තිබූ දන්ත ධාතුව ආර්ච් බිෂොප්වරයාට භාර දෙන ලද්දේ කැමැත්තක් සිදු කරන ලෙස දන්වමිනි. ආර්ච් බිෂොප්වරයා එය ප්‍රසිද්ධියේම ගල් වංගෙඩියකට දමා කැබලි කළේය. අනතුරුව ගල් අඟුරු දැල්වෙමින් තිබූ කෝවකට දමා පුලුස්සා අළු කළේය. ඉන්පසු අළු ටික කෝවද සමඟ මුහුදට වීසිකර දැමීය. රුබෙයිරෝගේ ග්‍රන්ථයේ මෙම සිදුවීම සඳහන් කර ඇත්තේ මෙසේය.
''At the time that the viceroy left Jafanapatao a Portuguese merchant happened to be in pegu. The King of this country on learning of what happened hogged the merchant to employ his good offices to secure the treasure for him, promising to give in exchange any sum that was required, indeed there are some who assert that he would have given as much as 400,000 cruados At the meerschaum's advice Ambassadors were dispatched to Goa who were well received by the viceroy to him they explained the object of their sovereign not only to pay any sum that was demanded but also to establish a perpetual friendship with Portugal and when ever necessary to provision our fortress of Malacca. The officers who were consulted urged the acceptance of this qeuerous offer, but the archbishop and the other prelates supported by the iuqusitors denounnced such a proceeding as derogatory to the diguity of god and the Archbishop publicity delivered a sermon denouncing the proposal in the presence of the viceroy was obliged to send for the tooth from the treasury and deliver it to the archbishop who in the Presence of the every oue and with his own hand broke it in to pieces in a brazeu mortar and threw the powder into a brazier of live coals after which the whole was cast in to the sea''
(rilseiro's history of Ceilao p 49-50)
විල්හෙල්ම් ගෛගර් මහතාගේ ‘අසිරිමත් ලංකාව’ ග්‍රන්ථයේද මෙම විස්තරය සඳහන් වන අතර ලංකාවේ දළදාව පිළිබඳව ද එහි විස්තර සඳහන් කර ඇත. එදා පරංගි කාලයේදී අප රට මුහුණ දුන් ව්‍යසනයට වඩා අනතුරක් බලවත් රටවල් මෙරටට සිදු කිරීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට මෙම ලිපියෙන් පිටුවහලක් වනු ඇත යන්න මගේ අරමුණයි.
(මෙම ලිපිය සැකසීමේදී දුර්ලභ පොත්පත් කීපයක් මා වෙත සපයා දුන් රත්නපුර, හංගමුව, උඩහ වලව්වේ ජේ.ඇම්.බී. බණ්ඩාර මහතාට මාගේ ස්තූතිය පිරිනැමීමට අමතක නොකරමි)
එම්.කේ. ජයසේන
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)