විදුලොව හා නවලොව
යුරෝපීය අභ්‍යාවකාශ ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ‘‘ක්ලස්ටර්’’ හා ‘‘ස්වෝම්’’ චන්‍ද්‍රිකා මෙහෙයුම් වලින් ලබාගත් දත්ත අධ්‍යනයක කළ විද්‍යාඥයෝ මෑතක සිට සිදුවන සූර්ය කුණාටු වලින් පෘථිවි වාසීන්ගේ එදිනෙදා ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ‘‘ජියොපිසිකල් රිසර්ච්’’ වාර්තාවල සඳහන් කරති.
2000 වසරේ දී අභ්‍යාවකාශ ගත කළ කලස්ටර් චන්‍ද්‍රිකා මෙහෙයුම් හා 2013 අභ්‍යාවකාශ ගත කළ ස්වෝම් ත්‍රිත්ව චන්‍ද්‍රිකා (ඇල්පා, බ්‍රාහෝ, චාලි) මගින් ලබාගත් දත්ත අධ්‍යනය කළ විද්‍යාඥයෝ සූර්ය කුණාටු මගින් කඩින් කඩ ජනනය වන අයන හා ආවේණික ප්‍රවේගයන් අන්තර්ගත වේග ප්‍රවාහයන් (Bursty bulk Flows) ඇතිවන බවත් එමගින් පෘථිවි ජීවිත සුරක්‍ෂිත කරන ආරක්‍ෂක බුබුලට හානි සිදුවන බවත් ‘‘ජියොෆිසිකල් රිසර්ච්’’ වාර්තාවල සඳහන් කරති. ජීවිත සුරක්‍ෂිත කිරීම හා වාසය සඳහා යෝග්‍යතාවය රදාපවතින්නේ මෙම චුම්භක ගෝලය නිසා බවත් සුර්ය කුණාටු මගින් සිදුවන කොස්මික් විකිරණ හා අනතුරුදායක අංශූන්ගෙන් ආරක්‍ෂාව සලසනුයේ චුම්භක ගෝලය බවත් නාසා ආයතනය සඳහන් කරයි. සුර්ය කුණාටු මගින් විදුලි ආරෝපිත අංශූන් පෘථිවිය කරා පැමිණෙන අතර චුම්භක ගෝලයට ද මහත් විනාශයක් සිදු කරයි.
පෘථිවි චුම්භක ගෝලය දිවා කාලය පවතින පැත්තෙහි පෘථිවියේ සිට කි.මී. 65,000 ක් දුරින් කඳුළු බිදුවක හැඩයට පවතින අතර රාත්‍රී කාලය පවතින පැත්තෙහි එය කි.මී. 6,000,000 ක දුරකට විහිදෙන බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එසේ සිදුවනුයේ පෘථිවියේ ඇති චුම්භක ක්ෂේත්‍රය හා සූර්යයාගෙන් පැමිණෙන අධි ධ්වනිත සුළං ප්‍රවාහ අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය නිසා බව ඔව්හු වැඩිදුරටත් පෙන්වා දෙති. මෙම අන්තර් ක්‍රියාවලය අතිශයින්ම වේගවත් වන අතර එහි සංකීර්ණ චුම්භක ක්ෂෙත්‍ර හැඩහුරුවක් හා විදුලිධාරා ක්‍රමවේදයක් අන්තර්ගත වේ.
‘‘කලස්ටර්’’ චන්‍ද්‍රිකා හතර මගින් 2000 වසරේ සිට සුර්ය කුණාටු හා චුම්භක ගෝලය අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය ගවේෂණය කරන අතර ‘‘ස්වෝම්’’ ත්‍රිත්ව චන්‍ද්‍රිකා මගින් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය ද පෘථිවිය වටා ඇති අදෘශ්‍යමාන චුම්භක ක්ෂේත්‍රය ද විදුලි ධාරාවන් ද ගවේෂණය කරමින් සිටී ‘‘ස්වෝම්’’ චන්‍ද්‍රිකා පෘථිවියට වඩාත් ආසන්නව පිහිටි කක්‍ෂයක භ්‍රමණය වෙයි.
සුර්යයා ආලෝකය මෙන්ම උෂ්ණත්වය ද ලබා දී පෘථිවිවාසීන්ගේ ජීවිත පෝෂණය කරනවා මෙන්ම සුර්ය කුණාටු වලින් බිහිවන අන්තරාදායක විදුලි ආරෝපිත අංශූන් ද පෘථිවියට එල්ලකරමින් සිටී. මෙම විදුලි ආරෝපිත අංශූන් චන්‍ද්‍රිකාවල ඇති දෘඩාංග වලටත් පෘථිවියේ ඇති සන්නිවේදන ජාලයන්ටත් ජීපීඑස් තාක්‍ෂණයන්ටත් හානි පමුණවයි. විදුලි බලයටත් නළ මාර්ගවලටත් දැඩි අලාභහානි සිදුවිය හැකි බව ද පෙන්වා දී තිබේ. 1989 දී කවිබෙක්හි විදුලිය ඇනහිටීමෙන් සිදු වූ ඛේදවාචකයට සමාන විදුලිබල ඇනහිටීමක් අත්විඳීමට සිදුවන බවත් විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ශාස්ත්‍රවේ දී
පී. ඩබ්ලිව්. ගුණතිලක
(තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි)