​කොරෝනා රෝගීන් බේරගන්න බීසීජී එන්නතට පුළුවන්ද?


​ලෝකෙන් ටිකක් 

ක්ෂය රෝගය වැලඳීම වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.   


 මේ එන්නත මගින් වෙනත් ආසාදන ද වළක්වා ගත හැකි බවට සාක්ෂි ඇතැයි මෙම පර්​ෙ‌ය්ෂණය සිදුකරන එක්සෙටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ කියති.   


පර්​ෙ‌ය්ෂණය සඳහා කොරෝනා ආසාදිතයන් 1000ක පමණ පිරිසක් සහභාගි වෙති.   
එක්සත් රාජධානියේ ජනතාවට කුඩා කාලයේ දී බීසීජී එන්නත ලබා දී ඇතත් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට නම් එය නැවත ලබා දියයුතු බව පර්​ෙ‌ය්ෂකයන්ගේ අදහසයි. බීසීජී එන්නත් නිපදවනු ලබන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉලක්ක කරගනිමිනි. එමගින් අදාළ විෂබීජයට එරෙහිව ප්‍රතිශක්තීකරණය සිරු‍ර තුළ නිපදවීම ඉලක්ක කරගනිමිනි.   


මෙම බීසීජී එන්නත ප්‍රතිශක්තීකරණ පද්ධතියේ පුළුල් වෙනස්කම් ඇතිකරයි. මෙමගින් වෙනත් ආසාදනවලට දක්වන ප්‍රතිචාරය ඉහළ නංවන බවක් පෙනෙන්නට ඇති බව පවසන විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ එමගින් කොරෝනා වයිරස මර්දනය කිරීමට එයට හැකිවනු ඇති බවයි.   


ගිනිබිසව් හි අලු‍ත උපන් බිලිඳුන් මිය යාම බීසීජී එන්නත මගින් 38% කින් අඩු කර ඇති බව සායනික අත්හදා බැලීම්වලින් හෙළි වී තිබේ. දකුණු අප්‍රිකාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ බීසීජී එන්නත නාසය, උගුර සහ පෙණහලුවල ආසාදන 73% ප්‍රමාණයකින් අඩුකර ඇති බවයි. නෙදර්ලන්තයේ සිදුකරන ලද අත්හදා බැලීම්වලින් පෙන්නුම් කර ඇත්තේ බීසීජී එන්නත සෙංගමාලය වැළැක්වීමට ද සමත්වන බවයි.   


එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝන් කැම්බල් මෙසේ කීවේය.   
”මෙය ගෝලීය වශයෙන් ඉතා වැදගත් දෙයක්. අපි කොවිඩ් - 19 වැළැක්වීම සඳහා යොදා ගැනීමට හැකි වේයැයි පර්​ෙ‌ය්ෂණ කරනවා. කොවිඩ් විශේෂිත යැයි අප සිතන්නේ නැහැ. කොවිඩ් වෙනුවෙන්ම එන්නතක් නිපදවීමට සහ ඒවා ලබා ගැනීමට වසර ගණනාවක් ගතවිය හැකියි. ඒ ප්‍රතිකාර දියුණුවන තුරු බීසීජී එන්නත් කොවිඩ් මර්දනය සඳහා යොදා ගත හැකි ද කියා මේ පර්​ෙ‌ය්ෂණ සිදුකරනවා.”   


පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම පවසන්නේ මෙහි ප්‍රතිඵලය ඉක්මනින්ම දැනගැනීමට ලැබෙනු ඇති බවයි.   
ශ්‍රී ලංකාවේද ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ දී ළමුන් සඳහා බීසීජී එන්නත ලබා දීම සිදුකරනු ලැබීය. ඇතැම් පුද්ගලයන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව අවම මට්ටමක තිබීමටත්, ආසාදිත යැයි හඳුනාගන්නා රෝගීන් අතරින් රෝග ලක්ෂණ දක්නට ලැබෙන සංඛ්‍යාව අඩුවීමට හා මරණ සංඛ්‍යාව අඩුවීමට මෙලෙස බීසීජී එන්නත ලබා දී තිබීම හේතුවක් වන්නට ඇති බවයි.   


මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක හා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.   


“බීසීජී එන්නත ලබා දී තිබීම නිසා ශ්‍රී ලාංකිකයන් කොරෝනාවලට ප්‍රතිරෝදයක් දක්වනවා කියා ඇතැම් අය කියනවා. නමුත් මෙය විද්‍යාත්මකව බැලූවිට තවත් එක කතාවක් විතරයි. කොරෝනා හැදෙන්නේ අලු‍ත් වයිරසයකින්. අපි මෙහි ක්‍රියාකාරීත්වය තවවමත් අධ්‍යයනය කරනවා. ලෝකේ රටවල් රැසක පර්යේෂකයන් කොරෝනා ගැන පර්යේෂණ කරනවා. එහි හැසිරීම, බලපෑම් වගේම ඖෂධ නිෂ්පාදනය සඳහාත් බීසීජී එන්නත පිළිබඳ කතාවත් එවැන්නක්.


අපිට විද්‍යාත්මකව ඒ ගැන කිසිවක් කියන්න බැහැ. ඒ ගැන පර්​ෙ‌ය්ෂණ කරන කණ්ඩායම් ඉන්නවා. පර්​ෙ‌ය්ෂණවලින් තහවුරු වනතුරු අපි දන්නේ නැහැ මොනවගේ බලපෑමක් තියෙනවා ද කියා. නමුත් එක දෙයක් කිව යුතුයි. අපේ රටේ ජනතාව කොරෝනාවලට ප්‍රතිරෝධයක් දක්වනවා ද කියා කියන්නත් තවමත් පර්​ෙ‌ය්ෂණයක් සිදුවෙලා නැහැ. වයිරසය ශ්‍රී ලංකාවේත් වේගයෙන් පැතිරෙනවා.”   


බීසීජී එන්නත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සිදුකරන පර්​ෙ‌ය්ෂණවල ප්‍රතිඵලය ලැබීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇත.   

 

 

සජීව විජේවීර